tag:blogger.com,1999:blog-6379613475995445002024-03-05T22:04:55.361-08:00සොඳුරු ලියක මහිමAnonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-637961347599544500.post-39006833335070316312016-08-09T17:30:00.002-07:002016-08-09T17:30:41.367-07:00වැලේ වැල් නැති පාදයාත්‍රා

පහුගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිද පැරදුන අපේ රටේ සිංහල ජාතිවාදී
සම්ප්රදායිකතවය තුල ගිලුනු බංකොලොත් දේශපාලනඥ්ඥයන් පිරිසක් එදා සිට තමන්
අතින් ගිලිහුනු දේශපාලන බලය නැවත ලබා ගැනීමට දැඩි උත්සහයක් දරනු පෙනේ.
මොවුන් බලය ඇති කාලයේ සිත් සේ සොරකම් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම්
ආදියෙහි නිරත වුන බව කවුරුත් දනිති. දැන් බලය නැතිව කිසිත් සොරකම් කිරීමට
හෝ සැප විඳීමට බැරුව වියරු වැටී ඇති හිටපු මහරජා සහ ගෝල පිරිස දැන මහපාරේ
ඇවිදිමින් නැවතත් සාන්තුවරුන් මෙන් බලය හිඟා කන්නට උත්සහ කරති. ඒත් කනගාටුව
මේ අය සමග පාද යාත්‍රා යන්නට මෙතරම් විශාල සෙනගක් එක් රැස් වීමයි. මේ රටේ
මිනිසුන් හදන්නට බැහැ. ඒ තරමට මෝඩ සම්ප්‍රදායික මිනිස්සු. දැන් ආයෙමත් හොර
මහ රජාට බලය අරන් දීල අමාරුවෙන් ඇතිකල සංහිඳියාවත් ඉදිරියේ නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව මගින් ගෙනෙන කාන්තාව ජයග්‍රහනය කරවන සියළු ලිංගික අනන්‍යතා
පිළිගන්නා අළුත් වැඩපිළිවෙලත් විනාශ කරන්න එකට එකතු වෙලා. මේ මෝඩ
සම්ප්‍රදායික මිනිසුන්ට මේ තත්වයෙන් ගැලවෙන්න කිසි උවමනාවක් නැත්තේ මොන
තරම් කාලකන්නි කමකටද කියා කිසිවෙකුටත් නොතේරෙයි.

මහජන මුදල් හා දේපල කොල්ලකෑ මහරජා සහ ඔහුගේ පවුලත් ජාතිවාදී නූගත්
සම්ප්‍රදායික ආණ්ඩුවත් ගෙදර යවා යහපාලන රජයක් පිහිටුවා ගත්තේ ප්රගතිශීලී
ජනතාව සුළු ජාතීන් මෙන්ම බුද්ධිමත් කාන්තාවන් නව ලොවට පියනැගීමටය. එහි සීමා
මායිම් නැත. සම්පර්දායික බොරු විශ්වාස ආගමික මිත්‍යාවන් නැත. ජාති කුලමල
ආගම් ලිංගභේදයන් නැත. එවන් නව වෙනසකට පා තැබීමට සුවහසක් බලාපොරොත්තු තබමින්
පත්කළ නව රජයට එරෙහි මෙතරම් විශාල ජනතා රැල්ලක් ආවේ කෙසේද? මේ ජාතිවාදී
සම්ප්‍රදායික රදල පැලැන්ති වටා එක්වන ජහමනයාට මොළ තිබේද? අද මේ මෝඩ
මිනිසුන්ට වැට් ඉවසන්නට බැරිය. ඒත් හොරාකාපු මහරජාගේ බදු සියල්ල හොඳයි. මේ
මොන අවාසනාවක්ද? මහින්ද යුද්ධය දින්නා කියන එකම මෝඩ කතාව කියමින් මහින්දගේ
සියළු පවු සමා කරන්නට යන මෝඩ ජාතිවාදීන් නැවතත් කට ඇර පූචානම් කතා කියමින්
සිටිති. ජනතාවට පීඩාව උරුම කළ සුදු වෑන් භීතිය ගෙන ආ ප්රගතිශීලී මිනිසුන්
මාධ්‍යවේදීන් අතුරුදහන් කළ ජාතිවාදී මහරජාට වඩා ප්රභාකරන් රට පාලනය කරානම්
හොඳයි කියා කියන්න අපිනම් බය නෑ. මෝඩ මිනිසුනේ ටිකක් හිතපල්ලා. අළුත්
ආණ්ඩුවක් සියළු ජාතීන් සියළු ප්රගතිශීලීන් බුද්ධිමත් කාන්තාවන් ඇතුළු
පිරිසක් විසින් පිහිටෙවුවේ රට අළුත් මාවතක ගෙන යන්නයි. ඒ බලාපොරොත්තු වලට
හරස් කපන්නේ ඔබලාගේම නූගත්කමයි උපන් මෝඩකමයි නිසා.

අපට ටිකක් හරි සහනයකට තියෙන්නේ තවමත් ආණ්ඩුවට බලය තියෙන එක. ඒ බලය පෙරලා
දමන්න කිසි ජගතෙකුට බෑ. කොච්චර සෙනග කොළඹට ගෙනාවත් රටේම විශාල බහුතර
ජනතාවක් පාගමන් ගියත් මේ ආණ්ඩුව කරන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිමතුන් රටේ
අඩු වෙන්න පුළුවනි. ඒත් බහුතර මෝඩ සම්ප්‍රදායික ජාතිවාදීන්ට නැවත කිසි
ඉඩක් ලබා නොදී යහපාලන රජය ඉදිරියටත් ගෙනයන්න ජනාධිපති අගමැති ඇතුළු
සියළුදෙනාට හැකි වෙන්න ඕනේ. කවුරු කොහොම කිවුවත් කොච්චර ලොකු සෙනගක්
විරුද්ධ උනත් 2020 වෙනකල් මහ මැතිවරන නෑ. තිබුණත් ඔය කියන සිංහල
ජාතිවාදීන්ට වඩා චන්ද සුළු ජනකොටස් එක්ක ප්රගතිශීලී උගත් චන්ද දායකයන්ගේ
චන්ද ප්‍රමාණය වැඩියි. අපි දැන් බලන්න ඕනේ සියළු දෙනාට සියළු ජාතීන්ට මෙන්ම
කාන්තාවටත් සියළුම ලිංගික අනන්න්‍යතා ඇති අයටත් සම අවස්ථා හිමි වන කිසිදු
ආගමික මිත්‍යා අදහසකට තැනක් නැති නවීන එක්සත් රටක් හදන අළුත් ව්‍යවස්ථාව
කෙසේ හෝ ගෙන ඇවිත් සම්මත කරවා ගන්න එක ගැනයි. දැනටත් අපට ජාත්‍යන්තරයේ සහය
ලැබිලා ඉවරයි. ඒ වගේම ලෝකයේ ගොඩක් රටවල පැසසුම් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ලැබෙනවා කිසිම සැකයක්
නැතිව. අප බුද්ධිමත් ප්රගතිශීලී ජනතාවක් හැටියට එකට එක් විය යුත්තේ ඒ අයත්
සමගයි. පාද යාත්‍රා ගනන් ගන්න ඕන නැත්තේ මේවා කොච්චර ගියත් ආණ්ඩු පෙරලන්න
බැරි නිසා.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com2tag:blogger.com,1999:blog-637961347599544500.post-49259247840601205492016-05-29T08:32:00.001-07:002016-05-29T08:32:35.292-07:00ගංවතුර ආපදාව හරහා කාන්තා සංවිධාන නිසි ප්‍රයෝජන ගත්තාද?

පහුගිය කාලයක සිට මේ දක්වාම ඇදහැලෙන ධාරානිපාත වැස්ස හේතුවෙන් ලංකාවේ කැලණි මිටියාවත අවට පහත් බිම් බොහොමයක් ජලයෙන් යට විය. ඉන් ජනයාට වූ අලාභය සුළුපටු නැත. තවත් ප්‍රදේශ වල නායයෑම් නිසා අනතුරු බොහොමයක් සිදු විය. මේ ආපදා තත්වය ඇති වීමත් සමග විවිධ කණ්ඩායම් අවතැන් වූවන්ට හා අනතුරට පත් වූවන් ඇතුළු පවුල් වල අයට සහනාධාර ලබාදීමට යුහුසුළු විය. බොහෝ ප්‍රදේශ වලින් ආධාර එක් කර ආපදාවට ලක් වූ පෙදෙස් වලට යවනු අපට දකින්නට ලැබුණි. වනිතා හඬ ලෙස අපටනම් වෙනමම දේවල් කීපයක් කියන්නට තිබේ. ඒ මෙවැනි ආපදා හරහා ආධාර බෙදීම පමණක් නොව සමාජයේ වෙනස්කම් කරන්නට ආරම්භයක් ඇති කරගන්නටද මහඟු අවස්ථාවක් තිබෙන නිසා කියා වනිතා හඬට විශ්වාසයක් තිබෙන නිසා. එසේ කියන්නේ මේතුලින් මෙරට ප්රගතිශීලී කාන්තා සංවිධාන වලට හා රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායම් වලට යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට තිබුණා කියා විශ්වාසයක් ඇතුවයි. එහෙත් එය සිදු වූ බවක් ලොකුවට පෙනෙන්නට නැහැ.

ඇත්තෙන්ම මේ මහා ආපදා තත්වය හරහා ආපදාවට පත් අයට උදවු කරන අතරතුර විශේෂයෙන් කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට බලපාන සමාජ ගැටළු ගැනත් අවධානය යොමු කර ඉදිරියේදී කාන්තාවන්ට ඒවායින් ගැලවීම සඳහා සටන් කිරීමට අවශ්‍ය අදහස් ගොන්න ලබා දීමට කටයුතු කිරීමට පියවර ගත් කාන්තා සංවිධාන ගැන අසන්නට නැත. මෙය ඒ සඳහා ලැබුණු විශාල අවස්ථාවක් මගහැර දැමීමක් විය. ආපදාවට පත් අයට ආධාර ලබා දෙන ගමන් කාන්තාවන්ට ඉදිරියට පැමිණ අභියෝග ජයගන්නා ආකාරය ගැන අදහසක් දීමට කිසිවෙක් ක්‍රියාකරනු අප දුටුවේ නැත. මේ ආපදා තත්වය තුලත් බොහෝ කාන්තාවන් කියා සිටියේ පවුලේ හා දරුවන්ගේ දුක් ගැහැට පමණි. මේ අපේ මහා ලොකු සංස්කෘත්යේ සම්ප්රදායක් වේ. එහෙත් කාන්තාවන්ට සියල්ල පිරිමින් කරන තෙක් බලා නොඉඳ වැට කඩොළු බිඳ දමමින් සිතට ධෛර්ය ගෙන ආපදාවෙන් ගැලවෙනවා මෙන්ම අනාගතයේ පවුල් සංස්ථාව නම් හිර කුටියෙන් නිදහස් වීම හා දරුවන්ගේ බරින් නිදහස් වී ස්වාධීන වීම ගැන කියා දීමට කාන්තා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන වලට අවස්ථාව තිබුණි. එහෙත් ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත් බවක් නොපෙනේ. සමලිංගික අයිතීන් සඳහා ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් මෙහිදී සමලිංගිකත්වය දෙස සුභවාදී ලෙස බැලීමේ පණිවිඩය ගෙන යෑමට උත්සහ දරා ඇත. මෙය ඇත්තෙන්ම පැසසිය යුතු දෙයකි. නමුත් ඊට පෙර කරන්නට තවත් බොහෝ දේ තිබුනා කියා අපට හිතේ.

ලංකාව තුලත් සමලිංගිකත්වයට ඇති බාධා ඉවත් කර දැමිය යුතු බව අපිත් කියන්නට කැමතියි. නමුත් ඒ ටික කරන්නටත් කලින් කළයුතු මූලික කටයුතු බොහොමයක් කිරීමට ප්රගතිශීලී කණ්ඩායම් හා කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන අපොහොසත් උන බවයි අපි දකින්නේ. පළමුව කාන්තාවන් පවුල නමැති හිර කුටියෙන් ගලවා ගත යුතුව තිබෙනවා. මෙවැනි ආපදා වලදීත් කාන්තාවන්ටම වැඩි පීඩාවක් හා ප්‍රශ්න පැනනගින්නේ තමන් හුරු වී සිටින සම්ප්‍රදායික ජීවන රටාව නිසා බව ඔවුන්ට ඒත්තු ගන්වන්න තිබුණා. කාන්තාවන් කළ යුත්තේ කුස්සි වල බඩු කෑම ආදිය නැති වීමවත් දරුවන්ගේ ප්‍රශ්නවත් නොව තමන්ට තිබෙන සමාජ පීඩාවන් මෙවැනි අවස්ථා වලත් මතු වන ආකාරය බව කියා දීමට කිසිදු සංවිධානයක් කටයුතු කළේ නෑ. කාන්තාවන් සම්ප්රදායිකත්වයෙන් මුදවාගැනීම හරහා සමලිංගිකත්වය ගැන කතා කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න පසුව පුළුවන්. ඇත්තෙන්ම මුලින් කරන්නට තිබුණ දේ නොකර පසුව කරන්නට තිබෙන දේ මුලින් කිරීම තුල අපේ සමාජය තුල කාන්තා විමුක්තියේ ක්රමෝපායන් හරියට ක්‍රියාත්මක උනේ නෑ. ඒ වගේම මිනිසුන් අතර යම් සැකයක්ද ඇති උනා. ලන්කා සී නිවුස් නම් ජාතිවාදී වෙබ් අඩවිය සමලිංගික සංවිධානයේ වැඩ පිළිවෙල ප්‍රශ්න කර තිබුණා. ඒත් ඒම සංවිධානය කළ දේ නිවැරදියි. ඒත් තැනට සුදුසු දේ නෙවෙයි කියලා හිතන්න වෙනවා. ඇත්තෙන්ම මුලින් කාන්තාවන් සම්ප්‍රදායික ජීවිතයෙන් ගලවාගැනීමට කටයුතු කළා නම් අන් සියල්ලට අවශ්‍ය මූලික වැඩකටයුතු ඒ ඔස්සේ කරගන්නට තිබුණා කියලා වනිතා හඬ කියන්න කැමතියි. ඒ නිසා මින් ඉදිරියේදීවත් මෙවැනි තත්වයන්ගෙන් ප්‍රයෝජන ගත යුත්තේ කිසියම් සැලැස්මකට අනුව කල්පනාවෙන් බව මතක් කර දෙන්න ඕනේ.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com2tag:blogger.com,1999:blog-637961347599544500.post-12338641944421358292016-03-08T08:40:00.001-08:002016-03-08T08:40:19.339-08:00පනක් නැති මලානික වූ තවත් කාන්තා දිනයක් නිමා විය

මෙවරත් මාර්තු මස 8 වනදා සුපුරුදු ලෙස ඔහේ සැමරියයුතු නිසා සමරනු ලැබූ මලානික කාන්තා දිනයක් නිමාවට පත් විය. ඒගැන අපගේ බලවත් කනගාටුව මෙන්ම කාන්තා දිනය කිසිත් උද්යෝගයකින් තොරව සමරා ඊට අඩු මට්ටමේ අනුග්‍රහයක් දැක්වූ රජයට අපගේ විරෝධයද පල කරමු. විශේෂයෙන් සිංහල ජාතිවාදී හා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රජයක් පෙරලා දමා නව යහපාලන රජය පිහිටවීමට නව යුගයේ පෙරලිකාර කාන්තාවන්ගෙන් ලැබුනේ නොමද සහයකි. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූ බවක් පෙනෙන්නට ඇත. යහපාලන රජයෙන් මෙරට සම්ප්රදායිකත්වයට එරෙහි කාන්තාව බලාපොරොත්තු වූයේ කාන්තාව නූතන ලෝකය වෙත ගෙනයා හැකි පෙරලිකාර පාලනයකි. එහෙත් එයට බාධා බොහෝ ඇති බව දැන් පෙනෙන්නට තිබේ. යහපාලන රජයේ වැඩි බලය එක්සත් ජාතික පක්ෂයට තිබීම යම් ප්‍රමානයක අස්වැසිල්ලක් උනත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් සම්ප්‍රදායික යුගයේ සිටින බව පෙනේ. රජය තුල සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට රට තුල කාන්තාවට නිදහසේ දොර කවුලු විවර කරවන වෙනස කිරීමට ඉඩ නොදන සෙයක් තිබේ. මෙය සැබැවින්ම කනගාටුදායකය.
මෙරට සම්ප්‍රදායික මව හා ගෘහණිය නොවූ නූතන යුගයට පිය මනින විප්ලවකාරී කාන්තා පරපුර නව රජයෙන් බලාපොරොත්තු වූයේ මේ ටිකද? මුලදී රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතාත් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය හා විසමලිංගික උත්තමවාදී ආකල්ප බැහැර කරමින් කාන්තාවගේ මෙන්ම සියළුම ලිංගික අනන්‍යතාවයන්ට අයත් පුද්ගලයන්ගේ නිදහස වෙනුවෙන් යම් මෙහෙවරක් කරන ආකාරය පෙනෙන්නට තිබුණත් දැන් නැවතත් රට පුරා නව යහපාලන රජයට එරෙහි දැවැන්ත ජන රැල්ලක් ගොඩනැගීම හරහා රජය අපහසුතාවයට පත් වී තිබේ. මේ මහා ආණ්ඩු විරෝධී රැල්ල පසුපස සිටින්නේ පැවති රජයේ සම්ප්‍රදායික සිංහල ජාතිවාදී බලවේගයයි. මේ බලවේගය නැවත රජයේ වැඩපිළිවෙලවල් කඩාකප්පල් කරමින් සිටිති. ජාත්‍යන්තරයේද සහය ඇතිව මෙරට කාන්තාවගේ ප්‍රගතිය වෙනුවෙන් සම්ප්රදායිකත්වයේ රාමු සියල්ල බිඳ දැමීම කළ යුතුව තිබියදී ඊට තිබෙන ඉඩකඩ අහුරන්නේ වෙන කවුරුවත් නොවේ හිටපු සම්ප්‍රදායික ජාතිවාදී රජයේ ගෝලබාලයෝයි. මොන අවාසනාවකට හෝ මොවුන්ගෙන් කොටසක් වත්මන් යහපාලනයේද කොටස්කරුවන් වී සිටිති. මේ පිරිස පන්නා දමා පිරිසිදු එකසත් ජාතික පක්ෂ රජයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වීම හැර වෙනත් විදිහකින් කාන්තාවට ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැකිය.
මේ යහපාලන රජය බිහි වූ දා සිට මෙරට ප්රගතිශීලී කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ සම්ප්රදායිකත්වයේ සියළු බාධක බිඳ දමා නූතන යුගයක් කරා යෑමටය. සම්ප්‍රදායික පවුල් ක්‍රමයට පයින් ගසා විවාහය නම් පුරුෂාධිපත්‍ය සිරකුටියෙන් මිදීමටය. කුස්සියත් හැඳිමිටත් වලදමා සම්ප්‍රදායික ගෘහණියගේ භූමිකාව පලවා හැරීමටය. පිරිමියාගේ කාම ආශාව සන්සිඳුවමින් පිරිමින්ගේ කාමුකත්වයට සහය දක්වන විලාසිතාකරමින් දරුවන් වදමින් සම්ප්‍රදායික මවගේ භූමිකාව කිරීමට නැවතීමේ තිත තැබීමටය. පුරුෂයන්ට නොදෙවෙනි කාන්තාවන් පෙරට ගෙන සියළු ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ට සම අවස්ථා ලබා දෙමින් විසමලිංගික උත්තමවාදය පලවා හැරීමටය. බාල වයස්කාරියන් අඹුකමට ගෙන හොර විවාහ කරගන්නා සල්ලාලයන්ට මරන දඬුවම ක්‍රියාත්මක කරවීමටය. එහෙත් ඒ බලාපොරොත්තු කිසිවක් ඉටු උනාද? කාන්තා දිනයේ වැදගත්කමවත් නොදැන ඇතැම් රජයේ ආයතන වල කාන්තා දිනය සමරා ඇත්තේ පන්සල් වලට ගොස් මල් පහන් පුදා ආගමික කටයුතු කිරීමෙනි. මේ මොන මෝඩකම්ද? තවත් සමහර කාන්තා වැඩසටහන් ඉවුම් පිහුම් රූපලාවන්‍ය කටයුතු වලට සීමා වී තිබුණි. තවත් සමහර පෞද්ගලික ආයතන වල කාන්තා දින උත්සව පවත්වා කාන්තාවන්ට ගෞරව කරන බවක් පෙන්වීමට කර තිබෙන්නේ සම්ප්‍රදායික ගෘහණියන් හා ගෙදර බුදුන් අම්මා පට්ටම වර්නනා කිරීමයි. මේවා විහිළුය. නව යුගයේ කාන්තා පරපුරකට මේ කිසිවකින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ පුරුෂයාගේ සියළු කියුම් කෙරුම් වලට අභියෝග කළ හැකි පුරුෂයින්ට සමාන ශක්තිමත් එඩිතර කාන්තා පරපුරක් හදා ගැනීමයි. එහෙත් ඊට මෙවර කාන්තා දිනයේදීත් නිවැරදි අඩිතාලම වැටුනේ නැත. එය අතිශයින්ම කනගාටුදායකය.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com3tag:blogger.com,1999:blog-637961347599544500.post-26932068148997625122016-01-29T21:31:00.001-08:002016-01-29T21:31:31.571-08:00නව ව්‍යවස්ථාවට උපරිම සහය දෙමු

