Sunday, May 29, 2016

ගංවතුර ආපදාව හරහා කාන්තා සංවිධාන නිසි ප්‍රයෝජන ගත්තාද?


පහුගිය කාලයක සිට මේ දක්වාම ඇදහැලෙන ධාරානිපාත වැස්ස හේතුවෙන් ලංකාවේ කැලණි මිටියාවත අවට පහත් බිම් බොහොමයක් ජලයෙන් යට විය. ඉන් ජනයාට වූ අලාභය සුළුපටු නැත. තවත් ප්‍රදේශ වල නායයෑම් නිසා අනතුරු බොහොමයක් සිදු විය. මේ ආපදා තත්වය ඇති වීමත් සමග විවිධ කණ්ඩායම් අවතැන් වූවන්ට හා අනතුරට පත් වූවන් ඇතුළු පවුල් වල අයට සහනාධාර ලබාදීමට යුහුසුළු විය. බොහෝ ප්‍රදේශ වලින් ආධාර එක් කර ආපදාවට ලක් වූ පෙදෙස් වලට යවනු අපට දකින්නට ලැබුණි. වනිතා හඬ ලෙස අපටනම් වෙනමම දේවල් කීපයක් කියන්නට තිබේ. ඒ මෙවැනි ආපදා හරහා ආධාර බෙදීම පමණක් නොව සමාජයේ වෙනස්කම් කරන්නට ආරම්භයක් ඇති කරගන්නටද මහඟු අවස්ථාවක් තිබෙන නිසා කියා වනිතා හඬට විශ්වාසයක් තිබෙන නිසා. එසේ කියන්නේ මේතුලින් මෙරට ප්‍රගතිශීලී කාන්තා සංවිධාන වලට හා රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායම් වලට යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට තිබුණා කියා විශ්වාසයක් ඇතුවයි. එහෙත් එය සිදු වූ බවක් ලොකුවට පෙනෙන්නට නැහැ.
                                           ඇත්තෙන්ම මේ මහා ආපදා තත්වය හරහා ආපදාවට පත් අයට උදවු කරන අතරතුර විශේෂයෙන් කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට බලපාන සමාජ ගැටළු ගැනත් අවධානය යොමු කර ඉදිරියේදී කාන්තාවන්ට ඒවායින් ගැලවීම සඳහා සටන් කිරීමට අවශ්‍ය අදහස් ගොන්න ලබා දීමට කටයුතු කිරීමට පියවර ගත් කාන්තා සංවිධාන ගැන අසන්නට නැත. මෙය ඒ සඳහා ලැබුණු විශාල අවස්ථාවක් මගහැර දැමීමක් විය. ආපදාවට පත් අයට ආධාර ලබා දෙන ගමන් කාන්තාවන්ට ඉදිරියට පැමිණ අභියෝග ජයගන්නා ආකාරය ගැන අදහසක් දීමට කිසිවෙක් ක්‍රියාකරනු අප දුටුවේ නැත. මේ ආපදා තත්වය තුලත් බොහෝ කාන්තාවන් කියා සිටියේ පවුලේ හා දරුවන්ගේ දුක් ගැහැට පමණි. මේ අපේ මහා ලොකු සංස්කෘත්යේ සම්ප්‍රදායක් වේ. එහෙත් කාන්තාවන්ට සියල්ල පිරිමින් කරන තෙක් බලා නොඉඳ වැට කඩොළු බිඳ දමමින් සිතට ධෛර්‍ය ගෙන ආපදාවෙන් ගැලවෙනවා මෙන්ම අනාගතයේ පවුල් සංස්ථාව නම් හිර කුටියෙන් නිදහස් වීම හා දරුවන්ගේ බරින් නිදහස් වී ස්වාධීන වීම ගැන කියා දීමට කාන්තා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලට අවස්ථාව තිබුණි. එහෙත් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත් බවක් නොපෙනේ. සමලිංගික අයිතීන් සඳහා ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් මෙහිදී සමලිංගිකත්වය දෙස සුභවාදී ලෙස බැලීමේ පණිවිඩය ගෙන යෑමට උත්සහ දරා ඇත. මෙය ඇත්තෙන්ම පැසසිය යුතු දෙයකි. නමුත් ඊට පෙර කරන්නට තවත් බොහෝ දේ තිබුනා කියා අපට හිතේ. 
                                             ලංකාව තුලත් සමලිංගිකත්වයට ඇති බාධා ඉවත් කර දැමිය යුතු බව අපිත් කියන්නට කැමතියි. නමුත් ඒ ටික කරන්නටත් කලින් කළයුතු මූලික කටයුතු බොහොමයක් කිරීමට ප්‍රගතිශීලී කණ්ඩායම් හා කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන අපොහොසත් උන බවයි අපි දකින්නේ. පළමුව කාන්තාවන් පවුල නමැති හිර කුටියෙන් ගලවා ගත යුතුව තිබෙනවා. මෙවැනි ආපදා වලදීත් කාන්තාවන්ටම වැඩි පීඩාවක් හා ප්‍රශ්න පැනනගින්නේ තමන් හුරු වී සිටින සම්ප්‍රදායික ජීවන රටාව නිසා බව ඔවුන්ට ඒත්තු ගන්වන්න තිබුණා. කාන්තාවන් කළ යුත්තේ කුස්සි වල බඩු කෑම ආදිය නැති වීමවත් දරුවන්ගේ ප්‍රශ්නවත් නොව තමන්ට තිබෙන සමාජ පීඩාවන් මෙවැනි අවස්ථා වලත් මතු වන ආකාරය බව කියා දීමට කිසිදු සංවිධානයක් කටයුතු කළේ නෑ. කාන්තාවන් සම්ප්‍රදායිකත්වයෙන් මුදවාගැනීම හරහා සමලිංගිකත්වය ගැන කතා කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න පසුව පුළුවන්. ඇත්තෙන්ම මුලින් කරන්නට තිබුණ දේ නොකර පසුව කරන්නට තිබෙන දේ මුලින් කිරීම තුල අපේ සමාජය තුල කාන්තා විමුක්තියේ ක්‍රමෝපායන් හරියට ක්‍රියාත්මක උනේ නෑ. ඒ වගේම මිනිසුන් අතර යම් සැකයක්ද ඇති උනා. ලන්කා සී නිවුස් නම් ජාතිවාදී වෙබ් අඩවිය සමලිංගික සංවිධානයේ වැඩ පිළිවෙල ප්‍රශ්න කර තිබුණා. ඒත් ඒම සංවිධානය කළ දේ නිවැරදියි. ඒත් තැනට සුදුසු දේ නෙවෙයි කියලා හිතන්න වෙනවා. ඇත්තෙන්ම මුලින් කාන්තාවන් සම්ප්‍රදායික ජීවිතයෙන් ගලවාගැනීමට කටයුතු කළා නම් අන් සියල්ලට අවශ්‍ය මූලික වැඩකටයුතු ඒ ඔස්සේ කරගන්නට තිබුණා කියලා වනිතා හඬ කියන්න කැමතියි. ඒ නිසා මින් ඉදිරියේදීවත් මෙවැනි තත්වයන්ගෙන් ප්‍රයෝජන ගත යුත්තේ කිසියම් සැලැස්මකට අනුව කල්පනාවෙන් බව මතක් කර දෙන්න ඕනේ.

2 comments:

  1. ඔබ මේ අපි කියල ලියන්නේ මෙය කිසියම් කණ්ඩායමකින් කරන බ්ලොගයක්ද?

    ReplyDelete