Saturday, May 16, 2015

අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහනයට උනුසුම් සුබපැතුම්


මැයි මස 15 වන දින කොළඹ රණසිංහ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් බටහිර ඉන්දීය කොදෙවු කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් අතර තරඟයෙන් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙය සමස්ථ ලාංකීය වනිතා පරපුරටම අභිමාණයක් එක්කළ සුවිශේෂී සිද්ධියක් උනාට කිසිදු සැකයක් නෑ. අතීතයේ සිට පිරිමින්ට සීමා වී තිබූ සියළු ක්‍රීඩා කාන්තාවන්ට කළ හැකි බව අපේ ක්‍රීඩිකාවෝ මැනවින් ඔප්පු කළා. මෙය මෙරට සම්ප්‍රදායික පිරිමින්ට අත දිගහැර දුන් අතුල් පහරක් වනවාට සැක නෑ. මින් ඉදිරියටත් විශිෂ්ඨ දස්කම් පාමින් ක්‍රිකට් ලොව ජය කෙහෙලි නංවා තරඟ ජය ගැනීමටත් සම්ප්‍රදායික පිරිමින්ගේ ආකල්ප බිඳ දැමීමටත් අපේ වීර කෙල්ලන්ට හැකියාව ලැබේවායි වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.

ලකුණු පුවරුව බලන්න
http://www.espncricinfo.com/icc-womens-championship-2014-16/engine/match/856111.html

Tuesday, April 21, 2015

සම්ප්‍රදායික සිරිත් අප තවදුරටත් රැකිය යුතුද?


තවත් සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නමින් එකක් ඇවිත් ගියේය. හැබැයි ඒ ඇවිත් ගියේ නිකම්ම නොවෙයි. මේ සම්ප්‍රදායික අළුත් අවුරුද්ද ඇවිත් ගියේ ලංකාවේ කාන්තා පරපුරට සම්ප්‍රදායිකත්වයේ මරු පහරක්ද එල්ල කරමිනි. සම්ප්‍රදායික අධිපතිවාදී පුරුෂයා නැකැත් හදමින් ජෝතිෂය හිස් මුදුනේ තබාගෙන අවුරුදු චාරිත්‍ර ගැන පුරාජේරු ගැසුවේය. ඒ අතරම රෙද්ද හැට්ටේ ඇඳගත් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පිරිස සුපුරුදු පරිදි අවුරුදු චාරිත්‍ර කරමින් තමන්ට හුරු පුරුදු කුස්සියට කොටු වී ලිප ගිනි මොළවා වැඩකටයුතු පටන්ගත්තෝය. තව සමහරු කැවිලි පෙවිලි හදන්නට තමන්ට ඇති හැකියාව කැවුම් වල කොණ්ඩය ගන්න ආකාරය ගැන උදම් ඇනුවෝය. අපොයි මෙහෙමත් මෝඩ කාන්තාවන් රටේ ඉන්නවාදැයි කියා මට හිතුනේ නූතනත්වයක් කියා දෙයක්වත් අසා නැති මේ පිරිස දැක්ක විටය.
                        මේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ කරන සම්ප්‍රදායක අවුරුදු සැමරීම හා සිරිත් විරිත් ඉටුකිරීම කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට කෙසේ බලපානවාද යන්න කතා කිරීම අද දවසේ වැදගත්ම කාර්යක් කියා මට හිතුනේ සම්ප්‍රදාය බිඳ දමා නූතනත්වයට යන ගමනේදී කාන්තාවට මේ සම්ප්‍රදායික සිරිත් වලට කොටු වීම කොපමණ බාධාවක්දැයි පෙනී ගිය බැවිනි. අද දවසේ ශ්‍රී ලාංකික වනිතා පරපුර ඉල්ලන්නේ දැනුමෙන් තාක්ෂණයෙන් පිරිපුන් නූතන යුගයක් මිස සම්ප්‍රදායික සිරිත් ඉටු කරමින් පුරුෂයාගේ අත් අඩංගුවේ පසුවන යුගයක් නොවේ. අවාසනාවකට මේ රටේ තවමත් වැඩිපුර සිටින්නේ නූතන යුගයකට කැමති පිරිසට වඩා සම්ප්‍රදායිකත්වය තුලට යන්න උත්සහ කරන මෝඩ නූගත් කාන්තාවන් පිරිසකි. මේ නූගත් මෝඩ ගෑනුන්ට සම්ප්‍රදාය තුල හිර වී කුස්සියට කොටු වී කැවිලි පෙවිලි හදමින් පුරුෂයාට වහල්කම් කර කර සිටීම මහත් සතුටක් ගෙනදෙයි. පුරුෂයාට අවශ්‍ය විට දරුවන් හදා දීමටද මේ සම්ප්‍රදායික නූගත් චරිත ඉහල සමත්කමක් දක්වති.දරුවන්  හදමින් කුස්සිය බදාගෙන පවුල තුල පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ සිටින මෝඩ කාන්තාවන්ට ගෙදර බුදුන් අම්මා යැයි කියන්නේනම් ඊට වඩා දෙයක් නැත. අද සමස්ථ ලාංකික වනිතා පරපුරම මුදාගතයුත්තේ මේ අවාසනාවන්ත පසුගාමී සමාජ තත්වයෙනි.
                           


