මේ ලිපියටනම් මුල් වුන කාරනේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න
දේවල් නෑ. මේ දවස්වල හා හා පුරා කියලා එලි බැහැපු ජනාධිපති පොදු අපේක්ෂකයා
හා ඔහු වටා එකතුවුන දේශපාලන සහචරයින් ගැන කියන්නයි ලිපිය ලියන්න හිතුවේ.
පොදු අපේක්ෂකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතායි. කවුරුත් හිතපු නැති විදිහට
කඩාපාත්වුනු ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් තරගවදිනු
ඇතැයි බොහෝ දෙනෙක් විෂ්වාස කළත් එය එසේ උනේ නෑ. පොදු අපේක්ෂකයෙක් ගැන කටකතා
බොහොමයක් පැතිරෙමින් තිබුණා. පොදු අපේක්ෂකයා අහවලා වනු ඇතැයි කියමින් එක්
එක් අය විවිධ මත පලකර සිටිනුද දක්නට ලැබුණි. මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියගේ නමද වරක කියවිනි.
වනිතා හඬෙන්
පෙන්වාදෙන්නට යන්නේ මේ තත්වය කාන්තාවට බලපාන හා වැදගත් වන ආකාරය කුමක්ද
යන්නයි. ඇත්තෙන්ම පාලනයේ වෙනසක් වියයුතුයි. මේ පාලනය තුල විශේෂයෙන් රටේ
වනිතා පරපුරට යහපතක් අත්නොවේ. මේ දෙස කාන්තාවගේ පැත්තෙන් බලා බොහෝ දේ
කියන්නට පුළුවන. ඇත්තෙන්ම වත්මන් කාන්තා පරපුරට අවශ්‍ය වන්නේ ලොව නූතනත්වය
දකින්නට හා පුරුෂාධිපත්‍ය සමාජ රාමුවෙන් ගැලවී එහි සියළු බැමි පුපුරවා
හැරීමටය. ඒ සඳහා මේ පවතින පාලන පක්ෂයෙන් ලැබෙන්නේ ඉතා අඩු සහයෝගයකි. විධායක
ජනාධිපතිකම පිරිමියෙකු විසින් හොබවන තැන කාන්තාව ගැන කවර කතාද? මේ විධායක
ජනාධිපතිකම අහෝසි කිරීමනම් ඉතා හොඳ වැඩක් බව නොපැකිලව කිව හැකියි. රටටත්
රටේ ගෞරවනීය වනිතා පරපුරටත් යහපතක් සිදුවූයේ උතුම් කාන්තා චරිතයක් වූ
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජද්නාධිපති වී සිටි අවධියේ පමණි. ඊට හේතුව ඇය
බුද්ධිමත් නූතනවාදී. කාන්තාවක් වීමය.
නැවත වරක් මෙරට වනිතා පරපුරට නිදහසේ ස්වර්ණමය යුගයක් කරා යන්නට තිබූ
අවස්ථාවක් අහිමි වුන බව මෙවර ජනාධිපතිවරනය දෙස බලන විට වනිතා හඬට පෙනෙන්නට
තිබේ. ඒ ජනාධිපතිවරනයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වන්නට චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියට ඉඩ නොලැබීම තුලයි. මේ ගැන හිතන්නට බොහෝ දේ තිබේ. එයින් ගිලිහී
ගියේ මෙරට නූතනත්වයේ අරුණළු දකින්නට බලාපොරොත්තුවෙන් සිටි කාන්තා පරපුරේ
අනාගත අභිලාශයන්ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 වසරේ ජනාධිපතිවරනයෙන්
ජයගැනීමත් සමග මෙරට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවුනේ කාන්තාවට යහපත් ලෙස
නූතනත්වය කරා පියනගන්නට හැකිවන ආකාරයටයි. අදටත් කාන්තාවන් බුක්තිවිඳින්නේ
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දුරදක්නා නුවනින් කළ වැඩපිළිවෙලවල් වල යහපත්
ප්‍රතිඵල වේ. මේ යන විදිහට එවන් තත්වයක් යලි උදාවනු ඇත්ද? වත්මන් පාලනය
තුලනම් කොහොමත්ම නැත. අවාසනාවනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙනුත්
එවැන්නක් සිදුවන ලකුණු පහල නොවීමයි.