කලක් තිස්සේම වෙර වීරිය යොදා පැවති දුෂ්ඨ පාලනය පලවා හැර වසර 2015 ජනවාරි 8 අප නැවුම් බලාපොරොත්තු සහිතව යහපාලනය උදා කර ගත්තෙමු. එතැන් පටන් විරුද්ධවාදී සම්ප්‍රදායික මතදාරීන්ගෙන් ඊට එල්ල උනේ පොඩි බාධාවක් නොවේ. අදටත් එය එසේමය. නැවුම් බලාපොරොත්තු ඇතිව පත් කරගත් යහපාලන රජය තුලින් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නා තෙක් රජය රැක ගැනීම අප සියල්ලගේ වගකීමයි. විශේෂයෙන් මෙරට වනිතා පරපුරට යහපතක් වන්නේ මේ රජයෙන් පමණි. නැවත සම්ප්‍රදායික ජාතිවාදී පුරුෂාධිපත්‍ය රජයන ආණ්ඩුවක් ඇති වුවහොත් සියළු බලාපොරොත්තු සුන් වේ. දැන් ජාතිවාදය මර්ධනය වී ඇත. එය එසේම විය යුතුය. ඉදිරියේදී පුරුෂාධ්පත්යටද එසේ වේ යැයි බලාපොරොත්තු වෙමු. සියළු බාධක මැද මේ වන විට නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ රට පුරා ඇති වීතිබේ. එයටත් සම්ප්‍රදායික ජාතිවාදී බලවේග වලින් ගල් මුල් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. කෙසේ හෝ මේ බලවේග පරාජයට පත් කර අපේ අරමුනු ඉටු කරගන්නට දැන් සිට වෙහෙස මහන්සි විය යුතුය.

නව ව්‍යවස්ථාව ගැන කවුරු මොකක් කිවුවත් මෙරට කාන්තා පරපුරට ඒය වාසි සහගතය. මේ රටේ බුද්ධිමත් කාන්තා පරපුර තව දුරටත් මේ ජාතිවාදී ආක්ල්ප හිසින් දරාගෙන ජාතිය රැකීමට බැඳී සිටිය යුතු නැත. සිංහල ජාතිවාදීන්ගේ ජාතියේ පුරුෂාධිපත්‍ය ගෙන යෑමට දරුවන් වදා දීම නූතන කාන්තා පරපුරේ වගකීම නොවේ. මේ යල්පැනගිය ආකල්ප වලින් මිදී නව ව්‍යවස්ථාවක් හරහා රටේ ඉදිරි වෙනස්කම් සියල්ල කිරීමට කාන්තාවන් සියළු දෙනා යහපාලන රජයට සහය දිය යුතුය. මේ නව ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිවාදයට මරු පහරක් එල්ල වීම ගැන කාන්තාවන් දුක් නොවිය යුතුය. ඒතුලින් රටේ සුළු ජනකොටස් වල අයිතීන් රැකීම ඔවුන්ට සම අවස්ථා ලැබීම බලය බෙදීම හරහා ස්වයං තීරන ගැනීමේ අයිතිය තහවරු වීම කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් සාධාරනය. සුළු ජන අයිතීන් මෙන්ම කාන්තා අයිතීන් ශක්තිමත් වීමටද නව ව්‍යවස්ථාව මහෝපකාරී වනවා ඇත. ඒ තුළින් කාන්තා අයිතීන් රැකීමටද ක්‍රියා කිරීමට හැකිනම් කාන්තාව රජයට බල කළ යුතුය. ඒ අයුරින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සියළු අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළ හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය හැක. එසේ නොවන්නේනම් ඊටද බල කළ යුතුය. එහිදීත් පෙරට ආ යුත්තේ කාන්තා පරපුරයි. රටේ ඉදිරි ගමන වෙනස් කරන තීරනාත්මක කාල පරිච්චේදය ඉදිරියේදී උදා වනු ඇත. ඊට මෙරට බුද්ධිමත් කාන්තා පරපුරේ සහය ලැබෙනු ඇත යන්න වනිතා හඬේ විශ්වාසයයි. කාන්තාවගේ අනාගත යහපත වෙනුවෙන් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට හැකි වේවා කියා වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com4tag:blogger.com,1999:blog-637961347599544500.post-81440620240485169782015-11-25T08:18:00.003-08:002015-11-25T08:18:33.905-08:00යහපාලනය කනපිට හරවන්න ඉඩ නොදෙමු

ජනවාරි 8න් පස්සේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මේ රටේ බුද්ධිමත් ජනයා සහ විශේෂයෙන් බුද්ධිමත් කාන්තා ප්‍රජාව විසින් බලයට ගෙන ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති ලෙස පත් කරගත්තේය. ඉන් පසු අගෝස්තු මස 17 වනදාත් මේ ගමන නැවතත් නැවුම් බලාපොරොත්තු මත ඉදිරියට යමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කොටගත් යහපාලන රජයක් බිහි විය. එදා සිට මේ දෙස ජාතිවාදීන් බැලුවේ වපර ඇසිනි. සිංහල ජාතිවාදීන් එදා සිටම යහපාලනය කනපිට හැරවීමට කුමන්ත්‍රණ කළා. සිංහල ජාතිවාදීන් සමග සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රැලද සිටී. මේ සියළු දෙනාට අවශ්‍ය යහපාලනය යටතේ ලංකාව නූතනවාදී රටක් ලෙස සියළු දෙනාට සම අවස්ථා ලැබෙන නව ගමන් මගක යෑම අවහිර කිරීමයි. සිංහල ජාතිවාදී කොටස් සුළුතර ජනවර්ග වලට සම අවස්ථා හිමි වනවාට විරුද්ධය. ඇතැම් රනකාමී පිරිස් දැන් එදා යුධ පිටියේ විවිධ වැරදි හා විනය විරෝධී වැඩ කළ හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීමට විරුද්ධය. වැරදි කළකාටත් එක සමාන ලෙස දඬුවම් දිය යුතුය. එකළ හමුදා මෙහෙයුම් සිදු වෙද්දී හමුදා සාමාජිකයින් ස්ත්‍රී දූෂණ කෙතරම් කර තිබේද්? මේවා කිසිවක් බොරු නොවේ. හමුදා සාමාජිකයින් අතඩංගුවට පත් කොටි කාන්තාවන් කී දෙනෙකු දූෂණය කර තිබේද? මේවා අපරාධ නොවේද? යුධ අපරාධ වලට දඬුවම් කළ යුතුමයි. එය වනිතා හඬෙන් තරයේ කියා සිටිනවා. බොහෝ සිංහල ජාතිවාදී බොරු වීරයන් පුරුෂාධිපත්‍ය ඉහට ගත්ත අය වේ. මේ අය කාන්තාවන්ට සමාජයේ සෑම තැනම සම අවස්ථා ලැබෙනවාට අක්මැතිය. ඒ වගේම ලිංගික අනන්‍යතා වල විවිධත්වය මොවුන් පිළි නොගනී. එක්සත් ජාතික පක්ෂය සමග දැඩි වෛරයකින් පෙළෙන ඇතැම් ජාතිවාදීන්ට එක්සත් ජාතික පක්ෂය තුල ලිංගික අනන්‍යතාවල විවිධත්වයන්ට ඇති සමානාත්මතාවය පෙනෙන්නට බැරිය. ලෝකය ඉදිරියට යද්දී මොවුන් සම්ප්රදාය තුල හිර වෙති. යහපාලන රජයේ බුද්ධිමත් සාමාජිකයින් කුමක් කළත් මේ සිංහල ජාතිවාදීන් ඔවුන්ගේ ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් අවලාද නගති. මේ අයගෙන් සමහරුන්ට අපගේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ළමයි නැති එක ගැන මහා රුදාවක් ඇතිය. ළමයි හැදීම නූතන ලෝකයේ මහා ලොකු වීරකමක් ලෙස නොසැලකේ. මේ මෝඩ සම්ප්‍රදායන් පමනි. දැන් අයවැයක් අල්ලාගෙන යහපාලන රජයට අවලාද නැගීමටත් රජය පෙරලා දැමීමටත් සිංහල බෞද්ධ ජාතිවාදය කටයුතු කරමින් සිටියි. යුද්ධයට ධනය විනාශ කර යුද්ධයෙන් පසුවත් හොරා කමින් රට ණය බරින් පීඩාවට පත් කර බංකොලොත් ආර්ථිකයක් සමග පසුගිය රජය වත්මන් යහපාලන රජයට රට බාර දුන්නා මතක නැද්දැයි ඔවුන්ගෙන් අසන්නට ඇත්නම් හොඳය. එවැනි තත්වයක් යටතේ යහපාලනය සමග මේ තරමට හෝ ජනතාවට සහන දෙමින් රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන වත්මන් රජයට ස්තූතිවන්ත විය යුතුය. මේ මොන චෝදනාවක් හෝ ගෙනැවිත් ජනවාරි 8 දිනූ යහපාලනය නැවත පාවා නොදිය යුතුය. විශේෂයෙන් රටේ බුද්ධිමත් කාන්තා පරපුරේ අනාගතය වෙනුවෙන් මේ යහපාලනය රැකගත යුතුය. මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන හා බහුජන සංවිධාන වල කටයුතු ගනනාවකට සහය වෙමින් අධික කාර්යබහුල තත්වය ඉඳිමින්ම මේ ටික ලීවේ එයද දැන් තිබෙන තත්වයක අනුව අත්‍යාවශ්‍ය දෙයක් කියා පෙනී ගිය නිසයි.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com1tag:blogger.com,1999:blog-637961347599544500.post-37263125949333914332015-09-20T00:43:00.002-07:002015-09-20T00:44:49.564-07:00මෙවන් විපත් නැවත නොවෙන්න නම්

ගම්පහ කොටදෙනියාව ප්‍රදේශයේ කුඩා ගැහැනු දැරිවියක් කාමුක සල්ලාලයෙකු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක්කරමින් ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ගැන මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ අපේ රටේම බ්ලොග් ලියන තවත් කෙනෙකුගේ කාලකන්නි පෝස්ට් එකක් දැකීමෙන් පසුවයි. මේ බ්ලොග් පෝස්ට් එක දමා තිබුණේ "ජෙමාගේ හතරවරම්" නමින් බ්ලොග් ලියන කෙනෙකුයි. ඔහු බ්ලොග් පෝස්ට් එක පුරාවට කියා ඇත්තේ මේ රටේ අහිංසක වැරදි නොකරන පිරිමින්ට බොහෝ අහින්සක ආශාවල් ඇති බවයි. මේ ආශාවල් කාන්තාවන්ගේ අඟපසඟ කෙරෙහි ලස්සන ඇඳුම් පැලඳුම් කෙරෙහි මෙන්ම ස්ත්‍රී ශරීරයම කෙරෙහි ඇති වෙනවලු. ඉතින් ඒව ඉෂ්ඨ කරගන්න අවස්ථාව නොලැබෙනකොට එක්කො ගනිකාවන්ගේ පිහිට පතනවලු. සමහර විට අසහනෙන් ඉඳල අසහනේ වැඩි උනහම කෙල්ලෙක් උස්සන් ගිහිල්ල දූෂණේ කරල බෙල්ල මිරිකලා මරයි ලු. ඉතින් මේ වැඩේ වෙන්නේ නෑලු එයා වටින් ගොඩින් කියන විදිහට ගණිකාවන් ආස්‍රය කරන්න ඉඩ තිබුණනම්. ඒ වගේම ලිංගික අධ්‍යාපනේ අඩුයි කියලත් මෙයා කියනවා. මෙයාගේ පෝස්ට් එකේ විදිහට ගෑනු දරුවන් අර විදිහට දූෂණය වෙලා මැරෙන්නේ නැති වෙන්නනම් අනිවාර්යෙන්ම මේ වැරදි නොකරන යහපත් පිරිමිනේ කාම ආශාවල් සංසිඳුවාගන්නට වෙනත් ක්‍රමයක් හැටියට ගණිකා ඇසුර හෝ තිබිය යුතු බවයි. මෙයා කියනව සමහර විට කසාද බැඳපු නැති කෙනෙකුට ආසාව ඉශ්ඨ කරගන්න ක්‍රමයක් නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් ලු. ඒවගේම බිරිඳ ලිංගික කටයුතු වලට උනන්දු නොවීමත් හොඳ යහපත් පිරිමින්ට ප්‍රශ්න වෙනවලු. ඉතින් මේ වගේ හේතු නිසාවත් මෙයාගේ බාසාවෙන්ම බඩු දීපල්ලා කියල කියන්න ඕනෙලු බඩු ගසාවත් ආශාව ඉටු කරගන්න. අනේ මෙහෙමත් ගෑනුන්ට අපහාස කරන්නම උපන් මිනිස්සු.

මේ යහපත් විනීත පිරිමි අයට තමන්ගේ කාම ආශාව වෙනුවෙන් කාන්තාවන් අවශ්‍යය. ඒ වගේම ඔවුන්ගේ දරුවන් වදමින් දරුවන් වෙනුවෙන් සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාව කළ යුතුය. මින් එහා යමක් කාන්තාවන්ට නැත. හොඳින් ඇස් ඇර බලන්න කාන්තාවන් කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ අනාගතේ විවාහයට පත්ව පිරිමියෙකුගේ කාම ආශාව සංසිඳුවමින් දරුවන් වදා දෙමින් පිරිමින්ට සියළු වහල්කම් කිරීමට නොවේද? මේ ආකාරයට කුඩා අවධියේ සිට හැදී වැඩී සිටීම ගැහැනි දැරිවියන් අතවර වලට ලක්වීම ආදී කරදර වලට ලක්ව අකාලයේ මිය යෑමට පවා හේතු නොවේද? ඇත්තෙන්ම මේ වගේ දේවල් නොවීමටනම් වෙනස් වෙන්නට ඕනෑ වෙන්නේ මේ වැරදි සමාජ ක්‍රමයයි. ගම්පහ කොටදෙනියාවේ දැරිවියද මේ වැරදි සමාජ ක්‍රමය විසින් ගොදුරු කර ගත්තේය. වරද ඇත්තේ ගැහැනු ළමුන් කුඩා කල සිටම අනාගතේ විවාහ කර දී දරුවන් හැදීමේ වගකීම පවරා ගෙවල් වල පිරිමින්ට වහල් කමට දීමටම හැදීමේ අමන කමේයි. මෙයට වැඩිහිටි කාන්තාවන් මෙන්ම සම්ප්රදායිකත්වයේ එරී සිටින ගෙදර බුදුන් අම්මා පට්ටම පමණක් තිබෙන මෝඩ මවුවරුන්ද වගකිව යුතු වේ. මෙවැනි විපත් නොවීමටනම් කාන්තාවන් ගණිකාවන් නොකර ඔවුන්ට නූතන යුගයට ගැලපෙන අදහස් ලබා දී පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරන ක්‍රමයෙන් අත් මිදීමට ඉගැන්විය යුතුය. පිරිමින්ගේ කාම ආශාවල් කාන්තාවන්ට වැදගත් දෙයක් බවට බලෙන් පත් කර ඇත. මෙය කාන්තාවන්ගේ ජීවිත වලට අනිවාර්යයෙන් වලංගු වන අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. සම්ප්‍රදායික ලෙස නොසිතා නවීන ලෝකයට මෙරට කාන්තා පරපුර ගෙන යෑමට දැන් කාළය එළඹී ඇත. දැරියන් දූෂණය වන එක වැලැක්වීමට පිරිමින්ගේ යහපත් බිරින්දෑවරුන් වීම හෝ එසේ බැරිනම් ලිංගික අධ්‍යාපනයෙන් කොන්ඩම් දමාගන්නා හැටි ඉගනගෙන විවාහ නොවී පිරිමින්ට ආශාවල් ඉෂ්ඨ කරදීම හෝ ගණිකාවන් වීම මෙකළ කාන්තාවන්ට කොහෙත්ම නොවටියි. එසේම එය පුරුෂාධිපත්‍යයේ සම්ප්රදායකි. මේවා රැකීම නොව වත්මන් කාන්තා පරපුර නව දැනුමෙන්ද නව ආකල්ප වලින්ද ශක්තිමත් වී පිරිමියාට හැම අතින්ම අභියෝග කරමින් ඉදිරියටම යෑම විය යුතුය. එසේ වන දාට තවත් කොටදෙනියාවල් ගැන අපට අසන්නට නොලැබෙනු ඇත. පිරිමින්ගේ ආසාවල් ඉෂ්ඨ කිරීමට වඩා වැදගත් කටයුතු වත්මන් උගත් බුද්ධිමත් කාන්තාවන්ට බොහෝ ඇත. පිරිමින්ගේ කාම ආශාව සංසිඳුවීම මොනම ලෙසකින්වත් කාන්තාවගේ නිත්‍ය වගකීමක් නොවේ. මෙය තරයේ සිහි තබා ගත යුතුය. ගම්පහ කොටදෙනියාවේ දැරියට ඒ මහා කාම අපරාධය කර ඇය මරා දැමූ වරද ක්කරුවාට මරන දඬුවම දිය යුතුමය. නව රජය ඒ ගැන නිසි පියවර ගනු ඇති බවද විශ්වාසයි.