මෙයින් ගැලවෙන්නට බුද්ධිමත් කාන්තාවන් සුළු පිරිසකට උවමනාවක් තිබුණත් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව රඟ දක්වමින් පුරුෂයාගේ අතඩංගුවේ සිටින කාන්තාවන් පිරිස ඊට ඉඩ අහුරති. කොටින්ම කිවුවොත් ඔවුන් තමන් පුරුෂයාගේ අත් අඩංගුවේ සිටින සිරකාරියන් බව නොදනිති. සියල්ලටමත් වඩා වාසනාව මේ තත්වය බුද්ධිමත් කාන්තාවන්ට තේරුම් කරදීමටද සම්ප්‍රදායික මෝඩ ගෑනුන් ඉඩ නොදීමයි. ඔවුන්ට මේ තත්වයෙන් මිදී වර්තමාන බටහිර කාන්තාව අත් විඳින නිදහසින් පිරි නූතන සමාජ තත්වය ලබාගැනීමට  කිසිදු උවමනාවක් නැත. මේ අම්මන්ඩිලාට සම්ප්‍රදායික් ගෘහණිය හා මවගේ භූමිකාව සේරටම වඩා නම්බුකාරය. ඒ ඔවුන්ගේ මොළේ තරමයි. දූෂිත මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නිමා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ නව යහපාලන රජයක් පත් වී ඇති වාතාවරනයක් තුල හෝ මේ අවාසනාවන්ත තත්වයෙන් ගැලවීමට නූතනත්වය බලාපොරොත්තු වන බුද්ධිමත් කාන්තාවන්ට තම අභිලාශයන් ඉටු කරගැනීමට අවස්ථාව උදා වනු ඇතැයි විශ්වාස කළත් මේ දක්වා ඒ අවස්ථාව රටේ බුද්ධිමත් කාන්තාවට උදා වී නැත. මේ වනවිටත් ඊට ඇත්තේ බාධාවන් පමණි. මේ බාධක ජයගැනීමට මේ වසරේවත් දැඩිව අධිෂ්ඨාන කරගත යුතුය. ඒ සඳහා රටේ දේශපාලන තත්වය දැඩිව බලපාන බව ඉතා පැහැදිලිය. වනිතාහඬනම් බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරනයේදී උනා මෙන් ජාතිවාදය පරාජය වී ඉදිරි මහමැතිවරනයකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වීමයි. එසේ වීම වැදගත් වන්නේ දැනට පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෛත්‍රීපාල සිරිසේන මහතාටත් චන්ද්‍රිකා මැතිණියටත් ඇති බලය අඩු වීම නිසාය.
                         

සම්ප්‍රදායික බවේ වැට කඩොලු බිඳ හෙලීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැතිණියගේ බලය වැඩි වියයුතුය. එසේ නොවන්නේනම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් කවදත් කැපවන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රයජක් බිහි වී මෛතීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැත්ණියගේ සහයද ඇතිව සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිවාදී බලවේගත් හිටපු ජනාධිපතිවරයා පිරිවරාගත් සම්ප්‍රදායික දේශපාලන අඳබාලයන් පිරිසත් මර්ධනය කළයුතුය. ඉන් පසුව සම්ප්‍රදායික චිරාගත චාරිත්‍ර පිළිපදිමින් කාන්තාවට පීඩා කරන සමාජ තත්වයම පහසුවෙන්ම මුල් පිටින් උදුරා දැමිය හැක. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් එකවගේ පිළිකුලෙන් බැහැර කළයුතු දේවල් වේ. සම්ප්‍රදායික චාරිත්‍ර රැකීමට අවශ්‍ය වන්නේද ජාතිවාදීන්ටය. ජාතිවාදීන්ට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකගනිමින් කාන්තාව පාගාගෙන සිටීමට ජාතිය අවශ්‍යය. එසේ නැතිව ජාතියක් කියා දෙයක් නැත. ඇත්තේ අප සියල්ලන් මනුශ්‍යයන් ලෙස සලකා ජීවත් වීමත් ස්ත්‍රී පුරුෂ බෙදීම වැට කඩොලු බිඳ දැමීමත්ය. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් භංග වේවා!නූතන කාන්තාවගේ බලාපොරොත්තු ඉටුවන යුගයක් උදා වේවා!

