Showing posts with label කාන්තා අභිමාණය. Show all posts
Showing posts with label කාන්තා අභිමාණය. Show all posts
Saturday, May 16, 2015
අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහනයට උනුසුම් සුබපැතුම්
මැයි මස 15 වන දින කොළඹ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙවු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් අතර තරඟයෙන් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙය සමස්ථ ලාංකීය වනිතා පරපුරටම අභිමාණයක් එක්කළ සුවිශේෂී සිද්ධියක් උනාට කිසිදු සැකයක් නෑ. අතීතයේ සිට පිරිමින්ට සීමා වී තිබූ සියළු ක්‍රීඩා කාන්තාවන්ට කළ හැකි බව අපේ ක්‍රීඩිකාවෝ මැනවින් ඔප්පු කළා. මෙය මෙරට සම්ප්‍රදායික පිරිමින්ට අත දිගහැර දුන් අතුල් පහරක් වනවාට සැක නෑ. මින් ඉදිරියටත් විශිෂ්ඨ දස්කම් පාමින් ක්‍රිකට් ලොව ජය කෙහෙලි නංවා තරඟ ජය ගැනීමටත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආකල්ප බිඳ දැමීමටත් අපේ වීර කෙල්ලන්ට හැකියාව ලැබේවායි වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.
ලකුණු පුවරුව බලන්න
http://www.espncricinfo.com/icc-womens-championship-2014-16/engine/match/856111.html
Sunday, August 24, 2014
කොල්ලෙකුගේ නොහොබිනා හැසිරීම මට්ටු කළ වාරියපොල වීර කෙල්ල.
පහුගිය කාලේ වාරියපොල ගැන හරියට කතා උනා. මේ දැනුත් ඒ උනුසුම අඩුවෙලා නෑ. සිද්ධිය උනේ බස් එකේදී ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියූ තරුණයෙකුට ඒ කෙල්ල හොඳවායින් ගුටි බැට සංග්‍රහයක් ලබා දී නියම පාඩමක් ඉගැනවීමයි. මමනම් කියන්නේ මේ සිද්ධිය නූතන කාන්තා පරපුරටම හොඳ ආදර්ශයක්. නමුත් බොහෝ පුරුෂාධිපත්‍ය උන්මතතක පිරිමින් කියා සිටින්නේ මේ කෙල්ල වැරදියි කියන එකයි. ඇත්තෙන්ම ඒ කෙල්ල කළේ කළයුතු දේ. මගතොටේදී කාන්තාවන් කොතෙකුත් මේ වගේ සිද්ධි වලට මූන දෙනවා. ඒත් හොඩක් අය අසරනයි. මේ කෙල්ල සැබෑ වීර චරිතයක්. හොඳ ආදර්ශයක් දුන්නා පිරිමින්ව මට්ටු කරන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඇයට අපගේ ප්‍රණාමය පුදකලයුතුයි. වාරියපොළ වීර කෙල්ලට ජය වේවා. කාන්තාවන් හැමෝම ඇය ආදර්ශයට ගනිත්වා.
Monday, August 11, 2014
වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල
කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන් කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම් එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ කතාව කියවලාම බලන්නකෝ.
තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි භාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17 හෝ 18ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ.
එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.
එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.
ඒ ඇයගේ භාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.
ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.
මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.
මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.
එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.
එහිදී භාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ලිංගය අහිමි භාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.
ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස අසල්වැසි ඉන්දියාව නම් දරා තිබේ.\\
https://www.facebook.com/photo.php?fbid=10202246531464740&set=a.1553824245565.2070695.1233945143&type=1&theater
Subscribe to:
Posts (Atom)