" ජෙමාගේ හතරවරම් " බ්ලොග් එකේ පල වූ ලිපිය

http://4warang.blogspot.com/2015/09/blog-post_20.htmlAnonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com11tag:blogger.com,1999:blog-637961347599544500.post-54523607644204062452015-08-21T08:59:00.002-07:002015-08-21T08:59:26.948-07:00ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂයටත් අගමැති රනිල් වික්‍රමසිංහ මතාටත් සුභපැතුම්

සම්ප්‍රදායිකත්වයත් අන්ත ජාතිවාදයත් පරදවා මෙවර එක්සත් ජාතික පක්ෂය මැතිවරනයෙන් ජයගත්තේ රටටම වටිනා ආදර්ශයක් ලබා දෙමිනි. ඒ රට ගමන් කළයුත්තේ නූතන ලෝකය ගමන් කරන අතට බවත් සම්ප්රදායිකත්වය හා සිංහල ජාතිවාදය තව දුරටත් වලංගු නැති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔප්පු වූ පසුබිමක් තුලයි. රටත් බුද්ධිමත් ජනතාවත් විශේෂයෙන් මෙරට බුද්ධිමත් කාන්තා පරපුරත් ජයග්‍රාහී මාවතකට අවතීර්න කළ එක්සත් ජාතික පක්ෂ නායක අති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහනය කරවූ සුවහසක් ජනී ජනයාටත් වනිතා හඬ තුලින් ගෞරවය පුදකරන්නට උවමනාය.

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන් අගමැති කර ඔහු රැකගත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජයෙන් ජයම වේවා.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com0tag:blogger.com,1999:blog-637961347599544500.post-68126751658292412772015-07-18T22:59:00.000-07:002015-07-18T22:59:02.273-07:00සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව

මහින්ද රාජපක්ෂ බලේට ගෙනාපු සිංහල ජාතිවාදියෝ හිතුවේ මහින්ද LTTE සංවිධානය විනාශ කළ නිසාම කිසි දිනක චන්දයකින් පරදින්නේ නැති වෙයි කියාය. ඒ ජාතිවාදීන්ගේ මනසේ කාලයක් තිස්සේම පැලපදියම් වී ඇති ජාතිවාදී ඉතිහාස කතා හා බොරු පුරාජේරු වලට අනුවයි. නමුත් ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන්කර දමමින් ජනවාරි 8වනදා එලිවන විට ඔවුන්ගේ මහරජාට තේජාන්විත පදවියද අත්හැර දමා යන්නට විය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට බහුතර ජනතා කැමැත්තෙන් ජනපති වී යහපාලනය ජයගැනීමත් සමගයි. එතැන් පටන් රටත් ජනතාවත් ලැබූ ජයග්රහනයන් දැක කුලප්පු වූ සිංහල ජාතිවාදී කණ්ඩායම් නැවතත් යහපාලන ජයග්රහණයන් ආපසු හරවා රටම ජාතිවාදී මාවතකට තල්ලු කිරීමට උත්සහ කරමින් සිටිති. මෙය ඒ තරම් සුබදායක නැත. මහින්ද රාජපක්ෂ කියන තක්කඩියා මේ සියල්ල පසුපස සිටී. ඒත් ඇත්තම සිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යෑමට අදහස් කළත් සිංහල ජාතිවාදීන් ඔහුව නැවතත් දේශපාලනයට ගෙන එමින් ජාතිවාදී ගමනක් යන්නට උත්සහ කිරීමයි.
ලංකාව යනු සිංහල ජාතිවාදීන් කෙසේ කීවත් සිංහල බෞද්ධ රටක් යැයි කිව නොහැක. එය මෙරට ජීවත් වන අන්‍ය ජන කොටස් වලට කර අසාධාරණයක් මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ උවමනාවට සිංහල බෞද්ධ අටමගලය අන්‍ය ජාතීන්ට බලෙන් පැටවීමකි. මේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම පරාජය වීමට NGO වල ක්‍රියා කලාපය බලපෑවාට කිසිම සැකයක් නැත. සිංහල ජාතිවාදීන් NGO කණ්ඩායම් ගැන බද්ධ වෛරයකින් පසුවන්නේ ඒ නිසයි. ලංකාවේ ක්‍රියාත්මක වන NGO බොහොමයක් සිංහල ජාතිවාදයට විරුද්ධය ඒ වගේම සම්ප්‍රදායික ගතානුගතික සමාජය පිළිනොගනියි. NGO කණ්ඩායම් වලට බටහිර රටවලින් මුදල් ලැබීම ගැනත් සිංහල ජාතිවාදීන් පසුතැවෙන්නේ බටහිර රටවල් තම සතුරන් ලෙස සලකමිනි. මේ ඔවුන්ගේ මෝඩ මනස්ගාත විතරකි. බටහිර රටවල් අපට අත හිත නොදෙන්නේද? ලංකාවේ දේශපාලකයින් ජනතාවට කරන කියන දේ සමග සංසන්දනය කර බලන විට NGO පිරිස මේ රටට කර තිබෙන සේවය ඊට වඩා වැඩිය. සිංහල ජාතිවාදීන් කුමක් කීවත් මේ රට බහු වාර්ගික රටක් මිස විශේෂයෙන් කාටවත් අයිති නැත. NGO කණ්ඩායම් මේ රට තුල පිළිගන්නේ එම බහු වාර්ගිකත්වය මිස සිංහල බෞද්ධ අටමගලය නොවේ.
සිංහල ජාතිවාදීන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික පුරුෂාධිපත්යවාදීන්ද වෙයි. මේ මෝඩ මිනිසුන් කාන්තාවන් පීඩාවට පත් කිරීමටද රුසියෝය. NGO පිරිස එහිදීද ජාතිවාදී පුරුෂාධිපත්‍ය උමතුවට එරෙහි වේ. මෙයද සිංහල ජාතිවාදීන්ට නොරිස්සුම්සහගතය. කවුරුන් කෙසේ කීවත් බටහිර රටවල් හා එම රටවලින් ආධාර ගෙන අපේ රටට අමිල සේවයක් කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මේ රටට හිතවත්ය. සිංහල ජාතිවාදීන්ටනම් මුළු බටහිරම වහ කදුරුය. ඒ ඔවුන්ගේ විකාරයක් පමණි. බටහිර රටවල් ලෝකයට මිල මුදලෙන් පමණක් නොව දැනුමෙන් තාක්ෂණික අංශයෙන් හා වෙනත් විවිධාකාරයන්ගෙන් උදවු උපකාර කරයි. එහෙයින් එම රටවල් අපේ සතුරන් ලෙස දැකීම සාධාරණද? අපේ රටේ ඉන්න මහා ලොකු අධිරාජ්‍ය විරෝධී සිංහල බෞද්ධ වීරයන් අධිරාජ්යවාදයෙන්ම ලැබෙන යම් යම් දේ පරිහරනය කරනු දකින විට අපටනම් සිනාසෙන්නට කටවල් මදිය. අද රටේ සිද්ධවෙන දේවල් ගැන ඇත්ත තොරතුරු බොහොමයක් දැනගන්නට හැක්කේද NGO ආධාර වලින් ගෙනයන විකල්ප පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හරහායි. එම මාධ්‍ය මද්‍යස්ථ වේ. එයද ජාතිවාදීන්ට පෙන්නන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ අන්තවාදය පැත්තේ ඉඳන් අන් සියළු දෙනාට පහර දෙන මාධ්‍ය පරතිපත්ති වේ. එය මේ කපේ කළ නොහැක. ඔවුන්ට අනුව යුද්ධයෙන් LTTE සංවිධානය පරාජය කිරීම ආදිය ඉහලින් වර්නනා කළ යුතුය. යුද්ධයට නායකත්වය දීපු එවුන්ද විරුවන්ය. ඔවුන්ටද ආවඩන්නට ඕනෑය. NGO මාධ්‍ය මධ්‍යස්ථව සිටිමින් මහා යුධ විරුවන්ගේ රෙදි ගලවන නිසා ඒ මාධ්‍ය වලට ජාතිවාදීන් විරුද්ධ්ය.NGO ජාලය සමලිංගිකත්වයට පක්ෂය ඒ සියළුම ලිංගික අනන්‍යතාවයන්ට එක සමාන ලෙස සැලකීමට ඔවුන් දන්නා නිසාය. සිංහල ජාතිවාදීන්ට එයද දිරවාගත නොහැක. අද දියුණු ලෝකයේ ඇති මෙවැනි ප්රවණතා ගැන ජාතිවාදී ළිං මැඩියන්ට දැනගන්නට උවමනාවක් නැතිකමද කනගාටුදායකය.
සිංහල ජාතිවාදීන් තවත් සිතා සිටින්නේ ඔවුන්ගේ ජාතිවාදී බොරු විශ්වාස කරන පිරිස අති විශාලයි කියලාය. ඒ ඔවුන්ගේම විකාරයකි. පාර්ලිමෙන්තු මහ මැතිවරණයට ලක ලෑස්ති වන මේ මොහොතේ සිංහල ජාතිවාදීන් පැරදුනු මහින්ද උන්නැහේවත් වට කරගෙන නැවතත් ජාතිවාදය වපුරා ආණ්ඩු පිහිටුවීමට උත්සහ කරමින් සිටියි. එහෙත් මෙවර ඔවුන්ට ජාතිවාදය මාකට් කළ නොහැක. මහින්ද රාජපක්ෂ නම් හොර තක්කඩියා වටා මහා ජන ගංගාවක් සිටින බව ඒත්තු ගැන්වීමට කොතෙක් උත්සහ කරත් එය සාර්ථක වන්නේ නැත. ඒ ඊට වඩා ජනකායක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් වෙමින් ජනවාරි 8 වනදා දිනාගත් යහපාලනය රැක දෙන ලෙස ඉල්ලා සිටින බැවිනි. ජනවාරි 9 උදේ වනවිට උන ගත්තාටත් වඩා සැරට මෙදා සැරේ ජාතිවාදීන්ට උන ගැනෙන්නේ අගෝස්තු 18 උදේයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී නව එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවන ආකාරය දැකීමේදීයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ ඔහු ජාතිවාදියෙකු නොවන නියම මහත්මයෙක් නිසාය. NGO සහයද නව රජයට ලැබෙනු නොඅනුමානය. එතැන් සිට සිදුවන්නේ ජාතිවාදී කිසිවිට නොහිතන දේවල් වේ. ඔවුන්ගේ සතුරන් වන බටහිර රටවල් අපට උදවු කරනු ඇත. නව එක්සත් ජාතික පක්ෂ රජය ලෝකයේම පැසසුමට ලක්ව ජාත්‍යන්තරයේම සහය ලබාගෙන රට නූතන යුගයක් කරා ගෙන යනු නියතය. සම්ප්‍රදායික ජාතිවාදීන්ට සිදුවන්නේ ඒ දෙස බලා හූල්ලා මැරෙන්නටය.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com8tag:blogger.com,1999:blog-637961347599544500.post-11524571250630946532015-06-15T17:39:00.000-07:002015-06-15T17:39:06.372-07:00ලාංකික කාන්තාවගේ හෙට දවස වෙනුවෙන් යහපාලනය රැකගනිමු

2015 ජනවාරි 8 වන දින පැහැදිලි ජනවරමක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තේ මෙරට ජනතාව එක හඬින් යහපාලනය අනුමත කර බැවිනි. මේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා බවට පත් කිරීමට මෙන්ම ඔහුට බලය ලබාදීමටද පැහැදිලිව පක්ෂව ලැබී ඇත. මේ චන්දයේදී සිද්ද වුනු වැදගත්ම හා වටිනාම දෙය වන්නේ සිංහල ජාතිවාදීන්ට හොඳ කනේපාරක් වැදීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන අවිය වූයේ සිංහල ජාතිවාදීන් ඇවිස්සීමයි. එහෙත් ජනවරම ඒ සියල්ල උඩු යටිකුරු කළේ මහ රජාගේ ජාතිවාදයට සරදම් කරමිනි. මේ හරහා පරාජය වූ තවත් එක් දෙයක් තිබේ. එය මේ රටේ කාන්තා පරපුරට වැදගත් කාරනාවක් වේ. එලෙස කාන්තාවට අස්වැසිල්ලක් ලබාදෙමින් පරාජයට පත් වුනේ මෙරට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුවයි.
දැන් මෙරට කාන්තා පරපුර මේ ලැබූ ජයග්‍රහනය පන මෙන් සුරැකිය යුතු නොවේද? මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී සම්ප්‍රදායික උඩු රැවුල වැවූ පිරිමියා රැක්කේ රටේ සම්ප්‍රදායික සමාජය මිස එයින් රටේ ප්රගතිශීලී කාන්තා පරපුරට ලැබුනු දෙයක් නැත. අද ඔහුගේ සාටක ගැලවී පැත්තක විසි වී ඇත. මෙරට ප්රගතිශීලී කාන්තා පරපුර මේ තත්වය හා වෙනස මහත් භක්තියකින් වැලඳගත යුතු යැයි වනිතා හඬ එක එල්ලේම කීමට කැමතියි. අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තරය තුල අපේ රට ගැන යහපත් දැක්මක් ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන් ලෝකයේ දියුණු බටහිර රටවල් අතර. මෙය ඉතා හොඳ තත්වයකි. ලාංකික කාන්තා පරපුරට ලොව දියුණු බටහිර රටවල කාන්තා ක්‍රියාකාරිනියන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ අවස්ථාව නොබෝ දිනකින්ම ලැබෙනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරටුකරගත් නව පාලනය රුසියාව හා චීනය සමග ගනුදෙනු වලට වැඩි කැමැත්තක් නොදැක්වීම ඉතා හොඳ තත්වයකි. රුසියාව යනු භෞතික දියුණුව කොපමණ තිබුණත් දැඩි සම්ප්‍රදායික සමාජ රටාවක් ඇති රටකි. එරට මේ වනවිට පුටින්ගේ නායකත්වය යටතේ තිබෙන්නේ බොරු සමාජවාදයකි. මෙවැනි රටවල් වලින් දුරස් වීම ඇත්තෙන්ම ප්රගතිශීලී ව්‍යායාමයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද දැන් නිදහසක් ලැබී ඇති හැඩය. දැන් ඒ පක්ෂයටත් බාදාවලින් තොරව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රගතිශීලීව කටයුතු කළ හැක. සැබෑ යහ පාලනය මේ තුලිනුත් දැකිය හැකි වේ. අද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දූරදර්ශීව ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ලෝකයත් සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු දක්නට ලැබේ. අද කාන්තාවන්ට නැවුම් බලාපොරොත්තු ඇතිව ජාත්‍යන්තරයට යා හැක. අද පවතින රජයේ අගමැතිවරයා ඉතා පරගතිශීලී පුද්ගලයෙකි. එය එක්සත් ජාතික පක්ෂයටද ආවේනික ලක්ෂණයක් කීවොත් නිවැරදියි. මංගල සමරවීර රන්ජන් රාමනායක අකිල විරාජ් කාරියවසම් වැනි අයට වැදගත් තනතුරු ලැබී තිබීම ජාතිවාදී පුරුෂාධිපත්යවාදීන්ට ඇහැට කටු අනින්නාක් මෙන් වුවත් එය රටේ සියළු ප්රගතිශීලී පුරවැසියන් ලද ජයකි. මෙය විශේෂයෙන් කාන්තාවන් ලද ජයක් වේ. රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා අයිතීන් වෙනුවෙනුත් කාන්තා ප්‍රගතිය වෙනුවෙනුත් කටයුතු කරන්නේ බටහිර රටවල් ආදර්ශයට ගනිමින් ඉතා අවංකවය. නමුත් පසුගිය රජයේ සියළුදෙන මේ කටයුත්ත කළේ හොරට රැවටිල්ලටය. ඒ රැවටිලිකාරයන් කාන්තාවන් ගැන කාන්තා දිනයට බොරුවට කතාකරමින් කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන බොරු කතා කීවත් අවසානයට කර ඇත්තේ කාන්තාව කුස්සියට තල්ලු කර පුරුෂයාගේ වහලිය බවට පත් කිරීමට සම්ප්‍රදායට ඉඩ දීමයි.

පවතින යහපාලනය ඉදිරියටත් ආරක්ෂා කිරීමටනම් ඉදිරි මැතිවරණයේදී සම්ප්‍රදායික පිරිමින් කුණු කූඩයට දැමිය යුතුය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ වටා රොක්වන අනාථ පෙරමුණු සන්ධානය කොයි ලකුණකින් ආවත් පරාජය කළයුතුය. දෙශපාලනය තුල කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරීමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබීම ඉතා හොඳ ප්රවණතාවයකි. එය යහපාලනයද මැනවින් පෙන්නුම් කරන්නක් වේ. යහපාලනය තුලින් ජනතාව බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන වලට මුල සිට අකුල් හෙලූ සම්ප්‍රදායික අනාත පෙරමුණේ දේශපාලනය නතර කළයුතුය. අදත පාර්ලිමෙන්තු බහුතරය ඔවුන්ට තිබීම මහත් අභාග්‍යකි. එනිසා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බහුතර ජනවරමක් ලැබීම වැදගත් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාද කවුරුන් කෙසේ කීවත් සහය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එය එසේම වියයුතුය. දැන් අවශ්‍ය සම්ප්‍රදායික අනාථයන් ගෙදර යැවීමයි. මේ අනාථ නඩය තමන්ට බලය තිබූ කළ සිදුකළ වංචා දූෂණ ගැන සොයා බලා දැඩි දඬුවම් පැමිණවියයුතුය. ඔවුන්ට නැවත නැගිටීමට ඉඩ දුන්නොත් ජයගන්නේ සිංහල ජාතිවාදය හා සම්ප්‍රදායික පුරුෂාධිපත්යවාදයයි. ඊට කිසිසේත් මෙරට බුද්ධිමත් කාන්තා පරපුර ඉඩ නොතැබිය යුතුයි.