Sunday, March 8, 2015

2015 කාන්තා දිනයේ දියාරු බව ගැන කනගාටුව.


නූතන කාන්තාවට කිසිදු හවුහරනක් නොතිබූ පැවති දූෂිත දුෂ්ඨ රජය පැරදී කුනු කූඩයට විසිවුන පසු වනිතා හඬ ඇතුලු අභිමානවත් කාන්තා පරපුර බලාපොරොත්තු වූයේ කාන්තාවට සැබෑ ප්‍රගතියක් අත් කර දෙමින් නූතනත්වය කරා යන නව ගමන් මගක් ආරම්භ වේය කියායි. ශ්‍රී ලාංකික වනිතා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අති උත්කර්ශවත් අන්දමින් සමරන්නට රාජ්‍ය අනුග්‍රහයවත් ලැබී තිබුනාද කියා සැක සහිතය. 2015 මේ වසරේ ලෝක කාන්තා දිනය පැවති රජය සමයේ සැමරුවාටත් වඩා දියාරු ලෙස මෙවර සමරා කිසිම නැවුම් බලාපොරොත්තුවක් නැතිව අවසන් විය. කෙසේ නමුත් වනිතා හඬේ පැසසුම හා ගෞරවය ස්ත්‍රී මධ්‍යස්ථානයට හිමිවන්නේ කටුනායකදී පාගමනක් හෝ සංවිධානය කිරීම ගැනයි. එහි අවසනට ඉදිරිපත් වූ අදහස් අතර ස්ත්‍රී ශ්‍රම අභිමාණය හා පාර්ලිමෙන්තු කාන්තා නියෝජනය වැඩි කිරීම මීට වඩා සටන්කාමීව ඉදිරිපත් කළයුතුව තිබුණි. නමුත් එයනිකම්ම පාගමනක් හා සන්දර්ශනයක් බවට පත් වී තිබීම අපගේ කනගාටුවට හේතු වූ බව කිව යුතුයි. බටහිර රටවල සිදුවූ සටන්කාමී විප්ලවයක් ලංකාවේ කවදා කරන්නද කියා හිතෙන තරමට කාන්තා අරගල වලට නායකත්වයක් තවම රටේ නැත.
          සැබවින්ම මේ දේශපාලන බල පෙරලියෙන් නිසි ප්‍රයෝජනය ගෙන කාන්තා අරගලයේ සටන්කාමී බව වැඩි කළයුතුව ඇත. ඒ ක්‍රියාවලිය හරිහැටි සිද්ධ නොවන එක රටේ ප්‍රගතිශීලී කාන්තාවට ඇති ලොකුම ගැටළුවයි. රටේ සම්ප්‍රදායික නූගත් හනමිටිකාරයන් තවමත් හිතන්නේ කාන්තාව පිරිමියාගේ කාම අවශ්‍යතාවය සංසිඳුවන වහලිය හා ළමයි වදන මැෂිම කියාය. මේ සම්ප්‍රදායික හනමිටිකාර පිරිමින්ට උන ගැනෙන දැවැන්ත සටනක් කිරීමට ශක්තිය කාන්තාවට තිබියයුතුය. ඊට අවශ්‍ය නායකත්වය හා රාජ්‍ය අනුග්‍රහය රටේ වනිතා පරපුර නව රජයෙන් බලාපොරොත්තු විය. ගැටළුව මේ නායකත්වය හා අනුග්‍රහය නොලැබීමයි. අඩුම තරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ගැන හොයා නොබැලීම පුදුම සහගතයි. එතුමානම් කාන්තාව සම්බන්ධයෙන් සැබෑ ප්‍රගතිශීලී අදහස් ඇත්තෙකි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට රජයේ ප්‍රභල තනතුරක් හිමි නොවීමත් මෙයට බලපෑවා කියා වනිතා හඬට සිතේ. දැන් ගිය දේ ගිය දේ ගියාවේ. මෙතැන් සිට ඉදිරියටවත් නූතන කාන්තාවගේ අපේක්ෂා ඉටුවන වැඩපිළිවෙලක් ගැන සිතියයුතුය. එය ක්‍රියාත්මක වෙන දාට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සුනු විසුනු කර දමා කාමුක අධිපතිවාදී පිරිමින්ට පෙර වැරදි වලට පවා තදින් දඬුවම් කළයුතුය. මේ දැවැන්ත අරගලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන අනුග්‍රහය හා එදාට කාන්තාවට සම්ප්‍රදායික පිරිමින්ගෙන් එල්ලවන බලපෑම් මැඩපැවැත්වීමට අවශ්‍ය නීතිමය ආරක්ෂාව දැන්සිට ක්‍රමානුකූලව සකසාගතයුතුව ඇත. සුළුවෙන් හෝ කාන්තා දිනය වෙනුවෙන් යමක් කළ ස්ත්‍රී මධ්‍යස්ථානයට නැවත වරක් අපේ ස්තුතිය.

