තවත් එක් කාන්තා දිනයක් කිසිදු උද්‍යෝගයකින් තොරව ඈලිමෑලි දියාරු ගතියකින්
ගෙවී ගියේය. මේ ගැන යමක් නොකියා සිටීමට අදහස් කර පසුව යම් කිසි දෙයක් කීමේ
අදහසක් සිතට නැගුනේ සැබවින්ම මෙය අවාසනාවන්ත තත්වයක් ලෙස මට හැඟී ගිය
නිසයි. ඇත්තෙන්ම කාන්තා විමුක්ති ව්‍යාපාරයන් කාන්තා නිදහස අගය කරන සමාජ
බලවේග හා සිවිල් සංවිධාන මෙදා කාන්තා දිනයට රටට දැනෙන යමක් කිරීමට තබා
සමාජයට යම් පණිවිඩයක් දෙන වැදගත් ප්‍රකාශයක් කිරීමට හෝ අසමත් වීම බෙහෙවින්
කනගාටුදායකය. මේ තත්වය හමුවේ කාන්තාවන්ගේ ප්‍රගතිය හා නිදහස වෙනුවෙන්
කළයුතු අරගලයකට මුලපුරන යම්කිසි ගැම්මක් ඇතික්කරවියහැකි වැඩපිළිවෙලකට
මුලපිරීමට තිබූ අවස්ථාවක් ඔහේ නිකම් මගහැරී ගියේය. වෙනත් වසර වලදීනම් කතා
කිරීමට කාන්තා ප්‍රශ්නද බොහෝ තිබුණි එහෙත් මේ වසරේ ප්‍රශ්න නැති උනාද?
ඇත්තෙන්ම උනේ ප්‍රශ්න වැඩි වුවත් ඒ ගැන නිසි උනන්දුවක් නොදැක්වීමය. සියල්ලට
වඩා කනගාටුදායක දෙයක් උනේ ජනමාධ්‍ය වලින්ද සුපුරුදු පරිදි කාන්තා වැඩසටහන්
කිසිදු සටන්කාමී එඩිතර ආකාරයකින් පුරුෂාධිපත්‍යට එරෙහිව නැගීසිටීමට වඩා
කිසිම පනක් නැති ආකාරයට මෙහෙයවීමයි.
කාන්තා විමුක්ති ව්‍යාපාරය ප්‍රගතිශීලී ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකාවට දැනට කලකට පෙර හන්දුන්වාදෙනු ලබුවත් එයින් සතුටුදායක ප්‍රතිඵල අත්වූයේ යැයි සිතීම අපහසුය. කෙසේ වුවත් එයින් මේවනවිට යම්කිසි යහපත් ප්‍රතිඵලයක් අත්වී නැතැයි කීමටද නොහැකි වේ. කාන්තා විමුක්ති ව්‍යාපාරය රට තුල වඩා ශක්තිමත් වූයේ ගරු චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනිය මෙරට ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස රටේ පාලනය හෙබවූ අවධියේයි. එවකට කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් බොහෝ නීති සම්පාදනය විය. එසේම කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්‍රදායෙන් මිදී නූතන යුගයට ඔබින ලෙස බොහෝ වැඩසටහන් කෙරිනි. විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යම් මට්ටමකට බොහෝ ක්‍රියාකාරකම් වල නිරත වීමට සාපේක්ෂව වැඩි නිදහසක් කාන්තාවන්ට මේ අවධියේ අත්විනි. ඉන්පසුවට කුමාරතුන්ග මැතිනිය ජනපතිනියව සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වෙමින් බිහිවූ රජය මගින්ද කාන්තාවන්ට යම් පමණක සේවයක් සිදුවුණේ ජාත්‍යන්තරයේද සිත් දිනාගනිමිනි.