ජූනි 12 වනදා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න දඟලන අනාථ පෙරමුණේ රැලියක් මාතරදී පැවැත්විනි. එයට සෙනග ගෙනාවේ කෙසේදැයි රටම දනී. මුළු රටේම සිටින සම්ප්‍රදායික මතදාරීන් තමන්ට රැකවරනය සපයන අනාථ පෙරමුණ හා මහින්ද වෙනුවෙන් බස් පිටින් මාතර ගිය බව නොදන්නා කෙනෙක් වෙත්ද? කාන්තාවට හින්සා කරන්නන් ඇය තම කාමුක අවශ්‍යතාවය වෙනුවෙන් කාම වහලියන් කරගන්නන් ස්ත්‍රී දූෂකයන් හා සියල්ල හමුවේ සම්ප්‍රදායික ගෘහණිය හා ළමයි වදන එකෙන් පිට දෙයක් නොදන්නා නම්බුකාර ගෙදර බුදුන් අම්මලා ටික අනාථ පෙරමුණ වටේ එක් වී තිබේ. ඔවුන්ට දැන් යන එන මගක් නැත. දැන් කරන්නට තිබෙන්නේ නූතන ලෝකය කරා පියනගන්නට නොඉවසිල්ලෙන් සිටින රටේ බුද්ධිමත් කාන්තාවන් සම්ප්‍රදායික මෝඩකම් හා ජාතිවාදය අතහැර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ශක්තිමත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ අගමැති ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය දිනවීමට ක්‍රියා කළ යුතුය. එහිදීද කාන්තා නියෝජිතවරියන්ට හැකිතාක් චන්දය දීම කළයුතුයි. සිංහල කාන්තාවන් ජාතිය රැකීමට ගියහොත් අවසානයට සිද්ද වෙන්නේ සිංහල ජාතියේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකීමට මිස කාන්තාවගේ විමුක්තිය උදා කරගැනීම නොවේ. Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com10tag:blogger.com,1999:blog-637961347599544500.post-76109232772980551272015-05-31T19:52:00.001-07:002015-05-31T19:52:45.368-07:00සමූහ දූෂණ අපරාධ වලට එරෙහිව පෙළගැසෙමු.

මේ වන විට උතුරේ සමූහ දූෂණ තුනක් වාර්තා වී ඇත. තව ඉදිරියට කීයක් වාර්තා වීමට නියමිතදැයි කිසිවෙක් නොදනියි. මේ රට මෙතරම් අවාසනාවන්ත උනේ ඇයි? දැන් දැන් ඉන්දියාවේ මෙන් අපේ රට ඇතුලේත් සමූහ දූෂණ වාර්තා වන්නට පටන් ගැනීම බෙහෙවින්ම කනගාටුදායකය. මෙය මහත් අවාසනාවන්ත තත්වයකි. මුලින්ම වාර්තා උනේ විත්‍යා නමැති 18වන වියේ පසු වූ පාසල් ශිෂ්‍යාවක් දුෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියයි. ඉන් පසුව තවත් 7හැවිරිදි දැරියක් හා 13 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් විය. මේ කිනම් කරුමයක්ද? අහෝ මේ රටට මේ සිදුවන්නේ කුමක්ද? මේ දැරිවියන් උතුරේ දෙමළ ජාතික දැරිවියන් විය හැක. නමුත් කා හට වුවත් මේ කුරිරු අපරාධය අපරාධයක්මය. පුරුෂාධිපත්‍ය සමාජ රාමුවක් තුල සිරවී දුක් විඳින සම්ප්‍රදායික කාන්තා පරපුරක් වැඩිපුර වෙසෙන තුන්වන ලෝකයේ නොදියුණු රටක් වන ලංකාවේ කාන්තාවන්ට මෙය තවත් භීතිය කැඳවන මාරක සිද්ධි සමූහයක් විතරය. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී සිටින ක්රමයේ වරද වේ. ඔවුන්ට මෙවැනි අපරාධ වල නියැලෙන්නන්ට එරෙහිව දැඩි ලෙස සටන්වැදීමට ආත්ම ශක්තියක් නැත. එයද ලොකු වරදකි.
මේ සිදුවීම් ගැන දෙමළ දේශපාලනඥ්ඥවරියක් කියා සිටියේ උතුරේ එල්ටීටීඊ පාලනය පැවති කාලයේ මෙවැනි සිද්ධි නොවූ බව හා යුධ හමුදාව උතුර ආක්‍රමණය කළ පසු මේ අවාසනාවන්ත තත්වය උදා වූ බවයි. සිංහල ජාතිවාදීන්ට මෙය කොපමණ උදහසට කාරනාවක් උනත් එහි යම් සත්‍යක් තිබේ. එල්ටීටීඊ එක උතුරේ දෙමළ කාන්තාවන් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රාමුවෙන් ගලවාගෙන නූතන ලෝකයට ගැලපෙන ලෙස මනස සකස් කිරීමටත් ශක්තිමත් කිරීමටත් බොහෝ දුරට සමත් විය. ප්රභාකරන්ට සිංහල ජාතිවාදීන් කොපමණ බැන්නත් ඔහු දෙමළ ජාතික කාන්තාවන් සම්ප්‍රදායික හින්දු සංස්කෘතික මනස්ගාත වලින් මුදවාගෙන නව ලොවකට ගෙනයෑම සඳහා පිරිමින්ට සමාන ලෙස ඔහුගේ සංවිධානය තුලත් සම අවස්ථාවන් හෑම අංශයකින්ම උදා කර දුන්නේය. කාන්තාවන්ට සටන් පුහුණුව ලැබුණි. ඔවුහු එඩිතර වූහ. කළු ජූලියට පෙර උතුරේත් නැගෙනහිරත් කාන්තාවන් බයිසිකල් පැදීම පවා සම්ප්‍රදායික දෙමළ ජනයා උපහාසයට ලක්කර ඇත. මෝඩ හින්දු සංස්කෘතික බලපෑම එයයි. මේ තත්වය අද වෙනස් වී ඇත අද උතුරේ කාන්තාවන්ට පිරිමින් හා සමව උරෙනුර ගැටෙමින් ඕනෑම වැඩක් කිරීමේ අවස්ථාව ඇත. ඒ තත්වය උදා උනේ එල්ටීටීඊ එකට පින් සිදුවන්නට බව කිවයුතුම වේ. එහෙත් සිංහල ජාතිවාදීන් සතුටට පත්කරමින් උතුරේ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්වීම තුල කුමක් සිදුවුනිද?
ඇත්තම කාරනයනම් මෙයයි. ඒ උතුරේ සංවර්ධනයක් ඇතිකර බටහිර රටවලට සමගාමීව අනෙක් සියළු අංශ වලින් මෙන්ම සංස්කෘතික වශයෙනුත් වෙනසක් ඇතිකරමින් නූතන යුගයක් කරා වෙන්ව ගමනක් ප්රභාකරන්ගේ නායකත්වය යටතේ යෑමට තිබූ අවස්ථාව උතුරේ මෙන්ම නැගෙනහිර දෙමළ ජනයාගෙන් ගිලිහී ගියේය. ඒ හමුදා ක්‍රියාමාර්ග හරහා රටේ අනෙකුත් සියළු ප්‍රදේශ වලද නූතනත්වයක් නැති සම්ප්‍රදායික සමාජ තත්වය නැවතත් උතුරේ දෙමළ ජනයාට උරුම වීමෙනි. එල්ටීටීඊ පාලන සමයේ උතුරේ දෙමළ කාන්තාවන්ට තිබූ එඩිතර ශක්තිමත් බව ඒ අනුව ඔවුන්ගෙන් ගිලිහී ගියේය. දැන් ඔවුන්ට ඇත්තේ නැවතත් අනතුරක් හමුවේ අඬා දොඩා වැලපී පිරිමියා ඉදිරියේ දනින් වැටීමේ මානසිකත්වයයි. මෙවැනි දූෂකයින්ට ප්‍රහාර දී මෙල්ල කිරීමට ඔවුන්ට නොහැක. එල්ටීටීඊ කාන්තා බලකායෙන් හමුදා අතඩංගුවට පත් සෙබලියන්ද දැන් පුනරුත්තාපනය කර සම්ප්‍රදායික දෙමළ කාන්තාවන් බවට පත්කර ඇත. උතුර සිංහල ජාතිවාදීන්ට සිත්සේ කරනම් ගැසීමට තැනක් කරදුන්නේ මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී මිනීමරු නායකයායි. ඔහුට දැන් වලංගු බවක් නැත. ඒත් ඔහුගේ අධි තක්සේරු කතානම් කෙලවරක් නැත. විත්‍යා සිසුවියගේ ඛේදවාචකය තුල උතුරේ ජනයා නොසන්සුන් වී උසාවියට පහරදීම ගැනද මේ ජාතිවාදී නාජකයා කීවේ කොටින් නැගිටිනවෝ කියාය. උතුරේ ජනයා ඉල්ලුවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න කියාය. එහෙත් එය පටු දේශපාලනය වෙනුවෙන් හිටපු මහරජා අවියක් කරගත්තේය. අනේ හැබෑට මෙහෙමත් උමතුවක්.
හමුදා ක්‍රියාමාර්ග හරහා උතුරේ මින් පෙර සක්‍රීය ලෙස විශාල සමාජ සේවාවන් තොගයක් කළ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වයද දැන් දුර්වල වී තිබේ. මෙයද නූතන යුගයක් කරා යෑමට සූදානම්ව සිටි උතුරේ කාන්තා පරපුරට එල්ල වූ මරු පහරකි. උතුර දැන් නැවතත් සම්ප්‍රදායික හින්දු ආකල්ප වෙත තල්ලු වෙමින් ඇත. යාපනය උසාවියට හා පොලීසියට පහර දෙමින් විරෝධතා දැක්වූයේ බහුතරයක් පිරිමින්ය. වියයුතුව තිබුණේ කාන්තාවන් ප්‍රභල ලෙස නැගී සිට කිරියාත්මක වීමයි. පිරිමින් කොපමණ මේ සිද්ධි හමුවේ සටන්කාමී ලෙස හා කලහකාරී ලෙස විරෝධතා දැක්වුවද ඔවුන්ටද ස්ත්‍රී දූෂණයක් කිරීමට හැකියාව නැතුවා නොවේ. භයානකකම ඇත්තේ එතැනයි. කාන්තාව පුරුෂයාට සමව හෝ ඊටත් වැඩිය ශක්තිමත් වන්නේනම් තනි පුද්ගලයන්ට හෝ සමූහ ලෙස හෝ කාන්තාවන් දූෂණය කිරීමට තියා ඇඟට අතක්වත් තියන්නට බැරිය. එබැවින් ප්‍රශ්නයට සාර්ථකම පිළිතුර නීති ක්‍රියාත්මක කරන්නට කියා පිරිමින් ලඟ පින් සෙන්ඩු වීම නොව කාන්තාවන්ට අභියෝග ජය ගැනීමට ශක්තිය ලබාදීමයි. කාන්තාවන්ට සියල්ලට පෙර තමන් පිරිමින්ට වඩා දුර්වලය යන මානසිකත්වයෙන් මිදීමට උදවු දියයුතුය. ගෑහැනු පිරිමි වෙනස්කම් මත කාන්තාවන් ආරක්ෂා කිරීම පිරිමින්ට අයිති දෙයක් යන සම්ප්‍රදායික මතය බැහැර කිරීමට දැන් කාලය පැමිණ ඇත. පොලීසි වලද කාන්තා බලකායවල් ශක්තිමත් කළයුතුය. සේරටම වඩා කාන්තාවන් පිරිමියාගේ කාමුක අවශ්‍යතා වෙනුවෙන් කැපවීමේ මෝඩ සම්ප්රදාය වෙනස් කළයුතුය. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. විවාහය හා දරුවන් වැදීම ඉලක්ක කර ගැහැනු දරුවන් හැදීමේ සම්ප්රදාය පා පහර දී බැහැර කළයුතුය. දූෂණයට පත් විත්‍යා දැරියද මේ සම්ප්රදාය තුලම සිටියාය. එබැවින් ඇයට අත්වූ අවාසනාවන්ත ඉරනමට ඇය මෙන්ම ඇගේ මවුපියන්ද එක් අතකින් වගකිවයුතු වේ. ප්‍රශ්න හමුවේ කනගාටු වී අඬමින් දොඩමින් දුක තුනී කරගැනීමට වඩා සම්ප්‍රදායෙන් මිදී නූතන ලෝකයට පියනගමින් අභියෝග ජයගැනීම වැදගත් නොවේද. බටහිර රටක් විසින් නැවතත් ලංකාව යටත් කරගෙන හෝ මේ වැදගත් කටයුත්ත කළහැකිනම් එය රටේ වනිතා පරපුරම ලබන ජයග්රහනයක් වනු නියතයි.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com1tag:blogger.com,1999:blog-637961347599544500.post-85122548134084339712015-05-16T06:08:00.001-07:002015-05-16T06:08:13.205-07:00අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහනයට උනුසුම් සුබපැතුම්

මැයි මස 15 වන දින කොළඹ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙවු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් අතර තරඟයෙන් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙය සමස්ථ ලාංකීය වනිතා පරපුරටම අභිමාණයක් එක්කළ සුවිශේෂී සිද්ධියක් උනාට කිසිදු සැකයක් නෑ. අතීතයේ සිට පිරිමින්ට සීමා වී තිබූ සියළු ක්‍රීඩා කාන්තාවන්ට කළ හැකි බව අපේ ක්‍රීඩිකාවෝ මැනවින් ඔප්පු කළා. මෙය මෙරට සම්ප්‍රදායික පිරිමින්ට අත දිගහැර දුන් අතුල් පහරක් වනවාට සැක නෑ. මින් ඉදිරියටත් විශිෂ්ඨ දස්කම් පාමින් ක්‍රිකට් ලොව ජය කෙහෙලි නංවා තරඟ ජය ගැනීමටත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආකල්ප බිඳ දැමීමටත් අපේ වීර කෙල්ලන්ට හැකියාව ලැබේවායි වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.

ලකුණු පුවරුව බලන්න

http://www.espncricinfo.com/icc-womens-championship-2014-16/engine/match/856111.html

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com1tag:blogger.com,1999:blog-637961347599544500.post-89017901213669413432015-04-21T00:12:00.001-07:002015-04-21T01:20:35.576-07:00සම්ප්‍රදායික සිරිත් අප තවදුරටත් රැකිය යුතුද?

තවත් සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නමින් එකක් ඇවිත් ගියේය. හැබැයි ඒ
ඇවිත් ගියේ නිකම්ම නොවෙයි. මේ සම්ප්‍රදායික අළුත් අවුරුද්ද ඇවිත් ගියේ
ලංකාවේ කාන්තා පරපුරට සම්ප්රදායිකත්වයේ මරු පහරක්ද එල්ල කරමිනි.
සම්ප්‍රදායික අධිපතිවාදී පුරුෂයා නැකැත් හදමින් ජෝතිෂය හිස් මුදුනේ තබාගෙන
අවුරුදු චාරිත්‍ර ගැන පුරාජේරු ගැසුවේය. ඒ අතරම රෙද්ද හැට්ටේ ඇඳගත්
සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පිරිස සුපුරුදු පරිදි අවුරුදු චාරිත්‍ර කරමින්
තමන්ට හුරු පුරුදු කුස්සියට කොටු වී ලිප ගිනි මොළවා වැඩකටයුතු පටන්ගත්තෝය.
තව සමහරු කැවිලි පෙවිලි හදන්නට තමන්ට ඇති හැකියාව කැවුම් වල කොණ්ඩය ගන්න
ආකාරය ගැන උදම් ඇනුවෝය. අපොයි මෙහෙමත් මෝඩ කාන්තාවන් රටේ ඉන්නවාදැයි කියා
මට හිතුනේ නූතනත්වයක් කියා දෙයක්වත් අසා නැති මේ පිරිස දැක්ක විටය.

මේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ කරන සම්ප්රදායක අවුරුදු සැමරීම හා සිරිත්
විරිත් ඉටුකිරීම කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට කෙසේ බලපානවාද යන්න කතා කිරීම
අද දවසේ වැදගත්ම කාර්යක් කියා මට හිතුනේ සම්ප්රදාය බිඳ දමා නූතනත්වයට යන
ගමනේදී කාන්තාවට මේ සම්ප්‍රදායික සිරිත් වලට කොටු වීම කොපමණ බාධාවක්දැයි
පෙනී ගිය බැවිනි. අද දවසේ ශ්‍රී ලාංකික වනිතා පරපුර ඉල්ලන්නේ දැනුමෙන්
තාක්ෂණයෙන් පිරිපුන් නූතන යුගයක් මිස සම්ප්‍රදායික සිරිත් ඉටු කරමින්
පුරුෂයාගේ අත් අඩංගුවේ පසුවන යුගයක් නොවේ. අවාසනාවකට මේ රටේ තවමත් වැඩිපුර
සිටින්නේ නූතන යුගයකට කැමති පිරිසට වඩා සම්ප්රදායිකත්වය තුලට යන්න උත්සහ
කරන මෝඩ නූගත් කාන්තාවන් පිරිසකි. මේ නූගත් මෝඩ ගෑනුන්ට සම්ප්රදාය තුල හිර
වී කුස්සියට කොටු වී කැවිලි පෙවිලි හදමින් පුරුෂයාට වහල්කම් කර කර සිටීම
මහත් සතුටක් ගෙනදෙයි. පුරුෂයාට අවශ්‍ය විට දරුවන් හදා දීමටද මේ
සම්ප්‍රදායික නූගත් චරිත ඉහල සමත්කමක් දක්වති.දරුවන් හදමින් කුස්සිය
බදාගෙන පවුල තුල පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ සිටින මෝඩ කාන්තාවන්ට ගෙදර බුදුන්
අම්මා යැයි කියන්නේනම් ඊට වඩා දෙයක් නැත. අද සමස්ථ ලාංකික වනිතා පරපුරම
මුදාගතයුත්තේ මේ අවාසනාවන්ත පසුගාමී සමාජ තත්වයෙනි.