Sunday, March 1, 2015

අභිනව වනිතා කටයුතු ඇමතිනියට සුබ පැතුම්






මේ සටහන තබන්නේ අපගේ අළුත් වනිතා කටයුතු ඇමතිනිය වන රෝසි සේනානායක මැතිනියට සුබ පැතීමටයි. රෝසි සේනානායක මැතිනියට වනිතා හඬ සුබපතන්නේ ඇය හිටපු වනිතා කටයුතු ඇමතිවරයාට වඩා ප්‍රගතිශීලී වේ යැයි සිතන බැවිනි. ඇය මින් පෙර ලෝක රූ රැජිනක් වීම ගැනනම් අප එතුමියට ප්‍රශංසා නොකරන බවත් අවධාරනය කර සිටින්නේ එය නූතන කාන්තාවගේ අභිලාශයන්ට පටහැනි ප්‍රතිගාමී දෙයක් නිසා. ඒ කුමක් වුවත් අප රෝසි සේනානායක මහත්මියගෙන් වනිතා කටයුතු ඇමතිනිය ලෙස බොහෝ දේවල් බලාපොරොත්තු වන බව කිව යුතුයි.
        පළමුවැන්න මේ රටේ පසුගාමී සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කරමින් නිවසටත් කුස්සියටත් හිරවී සිටින කාන්තාවන් බටහිර රටවල සිදු වූ සමාජ පෙරලියට සූදානම් කර නූතනන ලෝකය කරා ගෙන යෑමයි. ඒ සඳහා ලංකාවේ ජන සමාජය පුරාවට විහිදී තිබෙන පුරුෂයාගේ අධිපතිවාදී වැට කඩුළු සීමා මායිම් බිඳ දමා පිටස්තර ලෝකය සමග බද්ධ වී ඉදිරියට යෑමට දොරගුළු විවර කර දෙන මෙන් අභිනව වනිතා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලා සිටිමු. රෝසි සේනානායක මැතිණියට අප ගෞරව පූර්වකව සුබ පතන්නෙමු.