මද
අස්වැසිල්ලකට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු එක්සත්
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කරන බවට ප්‍රකාෂ
කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දේශපාලකයන් මෙන් නොව කාන්තාව
කෙරෙහි නම්‍යශීලී බවක් දක්වයි. ඔහු පුරුෂාධිපත්‍ය උමතුවෙන් නොපෙලෙයි. නමුත්
ඔහු වටා සිටින අනෙක් අය විශ්වාස කළ නොහැක. මංගල සමරවීර මහතා වැනි අයනම්
ඉතා හොඳ ගුණගරුක අය වෙති. සමරවීර මහතානම් පස්චාත් නූතනවාදී අදහස් ඇති
අයෙකි. ඔහු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් කාන්තාවන් නූතනත්වය කරා යන ගමනට
විරුද්ධ නැත. කෙසේ නමුත් ඔවුන් වටා සිටින අනෙක් පුරුෂාධිපත්‍යවාදීන් කුමක්
කරනු ඇත්ද යන්න කිසිවෙකුටත් කිව නොහැකි වේ. චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියනම් කාන්තා විමුක්තිය ඉතා හොඳින් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට තිබේ.
වත්මන් විපක්ෂය තුලත් එලෙස කාන්තාව වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි අය
ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යන මහත්වරුය. මෛත්‍රීපාල සිරිසේන
මහතා විධායකය අහෝසි කර පාර්ලිමෙන්තුවට බලය පැවරීම තුලත් රනිල් වික්‍රමසිංහ
මහතා අගමැති වීම තුලත් කාන්තාවට යම් ශක්තියක් ලැබීම නියත වශයෙන්ම සිදුවේ.
නව රජයක් පිහිටුවීමේදී මංගල සමරවීර මහතාටත් චන්ද්‍රිකා කුමාරතුංග
මහත්මියටත් ප්‍රභල තනතුරු හිමි වන්නේනම් කාන්තා පරපුර වඩා සුරක්ෂිත වනු ඇත.
ඒ ඔවුන් සම්ප්‍රදාය තුල නොව නූතනත්වය තුල සිටින නිසාය.
අවසන් මොහොත වනතෙක්ම කුමක් සිදු වේද යන්න පිළිබඳව නිස්චිතව යමක් කිව
නොහැක. දැනට පවතින දුෂ්ඨ පාලනයනම් අවසන් වියයුතුම වේ. පොදු අපේක්ෂකයා
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නොවීමනම් සැබැවින්ම කනගාටුවට කරුනකි. එහෙත්
පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වනිතා හඬේද බලාපොරොත්තුව බව කිවයුතුය. ඒ පොදු
අපේක්ෂකයා වටා මේ වන විට එක් වී සිටින බලවේග සමස්ථයක් ලෙස ගත් කල කාන්තාව
නූතනත්වය කරා ගෙනයන ගමනකට විරුද්ධ නොවන අය වීම නිසයි. හෙට අනිද්දා වන විට
තවත් විශාල පිරිසක් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වනු ඇත. සම්ප්‍රදායික නොවන
සියළු ජනතාවගේත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරේත් අභිවුර්ධිය සඳහා පොදු
අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරන සටන ජයගැනීමට හැකි වේවායි වනිතා
හඬ තුලින් ආශිර්වාද කරමු.
Tuesday, November 25, 2014
Sunday, October 12, 2014
පිරිමියාට කම්සැප දෙන්න කැප වෙන ගෑනුන්ට පාඩමක්
මේ පහුගිය දවස් ටිකේ හරි අමුතු දේවල් තමයි සිද්ධ උනේ. හැම දෙයක්ම ප්‍රචාරය
උනේ ජනප්‍රිය බුකිය හරහා. මේ සිද්ධි වලට අළුතෙන්ම එකතු උනේ රත්නපුරේ බට්ටි
පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් පහර කෑම. වාරියපොල තිලිනි ඉමල්කා ගැනනම් අපි
ගොඩක් දේවල් කතා කළා. එයා කාන්තා පරපුරට ආදර්ශයක් බවත් ඒ වගේ වීර චරිත රටට
අවශ්‍ය බවත් වනිතා හඬ නොපැකිලව කියනු ලැබුවා. ඒත් රත්නපුරේ බට්ටි ගැනනම්
වනිතා හඬට කියන්න තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. බට්ටිට ගහපු පොලිස්
කොස්තාපල් වැරදියි කියලත් අපි කියනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි එයා
සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය කාම පිස්සෙක් කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරල
තිබුන නිසා. නමුත් බට්ටි ගැනත් හොඳක් කියන්න බැරි එයා ගණිකා වුර්තියේ
නියැලුනු කෙනෙක් හින්දයි. ඇත්තටම ගණිකාව කියන්නේ පිරිමියාට කම් සැප ලබා
දීමට ජීවිතය කැප කර සිටින සම්ප්‍රදායික පසුගාමී චරිතයක්.