මෙයින් ගැලවෙන්නට බුද්ධිමත් කාන්තාවන් සුළු පිරිසකට උවමනාවක් තිබුණත්
සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව රඟ දක්වමින් පුරුෂයාගේ අතඩංගුවේ සිටින
කාන්තාවන් පිරිස ඊට ඉඩ අහුරති. කොටින්ම කිවුවොත් ඔවුන් තමන් පුරුෂයාගේ අත්
අඩංගුවේ සිටින සිරකාරියන් බව නොදනිති. සියල්ලටමත් වඩා වාසනාව මේ තත්වය
බුද්ධිමත් කාන්තාවන්ට තේරුම් කරදීමටද සම්ප්‍රදායික මෝඩ ගෑනුන් ඉඩ නොදීමයි.
ඔවුන්ට මේ තත්වයෙන් මිදී වර්තමාන බටහිර කාන්තාව අත් විඳින නිදහසින් පිරි
නූතන සමාජ තත්වය ලබාගැනීමට කිසිදු උවමනාවක් නැත. මේ අම්මන්ඩිලාට
සම්ප්‍රදායික් ගෘහණිය හා මවගේ භූමිකාව සේරටම වඩා නම්බුකාරය. ඒ ඔවුන්ගේ මොළේ
තරමයි. දූෂිත මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නිමා කරමින් මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ නායකත්වය යටතේ නව යහපාලන රජයක් පත් වී ඇති වාතාවරනයක් තුල
හෝ මේ අවාසනාවන්ත තත්වයෙන් ගැලවීමට නූතනත්වය බලාපොරොත්තු වන බුද්ධිමත්
කාන්තාවන්ට තම අභිලාශයන් ඉටු කරගැනීමට අවස්ථාව උදා වනු ඇතැයි විශ්වාස කළත්
මේ දක්වා ඒ අවස්ථාව රටේ බුද්ධිමත් කාන්තාවට උදා වී නැත. මේ වනවිටත් ඊට
ඇත්තේ බාධාවන් පමණි. මේ බාධක ජයගැනීමට මේ වසරේවත් දැඩිව අධිෂ්ඨාන කරගත
යුතුය. ඒ සඳහා රටේ දේශපාලන තත්වය දැඩිව බලපාන බව ඉතා පැහැදිලිය. වනිතාහඬනම්
බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරනයේදී උනා මෙන් ජාතිවාදය පරාජය වී ඉදිරි
මහමැතිවරනයකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක්
බිහි වීමයි. එසේ වීම වැදගත් වන්නේ දැනට පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය තුල මෛත්‍රීපාල සිරිසේන මහතාටත් චන්ද්‍රිකා මැතිණියටත් ඇති බලය අඩු
වීම නිසාය.

සම්ප්‍රදායික බවේ වැට කඩොලු බිඳ
හෙලීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා
චන්ද්‍රිකා මැතිණියගේ බලය වැඩි වියයුතුය. එසේ නොවන්නේනම් කාන්තාවගේ නිදහස
වෙනුවෙන් කවදත් කැපවන රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ
රයජක් බිහි වී මෛතීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැත්ණියගේ සහයද ඇතිව
සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිවාදී බලවේගත් හිටපු ජනාධිපතිවරයා
පිරිවරාගත් සම්ප්‍රදායික දේශපාලන අඳබාලයන් පිරිසත් මර්ධනය කළයුතුය. ඉන්
පසුව සම්ප්‍රදායික චිරාගත චාරිත්‍ර පිළිපදිමින් කාන්තාවට පීඩා කරන සමාජ
තත්වයම පහසුවෙන්ම මුල් පිටින් උදුරා දැමිය හැක. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත්
එකවගේ පිළිකුලෙන් බැහැර කළයුතු දේවල් වේ. සම්ප්‍රදායික චාරිත්‍ර රැකීමට
අවශ්‍ය වන්නේද ජාතිවාදීන්ටය. ජාතිවාදීන්ට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය
රැකගනිමින් කාන්තාව පාගාගෙන සිටීමට ජාතිය අවශ්‍යය. එසේ නැතිව ජාතියක් කියා
දෙයක් නැත. ඇත්තේ අප සියල්ලන් මනුශ්‍යයන් ලෙස සලකා ජීවත් වීමත් ස්ත්‍රී
පුරුෂ බෙදීම වැට කඩොලු බිඳ දැමීමත්ය. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් භංග වේවා!නූතන කාන්තාවගේ බලාපොරොත්තු ඉටුවන යුගයක් උදා වේවා! Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com6tag:blogger.com,1999:blog-637961347599544500.post-82332656862050382502015-03-08T23:27:00.003-07:002015-03-08T23:27:49.858-07:002015 කාන්තා දිනයේ දියාරු බව ගැන කනගාටුව.

නූතන කාන්තාවට කිසිදු හවුහරනක් නොතිබූ පැවති දූෂිත දුෂ්ඨ රජය පැරදී කුනු
කූඩයට විසිවුන පසු වනිතා හඬ ඇතුලු අභිමානවත් කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ
කාන්තාවට සැබෑ ප්‍රගතියක් අත් කර දෙමින් නූතනත්වය කරා යන නව ගමන් මගක්
ආරම්භ වේය කියායි. ශ්‍රී ලාංකික වනිතා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෙවර
ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ශවත් අන්දමින් සමරන්නට රාජ්‍ය
අනුග්‍රහයවත් ලැබී තිබුනාද කියා සැක සහිතය. 2015 මේ වසරේ ලෝක කාන්තා දිනය
පැවති රජය සමයේ සැමරුවාටත් වඩා දියාරු ලෙස මෙවර සමරා කිසිම නැවුම්
බලාපොරොත්තුවක් නැතිව අවසන් විය. කෙසේ නමුත් වනිතා හඬේ පැසසුම හා ගෞරවය
ස්ත්‍රී මධ්‍යස්ථානයට හිමිවන්නේ කටුනායකදී පාගමනක් හෝ සංවිධානය කිරීම
ගැනයි. එහි අවසනට ඉදිරිපත් වූ අදහස් අතර ස්ත්‍රී ශ්‍රම අභිමාණය හා
පාර්ලිමෙන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම මීට වඩා සටන්කාමීව ඉදිරිපත්
කළයුතුව තිබුණි. නමුත් එයනිකම්ම පාගමනක් හා සන්දර්ශනයක් බවට පත් වී තිබීම
අපගේ කනගාටුවට හේතු වූ බව කිව යුතුයි. බටහිර රටවල සිදුවූ සටන්කාමී
විප්ලවයක් ලංකාවේ කවදා කරන්නද කියා හිතෙන තරමට කාන්තා අරගල වලට නායකත්වයක්
තවම රටේ නැත.
සැබවින්ම මේ දේශපාලන බල පෙරලියෙන් නිසි
ප්‍රයෝජනය ගෙන කාන්තා අරගලයේ සටන්කාමී බව වැඩි කළයුතුව ඇත. ඒ ක්‍රියාවලිය
හරිහැටි සිද්ධ නොවන එක රටේ ප්රගතිශීලී කාන්තාවට ඇති ලොකුම ගැටළුවයි. රටේ
සම්ප්‍රදායික නූගත් හනමිටිකාරයන් තවමත් හිතන්නේ කාන්තාව පිරිමියාගේ කාම
අවශ්‍යතාවය සංසිඳුවන වහලිය හා ළමයි වදන මැෂිම කියාය. මේ සම්ප්‍රදායික
හනමිටිකාර පිරිමින්ට උන ගැනෙන දැවැන්ත සටනක් කිරීමට ශක්තිය කාන්තාවට
තිබියයුතුය. ඊට අවශ්‍ය නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය රටේ වනිතා පරපුර නව
රජයෙන් බලාපොරොත්තු විය. ගැටළුව මේ නායකත්වය හා අනුග්‍රහය නොලැබීමයි. අඩුම
තරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ගැන හොයා නොබැලීම පුදුම
සහගතයි. එතුමානම් කාන්තාව සම්බන්ධයෙන් සැබෑ ප්රගතිශීලී අදහස් ඇත්තෙකි.
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට රජයේ ප්‍රභල තනතුරක් හිමි නොවීමත් මෙයට
බලපෑවා කියා වනිතා හඬට සිතේ. දැන් ගිය දේ ගිය දේ ගියාවේ. මෙතැන් සිට
ඉදිරියටවත් නූතන කාන්තාවගේ අපේක්ෂා ඉටුවන වැඩපිළිවෙලක් ගැන සිතියයුතුය. එය
ක්‍රියාත්මක වෙන දාට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සුනු විසුනු කර දමා කාමුක
අධිපතිවාදී පිරිමින්ට පෙර වැරදි වලට පවා තදින් දඬුවම් කළයුතුය. මේ දැවැන්ත
අරගලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අනුග්‍රහය හා එදාට කාන්තාවට
සම්ප්‍රදායික පිරිමින්ගෙන් එල්ලවන බලපෑම් මැඩපැවැත්වීමට අවශ්‍ය නීතිමය
ආරක්ෂාව දැන්සිට ක්‍රමානුකූලව සකසාගතයුතුව ඇත. සුළුවෙන් හෝ කාන්තා දිනය
වෙනුවෙන් යමක් කළ ස්ත්‍රී මධ්‍යස්ථානයට නැවත වරක් අපේ ස්තුතිය.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com4tag:blogger.com,1999:blog-637961347599544500.post-21185058728224606662015-03-01T18:13:00.003-08:002015-03-01T18:13:24.785-08:00අභිනව වනිතා කටයුතු ඇමතිනියට සුබ පැතුම්

මේ සටහන තබන්නේ අපගේ අළුත් වනිතා කටයුතු ඇමතිනිය වන රෝසි සේනානායක මැතිනියට
සුබ පැතීමටයි. රෝසි සේනානායක මැතිනියට වනිතා හඬ සුබපතන්නේ ඇය හිටපු වනිතා
කටයුතු ඇමතිවරයාට වඩා ප්රගතිශීලී වේ යැයි සිතන බැවිනි. ඇය මින් පෙර ලෝක රූ
රැජිනක් වීම ගැනනම් අප එතුමියට ප්‍රශංසා නොකරන බවත් අවධාරනය කර සිටින්නේ
එය නූතන කාන්තාවගේ අභිලාශයන්ට පටහැනි ප්රතිගාමී දෙයක් නිසා. ඒ කුමක් වුවත්
අප රෝසි සේනානායක මහත්මියගෙන් වනිතා කටයුතු ඇමතිනිය ලෙස බොහෝ දේවල්
බලාපොරොත්තු වන බව කිව යුතුයි.
පළමුවැන්න මේ රටේ පසුගාමී
සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කරමින් නිවසටත් කුස්සියටත් හිරවී
සිටින කාන්තාවන් බටහිර රටවල සිදු වූ සමාජ පෙරලියට සූදානම් කර නූතනන ලෝකය
කරා ගෙන යෑමයි. ඒ සඳහා ලංකාවේ ජන සමාජය පුරාවට විහිදී තිබෙන පුරුෂයාගේ
අධිපතිවාදී වැට කඩුළු සීමා මායිම් බිඳ දමා පිටස්තර ලෝකය සමග බද්ධ වී
ඉදිරියට යෑමට දොරගුළු විවර කර දෙන මෙන් අභිනව වනිතා කටයුතු ඇමතිනියගෙන්
ඉල්ලා සිටිමු. රෝසි සේනානායක මැතිණියට අප ගෞරව පූර්වකව සුබ පතන්නෙමු.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com5tag:blogger.com,1999:blog-637961347599544500.post-4904913509068615002015-01-22T06:45:00.002-08:002015-01-22T06:45:48.328-08:00යහ පාලනයට ජය වේවා

සුබපැතුම් එක්කරන්න පමා වුන එක ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් ඔබ අප සියළු දෙනා විශේෂයෙන් මේ රටේ කාන්තා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගත්තා. ඒ යහපාලනයක් ඇති කරලා වංචා දූෂණ විතරක් නෙවෙයි සියළු අයුක්තිසහගත අසාධාරනකම් නැතිකර යහපත් හෙටක් උදාකරන්නයි. මේ තුල වනිතා හඬ බලාපොරොත්තු වන ප්‍රධානම දේ නූතනත්වය කරා පියනගන පුරුෂාධිපත්‍යට යටත් නොවන කාන්තාවන්ගේ අනාගත සිතුම් පැතුම් ඉටුකරමින් ඔවුන් සුරක්ෂිත වීමයි.

ඇත්තෙන්ම ඒ කටයුත්ත සාර්ථක බව දැන් ඉතා පැහැදිලියි. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමද අපගේ සතුටට කරුණක්. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට බලවත් තනතුරක් හිමි වීමද අපගේ විශාල බලාපොරොත්තුවක් බව කිවයුතු දෙයක් නෙවෙයි. ඒ ඇය කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෙරට බලවත්ම සමාජ පෙරලියක් කරන්න මහඟු කාර්යභාරයක් කළ වීරවරියක් නිසා. එයත් අනාගතයේ ඒ ආකාරයෙන් සිදුවන බව අපට විශ්වාසයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වංචා දූෂණ වලට හිටපු දූෂිත දේශපාලකයින්ට දඬුවම් කරන ආකාරයටම කාන්තාවට හින්සා කළ ලිංගික අතවර කළ ඇය කාම වස්තුවක් කරගෙන පීඩාවට පත්කළ සියළු දෙනාටත් දැඩි දඬුවම් පමුණුවනු ඇති බව අපගේ විශ්වාසයයි. නවලොව අරුනළු දකිමින් නූතනත්වය කරා පියනගන කාන්තා පරපුර නව නායකත්වය යටතේ සුරක්ෂිත වේවායි අප ඉමහත් සතුටින් ප්‍රාර්ථනා කරනවා. යහ පාලනයට ජයෙන් ජය. ජාතිවාදයටත් පුරුෂාධිපත්‍යටත් නිසි පිළිතුරු ලබාදුන් බුද්ධිමත් චන්දදායකයාටත් අපගේ ප්‍රනාමය හිමි වන බව විශේෂයෙන් මතක්කර සිටිනවා. යහපාලනය දිනේවා! මෛත්‍රී යුගයක් ඇතිවේවා! කාන්තාවගේ විමුක්තිය උදාවේවා! Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com1tag:blogger.com,1999:blog-637961347599544500.post-60655705879709746102014-12-29T01:16:00.001-08:002014-12-29T01:16:28.199-08:00කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෛත්‍රීපාල දිනවමු