Thursday, January 22, 2015

යහ පාලනයට ජය වේවා


සුබපැතුම් එක්කරන්න පමා වුන එක ගැන පළමුව කනගාටුව ප්‍රකාශ කරනවා. දැන් ඔබ අප සියළු දෙනා විශේෂයෙන් මේ රටේ කාන්තා පරපුර බලාපොරොත්තු වූ ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගත්තා. ඒ යහපාලනයක් ඇති කරලා වංචා දූෂණ විතරක් නෙවෙයි සියළු අයුක්තිසහගත අසාධාරනකම් නැතිකර යහපත් හෙටක් උදාකරන්නයි. මේ තුල වනිතා හඬ බලාපොරොත්තු වන ප්‍රධානම දේ නූතනත්වය කරා පියනගන පුරුෂාධිපත්‍යට යටත් නොවන කාන්තාවන්ගේ අනාගත සිතුම් පැතුම් ඉටුකරමින් ඔවුන් සුරක්ෂිත වීමයි.
            ඇත්තෙන්ම ඒ කටයුත්ත සාර්ථක බව දැන් ඉතා පැහැදිලියි. නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමද අපගේ සතුටට කරුණක්. චන්ද්‍රිකා කුමාරතුන්ග මැතිනියට බලවත් තනතුරක් හිමි වීමද අපගේ විශාල බලාපොරොත්තුවක් බව කිවයුතු දෙයක් නෙවෙයි. ඒ ඇය කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෙරට බලවත්ම සමාජ පෙරලියක් කරන්න මහඟු කාර්යභාරයක් කළ වීරවරියක් නිසා. එයත් අනාගතයේ ඒ ආකාරයෙන් සිදුවන බව අපට විශ්වාසයි. දැන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වංචා දූෂණ වලට හිටපු දූෂිත දේශපාලකයින්ට දඬුවම් කරන ආකාරයටම කාන්තාවට හින්සා කළ ලිංගික අතවර කළ ඇය කාම වස්තුවක් කරගෙන පීඩාවට පත්කළ සියළු දෙනාටත් දැඩි දඬුවම් පමුණුවනු ඇති බව අපගේ විශ්වාසයයි. නවලොව අරුනළු දකිමින් නූතනත්වය කරා පියනගන කාන්තා පරපුර නව නායකත්වය යටතේ සුරක්ෂිත වේවායි අප ඉමහත් සතුටින් ප්‍රාර්ථනා කරනවා. යහ පාලනයට ජයෙන් ජය. ජාතිවාදයටත් පුරුෂාධිපත්‍යටත් නිසි පිළිතුරු ලබාදුන් බුද්ධිමත් චන්දදායකයාටත් අපගේ ප්‍රනාමය හිමි වන බව විශේෂයෙන් මතක්කර සිටිනවා. යහපාලනය දිනේවා! මෛත්‍රී යුගයක් ඇතිවේවා! කාන්තාවගේ විමුක්තිය උදාවේවා!   