කාන්තාවක් පිරිමියෙකු අතින් හින්සාවට පත්වුන මේ සිද්ධියේදි බට්ටිගේ අතේත් යම් වරදක් පැහැදිලිව තියෙනවා. පිරිමියාගේ ආධිපත්‍ය තුල පිරිමින්ගේ කාම තෘප්තිය වෙනුවෙන් මුදලට ගණිකා සේවය සපයන්න යන ගොඩක් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වෙනවා. අඩන්තෙට්ටම් හිරිහැරයට ලක්වෙනවා. මොන කතාවක් කිවුවත් ගණිකාවන්ගෙන් කම් සැප බලාපොරොත්තු වන පිරිමින් ඔක්කොම වගේ බලන්නේ ඉතා අඩු මුදලකට නැත්නම් නොමිලේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ධ කරගන්න. එහෙම කරලා කාන්තාවටම ගරහලා අඩන්තෙට්ටම් කරන්නත් මේ කාම පිස්සන් පස්ස ගහන්නේ නෑ. රත්නපුරේ බට්ටිට වෙච්ච වැඩේ පසුපසින් තියෙන්නෙත් මේ සිද්ධියම නෙවෙයිද? පොලිස් කොස්තාපල් බට්ටිට අයතා ලිංගික ඇසුරකට යෝජනා කරල තියෙන්නේ සමහර විට තර්ජනය කරල වෙන්නත් පුලුවන්. මොකද ඒ මනුස්සයා නොමිලේ බට්ටි ලවා තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගන්න උත්සහ කරා කියන එක තමයි පේන්න තියෙන්නේ. බට්ටි ඒකට අකමැති උන නිසා ඇයට අමානුශික ලෙස පහර දෙන්න පොලිස් කොස්තාපල්වරයා ක්‍රියා කළේ ඒකයි. ඔන්න ඕකයි වෙච්ච වැඩේනම්.
මේ සිද්ධිය බුකිය හරහා ජනතාව අතරට වේගයෙන් ගියා උනුසුම් පුවතක් විදිහට. ඒ ගැන බ්ලොග් අඩවි වෙබ් අඩවි කීපයකම කතාබස් කර තිබුණා. ජන මාධ්‍ය බොහොඅමයකිනුත් ඒ ගැන කතා කළා. වනිතා හඬට අන්තර්ජාලය පුරා මේ ගැන පලවෙච්චි පුවත් දෙස බලද්දී පෙනිච්ච පැහැදිලි දේකුත් තියෙනවා. ඒක තමයි බට්ටි ගැන බොහොම අනුකම්පාවෙන් එයාගේ පැත්තට කතාකරපු අයගෙන් සේරම වගේ පිරිමි පාර්ශවයට අයත් වීම. ඒ ඇයි? අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් පිරිමින්ගෙන් වැඩිදෙනෙක් මෙහෙමයි. අපේ රටේදිත් පුරුදු විදිහට කාන්තාව පිරිමියාගේ කාම තෘප්තිය වෙනුවෙන් කැප වී සිටියයුතුයි කියන මතය කරපින්නාගෙන ඉන්න සේරම බට්ටි වෙනුවෙන් කතා කළා. ඒ අයට පොලිස් ප්‍රහාරයට ලක්වුනු බට්ටිටත් වැඩිය මේ සිද්ධියෙන් රිදිල වගෙයි පෙනෙන්නේ. පුදුම වෙන්න දෙයක් තියෙයියෑ පිරිමින් කොයි කවුරුත් කාන්තාවක් දෙස බලන්නෙත් කාමය මුල් කරගෙන වෙනකොට. ඒ අයට තමන්ගේ කාමය වෙනුවෙන් කැපවෙන ගණිකාවන්ගේ වටිනාකමක් නියත වශයෙන්ම තියෙන්න ඕනේ. නැතිනම් ඉර පායන්නෙත් බටහිරින්. වනිතා හඬටනම් විශ්වාසයි බට්ටි ගැන අනුකම්පාවෙන් එයාට සහය දක්වපු පුරුෂාධිපත්‍යවාදී පිරිමින්ගෙන් කීපදෙනෙක්වත් ගණිකාවන් ඇසුරු කරනව කියලා. මේ මිනිස්සුන්ට තමන්ගේ දහජරා ආසාවල් ඉෂ්ඨ කරගන්න කැපවෙන