මේ ජනාධිපතිවරනය හෝ වෙනත් කුමන මැතිවරනයක් වුවත් කාන්තාවට වැදගත් වන්නේ කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය තුල ලැබෙන සහය කවරාකාර වනවාද කියන කාරනාව උඩයි. අද කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයෙන් ගැලවී නූතනත්වය කරා ගමන් කිරීමයි. මේ කර්තව්‍ය සාර්ථක වීමටනම් කාන්තාවගේ විමුක්තියට සහය වන කාන්තා හිතෛශී පාලනයක් රට තුල ස්ථාපිත වියයුතුය. ඒ සඳහා මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත් කාන්තාවන් කාට තම සහය පලකළයුතුද යන්න පෙන්වාදීම ඉතා වැදගත් වේ.
පළමුව කතා කළයුත්තේ පවතින අයහපත් පාලනය තුල කාන්තාවන්ට පාලක පක්ෂයෙන් නූතනත්වය කරා යෑමේ තම අරමුණු වලට යාමට තිබෙන බාධාවන් ගැනයි. බොහෝ දෙනා කතා කරන්නේ වත්මන් රාජපක්ෂ රජයේ දූෂණය හා වංචාව ගැනත් පවුල්වාදය ගැනත් පමණි. නමුත් කාන්තාවගේ පැත්තෙන් තවත් අයහපත් දේ බොහොමයක් ගැන කතා කරන්නට තිබේ. ජනධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්කළයුතු වන්නටද කාන්තාවගේ පැත්තෙන් තිබෙන්නේ මේ හේතුය. වත්මන් රජයේ සියළු සංවර්ධන වැඩකටයුතු වලදී කාන්තාවන්ට එහි වැදගත් කාර්යභාරයන් කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කාන්තාවන් පිරිමින්ට පමණක් සීමාවූ විවිධ අංශ වලට යොමු කිරීමටත් නිශ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමටත් මුලින් වැඩසටහන් ක්‍රියාත්මක උනත දැන් අඩපන වී ඇත. ඒ පුරුෂාධිපත්‍ය සම්ප්‍රදායික සමාජයේ හැටිය. අදටත් බොහෝ රැකියාවල පිරිමින් හා සම තත්වයෙන් නියැලීමට කාන්තාවන්ට නොහැක. දේශපාලනය තුල ඇති තත්වයද මීටම සමානය. කාන්තාවන් දේශපාලනයට පිවිසියද බොහෝ විට කාන්තාවන්ම තවත් කාන්තාවකට චන්දය දීමට ඉදිරිපත් නොවේ. රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වල කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇත්තේ ඉතා සුලු ඉඩකි. කාන්තාවන් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කළයුතුයැයි සිතන සම්ප්‍රදායික පිරිමින් මේ රජයට අරක්ගෙන සිටින බවද රහසක් නොවේ. කාන්තා කටයුතු අමාත්‍යංශයක් තිබුණද එය ක්‍රියාත්මක වන්නේද පිරිමින්ට අවශ්‍ය ලෙසය. කාන්තා කටයුතු අමාත්‍යවරයා බාලවයස්කාරියන් ලිංගික අපචාරයේ යොදාගන්නා පිරිමි කාම පිස්සන්ට එම බාල වයස්කාරියන්ගේ කැමැත්ත ඇතිනම් ඔවුන් විවාහ කරගැනීමට ඉඩ දියයුතු බවට අදහස් ඉදිරිපත් කළ අයෙකි. මෙවැන්නන් කාන්තාවට යහපතක් කරන්නේ කෙසේද?
ඉතිහාසයේ විටින් විට පැවති ආණ්ඩු යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව විවිධ නීති සම්පාදනය වුවත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතී. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති කාළ වල යම් පමණකින් මේ නීති ක්‍රියාත්මක වුනේ ඒ සියල්ල සම්පාදනය කිරීමට රජය මුල් වූ නිසයි. නමුත් එම කාළ වකවානු වලද නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් අවධියේදී නම් බාල වයස්කාරියන් විවාහ කරගැනීම ඇතුළු පිරිමියාගේ කාම උමතුවට දැඩි දඬුවම් පමුණුවන නීති තදින් ක්‍රියාත්මක විය. එකළ පිරිමි කාමුකයන් ගැහැනු ළමුන්ට අතක්වත් තැබීමට බිය විය. බාලිකා පාසල් වල සිටම ආත්මාරක්ෂක සටන් පුහුණුව සාර්ථකව ක්‍රියාත්මක කර පිරිමියාගේ කාමුකත්වයට හිස නොනමන බිය නැති කාන්තා පරපුරක් හැදීමේ අඩිතාලම වැටිනි. කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව පිරිමින් කරන විවිධ රැකියා වල නිරත වීමට හැකි විය. අද කෝ ඒ තත්වය? අද කාන්තා පරපුරම අන්ත අසරනය. කාන්තාවන්ට නැවතත් හිමි වී ඇත්තේ සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාවයි. දැන් නැවතත් කාන්තාව පුරුෂයාගේ වහල් සිරකාරිය වී ඇත. අද කාන්තා අයිතීන් හඳුනන කාන්තාවට ගරු කරන කාගේ කාගේත් වගකීම වන්නේ දේශපාලන වෙනසක් මගින් හෝ මේ තත්වය මුලිනුපුටා දැමීමයි. එයට දැන් අවස්ථාවක් උදා වී තිබේ.
<wbr style="background-color: white; color: #222222; font-family: arial, sans-serif;"></wbr> මේ වන විට මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට අති විශාල ජනකායක් සැදී පැහැදී සිටිති. එයින් මෙරට ප්රගතිශීලී කාන්තා පරපුරද උපරිම ප්‍රයෝජනය ලබාගතයුතුය. පොදු අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වදින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කාන්තා පරපුර මෙවර චන්දය භාවිතා කළයුතු වේ. පුරුෂාධිපත්‍යවාදී ජාතිවාදී හමුදාවට පුතුන් හදා භාරදුන් සම්ප්‍රදායික මවුවරුන්ට මෙවර කරන්නට හැකි ද්හෙයක් නැත. මෙහිදී අන්නකාන්තාවන්ගේ පැත්තෙන් වැදගත් වන ඊලඟ සිද්ධිය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු ගන්නා ක්‍රියාමාර්ගයි. එහිදීද අංක එකට වැදගත් වන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කර අගමැතිවරයාට ලබාදෙන බලතල හා එම තනතුරට පත්කරන පුද්ගලයා කවුරුන්ද යන්නයි. විධායක ජනාධිපතිවරයා අධිකරනයටත් ඉහලින් සිටීම බලවත් ගැටළුවකි මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරනය ස්වාධීන කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය ප්‍රශංසනීය එකකි. එසේ වන්නේ කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් අධිකරණය ස්වාධීන නොවී කාන්තා අයිතීන් රකින නීති රීති ක්‍රියාත්මක වීමට පවා තිබෙන බාධාව සැලකිල්ලට ගත් විටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා නිසැකවම අගමැතිවරයාට වැඩි බලතල ලබාදෙන බව කියයි. එය යහපත් දෙයකි. අගමැතිවරයා රනිල් වික්රමසිංග මහතා වීමද නරකන් නොවේ. ඒ ඔහු කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී වූකෙනෙක් නිසායි. ඇත්තෙන්ම කාන්තා පරපුරට වඩා යහපතක් වීමටනම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති තනතුරට පත්වියයුතු බව වනිතා හඬේ මතයයි. රනිල් වික්‍රමසිංහ මහතා නරක නැත. ඒ මහතා වටා සිටින අනෙකුත් පුද්ගලයන් ගැන එකවර යමක් කියන්නට බැරිය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට කාන්තා අයිතීන් හා කාන්තාවගේ විමුක්තිය ගැන පැහැදිලි දර්ශනයක් හා මතයක් තිබේ. ඇය දේශපාලනයේදී ගනුදෙනු කරන්නේද ඊට සුදුස්සන් සමගය.
<wbr style="background-color: white; color: #222222; font-family: arial, sans-serif;"></wbr> මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ බහුතරයකගේ විශ්වාසය දිනාගතහැකි ඒ වගෙම බොරු ජාති හිතෛශී ජාතිවාදියෙකු ද නොවන කෙනෙකි. ඔහුට යම් අයහපත් බලපෑමක් කළොත් ඒ හෙළ උරුමය පමණි. සිංහල ජාතිවාදී සංවිධාන තම දේශපාලනයට ගාවා නොගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වගබලාගන්නේනම් එය ඉතා මැනවි. කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවද සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන ඉතා අහිතකරය. නූතන කාන්තාවට ඔය ජාතියේ සම්ප්‍රදායික සිරිත් ආදී පසුගාමී අංග රැකීමට අවශ්‍ය නැත. වත්මන් කාන්තා පරපුරේ අභිලාශය වන්නේ පුරුෂාධිපත්‍ය සමාජ රාමුව බිඳහෙලා නූතනත්වය වෙත පියමැනීමයි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම වගකීම ඉටු කිරීම නොපමාව කළයුතුය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අගමැතිකම ලබාදිය නොහැකිනම් එතුමා ඇයට වෙනත් ප්‍රභල තනතුරක් හෝ කාන්තාවන් වෙනුවෙන් ලබා දියයුතුය. මෙරට සියළු ප්රගතිශීලී ජනයාට වැදහත් වන්නේ ධනයට බලයට කෑදර නොවන ප්රජාතන්ත්රවාදී යහ පාලනයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා බල ලෝබයෙන් කටයුතු නොකරයි. එතුමා විධායක ජනාධිපති ධූරය දින 100ක් තුල අහෝසි කරන්නටත් ඉන්පසු කිසිදු පැකිලීමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි බලතල සහිතව අගමැති තනතුර ලබාදීමටත් එතුමා කටයුතු කරන්නේ එනිසා නොවේද? මෙවන් උතුම් මිනිසුන් අප කවුරුත් නිරතුරුව අගය කළයුතු වේ. කාන්තාවගේ යහපත වෙනුවෙන් අවංකව ක්‍රියා කළ හැක්කේද එවැනි පුද්ගලයන්ට මිස බල ලෝබී ධනයට කෑදර පුරුෂාධිපත්‍ය වාදීන්ට නොවේ. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී ග්රහනයෙන් මිදී නිදහසින් පිරි නව ලොවක අරුනළු දකින්නට අප සැම එක්ව ජනවාරි 8 වනදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරමු.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com2tag:blogger.com,1999:blog-637961347599544500.post-34947828679863175952014-11-25T18:45:00.002-08:002014-11-25T18:45:32.698-08:00කාන්තාව හා පොදු අපේක්ෂකයා

මේ ලිපියටනම් මුල් වුන කාරනේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න
දේවල් නෑ. මේ දවස්වල හා හා පුරා කියලා එලි බැහැපු ජනාධිපති පොදු අපේක්ෂකයා
හා ඔහු වටා එකතුවුන දේශපාලන සහචරයින් ගැන කියන්නයි ලිපිය ලියන්න හිතුවේ.
පොදු අපේක්ෂකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතායි. කවුරුත් හිතපු නැති විදිහට
කඩාපාත්වුනු ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් තරගවදිනු
ඇතැයි බොහෝ දෙනෙක් විෂ්වාස කළත් එය එසේ උනේ නෑ. පොදු අපේක්ෂකයෙක් ගැන කටකතා
බොහොමයක් පැතිරෙමින් තිබුණා. පොදු අපේක්ෂකයා අහවලා වනු ඇතැයි කියමින් එක්
එක් අය විවිධ මත පලකර සිටිනුද දක්නට ලැබුණි. මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියගේ නමද වරක කියවිනි.

වනිතා හඬෙන්
පෙන්වාදෙන්නට යන්නේ මේ තත්වය කාන්තාවට බලපාන හා වැදගත් වන ආකාරය කුමක්ද
යන්නයි. ඇත්තෙන්ම පාලනයේ වෙනසක් වියයුතුයි. මේ පාලනය තුල විශේෂයෙන් රටේ
වනිතා පරපුරට යහපතක් අත්නොවේ. මේ දෙස කාන්තාවගේ පැත්තෙන් බලා බොහෝ දේ
කියන්නට පුළුවන. ඇත්තෙන්ම වත්මන් කාන්තා පරපුරට අවශ්‍ය වන්නේ ලොව නූතනත්වය
දකින්නට හා පුරුෂාධිපත්‍ය සමාජ රාමුවෙන් ගැලවී එහි සියළු බැමි පුපුරවා
හැරීමටය. ඒ සඳහා මේ පවතින පාලන පක්ෂයෙන් ලැබෙන්නේ ඉතා අඩු සහයෝගයකි. විධායක
ජනාධිපතිකම පිරිමියෙකු විසින් හොබවන තැන කාන්තාව ගැන කවර කතාද? මේ විධායක
ජනාධිපතිකම අහෝසි කිරීමනම් ඉතා හොඳ වැඩක් බව නොපැකිලව කිව හැකියි. රටටත්
රටේ ගෞරවනීය වනිතා පරපුරටත් යහපතක් සිදුවූයේ උතුම් කාන්තා චරිතයක් වූ
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජද්නාධිපති වී සිටි අවධියේ පමණි. ඊට හේතුව ඇය
බුද්ධිමත් නූතනවාදී. කාන්තාවක් වීමය.

නැවත වරක් මෙරට වනිතා පරපුරට නිදහසේ ස්වර්ණමය යුගයක් කරා යන්නට තිබූ
අවස්ථාවක් අහිමි වුන බව මෙවර ජනාධිපතිවරනය දෙස බලන විට වනිතා හඬට පෙනෙන්නට
තිබේ. ඒ ජනාධිපතිවරනයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වන්නට චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියට ඉඩ නොලැබීම තුලයි. මේ ගැන හිතන්නට බොහෝ දේ තිබේ. එයින් ගිලිහී
ගියේ මෙරට නූතනත්වයේ අරුණළු දකින්නට බලාපොරොත්තුවෙන් සිටි කාන්තා පරපුරේ
අනාගත අභිලාශයන්ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 වසරේ ජනාධිපතිවරනයෙන්
ජයගැනීමත් සමග මෙරට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවුනේ කාන්තාවට යහපත් ලෙස
නූතනත්වය කරා පියනගන්නට හැකිවන ආකාරයටයි. අදටත් කාන්තාවන් බුක්තිවිඳින්නේ
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දුරදක්නා නුවනින් කළ වැඩපිළිවෙලවල් වල යහපත්
ප්‍රතිඵල වේ. මේ යන විදිහට එවන් තත්වයක් යලි උදාවනු ඇත්ද? වත්මන් පාලනය
තුලනම් කොහොමත්ම නැත. අවාසනාවනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙනුත්
එවැන්නක් සිදුවන ලකුණු පහල නොවීමයි.
මද
අස්වැසිල්ලකට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු එක්සත්
ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කරන බවට ප්‍රකාෂ
කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දේශපාලකයන් මෙන් නොව කාන්තාව
කෙරෙහි නම්‍යශීලී බවක් දක්වයි. ඔහු පුරුෂාධිපත්‍ය උමතුවෙන් නොපෙලෙයි. නමුත්
ඔහු වටා සිටින අනෙක් අය විශ්වාස කළ නොහැක. මංගල සමරවීර මහතා වැනි අයනම්
ඉතා හොඳ ගුණගරුක අය වෙති. සමරවීර මහතානම් පස්චාත් නූතනවාදී අදහස් ඇති
අයෙකි. ඔහු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් කාන්තාවන් නූතනත්වය කරා යන ගමනට
විරුද්ධ නැත. කෙසේ නමුත් ඔවුන් වටා සිටින අනෙක් පුරුෂාධිපත්‍යවාදීන් කුමක්
කරනු ඇත්ද යන්න කිසිවෙකුටත් කිව නොහැකි වේ. චන්ද්‍රිකා කුමාරතුංග
මැතිනියනම් කාන්තා විමුක්තිය ඉතා හොඳින් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට තිබේ.
වත්මන් විපක්ෂය තුලත් එලෙස කාන්තාව වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි අය
ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යන මහත්වරුය. මෛත්‍රීපාල සිරිසේන
මහතා විධායකය අහෝසි කර පාර්ලිමෙන්තුවට බලය පැවරීම තුලත් රනිල් වික්‍රමසිංහ
මහතා අගමැති වීම තුලත් කාන්තාවට යම් ශක්තියක් ලැබීම නියත වශයෙන්ම සිදුවේ.
නව රජයක් පිහිටුවීමේදී මංගල සමරවීර මහතාටත් චන්ද්‍රිකා කුමාරතුංග
මහත්මියටත් ප්‍රභල තනතුරු හිමි වන්නේනම් කාන්තා පරපුර වඩා සුරක්ෂිත වනු ඇත.
ඒ ඔවුන් සම්ප්රදාය තුල නොව නූතනත්වය තුල සිටින නිසාය.

අවසන් මොහොත වනතෙක්ම කුමක් සිදු වේද යන්න පිළිබඳව නිස්චිතව යමක් කිව
නොහැක. දැනට පවතින දුෂ්ඨ පාලනයනම් අවසන් වියයුතුම වේ. පොදු අපේක්ෂකයා
චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නොවීමනම් සැබැවින්ම කනගාටුවට කරුනකි. එහෙත්
පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වනිතා හඬේද බලාපොරොත්තුව බව කිවයුතුය. ඒ පොදු
අපේක්ෂකයා වටා මේ වන විට එක් වී සිටින බලවේග සමස්ථයක් ලෙස ගත් කල කාන්තාව
නූතනත්වය කරා ගෙනයන ගමනකට විරුද්ධ නොවන අය වීම නිසයි. හෙට අනිද්දා වන විට
තවත් විශාල පිරිසක් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වනු ඇත. සම්ප්‍රදායික නොවන
සියළු ජනතාවගේත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරේත් අභිවුර්ධිය සඳහා පොදු
අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරන සටන ජයගැනීමට හැකි වේවායි වනිතා
හඬ තුලින් ආශිර්වාද කරමු.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com5tag:blogger.com,1999:blog-637961347599544500.post-78144866056024319922014-10-12T19:37:00.002-07:002014-10-12T19:37:46.653-07:00පිරිමියාට කම්සැප දෙන්න කැප වෙන ගෑනුන්ට පාඩමක්

මේ පහුගිය දවස් ටිකේ හරි අමුතු දේවල් තමයි සිද්ධ උනේ. හැම දෙයක්ම ප්‍රචාරය
උනේ ජනප්‍රිය බුකිය හරහා. මේ සිද්ධි වලට අළුතෙන්ම එකතු උනේ රත්නපුරේ බට්ටි
පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් පහර කෑම. වාරියපොල තිලිනි ඉමල්කා ගැනනම් අපි
ගොඩක් දේවල් කතා කළා. එයා කාන්තා පරපුරට ආදර්ශයක් බවත් ඒ වගේ වීර චරිත රටට
අවශ්‍ය බවත් වනිතා හඬ නොපැකිලව කියනු ලැබුවා. ඒත් රත්නපුරේ බට්ටි ගැනනම්
වනිතා හඬට කියන්න තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. බට්ටිට ගහපු පොලිස්
කොස්තාපල් වැරදියි කියලත් අපි කියනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි එයා
සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය කාම පිස්සෙක් කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරල
තිබුන නිසා. නමුත් බට්ටි ගැනත් හොඳක් කියන්න බැරි එයා ගණිකා වුර්තියේ
නියැලුනු කෙනෙක් හින්දයි. ඇත්තටම ගණිකාව කියන්නේ පිරිමියාට කම් සැප ලබා
දීමට ජීවිතය කැප කර සිටින සම්ප්‍රදායික පසුගාමී චරිතයක්.