Monday, December 29, 2014

කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් මෛත්‍රීපාල දිනවමු


මේ ජනාධිපතිවරනය හෝ වෙනත් කුමන මැතිවරනයක් වුවත් කාන්තාවට වැදගත් වන්නේ කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලනය තුල ලැබෙන සහය කවරාකාර වනවාද කියන කාරනාව උඩයි. අද කාන්තාවන්ට අවශ්‍ය වන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයෙන් ගැලවී නූතනත්වය කරා ගමන් කිරීමයි. මේ කර්තව්‍ය සාර්ථක වීමටනම් කාන්තාවගේ විමුක්තියට සහය වන කාන්තා හිතෛශී පාලනයක් රට තුල ස්ථාපිත වියයුතුය. ඒ සඳහා මෙවර ජනාධිපතිවරනයේදී බුද්ධිමත් කාන්තාවන් කාට තම සහය පලකළයුතුද යන්න පෙන්වාදීම ඉතා වැදගත් වේ.
              පළමුව කතා කළයුත්තේ පවතින අයහපත් පාලනය තුල කාන්තාවන්ට පාලක පක්ෂයෙන් නූතනත්වය කරා යෑමේ තම අරමුණු වලට යාමට තිබෙන බාධාවන් ගැනයි. බොහෝ දෙනා කතා කරන්නේ වත්මන් රාජපක්ෂ රජයේ දූෂණය හා වංචාව ගැනත් පවුල්වාදය ගැනත් පමණි. නමුත් කාන්තාවගේ පැත්තෙන් තවත් අයහපත් දේ බොහොමයක් ගැන කතා කරන්නට තිබේ. ජනධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා පරදවා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්කළයුතු වන්නටද කාන්තාවගේ පැත්තෙන් තිබෙන්නේ මේ හේතුය. වත්මන් රජයේ සියළු සංවර්ධන වැඩකටයුතු වලදී කාන්තාවන්ට එහි වැදගත් කාර්‍යභාරයන් කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. කාන්තාවන් පිරිමින්ට පමණක් සීමාවූ විවිධ අංශ වලට යොමු කිරීමටත් නිශ්පාදන ඵලදායීතාවය වැඩි කිරීමටත් මුලින් වැඩසටහන් ක්‍රියාත්මක උනත දැන් අඩපන වී ඇත. ඒ පුරුෂාධිපත්‍ය සම්ප්‍රදායික සමාජයේ හැටිය. අදටත් බොහෝ රැකියාවල පිරිමින් හා සම තත්වයෙන් නියැලීමට කාන්තාවන්ට නොහැක. දේශපාලනය තුල ඇති තත්වයද මීටම සමානය. කාන්තාවන් දේශපාලනයට පිවිසියද බොහෝ විට කාන්තාවන්ම තවත් කාන්තාවකට චන්දය දීමට ඉදිරිපත් නොවේ. රජය හා රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ වල  කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇත්තේ ඉතා සුලු ඉඩකි. කාන්තාවන් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කළයුතුයැයි සිතන සම්ප්‍රදායික පිරිමින් මේ රජයට අරක්ගෙන සිටින බවද රහසක් නොවේ. කාන්තා කටයුතු අමාත්‍යංශයක් තිබුණද එය ක්‍රියාත්මක වන්නේද පිරිමින්ට අවශ්‍ය ලෙසය. කාන්තා කටයුතු අමාත්‍යවරයා බාලවයස්කාරියන් ලිංගික අපචාරයේ යොදාගන්නා පිරිමි කාම පිස්සන්ට එම බාල වයස්කාරියන්ගේ කැමැත්ත ඇතිනම් ඔවුන් විවාහ කරගැනීමට ඉඩ දියයුතු බවට අදහස් ඉදිරිපත් කළ අයෙකි. මෙවැන්නන් කාන්තාවට යහපතක් කරන්නේ කෙසේද?
                         ඉතිහාසයේ විටින් විට පැවති ආණ්ඩු යටතේ කාන්තාවන්ගේ ආරක්ෂාව විවිධ නීති සම්පාදනය වුවත් ඒ සියල්ල මේ වනවිට අක්‍රියව පවතී. එක්සත් ජාතික පක්ෂ රජයක් පැවති කාළ වල යම් පමණකින් මේ නීති ක්‍රියාත්මක වුනේ ඒ සියල්ල සම්පාදනය කිරීමට රජය මුල් වූ නිසයි. නමුත් එම කාළ වකවානු වලද නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් අවධියේදී නම් බාල වයස්කාරියන් විවාහ කරගැනීම ඇතුළු පිරිමියාගේ කාම උමතුවට දැඩි දඬුවම් පමුණුවන නීති තදින් ක්‍රියාත්මක විය. එකළ පිරිමි කාමුකයන් ගැහැනු ළමුන්ට අතක්වත් තැබීමට බිය විය. බාලිකා පාසල් වල සිටම ආත්මාරක්ෂක සටන් පුහුණුව සාර්ථකව ක්‍රියාත්මක කර පිරිමියාගේ කාමුකත්වයට හිස නොනමන බිය නැති කාන්තා පරපුරක් හැදීමේ අඩිතාලම වැටිනි. කාන්තාවන්ට බියකින් සැකයකින් තොරව පිරිමින් කරන විවිධ රැකියා වල නිරත වීමට හැකි විය. අද කෝ ඒ තත්වය? අද කාන්තා පරපුරම අන්ත අසරනය. කාන්තාවන්ට නැවතත් හිමි වී ඇත්තේ සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාවයි. දැන් නැවතත් කාන්තාව පුරුෂයාගේ වහල් සිරකාරිය වී ඇත. අද කාන්තා අයිතීන් හඳුනන කාන්තාවට ගරු කරන කාගේ කාගේත් වගකීම වන්නේ දේශපාලන වෙනසක් මගින් හෝ මේ තත්වය මුලිනුපුටා දැමීමයි. එයට දැන් අවස්ථාවක් උදා වී තිබේ.