සම්ප්‍රදායික මෝඩ කාන්තා චරිත හරි වැදගත්. ඒත් කවදාවත් පිරිමියා සමග උරෙනුර ගැටෙමින් හරි හරියට පිරිමින් කරන කොයි වැඩෙත් කරන්න දක්ෂ කාන්තාවක් වෙනුවෙන්නම් මේ මහා සත් ගුණවත් පිරිමින් පෙනීහිටින්නේ නෑ. ඇයි ඉතින් පිරිමින්ට අභියෝග කරන්න පුලුවන් හයිය හත්තිය තියෙන පිරිමි වගේම ඒ අය කරන ඕන දේකට දක්ෂ ගෑනු පිරිමියාගේ තුච්ච ආසාවල් වලට හරියට පෑහෙන්නෙත් නෑනේ. මොකද ඒ වගේ අය රූපලාවන්‍ය කරනව කියලයෑ. අනේ මෙහෙමත් විකාර.
බට්ටි පදින්චි වෙල ඉන්න හරියට කියන්නේ කක්කුස්සි වත්ත කියලලු. මෙයාගේ හැටිත් හිතාගන්න පුලුවන්. කොහොමත් පිරිමියාගේ කාම වස්තුව හැටියට ඒ භූමිකාව හරියට කරන්නේ කක්කුස්සි චරිතම තමයි. නැතුව නූතන යුගයේ බුද්ධිමත් කාන්තාවන්නම් ඔය වැඩේ කීයටවත් කරන්නේ නෑ. මේ කාලේ කාන්තාවන් ඔයවගේ පිරිමි කාම පිස්සෙක් අයතා විදිහට යෝජනාවක් කරානම් ආපිට හැරිලා අතින් පයින් සංග්‍රහ කරන්න තරම් ශක්තිමත්. ඒ වගේ අයට පිරිමියෙකුට කවදාවත් අතක් තියන්නත් බෑ. කාම පිපාසාවෙන් පෙලෙන පිරිමින්ට ඉතින් බට්ටිලා වගේ අයගේ පිහිට තමා. මේ වැඩේ කොහොම හරි බට්ටිටත් උගන්නලා තියෙන්නේ හොඳම පාඩමක්. බට්ටිට විතරක් නෙවෙයි පිරිමියාගේ කාම තෘප්තියට ජීවිතය කැප කරන අනෙක් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන්ටත් මේක හොඳ පාඩමක්.සල්ලි වලට පිරිමින්ව සනසන්න ගිහින් අන්තිමට වෙන්නේ ඒ සේරම නොමිලේ වැඩේ කරවගන්න උත්සහ කරන එක. වැඩ වැරදුනහම හතර වටින් බැට කනවා. ලෝකයම 21 වන සියවසේ සිටින විට අපේ කාන්තා පරපුරම තවමත් සම්ප්‍රදාය තුල කොටු වෙනවා. දැන්වත් මේ මෝඩකම් අතඇරලා ලෝකේ දියුණු රටවල් වල පිරිමියාගේ ලිංගික වහලියන් නොවන කාන්තාවන් ආදර්ශයට අරන් නූතන යුගයට පියවර තියන්න අපේ කාන්තාවනුත් අධිෂ්ඨාන කරගතයුතුයි. වනිතා හඬ පැහැදිලිව කියන්නේ බට්ටිට වෙච්ච දේ ගැන බුද්ධිමත් කාන්තාවන් කනගාටු වියයුතු නෑ කියන එකයි. ඒක ඇත්තටම වෙස්වලාගෙන ආපු ආශිර්වාශයක්. මේ වගේ සිද්ධි වලින් බැට කන තරමට තමයි තමන් ජීවත් වෙන්නේ කොහෙද කියලා සම්ප්‍රදායික මෝඩ ගෑනුන්ට තේරෙන්නේ. අපේ රටට තවත් බට්ටිලානම් ඕනෑම නෑ. බුද්ධිමත් කාන්තාවන් වගේම කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වෙන බුද්ධිමත් පිරිමින්ද ගණිකා වුර්තිය ඉදිරි කාලයේදි රටෙන් තුරන් කරන්න එක්ව කටයුතු කළයුතුයි. කාන්තාවගේ ප්‍රගතිශීලී ගමන්මග අහුරන බාධක සියල්ල මැඩගෙන ඉදිරියට යන්න අපේ රටේ කාන්තාවන්ටත් ශක්තිය ධෛර්ය තිබෙන බව අපට හොඳ හැටි විශ්වාසයි.

