මේ ජනාධිපතිවරනය හෝ වෙනත් කුමන මැතිවරනයක් වුවත් කාන්තාවට වැදගත් වන්නේ කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය තුල ලැබෙන සහය කවරාකාර වනවාද කියන කාරනාව උඩයි. අද කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයෙන් ගැලවී නූතනත්වය කරා ගමන් කිරීමයි. මේ කර්තව්‍ය සාර්ථක වීමටනම් කාන්තාවගේ විමුක්තියට සහය වන කාන්තා හිතෛශී පාලනයක් රට තුල ස්ථාපිත වියයුතුය. ඒ සඳහා මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත් කාන්තාවන් කාට තම සහය පලකළයුතුද යන්න පෙන්වාදීම ඉතා වැදගත් වේ.
පළමුව කතා කළයුත්තේ පවතින අයහපත් පාලනය තුල කාන්තාවන්ට පාලක පක්ෂයෙන් නූතනත්වය කරා යෑමේ තම අරමුණු වලට යාමට තිබෙන බාධාවන් ගැනයි. බොහෝ දෙනා කතා කරන්නේ වත්මන් රාජපක්ෂ රජයේ දූෂණය හා වංචාව ගැනත් පවුල්වාදය ගැනත් පමණි. නමුත් කාන්තාවගේ පැත්තෙන් තවත් අයහපත් දේ බොහොමයක් ගැන කතා කරන්නට තිබේ. ජනධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්කළයුතු වන්නටද කාන්තාවගේ පැත්තෙන් තිබෙන්නේ මේ හේතුය. වත්මන් රජයේ සියළු සංවර්ධන වැඩකටයුතු වලදී කාන්තාවන්ට එහි වැදගත් කාර්‍යභාරයන් කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කාන්තාවන් පිරිමින්ට පමණක් සීමාවූ විවිධ අංශ වලට යොමු කිරීමටත් නිශ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමටත් මුලින් වැඩසටහන් ක්‍රියාත්මක උනත දැන් අඩපන වී ඇත. ඒ පුරුෂාධිපත්‍ය සම්ප්‍රදායික සමාජයේ හැටිය. අදටත් බොහෝ රැකියාවල පිරිමින් හා සම තත්වයෙන් නියැලීමට කාන්තාවන්ට නොහැක. දේශපාලනය තුල ඇති තත්වයද මීටම සමානය. කාන්තාවන් දේශපාලනයට පිවිසියද බොහෝ විට කාන්තාවන්ම තවත් කාන්තාවකට චන්දය දීමට ඉදිරිපත් නොවේ. රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වල කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇත්තේ ඉතා සුලු ඉඩකි. කාන්තාවන් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කළයුතුයැයි සිතන සම්ප්‍රදායික පිරිමින් මේ රජයට අරක්ගෙන සිටින බවද රහසක් නොවේ. කාන්තා කටයුතු අමාත්‍යංශයක් තිබුණද එය ක්‍රියාත්මක වන්නේද පිරිමින්ට අවශ්‍ය ලෙසය. කාන්තා කටයුතු අමාත්‍යවරයා බාලවයස්කාරියන් ලිංගික අපචාරයේ යොදාගන්නා පිරිමි කාම පිස්සන්ට එම බාල වයස්කාරියන්ගේ කැමැත්ත ඇතිනම් ඔවුන් විවාහ කරගැනීමට ඉඩ දියයුතු බවට අදහස් ඉදිරිපත් කළ අයෙකි. මෙවැන්නන් කාන්තාවට යහපතක් කරන්නේ කෙසේද?
ඉතිහාසයේ විටින් විට පැවති ආණ්ඩු යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව විවිධ නීති සම්පාදනය වුවත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතී. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති කාළ වල යම් පමණකින් මේ නීති ක්‍රියාත්මක වුනේ ඒ සියල්ල සම්පාදනය කිරීමට රජය මුල් වූ නිසයි. නමුත් එම කාළ වකවානු වලද නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් අවධියේදී නම් බාල වයස්කාරියන් විවාහ කරගැනීම ඇතුළු පිරිමියාගේ කාම උමතුවට දැඩි දඬුවම් පමුණුවන නීති තදින් ක්‍රියාත්මක විය. එකළ පිරිමි කාමුකයන් ගැහැනු ළමුන්ට අතක්වත් තැබීමට බිය විය. බාලිකා පාසල් වල සිටම ආත්මාරක්ෂක සටන් පුහුණුව සාර්ථකව ක්‍රියාත්මක කර පිරිමියාගේ කාමුකත්වයට හිස නොනමන බිය නැති කාන්තා පරපුරක් හැදීමේ අඩිතාලම වැටිනි. කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව පිරිමින් කරන විවිධ රැකියා වල නිරත වීමට හැකි විය. අද කෝ ඒ තත්වය? අද කාන්තා පරපුරම අන්ත අසරනය. කාන්තාවන්ට නැවතත් හිමි වී ඇත්තේ සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාවයි. දැන් නැවතත් කාන්තාව පුරුෂයාගේ වහල් සිරකාරිය වී ඇත. අද කාන්තා අයිතීන් හඳුනන කාන්තාවට ගරු කරන කාගේ කාගේත් වගකීම වන්නේ දේශපාලන වෙනසක් මගින් හෝ මේ තත්වය මුලිනුපුටා දැමීමයි. එයට දැන් අවස්ථාවක් උදා වී තිබේ.
ඔන්න අපි ඇවිත් ගියා.
ReplyDeleteවනිතා ගේ බ්ලොගයේ දාන පළවෙනි කොමෙන්ටුව. ලංකාවේ පසුගාමී කාන්තාව වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීම අගය කරනවා.. කාන්තා හිංසනය හා පුරුශාධිපත්‍යය ගැන සමහර කියමන් වලට සාපෙක්ශව එකඟ නොවුනත් සමස්ථ කතාව අගය කරනවා.. ජය ශ්‍රී!
ReplyDelete