                                මේ වන විට මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට අති විශාල ජනකායක් සැදී පැහැදී සිටිති. එයින් මෙරට ප්‍රගතිශීලී කාන්තා පරපුරද උපරිම ප්‍රයෝජනය ලබාගතයුතුය. පොදු අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වදින මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් කාන්තා පරපුර මෙවර චන්දය භාවිතා කළයුතු වේ. පුරුෂාධිපත්‍යවාදී ජාතිවාදී හමුදාවට පුතුන් හදා භාරදුන් සම්ප්‍රදායික මවුවරුන්ට මෙවර කරන්නට හැකි ද්හෙයක් නැත. මෙහිදී අන්නකාන්තාවන්ගේ පැත්තෙන් වැදගත් වන ඊලඟ සිද්ධිය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු ගන්නා ක්‍රියාමාර්ගයි. එහිදීද අංක එකට වැදගත් වන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කර අගමැතිවරයාට ලබාදෙන බලතල හා එම තනතුරට පත්කරන පුද්ගලයා කවුරුන්ද යන්නයි. විධායක ජනාධිපතිවරයා අධිකරනයටත් ඉහලින් සිටීම බලවත් ගැටළුවකි මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරනය ස්වාධීන කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය ප්‍රශංසනීය එකකි. එසේ වන්නේ කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් අධිකරණය ස්වාධීන නොවී කාන්තා අයිතීන් රකින නීති රීති ක්‍රියාත්මක වීමට පවා තිබෙන බාධාව සැලකිල්ලට ගත් විටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා නිසැකවම අගමැතිවරයාට වැඩි බලතල ලබාදෙන බව කියයි. එය යහපත් දෙයකි. අගමැතිවරයා රනිල් වික්‍රමසිංග මහතා වීමද නරකන් නොවේ. ඒ ඔහු කාන්තාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරී වූකෙනෙක් නිසායි. ඇත්තෙන්ම කාන්තා පරපුරට වඩා යහපතක් වීමටනම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අගමැති තනතුරට පත්වියයුතු බව වනිතා හඬේ මතයයි. රනිල් වික්‍රමසිංහ මහතා නරක නැත. ඒ මහතා වටා සිටින අනෙකුත් පුද්ගලයන් ගැන එකවර යමක් කියන්නට බැරිය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට කාන්තා අයිතීන් හා කාන්තාවගේ විමුක්තිය ගැන පැහැදිලි දර්ශනයක් හා මතයක් තිබේ. ඇය දේශපාලනයේදී ගනුදෙනු කරන්නේද ඊට සුදුස්සන් සමගය.
                                මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ බහුතරයකගේ විශ්වාසය දිනාගතහැකි ඒ වගෙම බොරු ජාති හිතෛශී ජාතිවාදියෙකු ද නොවන කෙනෙකි. ඔහුට යම් අයහපත් බලපෑමක් කළොත් ඒ හෙළ උරුමය පමණි. සිංහල ජාතිවාදී සංවිධාන තම දේශපාලනයට ගාවා නොගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා වගබලාගන්නේනම් එය ඉතා මැනවි. කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවද සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන ඉතා අහිතකරය. නූතන කාන්තාවට ඔය ජාතියේ සම්ප්‍රදායික සිරිත් ආදී පසුගාමී අංග රැකීමට අවශ්‍ය නැත. වත්මන් කාන්තා පරපුරේ අභිලාශය වන්නේ පුරුෂාධිපත්‍ය සමාජ රාමුව බිඳහෙලා නූතනත්වය වෙත පියමැනීමයි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම වගකීම ඉටු කිරීම නොපමාව කළයුතුය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අගමැතිකම ලබාදිය නොහැකිනම් එතුමා ඇයට වෙනත් ප්‍රභල තනතුරක් හෝ කාන්තාවන් වෙනුවෙන් ලබා දියයුතුය. මෙරට සියළු ප්‍රගතිශීලී ජනයාට වැදහත් වන්නේ ධනයට බලයට කෑදර නොවන ප්‍රජාතන්ත්‍රවාදී යහ පාලනයකි. මෛත්‍රීපාල සිරිසේන මහතා බල ලෝබයෙන් කටයුතු නොකරයි. එතුමා විධායක ජනාධිපති ධූරය දින 100ක් තුල අහෝසි කරන්නටත් ඉන්පසු කිසිදු පැකිලීමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි බලතල සහිතව අගමැති තනතුර ලබාදීමටත් එතුමා කටයුතු කරන්නේ එනිසා නොවේද? මෙවන් උතුම් මිනිසුන් අප කවුරුත් නිරතුරුව අගය කළයුතු වේ. කාන්තාවගේ යහපත වෙනුවෙන් අවංකව ක්‍රියා කළ හැක්කේද එවැනි පුද්ගලයන්ට මිස බල ලෝබී ධනයට කෑදර පුරුෂාධිපත්‍ය වාදීන්ට නොවේ. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී ග්‍රහනයෙන් මිදී නිදහසින් පිරි නව ලොවක අරුනළු දකින්නට අප සැම එක්ව ජනවාරි 8 වනදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරමු.