කාන්තාවක් පිරිමියෙකු අතින් හින්සාවට පත්වුන මේ සිද්ධියේදි බට්ටිගේ අතේත්
යම් වරදක් පැහැදිලිව තියෙනවා. පිරිමියාගේ ආධිපත්‍ය තුල පිරිමින්ගේ කාම
තෘප්තිය වෙනුවෙන් මුදලට ගණිකා සේවය සපයන්න යන ගොඩක් කාන්තාවන් ලිංගික
සූරාකෑමට ලක්වෙනවා. අඩන්තෙට්ටම් හිරිහැරයට ලක්වෙනවා. මොන කතාවක් කිවුවත්
ගණිකාවන්ගෙන් කම් සැප බලාපොරොත්තු වන පිරිමින් ඔක්කොම වගේ බලන්නේ ඉතා අඩු
මුදලකට නැත්නම් නොමිලේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ධ කරගන්න. එහෙම කරලා
කාන්තාවටම ගරහලා අඩන්තෙට්ටම් කරන්නත් මේ කාම පිස්සන් පස්ස ගහන්නේ නෑ.
රත්නපුරේ බට්ටිට වෙච්ච වැඩේ පසුපසින් තියෙන්නෙත් මේ සිද්ධියම නෙවෙයිද?
පොලිස් කොස්තාපල් බට්ටිට අයතා ලිංගික ඇසුරකට යෝජනා කරල තියෙන්නේ සමහර විට
තර්ජනය කරල වෙන්නත් පුලුවන්. මොකද ඒ මනුස්සයා නොමිලේ බට්ටි ලවා තමන්ගේ ආශාව
ඉෂ්ඨ කරගන්න උත්සහ කරා කියන එක තමයි පේන්න තියෙන්නේ. බට්ටි ඒකට අකමැති උන
නිසා ඇයට අමානුශික ලෙස පහර දෙන්න පොලිස් කොස්තාපල්වරයා ක්‍රියා කළේ ඒකයි.
ඔන්න ඕකයි වෙච්ච වැඩේනම්.
මේ සිද්ධිය බුකිය හරහා ජනතාව අතරට
වේගයෙන් ගියා උනුසුම් පුවතක් විදිහට. ඒ ගැන බ්ලොග් අඩවි වෙබ් අඩවි කීපයකම
කතාබස් කර තිබුණා. ජන මාධ්‍ය බොහොඅමයකිනුත් ඒ ගැන කතා කළා. වනිතා හඬට
අන්තර්ජාලය පුරා මේ ගැන පලවෙච්චි පුවත් දෙස බලද්දී පෙනිච්ච පැහැදිලි දේකුත්
තියෙනවා. ඒක තමයි බට්ටි ගැන බොහොම අනුකම්පාවෙන් එයාගේ පැත්තට කතාකරපු
අයගෙන් සේරම වගේ පිරිමි පාර්ශවයට අයත් වීම. ඒ ඇයි? අපේ රටේ විතරක් නෙවෙයි
ලෝකේ කොහෙත් පිරිමින්ගෙන් වැඩිදෙනෙක් මෙහෙමයි. අපේ රටේදිත් පුරුදු විදිහට
කාන්තාව පිරිමියාගේ කාම තෘප්තිය වෙනුවෙන් කැප වී සිටියයුතුයි කියන මතය
කරපින්නාගෙන ඉන්න සේරම බට්ටි වෙනුවෙන් කතා කළා. ඒ අයට පොලිස් ප්‍රහාරයට
ලක්වුනු බට්ටිටත් වැඩිය මේ සිද්ධියෙන් රිදිල වගෙයි පෙනෙන්නේ. පුදුම වෙන්න
දෙයක් තියෙයියෑ පිරිමින් කොයි කවුරුත් කාන්තාවක් දෙස බලන්නෙත් කාමය මුල්
කරගෙන වෙනකොට. ඒ අයට තමන්ගේ කාමය වෙනුවෙන් කැපවෙන ගණිකාවන්ගේ වටිනාකමක්
නියත වශයෙන්ම තියෙන්න ඕනේ. නැතිනම් ඉර පායන්නෙත් බටහිරින්. වනිතා හඬටනම්
විශ්වාසයි බට්ටි ගැන අනුකම්පාවෙන් එයාට සහය දක්වපු පුරුෂාධිපත්‍යවාදී
පිරිමින්ගෙන් කීපදෙනෙක්වත් ගණිකාවන් ඇසුරු කරනව කියලා. මේ මිනිස්සුන්ට
තමන්ගේ දහජරා ආසාවල් ඉෂ්ඨ කරගන්න කැපවෙන සම්ප්‍රදායික මෝඩ කාන්තා චරිත හරි
වැදගත්. ඒත් කවදාවත් පිරිමියා සමග උරෙනුර ගැටෙමින් හරි හරියට පිරිමින් කරන
කොයි වැඩෙත් කරන්න දක්ෂ කාන්තාවක් වෙනුවෙන්නම් මේ මහා සත් ගුණවත් පිරිමින්
පෙනීහිටින්නේ නෑ. ඇයි ඉතින් පිරිමින්ට අභියෝග කරන්න පුලුවන් හයිය හත්තිය
තියෙන පිරිමි වගේම ඒ අය කරන ඕන දේකට දක්ෂ ගෑනු පිරිමියාගේ තුච්ච ආසාවල් වලට
හරියට පෑහෙන්නෙත් නෑනේ. මොකද ඒ වගේ අය රූපලාවන්‍ය කරනව කියලයෑ. අනේ
මෙහෙමත් විකාර.
බට්ටි පදින්චි වෙල ඉන්න හරියට කියන්නේ
කක්කුස්සි වත්ත කියලලු. මෙයාගේ හැටිත් හිතාගන්න පුලුවන්. කොහොමත්
පිරිමියාගේ කාම වස්තුව හැටියට ඒ භූමිකාව හරියට කරන්නේ කක්කුස්සි චරිතම
තමයි. නැතුව නූතන යුගයේ බුද්ධිමත් කාන්තාවන්නම් ඔය වැඩේ කීයටවත් කරන්නේ නෑ.
මේ කාලේ කාන්තාවන් ඔයවගේ පිරිමි කාම පිස්සෙක් අයතා විදිහට යෝජනාවක් කරානම්
ආපිට හැරිලා අතින් පයින් සංග්‍රහ කරන්න තරම් ශක්තිමත්. ඒ වගේ අයට
පිරිමියෙකුට කවදාවත් අතක් තියන්නත් බෑ. කාම පිපාසාවෙන් පෙලෙන පිරිමින්ට
ඉතින් බට්ටිලා වගේ අයගේ පිහිට තමා. මේ වැඩේ කොහොම හරි බට්ටිටත් උගන්නලා
තියෙන්නේ හොඳම පාඩමක්. බට්ටිට විතරක් නෙවෙයි පිරිමියාගේ කාම තෘප්තියට
ජීවිතය කැප කරන අනෙක් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන්ටත් මේක හොඳ පාඩමක්.සල්ලි
වලට පිරිමින්ව සනසන්න ගිහින් අන්තිමට වෙන්නේ ඒ සේරම නොමිලේ වැඩේ කරවගන්න
උත්සහ කරන එක. වැඩ වැරදුනහම හතර වටින් බැට කනවා. ලෝකයම 21 වන සියවසේ සිටින
විට අපේ කාන්තා පරපුරම තවමත් සම්ප්රදාය තුල කොටු වෙනවා. දැන්වත් මේ මෝඩකම්
අතඇරලා ලෝකේ දියුණු රටවල් වල පිරිමියාගේ ලිංගික වහලියන් නොවන කාන්තාවන්
ආදර්ශයට අරන් නූතන යුගයට පියවර තියන්න අපේ කාන්තාවනුත් අධිෂ්ඨාන
කරගතයුතුයි. වනිතා හඬ පැහැදිලිව කියන්නේ බට්ටිට වෙච්ච දේ ගැන බුද්ධිමත්
කාන්තාවන් කනගාටු වියයුතු නෑ කියන එකයි. ඒක ඇත්තටම වෙස්වලාගෙන ආපු
ආශිර්වාශයක්. මේ වගේ සිද්ධි වලින් බැට කන තරමට තමයි තමන් ජීවත් වෙන්නේ
කොහෙද කියලා සම්ප්‍රදායික මෝඩ ගෑනුන්ට තේරෙන්නේ. අපේ රටට තවත් බට්ටිලානම්
ඕනෑම නෑ. බුද්ධිමත් කාන්තාවන් වගේම කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වෙන
බුද්ධිමත් පිරිමින්ද ගණිකා වුර්තිය ඉදිරි කාලයේදි රටෙන් තුරන් කරන්න එක්ව
කටයුතු කළයුතුයි. කාන්තාවගේ ප්රගතිශීලී ගමන්මග අහුරන බාධක සියල්ල මැඩගෙන
ඉදිරියට යන්න අපේ රටේ කාන්තාවන්ටත් ශක්තිය ධෛර්ය තිබෙන බව අපට හොඳ හැටි
විශ්වාසයි.Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com17tag:blogger.com,1999:blog-637961347599544500.post-79498462792657618202014-08-24T19:18:00.001-07:002014-08-24T19:18:48.671-07:00කොල්ලෙකුගේ නොහොබිනා හැසිරීම මට්ටු කළ වාරියපොල වීර කෙල්ල.

පහුගිය කාලේ වාරියපොල ගැන හරියට කතා උනා. මේ දැනුත් ඒ උනුසුම අඩුවෙලා නෑ. සිද්ධිය උනේ බස් එකේදී ගෑනු ළමයෙකුට නොහොබිනා කතාවක් කියූ තරුණයෙකුට ඒ කෙල්ල හොඳවායින් ගුටි බැට සංග්‍රහයක් ලබා දී නියම පාඩමක් ඉගැනවීමයි. මමනම් කියන්නේ මේ සිද්ධිය නූතන කාන්තා පරපුරටම හොඳ ආදර්ශයක්. නමුත් බොහෝ පුරුෂාධිපත්‍ය උන්මතතක පිරිමින් කියා සිටින්නේ මේ කෙල්ල වැරදියි කියන එකයි. ඇත්තෙන්ම ඒ කෙල්ල කළේ කළයුතු දේ. මගතොටේදී කාන්තාවන් කොතෙකුත් මේ වගේ සිද්ධි වලට මූන දෙනවා. ඒත් හොඩක් අය අසරනයි. මේ කෙල්ල සැබෑ වීර චරිතයක්. හොඳ ආදර්ශයක් දුන්නා පිරිමින්ව මට්ටු කරන්න පුළුවන් කියලා ඔප්පු කළා. ඇයට අපගේ ප්‍රණාමය පුදකලයුතුයි. වාරියපොළ වීර කෙල්ලට ජය වේවා. කාන්තාවන් හැමෝම ඇය ආදර්ශයට ගනිත්වා.  Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com42tag:blogger.com,1999:blog-637961347599544500.post-82261157378353303432014-08-11T20:07:00.000-07:002014-08-11T20:07:37.795-07:00වනචර බාප්පට පාඩමක් ඉගැන්නූ වීර කෙල්ල

කාන්තාවන් වෙනුවෙන් හඬ නගන වනිතා හඬ Facebook ගිනුම ආරම්භ කළ පසු ඒ තුල සැරිසරන අතරේ හමු වූ වැදගත් පුවතක් බ්ලොග් එකටත් දමන්නට සිතුනි මට. මේක වැදගත් වෙන්නේ විශේෂයෙන් කාන්තාවන්ට හා ගෑනු ළමයින්ට. අද කාලේ ගෑනු ළමයෙක් සමාජයේ අනෙක් පිරිමින්ගෙන් කෙසේ වෙතත් තමන්ගේම ඥාති වැඩිහිටි පිරිමියෙකුගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි තත්වයකුයි රටේ තියෙන්නේ. එහෙම එකේ මේ ඉන්දියානු කෙල්ල කරපු වීර ක්‍රියාව ලෝකෙටම ආදර්ශයක්. මේ පහතින් දක්වලා තියෙන්නේ Facebook එකෙන් උපුටාගත් කතාව. ගෑනු ළමයින්ට තාත්තලත් අතවර කරන මේ රටේ එහෙම එවුන්ට මේ වගේ නියම පාඩම් උගන්නන්න තරම් එඩිතර කෙල්ලන් අපේ රටේ නැති එකනම් ඇත්තෙන්ම කනගාටුවට කාරනයක් වෙනවා. මේ කතාව කියවලාම බලන්නකෝ.

\\ ඥාති දියණිය භාප්පාගේ ලිංගය කපා දුවයි

තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි භාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17 හෝ 18ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් වාර්තා වේ.

එම පුවත වාර්තාවන්නේ අසල්වැසි ඉන්දියාවෙන්ය.

එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ ඇයගේ භාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවාය.

ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව ඇත.

මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මෙහෙතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.

මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබේ.

එසේ යාමට පෙර ඇය තමන්ට අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් ඇත.

එහිදී භාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලිංගය අහිමි භාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙයි.

ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස අසල්වැසි ඉන්දියාව නම් දරා තිබේ.\\

https://www.facebook.com/photo.php?fbid=10202246531464740&set=a.1553824245565.2070695.1233945143&type=1&theaterAnonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com17tag:blogger.com,1999:blog-637961347599544500.post-84171754873246685152014-07-14T19:31:00.000-07:002014-07-14T19:31:06.977-07:00කාන්තාවන් සිහියට ගතයුතු වන වැදගත් දෙයක්.

වැල්වටාරම් නොකියා මේ කියන්නට යන දේ කෙලින්ම කියන්නම්. කියන්නට යන්නේ වෙන
දෙයක් නෙවෙයි කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත
කියායි. මේ කියමන හරිද කියල පුරුෂාධිපත්යවාදීන්ගෙන් අහල වැඩක් නෑ. එහෙම
ඇහුවොත් ඒ අය ආපිට අහයි ඇයි පිරිමින් කාන්තාව රැකබලාගෙන පෝෂණය කරමින්
ඔවුන්ට හහතින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නේ නැත්ද කියලා. ඒත් ප්‍රශ්නෙ
ඒක නෙවෙයි. නූතන යුගයේ කාන්තාවන් පිරිමින්ගෙන් මෙලෙස රැකවරනය හා යැපීම
බලාපොරොත්තු වියයුතුද කියන එකයි. අන්න එතනම කාන්තාවගේ නිදහස පිරිමියා
විසින් උදුරගෙනයි තියෙන්නේ.

බුද්ධිමත් කාන්තාවන් මේ ටිකනම් කල්පනාකරලා
බලන්නම ඕනේ. ඒ පිරිමියා තමන් රැකබලාගෙන පෝෂනය කරන්නේ තමන්ට ඇති කරුනාවක්
නිසාද කියන එක. ඇත්තෙන්ම නෑ. ඔවුන් එසේ කරන්නේ කාන්තාව ලවා තම කාමුක
අවශ්‍යතා සංසිඳුවාගනිමින් ළමයි වදවාගැනීම යහතින් කරගන්නට පුළුවන්තාක්
විතරයි නේද? කාන්තාවන් තමන්ගේම ස්වාධීන ගමනක් පිරිමියාට යටත් නොවී යන්න
උත්සහ කළොත් ඔය කාන්තාවන්ට බොරු ආදරය පෙන්වන කිසිම පිරිමියෙක් ඔවුන් කියන
ආකාරයට කාන්තාවන් රැකබලාගනිමින් පෝෂණය කරමින් ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නට
යන්නේ නෑ. බොහෝ පිරිමින්ට කාන්තාව තමන්ගේ කාම වස්තුව හැටියට පරිහරනය කළත්
කාන්තාවට කිසිම වටිනාකමක් දෙන්නටනම් උවමනාව ඇත්තේම නෑ. පිරිමින්ට පමණක්
සීමාවන කොතෙකුත් දේ කාන්තාවන් විසින් කරමින් තමන්ට එය කළහැකියැයි ඔප්පු කර
පෙන්වුවද ඒ ගැන වචනයක්වත් කතාකිරීමට පුරුෂාධිපත්‍යවාදී මහන්තත්ත පිරිමින්
කැමති නැතිය. පිරිමින් කරන ඕනෑම කටයුත්තක් කරමින් තම ජීවිත අභියෝග ජයගෙන
ඉදිරියට යන්නට කාන්තාවන් උත්සහ කළහොත් කාන්තාව රැකබලාගැනීමට පාරම්බාන
පිරිමි සේරම ඇය අනතුරට ඇදදමා පලායනු ඇත ඒ කාන්තාව තම කාම වස්තුව හා ළමයි
වදන යන්ත්‍රය ලෙසට සිතන මහා ධීර වීර පිරිමියාගේ හැටිය.

<wbr></wbr> පිරිමින් හැමවිටම කාන්තාව
මනින්නේ තම ලිංගික ආශාවන් මත පිහිටා සිටයි. ඔවුන්ට එයින් තොර ලොවක් නැත.
පිරිමියෙකු කාන්තාවකට සමාජයේදී යම් උපකාරයක් කළද ඔහු මුලින් බලන්නේ ඇය
තමන්ගේ කාමුක හැඟීම් වඩවා ගැනීමට කොතරම් සුදුසුද යන්නයි. යම් ප්‍රශ්නයකට
මුහුණදෙන කාන්තාවක් තරුණ රූමත් කෙනෙක් උනානම් යහපත් පුරුෂයින් සේරම ඇයට
උදවු කරයි. නමුත් පිරිමින්ට අභියෝගයක් වන ශක්තිමත් වගේම පිරිමින් තරමට
කාර්ය කිරීමේ දක්ෂ කාන්තාවකට මුහුනදෙන්නට වන සමාජ ගැටළුවක් නිරාකරනය
කරගැනීමට මේ පුරුෂයින් කෙසේවත් උදවු කරන්නේනම් නෑ. වෙන එකක් තියා
පිරිමියෙක් කාන්තාවක් දෙස බලා හිනා උනත් ඒ ටික කරන්නේත් තමන්ගේ කාම ආශාවට
ගැලපෙන පෙනුමක් ඇති අය එක්ක විතරමය. නමුත් පිරිමින් කියන්නේ තමන් ස්ත්‍රී
දූෂකයන් අපචාරකරුවන්ගෙන් කාන්තාව බේරාගැනීමට ඕනෑම මොහොතක ඉදිරියට එනවයි
කියන එක. මේ අමූලික බොරු. ඇත්තෙන්ම ඔවු ඒ ටික කරන්නේත් කාන්තාව ඔවුන්ට
ප්‍රියමනාප කාමුක ස්ත්‍රී චරිත වනවානම් හා විවාහ වීම දරුවන් හැදීම ආදියට
බැඳී සිටිනවනම් පමණයි. මේ ටික නූතන යුගයට පිවිසෙන කාන්තාව අනිවාර්ය ලෙස
දැනගන්න ඕනේ.

<wbr></wbr> අන්තිමටම කියන්න තියෙන්නේ මේ
ටික විතරයි. ඒ පිරිමින් සියලු දෙනා කාම පිස්සන් මිස කාන්තාවට හිතැති අය
නෙවෙයි කියන ටික. කාන්තාවට අවසානයේ කාන්තාව පමණයි පිහිටට එන්නේ තමන්ගේ
උත්සහයෙන් නැගී සිට නව ලොවට පිවිසෙන්නට ඔවුන් උත්සහ කරද්දී. ඒ නිසා හැම විට
කාන්තාව තමන් පිරිමින්ට ප්‍රියමනාපද යන්න නොසලකා පිරිමියාගෙ උදවුවක් නැතිව
ලෝකයේ ජීවත් වීමට උත්සහ කළයුතුයි. පිරිමින්ට අභියෝගයක් වන එඩිතර ශක්තිමත්
කාන්තාවන් වටා සමස්ථ ස්ත්‍රී ජනසමූහයම ඒකරාශී වියයුතුයි. හැම දේටම
පිරිමියාගේ පිහිට පැතීම නවතා දාන්නත් ඕනේ. ඒ වගේම තමන් කාන්තාවට ඔයතරම්
හිතවත්නම් කාන්තාව වෙනුවෙන් කැප කිරීම් කරනවනම් කාන්තාව පිරිමියාගේ කාමුක
වහල් බවෙන් මිදී නව ලොව කරා යන ගමනට සහය දෙමින් පුරුෂයාට අභියෝග කිරීමට
අවශ්‍ය ශක්තිය ලබාදීමට ඉදිරිපත් නොවන්නේ ඇයි කියලා ඔය ගුණගරුක පිරිමින්ගෙන්
අහන්නත් ඕනේ. ඔවුන්ට කට උත්තර නැති වෙන්නේ මෙන්න මෙතනදී. නැවතත්
මතක්කරදෙන්න තියෙන්නේ කාන්තාවන්ට පිහිටක් වන්නේ හැමවිට කාන්තාවන් පමණක්
කියන එකමයි. පුරුෂාධිපත්‍යවාදී වීරයන්ට මේක බලලා හැකිනම් හිතේ අමාරුව
යන්න මොනවහරි දොඩවලා යන්න පුළුවන්.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com24tag:blogger.com,1999:blog-637961347599544500.post-57644634042000953292014-06-21T22:25:00.001-07:002014-06-21T22:25:17.453-07:00ලොව ප්‍රථම අගමැතිනිය

ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවුනේ 1960 ජූලි 21 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අගමැති ධූරයට පත්වීමත් සමගයි. මෙය මුලු ලොවටම විශේෂ සිද්ධියක් වුනේ ඒ වන තෙක් ලොව වෙනත කිසිදු රටක රාජ්‍ය නායකත්වයට කාන්තාවක් පත් වී නොතිබුණු හෙයකිනි.වසර 1916 අප්‍රේල් 17 උපත ලැබූ ඇය රාජ්‍ය නායකත්වයට පත්වීම සමස්ථ කාන්තා පරපුරට මහත් ආඩම්බරයක් උනා පමණක් නොව ඉතා වැදගත් සිදුවීමක්ද විය. නමුත් අවාසනාවට එතුමිය වටා එක් රොක් වී සිටියේ සිංහල බෞද්ධ ජාතික චින්තන කාරයන් පිරිසක් සහ හාමුදුරුවරුන් පිරිසකි ඒ හේතුවෙන් ඇයට බටහිරින් පැනනැගුනු කාන්තාවට ලැදි කාන්තා විමුක්ති ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අපහසු විය. එය ඇත්තෙන්ම මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් මහත් අවාසනාවකි.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com23tag:blogger.com,1999:blog-637961347599544500.post-73818142104609714852014-05-17T22:43:00.000-07:002014-05-17T22:43:21.914-07:00පුරුෂයාගේ වහලියන් හෙවත් නැණවත් ගෘහණියෝ

ලිපිය සකස් කරන්න හිතුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ අහන්නට
දකින්නට ලැබෙන වෙළඳ දැන්වීම් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරපු නිසයි. මේ
වෙළඳ දැන්වීම් වලින් බොහොමයක් එදිනෙදා ජීවිතයේ මූලික කාර්යන් වන ආහාර පාන
ගැනීම ඇඳුම් ආයිත්තම් විලාසිතා කිරීම ආදිය සම්බන්ධවයි. මෙහිදී ආහාරපාන
සම්බන්ධ වෙළඳ දැන්වීම් වලින් හැමවිට සම්ප්‍රදායික ගෘහණිය උලුප්පා පෙන්වමින්
ඇය ගැන වර්ණනා කිරීමට පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුව තුල සිටින ධනවාදී වෙළඳ
ව්‍යාපාරිකයා හැම විට උත්සහ කරයි.