Sunday, August 24, 2014
කොල්ලෙකුගේ නොහොබිනා හැසිරීම මට්ටු කළ වාරියපොල වීර කෙල්ල.
පහුගිය කාලේ වාරියපොල ගැන හරියට කතා උනා. මේ දැනුත් ඒ උනුසුම අඩුවෙලා නෑ. සිද්ධිය උනේ බස් එකේදී ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියූ තරුණයෙකුට ඒ කෙල්ල හොඳවායින් ගුටි බැට සංග්‍රහයක් ලබා දී නියම පාඩමක් ඉගැනවීමයි. මමනම් කියන්නේ මේ සිද්ධිය නූතන කාන්තා පරපුරටම හොඳ ආදර්ශයක්. නමුත් බොහෝ පුරුෂාධිපත්‍ය උන්මතතක පිරිමින් කියා සිටින්නේ මේ කෙල්ල වැරදියි කියන එකයි. ඇත්තෙන්ම ඒ කෙල්ල කළේ කළයුතු දේ. මගතොටේදී කාන්තාවන් කොතෙකුත් මේ වගේ සිද්ධි වලට මූන දෙනවා. ඒත් හොඩක් අය අසරනයි. මේ කෙල්ල සැබෑ වීර චරිතයක්. හොඳ ආදර්ශයක් දුන්නා පිරිමින්ව මට්ටු කරන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඇයට අපගේ ප්‍රණාමය පුදකලයුතුයි. වාරියපොළ වීර කෙල්ලට ජය වේවා. කාන්තාවන් හැමෝම ඇය ආදර්ශයට ගනිත්වා.
Monday, August 11, 2014
වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල
කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන් කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම් එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ කතාව කියවලාම බලන්නකෝ.
තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි භාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17 හෝ 18ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ.
එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.
එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ ඇයගේ භාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.
ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.
මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.
මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.
එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.
එහිදී භාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලිංගය අහිමි භාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.
ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස අසල්වැසි ඉන්දියාව නම් දරා තිබේ.\\
https://www.facebook.com/photo.php?fbid=10202246531464740&set=a.1553824245565.2070695.1233945143&type=1&theater
Monday, July 14, 2014
කාන්තාවන් සිහියට ගතයුතු වන වැදගත් දෙයක්.
වැල්වටාරම් නොකියා මේ කියන්නට යන දේ කෙලින්ම කියන්නම්. කියන්නට යන්නේ වෙන දෙයක් නෙවෙයි කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත කියායි. මේ කියමන හරිද කියල පුරුෂාධිපත්‍යවාදීන්ගෙන් අහල වැඩක් නෑ. එහෙම ඇහුවොත් ඒ අය ආපිට අහයි ඇයි පිරිමින් කාන්තාව රැකබලාගෙන පෝෂණය කරමින් ඔවුන්ට හහතින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නේ නැත්ද කියලා. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි. නූතන යුගයේ කාන්තාවන් පිරිමින්ගෙන් මෙලෙස රැකවරනය හා යැපීම බලාපොරොත්තු වියයුතුද කියන එකයි. අන්න එතනම කාන්තාවගේ නිදහස පිරිමියා විසින් උදුරගෙනයි තියෙන්නේ.