මේ සියල්ල හමුවේ අද වනවිට පවතින තත්වය කුමක්ද? එය කාන්තාවන්ටත් කාන්තා විමුක්ති ව්‍යාපාරයටත් හිතකරද? මෙය සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියගේ සමයේ කාන්තාවන්ගේ රැකවරනය වෙනුවෙන් ලිංගික අතවර වල විවිධාකාර ස්වරූපයන්ට එරෙහිව තැනුනු නීති අද වනවිට ඒ තරම් සාර්ථකව ක්‍රියාත්මක නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි අවධියේ කාන්තා හින්සනයට හා ගෘහ ප්‍රචන්ඩත්වයට එරෙහිව පැමිණිලි භාරගෙන නීති ක්‍රියාත්මක කිරීමට ස්ථාපිතකළ පොලිස් ඒකක හරි හැටි ක්‍රියාත්මක නොවන බවක් ඒ මහතාද කියා තිබුණි. කාන්තාවන්ගේ ප්‍රගතිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වැඩසටහන් මේවනවිට ඉදිරියට ඇදෙන්නේ ඉතාම මන්දගාමීවයි. මෙවර කාන්තා දිනයේදී අප දැක්කේද එයයි. කාන්තා දිනයටද මෑතක සිට සිදුවන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා මවුවරුන් ඉලක්ක කරගෙන කරන වැඩසටහන්ය. සම්ප්‍රදායික ගෘහණියන්ට තවත් වටිනාකම් ලබාදීම පුරුෂාධිපත්‍යටම රුකුල් දීමක් නොවෙයිද? අනෙක කාන්තාවන් පුරුෂයාගේ කාමවස්තූන් බවට පත්කරවන ඔවුන්ගේ මානසික ධෛර්ය අඩපන කරන විලාසිතා ආදිය ප්‍රදර්ශනය කරමින් කාන්තා විමුක්ති ව්‍යාපාර කිරීමේ අර්ථයක් නැත. අප මෙවර කාන්තා දිනයට දුටුවේද පුරුෂයාට වහල්කම් කරමින් පුරුෂාධිපත්‍යයේ මනදොල සපුරන සම්ප්‍රදායික ගෘහණියන්ගේ හා ළමයි වදමින් ඒ වෙනුවෙන්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවුවරුන්ගේ කියුම් කෙරුම් මිස සැබෑ කාන්තා විමුක්තිය හා ප්‍රගතිය කරා යන ප්‍රගතිශීලී කාන්තා වැඩසටහන් නොවේ. මෙය කෙලින්ම කිවයුතුයි. කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත්වන පුවත්පත් ඇතුලු බොහොමයක් මාධ්‍ය මෙවර කාන්තා දිනයේදී ඒ වෙනුවෙන් එතරම් උනන්දුවක් ඇතිව හඬ නොනැගීමද සැබවින් කනගාටුදායකය.
ඔබේ සමාජ විරෝධී අන්තවාදය හොඳින්ම පේනවා. ස්ත්‍රීවාදය බියකරු ලෙසින් හිස එසවූවේ චන්ද්‍රිකා යුගයේ තමයි
ReplyDeleteස්ත්‍රීවාදය ලෝකෙටම පොදුයි කියලා පෙන්වන්න මේ අය ලොකු උත්සහයක් ගත්තත් අවිචාරයට අද ඉන්න පරම්පරාව අන්ධ කරන්න බෑ.
Deleteමෙතන තියෙන අන්තවාදය ගැන කතා කරන්නේ පුරුෂාධිපත්‍ය සමාජයේ අන්තවාදය තුල කාන්තාව පත්වන පීඩාව ගැන කතා කරන්නේ නැතුවනේ. කාව රවට්ටන්නද මේ බොරු.
Deleteපුරුෂාධිපත්‍යවාදී කණ්ණාඩියට කාන්තාවගේ අරගලය පේන්නේ සමාජ විරෝධී දෙයක් විදිහටම තමයි. ඒ අභියෝග ජයගන්න කාන්තාවට හැකි බව මතක තියාගන්න.