විශේෂයෙන් ආහාර පාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලදී
මුළුතැන්ගෙය උලුප්පමින් එහි සම්ප්‍රදායික අයිතිකාරිය වන ගෘහණියට මුල්
තැනක් දෙන්නේ කාන්තාවන්ට මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු අනිවාර්ය බව
සමාජයට ඒත්තු ගැන්වෙන ආකාරයටයි. කපටි පුරුෂාධිපත්‍යවාදී ව්‍යාපාරිකයා
මෙහිදී ඇය නැණවත් ගෘහණියක් ලෙස හඳුන්වන්නේ තම වහලියන් ලෙස කාන්තාව පුරුදු
පුහුණු කිරීමේ ප්රයත්නයේ එක් කොටසක් ලෙසයි. මෙරට වෙළඳ දැන්වීම් වලට පෙනී
හිටින ඇතැම් මෝඩ කාන්තාවන්ට මෙය තේරුම් ගන්න හැකියාවක් නැති වීම සැබවින්
කණගාටුදායකය. මොවුන් රත්ති රසයි රත්ති උකුයි වගේ කොම්පැනි කාරයන් උගන්වන
වාක්‍ය උජාරුවට කියමින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමක් කරන්නේ කාන්තාවගේ
ප්‍රගතියට බාධාවක් වන විලංගුව බෙල්ලටම දමාගෙන බව ඔවුන් නොදනිති. කිරිපිටි
දැන්වීම් වල සිටින නැණවත් මවුවරුන්ද මේ ආකාරයේම සම්ප්‍රදායික කාන්තා චරිත
බව කියන්නට දෙයක් නොවේ. ඔවුන් මේ රඟදක්වන්නේ කාන්තාවට අයිති පිරිමි
ගෘහමූලිකයාගේ කුස්සිය බවත් ඉවුම් පිහුම් හා දරුවන් හැදීමෙන් තොර වෙන දෙයක්
කාන්තාවන්ට නැත යන්නත් ඇඟවෙන පුරුෂාධිපත්‍ය කතන්දරයේ එක් ජවනිකාවක් පමණයි.
මේ වගේ කාන්තාවන්ට කොතෙක් පෙනුම තිබුණත් වැඩක් නැත්තේ හිතන්නට මොළ කළඳක්
නැති මෝඩ චරිත නිසාමයි.

වෙළඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන දැන්වීම්
අතර තවත් ජනප්‍රිය දෙයක් වන්නේ සබන් හා රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගැන දමන
ඒවායි. එහිදීද කාන්තාවට සම්ප්‍රදායික ලෙස පිරිමියාගේ රෙදි ටික හෝදන
රාජකාරිය පැවරෙන්නේ ඉතා සූක්ෂමවය. සියල්ල සිදුවන විට රෙදි සෝදන ගැහැණිය
නැණවත් ගෘහණියයි. නැණවත් ගෘහණියන්ගේ තේරීම අර පුරුෂාධිපත්‍ය ව්‍යාපාරිකයාගේ
සබන් කැටය හෝ වොශින් පවුඩර් පැකට්ටුවයි. අහෝ කරුමයක මහත. නැණවත් ගෘහණිය වී
අර වෙලෙන්දාගේ සබන් කැටය පාවිච්චි කර රෙදි ටික හෝදාගන්න විට තමා නිවස තුල
නොදැනුවත්වම මෙහෙකාරියකගේ තත්වයට පත්වී හමාර බව මොවුන්ට නොවැටහෙයි. තවත්
සබන් නිෂ්පාදකයෙකුට ඔහුගේ සබන් කෑල්ල කාන්තාවන්ගේ රුව වඩන හා රූපය රකින
අරුමපුදුම දෙයකි. එහෙත් මෙලෙස රුව වැඩීමෙන් කාන්තාවන්ට අවසානයේ සිදු වන්නේ
පිරිමින්ගේ කාම උමතුවට තම සිරුර පූජා කර ඔවුන්ගේ කාම වස්තු වීමට මිස අන්
කිසිවක් නොවේ. ඒටික නොතේරීම ඉමහත් අවාසනාවකි. බොහෝ කාන්තාවන් පිරිමින්ගේ
කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත
දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට
කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.

මේ සියල්ලට නැවතීමේ තිත තැබීමට කාලය දැන්
උදා වී ඇත. මෙකළ කාන්තා පරපුර සිතට ගතයුත්තේ පිරිමින්ගේ සම්ප්‍රදායික වහලිය
වන නැණවත් ගෘහණියගේ චරිතය රඟ දක්වමින් සමස්ථ කාන්තා පරපුරේම ඉදිරි ගමන
වලක්වන මෝඩකම තුල තවත් එල්බගෙන සිටින ආකාරය නොව මේ සම්ප්‍රදායික
පුරුෂාධිපත්‍ය සමාජ රාමුවම මුලිනුදුරා දමන ආකාරයයි. ඒ සඳහා වත්මන් කාන්තා
පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කළයුතුව ඇත. එය කාන්තාව සම්බන්ධයෙන් සලකා
බලන කළ යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.

<wbr></wbr>

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com20tag:blogger.com,1999:blog-637961347599544500.post-80881168520633953802014-04-27T05:48:00.003-07:002014-04-27T05:48:41.226-07:00ශ්‍රී ලාංකේය කාන්තාවාදය ඔප්නැංවූ ලේඛිකාව

අද මා කතා කිරීමට අදහස් කළේ මෙරට කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට විශේෂයෙන්
වැදගත් වන එක් කාන්තා චරිතයක් ගැනයි. ඇය ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය
නොවන්නේ නම කියූ පමණින් ඇය කවුදැයි සැවොම හඳුනන නිසායි. මේ අන් කවරෙකුවත්
නොව සුමිත්‍රා රාහුබද්ද යි. ඇයව මෙරට බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ප්‍රකට
ලේඛිකාවක ලෙසය. නමුත් ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම් ඇය මෙරට සිටින
ප්‍රභල කාන්තාවාදිනියක් යන්නයි. ඒ බව බොහෝ විට ඇය තම සාහිත්‍ය කෘති වලිනුත්
ඔප්පුකර ඇත. ඇය මෙරට කාන්තා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරක් හොබවන්නේ
ඇයගේ වටිනාකම හා හකියාවන් කාන්තා කටයුතු ඉදිරියට ගෙනයෑමේදී කොතරම් වැදගත්
දැයි රටට පෙන්වාදෙමිනි.

<wbr></wbr> ලේඛිකවක් හැටියට තම හැකියාවන් මනාව
පෙන්නුම්කළ ඇය ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇති සුවිශේෂී සමාජ ගැටලු ගැනද
මනා අවබෝධයකින් කටයුතු කළාය. ඇය නොබියවම මෙරට කාන්තාවන්ට සිදුවන අකටයුතුකම්
ගැන කතා කළේ පීඩාකාරී පුරුෂාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරය. බවලත් අයට
බලවත් අතවර හා අකටයුතුකම් සිදුවන බව ඇය වරක් පුවත්පත් සාකච්ඡාවකදී කියා
තිබූ ආකාරය මට මතකය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කොපමණ සංවේදී බවක්
ඇයට තිබෙනවාද යන්න මෙයින් පෙනේ. ඇය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා
හින්සන ක්‍රියා වලට එරෙහිවද නොබියව තම අදහස් ඉදිරිපත් කරන්නීය.
පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාවක අභියෝග ජයගනිමින් සමාජයට හා කාන්තා පරපුරට
වැදගත් ආදර්ශයන් ලබාදෙමින් ඇය කරන මෙහෙවර මහත් සේ අප අගය කළයුතුය. ඇයගැන
මේ සුවිශේෂී කාරණය නොදැන සිටි බොහෝ දෙනෙකුට ඒ ගැන දැනගැනීම සඳහාත් ඇයගේ
චරිතය කාන්තාවන්ට කොපමණ වැදගත්ද යන්න පෙන්වා දීම සඳහාත් මේ කෙටි ලිපිය පළ
කිරීමට අදහස් කළෙමි.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com7tag:blogger.com,1999:blog-637961347599544500.post-56041404480601693982014-04-13T10:24:00.000-07:002014-04-13T10:24:09.803-07:00සම්ප්‍රදායික සිංහල අවුරුද්ද නවීකරනය කළයුතු කාලයයි මේ

සිංහල අළුත් අවුරුද්ද ගැන කතාකරන්නට එක් එක් කෙනාට බොහෝ දේ ඇතත් මට ඇත්තේ
සම්ප්‍රදායෙන් බැහැරව කතා කිරීමට කරුණු ටිකකි. මෙය සිංහල දෙමළ හෝ සිංහල
හින්දු අළුත් අවුරුද්ද ලෙසත් හඳුන්වනු ලබයි. ඒ කෙලෙස හැඳින්වුවද මේ ජාතික
උත්සවයේ ඉතිහාසය හෝ වෙනත් කරුණු කුමක් වුවත් එහි තිබෙන සම්ප්‍රදායික ලක්ෂණ
කාන්තාව කෙරෙහි බලපාන ආකාරය නූතන ඇසින් බලා විග්‍රයක් කිරීම මගේ අරමුණයි.

<wbr></wbr> අළුත් අවුරුද්දේ වැදගත්ම චාරිත්‍ර
ටික පටන්ගන්නේ ලිප ගිනි මෙලවීමේ සිටය එතැන් සිට වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම
හා ආහාර අනුභවය නැකැත් වේලාව අනුව සිදුකරනු ලබයි. මේ සිද්ධි සැලකීමේදී අපට
පැහැදිලිව පෙනෙන එක් දෙයක් නම් කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය ලෙස ඇය තවත්
කුස්සිය මුල්ලටම තල්ලු වීමයි. එය මනාවට පෙන්නුම් කරන්නේ අළුත් අවුරුද්දට
නිවසේ කාන්තාව, මව විසින් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය ඉටු කිරීම අනිවාර්ය
දෙයක් වී තිබීමෙනි. ලිප ගිනි මෙලවීම යනු මුලුතැන්ගෙයි ඉවුම්පිහුම් කටයුතු
සමග එකට සම්බන්ධ වූ දෙයකි. එවැන්නක් වැදගත් චාරිත්‍රයක් වීමෙන් පෙන්නුම්
කරන්නේ කාන්තාව සම්ප්‍රදායික ගෘහණිය වීමද ඒ හරහා වැදගත් දෙයක් ලෙස ඉස්මතු
කිරීමයි. මේචාරිත්‍රය වටා බැඳෙන අනෙක් සිද්ධිය වන්නේ කිරිබතක් පිළියෙල
කිරීමයි. කිරිබතක් පිසීමට දැනගෙන හිටීම කාන්තාවන්ට අනිවාර්ය දෙයක් වන තරමට
මෙය අප සමාජයේ මුල්බැසගෙන ඇත. ඇත්තෙන්ම අවුරුදු චාරිත්‍ර වල වැදගත්මක්
තිබුණද ලාංකීය කාන්තාවට සිය සම්ප්‍රදායික සීමා මායිම් බිඳදමා නූතනත්වය කරා
යන්නට තිබෙන සමාජමය බාධකයන් ඒ තුලින් තවත් දැඩි වීමනම් පැහැදිලිව පෙනෙන
සත්‍යකි. එබැවින් මේ චාරිත්‍ර කාන්තාවට පමණක් සීමා කිරීම නොකිරීම හෝ අවම
වශයෙන් කළ හැකිනම් එය යහපත් වේ. විශේෂයෙන් පිරිමින්ද කාන්තාවන් සමග
කුස්සියේ වැඩකටයුතු බෙදාගන්නා මේ කාලයේ. ඇත්තෙන්ම එවැනි චාරිත්‍ර ඉවත්
වන්නේනම් මා එයට පෞද්ගලිකව කැමතිය. එහෙම නැත්නම් සිංහල අළුත් අවුරුද්ද
කාලයට අනුව නවීකරනය කරයුතුයි.

ලිප ගිනි මෙලවීම හා කිරිබත පිසීමට පසුව
එළඹෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයයි. වැඩ ඇල්ලීමේදී කැපී
පෙනෙන්නේ පිරිමි පාර්ශවය කරන වැඩකටයුතුය. බොහෝවිට ගම් වලනම් කුඹුරු වැඩ හා
සම්බන්ධ දේ කෙරෙයි. කාන්තාවන් එම වැඩ කටයුතු වල බහුලව නිරත නොවන බැවින්
කාන්තා ක්‍රියාකාරකම් එහිදී කැපී පෙනෙන්නේ නැත. මෙයින් පෙනෙන තවත් එක්
දෙයක්නම් සමාජයේ පවුල් නඩත්තු කිරීම ඇතුලු වගකීමෙන් යුතු මෙන්ම තරමක්
මහන්සි වී කළයුතු වැඩකටයුතු සියල්ල පිරිමින් විසින් පමණක් කළයුතුය යන සමාජ
පිළිගැනීමයි. කාන්තාවන් පමණක් කරන කොතෙකුත් දේ තිබුණත් ඒ ගෘහ කටයුතු හා ඊට
සම්බන්ධ දේට පමණක් සීමා වන දේවල් වේ. ඒ කිසිත් කාන්තාවන් විසින් ඉස්මුදුනේ
තබාගැනීමද නුවනට හුරු නැත. එබැවින් වියයුත්තේ මහන්සිවී ශරීර ශක්තිය යොදවා
කරන වැඩකටයුත්තක් සමග වැඩ ඇල්ලීමේ ක්‍රියා පිළිවෙතක් කාන්තාවන්ටද අදාල වන
ලෙස මේ සිරිත නවීකරනය වීමයි. ඇත්තෙන්ම ඊට බාධාවක් ඇතැයි කියා සිතන්නටත්
බැරිය. හේතුව කාන්තාවන් එවැනි වැඩ කටයුතු වලට යොමු වීමට දක්වන මැලිකම යම්
බාධකයක් වී ඇත. එය ඉවත්කර සම්ප්‍රදායෙන් මිදියහැකිනම් ප්‍රශ්නයක් නැත.

<wbr></wbr> ගනුදෙනු කර ආහාර අනුභවය සැලකීමේදී
ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්නම් එතරම් ගැටලු නැතත් ආහාර අනුභව කිරීමේ
චාරිත්‍රය සලකන විටනම් ඒ ගැන යමක් නොකියා බෑ. එහිදී බොහෝ විට පවුලේ
වැඩිහිටි පිරිමි කෙනෙකු සෙසු සාමාජිකයන්ට කිරිබත් කැවීම සිදුකරන්නේ
සාමාන්‍යයෙන් ගෘහ මූලිකත්වය පුරුෂයාට හිමිවන කාරනය ඉස්මතු කරමිනි.
කාන්තාවන් එම කාර්ය කරන්නේ කලාතුරකිනි, එයද පවුලේ වැඩිහිටි පිරිමි අයවලුන්
නොමැති අවස්ථා වලයි. මෙයද සම්ප්‍රදායෙන් බැහැර වෙමින් කාන්තාවට කළ හැක.
එහෙත් සම්ප්රදාය මත හිතන පතන පිරිස තවමත් වැඩි බැඇවින් එවැනි වෙනසක්
උවමනාවෙන් කළ නොහැක. එයට බාධාවක්ද ඇතැයි සිතීමටද බැරිය.

<wbr></wbr> කතාකිරීමට වැදගත් වන අනෙක්
චාරිත්‍රය නම් හිස තෙල් ගෑමයි. එහිදී බොහෝ විට මේ චාරිත්‍රය කරනු ලබන්නේ
හාමුදුරුනමක් හෝ ගමේ වෙදමහතා මූලිකත්වය ගෙනයි. එහිදීද සම්ප්‍රදායිකව මුල්
වන්නේ පුරුෂ පාර්ශවය වන අතර කාන්තාවන් තව දුරටත් සම්ප්රදාය තුල කොටු
වෙමින් පුරුෂයා ප්‍රභූත්වයට පත්වෙයි. සම්ප්‍රදායෙන් බැහැරව මේ කටයුත්තද
නවීකරනය කළහැක. ඒ දේශීය වෛද්‍ය විද්‍යාව කාන්තාවන්ද මෙකළ හදාරන බැවින් හා
වෙද මහත්වරුන්ට අමතරව වෙදහාමිනේලාත් ටික දෙනෙක් හෝ සිටින බැවින් වෙද
මහත්වරුන්ට මෙන්ම වෙද හාමිනේලාටද එම කාර්ය කළහැකි නිසයි. ඒ අනුව
කාන්තාවන්ටද හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට
අවස්ථාව ලබාගනිමින් එය කාලානුරූපීයව නවීකරනය කළ හැක.

ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වේ. වෙනස් වනවා
පමණක් නොව නවීකරනයට බඳුන්වේ. එහිදී චිරාගත සම්ප්‍රදායන් ලොව කොතැනත්
වෙනස්කම් හා නවීකරනයන්ට භාජනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ විෂමතා තුරන් වන
ආකාරයටයි. එක් අතකට අප අවුරුදු චාරිත්‍ර වුවත් කරතබාගෙන යායුතු නැත. මන්ද
වත්මන් කාර්ය බහුල සමාජයට මේ චාරිත්‍ර කරමින් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව
අඩු නිසා. මේ චාරිත්‍ර වැදගත් යැයි සම්මතයක් තවම තිබෙන බැවින් ඒවා නවීකරනයට
භාජනය වියයුතු බව මෙහිදී නැවතත් මතක්කර දෙන්නට කැමතියි.

Anonymoushttp://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.com6