බුද්ධිමත් කාන්තාවන් මේ ටිකනම් කල්පනාකරලා බලන්නම ඕනේ. ඒ පිරිමියා තමන් රැකබලාගෙන පෝෂනය කරන්නේ තමන්ට ඇති කරුනාවක් නිසාද කියන එක. ඇත්තෙන්ම නෑ. ඔවුන් එසේ කරන්නේ කාන්තාව ලවා තම කාමුක අවශ්‍යතා සංසිඳුවාගනිමින් ළමයි වදවාගැනීම යහතින් කරගන්නට පුළුවන්තාක් විතරයි නේද? කාන්තාවන් තමන්ගේම ස්වාධීන ගමනක් පිරිමියාට යටත් නොවී යන්න උත්සහ කළොත් ඔය කාන්තාවන්ට බොරු ආදරය පෙන්වන කිසිම පිරිමියෙක් ඔවුන් කියන ආකාරයට කාන්තාවන් රැකබලාගනිමින් පෝෂණය කරමින් ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නට යන්නේ නෑ. බොහෝ පිරිමින්ට කාන්තාව තමන්ගේ කාම වස්තුව හැටියට පරිහරනය කළත් කාන්තාවට කිසිම වටිනාකමක් දෙන්නටනම් උවමනාව ඇත්තේම නෑ. පිරිමින්ට පමණක් සීමාවන කොතෙකුත් දේ කාන්තාවන් විසින් කරමින් තමන්ට එය කළහැකියැයි ඔප්පු කර පෙන්වුවද ඒ ගැන වචනයක්වත් කතාකිරීමට පුරුෂාධිපත්‍යවාදී මහන්තත්ත පිරිමින් කැමති නැතිය. පිරිමින් කරන ඕනෑම කටයුත්තක් කරමින් තම ජීවිත අභියෝග ජයගෙන ඉදිරියට යන්නට කාන්තාවන් උත්සහ කළහොත් කාන්තාව රැකබලාගැනීමට පාරම්බාන පිරිමි සේරම ඇය අනතුරට ඇදදමා පලායනු ඇත ඒ කාන්තාව තම කාම වස්තුව හා ළමයි වදන යන්ත්‍රය ලෙසට සිතන මහා ධීර වීර පිරිමියාගේ හැටිය.
Saturday, June 21, 2014
ලොව ප්‍රථම අගමැතිනිය
ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවුනේ 1960 ජූලි 21 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අගමැති ධූරයට පත්වීමත් සමගයි. මෙය මුලු ලොවටම විශේෂ සිද්ධියක් වුනේ ඒ වන තෙක් ලොව වෙනත කිසිදු රටක රාජ්‍ය නායකත්වයට කාන්තාවක් පත් වී නොතිබුණු හෙයකිනි.වසර 1916 අප්‍රේල් 17 උපත ලැබූ ඇය රාජ්‍ය නායකත්වයට පත්වීම සමස්ථ කාන්තා පරපුරට මහත් ආඩම්බරයක් උනා පමණක් නොව ඉතා වැදගත් සිදුවීමක්ද විය. නමුත් අවාසනාවට එතුමිය වටා එක් රොක් වී සිටියේ සිංහල බෞද්ධ ජාතික චින්තන කාරයන් පිරිසක් සහ හාමුදුරුවරුන් පිරිසකි ඒ හේතුවෙන් ඇයට බටහිරින් පැනනැගුනු කාන්තාවට ලැදි කාන්තා විමුක්ති ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අපහසු විය. එය ඇත්තෙන්ම මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් මහත් අවාසනාවකි.
Saturday, May 17, 2014
පුරුෂයාගේ වහලියන් හෙවත් නැණවත් ගෘහණියෝ
ලිපිය සකස් කරන්න හිතුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ අහන්නට දකින්නට ලැබෙන වෙළඳ දැන්වීම් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරපු නිසයි. මේ වෙළඳ දැන්වීම් වලින් බොහොමයක් එදිනෙදා ජීවිතයේ මූලික කාර්‍යන් වන ආහාර පාන ගැනීම ඇඳුම් ආයිත්තම් විලාසිතා කිරීම ආදිය සම්බන්ධවයි. මෙහිදී ආහාරපාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලින් හැමවිට සම්ප්‍රදායික ගෘහණිය උලුප්පා පෙන්වමින් ඇය ගැන වර්ණනා කිරීමට පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුව තුල සිටින ධනවාදී වෙළඳ ව්‍යාපාරිකයා හැම විට උත්සහ කරයි.