Deleteමේ ලිපිය පුරාවටම දකින්න තියෙන්නේ ස්වභාවධර්මයට අනුව මානව ලිංගිකත්වය සැකසී තිබෙන ආකාරයත්, එහි ආශිර්වාදය මත බිහිවන සමාජයත් පෙන්නන්නට බැරි මානසිකත්වය. වෙන මොකවත් නෙවෙයි.
ReplyDeleteකාන්තාවට අසාධාරනයක් පීඩාවක් වෙනවනම් ඒ ස්වභාවය උනත් පිළිගන්න ඕනෑ නෑ කියන එකයි මම කියන්නේ. එතනදී ස්වභාවික රාමුවෙනුත් ඔබ්බට ගිහිල්ල අභියෝග ජයගන්න එක කාන්තාවන් කරන්නම ඕනේ
Deleteඅද රටේ වෙන දේවල් දැක්කම කාන්තාවට කාන්තාව විස්වාස නෑ පිරිමියෙක් තරම්වත්. ඔබ මා සමග එකග වෙනවාද?
ReplyDeleteඑහෙම වෙලා තියෙන්නේ පුරුෂාධිපත්‍ය රාමුවම අනුමතකරන මෝඩ ගෑනු ගොඩක් ඉන්න නිසානේ. වෙනස් වෙන්න ඕනෙත් ඒකයි.
Deleteසමාජය තුල කාන්තාව කියන සංකීර්ණ මාතෘකාවට අදාළව කාන්තාව සමාජයෙන් බලාපොරොත්තුවෙන තත්වය, ඇය සමාජය තුල නිරූපණය කලයුතු යැයි ඔබට සිතෙන චරිතයේ ස්වභාවය, පුරුෂයා තුලින් කාන්තාව බලාපොරොත්තුවෙන දෙය, මේ ආදී වශයෙන් ඔබගේ මතය වඩා පැහැදිලිව ලිපි මාලාවක් තුලින් ඉදිරිපත් කලා නම් හොඳයි මුලින්ම්. කොටින්ම ඔබේ මතයට අනුව කාන්තාවගෙ භූමිකාව විය යුත්තේ කුමක්ද? අංග සම්පූර්ණ විස්තරයක්.
ReplyDelete\\එහෙමනම් ඇයි පවුල කියන සංකල්පයේ එල්ලිලා ඉන්නේ//
http://masandumal.blogspot.com/2014/03/blog-post_25.html#comment-form
ඉහත උපුටලා දැක්වූවේ මගේ බ්ලොග් අඩවියේ ඔබතුමිය ඉදිරිපත් කල කමෙන්ටුවක කොටසක්. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඔබගේ අදහස(පවුල ඕනි නැද්ද? ගැහැනිය හා පිරිමියා සමාජය තුල වෙන වෙනම ජීවත් විය යුතුද? නැත්නම් වෙන කොහොම අදහසක්ද?) වඩා පැහැදිලිව නිරවුල්ව ඉදිරිපත් කරන්න. ගැහැනිය කොහොම විය යුතුද? මෙය තුලින් ඔබ ගේ අදහස, අරමුණ අපට වඩා හොඳින් තේරුම්ගත් හැකිවනු ඇත.
මක් නිසාදයත් ඔබගේ මේ වෑයම කාන්තා හිංසනය, සම තැන ලබා දීම, වැනි පොදු මාතෘකාවලට එහා ගිය යමක් බව මට වැටහීමයි.
ස්තූතියි.
මේ මනුස්සයගෙ ලිපි කියවපුවම මගෙ ඔළුව රදේ හැදෙන්න ගත්ත. ඔයාගෙ ලින්ක් එකට ගිහින් බැලුව මට නම් ඒ කොමෙන්ට් කියවන්නත් අමාරුයි කැරකිල්ල හැදෙනව. මම හිතුවෙ මෙයා වෙන තැන්වල කොමෙන්ට් කරන්නෙ නෑ කියල. හප්පේ
Deleteමම දන්නව මගෙ කොමෙන්ට් ඔක්කොම ඩිලීට් කරන බව . අනෙ අම්මෝ මට නම් සංසාරෙ කලකිරෙනව මේව දැක්කම.