Thursday, January 22, 2015

යහ පාලනයට ජය වේවා


සුබපැතුම් එක්කරන්න පමා වුන එක ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් ඔබ අප සියළු දෙනා විශේෂයෙන් මේ රටේ කාන්තා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගත්තා. ඒ යහපාලනයක් ඇති කරලා වංචා දූෂණ විතරක් නෙවෙයි සියළු අයුක්තිසහගත අසාධාරනකම් නැතිකර යහපත් හෙටක් උදාකරන්නයි. මේ තුල වනිතා හඬ බලාපොරොත්තු වන ප්‍රධානම දේ නූතනත්වය කරා පියනගන පුරුෂාධිපත්‍යට යටත් නොවන කාන්තාවන්ගේ අනාගත සිතුම් පැතුම් ඉටුකරමින් ඔවුන් සුරක්ෂිත වීමයි.
            ඇත්තෙන්ම ඒ කටයුත්ත සාර්ථක බව දැන් ඉතා පැහැදිලියි. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමද අපගේ සතුටට කරුණක්. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට බලවත් තනතුරක් හිමි වීමද අපගේ විශාල බලාපොරොත්තුවක් බව කිවයුතු දෙයක් නෙවෙයි. ඒ ඇය කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෙරට බලවත්ම සමාජ පෙරලියක් කරන්න මහඟු කාර්යභාරයක් කළ වීරවරියක් නිසා. එයත් අනාගතයේ ඒ ආකාරයෙන් සිදුවන බව අපට විශ්වාසයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වංචා දූෂණ වලට හිටපු දූෂිත දේශපාලකයින්ට දඬුවම් කරන ආකාරයටම කාන්තාවට හින්සා කළ ලිංගික අතවර කළ ඇය කාම වස්තුවක් කරගෙන පීඩාවට පත්කළ සියළු දෙනාටත් දැඩි දඬුවම් පමුණුවනු ඇති බව අපගේ විශ්වාසයයි. නවලොව අරුනළු දකිමින් නූතනත්වය කරා පියනගන කාන්තා පරපුර නව නායකත්වය යටතේ සුරක්ෂිත වේවායි අප ඉමහත් සතුටින් ප්‍රාර්ථනා කරනවා. යහ පාලනයට ජයෙන් ජය. ජාතිවාදයටත් පුරුෂාධිපත්‍යටත් නිසි පිළිතුරු ලබාදුන් බුද්ධිමත් චන්දදායකයාටත් අපගේ ප්‍රනාමය හිමි වන බව විශේෂයෙන් මතක්කර සිටිනවා. යහපාලනය දිනේවා! මෛත්‍රී යුගයක් ඇතිවේවා! කාන්තාවගේ විමුක්තිය උදාවේවා!