විශේෂයෙන් ආහාර පාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලදී මුළුතැන්ගෙය උලුප්පමින් එහි සම්ප්‍රදායික අයිතිකාරිය වන ගෘහණියට මුල් තැනක් දෙන්නේ කාන්තාවන්ට මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු අනිවාර්‍ය බව සමාජයට ඒත්තු ගැන්වෙන ආකාරයටයි. කපටි පුරුෂාධිපත්‍යවාදී ව්‍යාපාරිකයා මෙහිදී ඇය නැණවත් ගෘහණියක් ලෙස හඳුන්වන්නේ තම වහලියන් ලෙස කාන්තාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රයත්නයේ එක් කොටසක් ලෙසයි. මෙරට වෙළඳ දැන්වීම් වලට පෙනී හිටින ඇතැම් මෝඩ කාන්තාවන්ට මෙය තේරුම් ගන්න හැකියාවක් නැති වීම සැබවින් කණගාටුදායකය. මොවුන් රත්ති රසයි රත්ති උකුයි වගේ කොම්පැනි කාරයන් උගන්වන වාක්‍ය උජාරුවට කියමින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමක් කරන්නේ කාන්තාවගේ ප්‍රගතියට බාධාවක් වන විලංගුව බෙල්ලටම දමාගෙන බව ඔවුන් නොදනිති. කිරිපිටි දැන්වීම් වල සිටින නැණවත් මවුවරුන්ද මේ ආකාරයේම සම්ප්‍රදායික කාන්තා චරිත බව කියන්නට දෙයක් නොවේ. ඔවුන් මේ රඟදක්වන්නේ කාන්තාවට අයිති පිරිමි ගෘහමූලිකයාගේ කුස්සිය බවත් ඉවුම් පිහුම් හා දරුවන් හැදීමෙන් තොර වෙන දෙයක් කාන්තාවන්ට නැත යන්නත් ඇඟවෙන පුරුෂාධිපත්‍ය කතන්දරයේ එක් ජවනිකාවක් පමණයි. මේ වගේ කාන්තාවන්ට කොතෙක් පෙනුම තිබුණත් වැඩක් නැත්තේ හිතන්නට මොළ කළඳක් නැති මෝඩ චරිත නිසාමයි.
වෙළඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන දැන්වීම් අතර තවත් ජනප්‍රිය දෙයක් වන්නේ සබන් හා රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගැන දමන ඒවායි. එහිදීද කාන්තාවට සම්ප්‍රදායික ලෙස පිරිමියාගේ රෙදි ටික හෝදන රාජකාරිය පැවරෙන්නේ ඉතා සූක්ෂමවය. සියල්ල සිදුවන විට රෙදි සෝදන ගැහැණිය නැණවත් ගෘහණියයි. නැණවත් ගෘහණියන්ගේ තේරීම අර පුරුෂාධිපත්‍ය ව්‍යාපාරිකයාගේ සබන් කැටය හෝ වොශින් පවුඩර් පැකට්ටුවයි. අහෝ කරුමයක මහත. නැණවත් ගෘහණිය වී අර වෙලෙන්දාගේ සබන් කැටය පාවිච්චි කර රෙදි ටික හෝදාගන්න විට තමා නිවස තුල නොදැනුවත්වම මෙහෙකාරියකගේ තත්වයට පත්වී හමාර බව මොවුන්ට නොවැටහෙයි. තවත් සබන් නිෂ්පාදකයෙකුට ඔහුගේ සබන් කෑල්ල කාන්තාවන්ගේ රුව වඩන හා රූපය රකින අරුමපුදුම දෙයකි. එහෙත් මෙලෙස රුව වැඩීමෙන් කාන්තාවන්ට අවසානයේ සිදු වන්නේ පිරිමින්ගේ කාම උමතුවට තම සිරුර පූජා කර ඔවුන්ගේ කාම වස්තු වීමට මිස අන් කිසිවක් නොවේ. ඒටික නොතේරීම ඉමහත් අවාසනාවකි. බොහෝ කාන්තාවන් පිරිමින්ගේ කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.
මේ සියල්ලට නැවතීමේ තිත තැබීමට කාලය දැන් උදා වී ඇත. මෙකළ කාන්තා පරපුර සිතට ගතයුත්තේ පිරිමින්ගේ සම්ප්‍රදායික වහලිය වන නැණවත් ගෘහණියගේ චරිතය රඟ දක්වමින් සමස්ථ කාන්තා පරපුරේම ඉදිරි ගමන වලක්වන මෝඩකම තුල තවත් එල්බගෙන සිටින ආකාරය නොව මේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සමාජ රාමුවම මුලිනුදුරා දමන ආකාරයයි. ඒ සඳහා වත්මන් කාන්තා පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කළයුතුව ඇත. එය කාන්තාව සම්බන්ධයෙන් සලකා බලන කළ යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.
Subscribe to:
Posts (Atom)