Tuesday, November 25, 2014

කාන්තාව හා පොදු අපේක්ෂකයා

මේ ලිපියටනම් මුල් වුන කාරනේ එසේ මෙසේ එකක් නෙවෙයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දේවල් නෑ. මේ දවස්වල හා හා පුරා කියලා එලි බැහැපු ජනාධිපති පොදු අපේක්ෂකයා හා ඔහු වටා එකතුවුන දේශපාලන සහචරයින් ගැන කියන්නයි ලිපිය ලියන්න හිතුවේ. පොදු අපේක්ෂකයා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතායි. කවුරුත් හිතපු නැති විදිහට කඩාපාත්වුනු ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් තරගවදිනු ඇතැයි බොහෝ දෙනෙක් විෂ්වාස කළත් එය එසේ උනේ නෑ. පොදු අපේක්ෂකයෙක් ගැන කටකතා බොහොමයක් පැතිරෙමින් තිබුණා. පොදු අපේක්ෂකයා අහවලා වනු ඇතැයි කියමින් එක් එක් අය විවිධ මත පලකර සිටිනුද දක්නට ලැබුණි. මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ නමද වරක කියවිනි.

                          වනිතා හඬෙන් පෙන්වාදෙන්නට යන්නේ මේ තත්වය කාන්තාවට බලපාන හා වැදගත් වන ආකාරය කුමක්ද යන්නයි. ඇත්තෙන්ම පාලනයේ වෙනසක් වියයුතුයි. මේ පාලනය තුල විශේෂයෙන් රටේ වනිතා පරපුරට යහපතක් අත්නොවේ. මේ දෙස කාන්තාවගේ පැත්තෙන් බලා බොහෝ දේ කියන්නට පුළුවන. ඇත්තෙන්ම වත්මන් කාන්තා පරපුරට අවශ්‍ය වන්නේ ලොව නූතනත්වය දකින්නට හා පුරුෂාධිපත්‍ය සමාජ රාමුවෙන් ගැලවී එහි සියළු බැමි පුපුරවා හැරීමටය. ඒ සඳහා මේ පවතින පාලන පක්ෂයෙන් ලැබෙන්නේ ඉතා අඩු සහයෝගයකි. විධායක ජනාධිපතිකම පිරිමියෙකු විසින් හොබවන තැන කාන්තාව ගැන කවර කතාද? මේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීමනම් ඉතා හොඳ වැඩක් බව නොපැකිලව කිව හැකියි. රටටත් රටේ ගෞරවනීය වනිතා පරපුරටත් යහපතක් සිදුවූයේ උතුම් කාන්තා චරිතයක් වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජද්නාධිපති වී සිටි අවධියේ පමණි. ඊට හේතුව ඇය බුද්ධිමත් නූතනවාදී.  කාන්තාවක් වීමය.
                           

නැවත වරක් මෙරට වනිතා පරපුරට නිදහසේ ස්වර්ණමය යුගයක් කරා යන්නට තිබූ අවස්ථාවක් අහිමි වුන බව මෙවර ජනාධිපතිවරනය දෙස බලන විට වනිතා හඬට පෙනෙන්නට තිබේ. ඒ ජනාධිපතිවරනයේ විපක්ෂ පොදු අපේක්ෂකයා වන්නට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඉඩ නොලැබීම තුලයි. මේ ගැන හිතන්නට බොහෝ දේ තිබේ. එයින් ගිලිහී ගියේ මෙරට නූතනත්වයේ අරුණළු දකින්නට බලාපොරොත්තුවෙන් සිටි කාන්තා පරපුරේ අනාගත අභිලාශයන්ය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 1994 වසරේ ජනාධිපතිවරනයෙන් ජයගැනීමත් සමග මෙරට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවුනේ කාන්තාවට යහපත් ලෙස නූතනත්වය කරා පියනගන්නට හැකිවන ආකාරයටයි. අදටත් කාන්තාවන් බුක්තිවිඳින්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දුරදක්නා නුවනින් කළ වැඩපිළිවෙලවල් වල යහපත් ප්‍රතිඵල වේ. මේ යන විදිහට එවන් තත්වයක් යලි උදාවනු ඇත්ද? වත්මන් පාලනය තුලනම් කොහොමත්ම නැත. අවාසනාවනම් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙනුත් එවැන්නක් සිදුවන ලකුණු පහල නොවීමයි.
                    මද අස්වැසිල්ලකට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කරන බවට ප්‍රකාෂ කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් දේශපාලකයන් මෙන් නොව කාන්තාව කෙරෙහි නම්‍යශීලී බවක් දක්වයි. ඔහු පුරුෂාධිපත්‍ය උමතුවෙන් නොපෙලෙයි. නමුත් ඔහු වටා සිටින අනෙක් අය විශ්වාස කළ නොහැක. මංගල සමරවීර මහතා වැනි අයනම් ඉතා හොඳ ගුණගරුක අය වෙති. සමරවීර මහතානම් පස්චාත් නූතනවාදී අදහස් ඇති අයෙකි. ඔහු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාත් කාන්තාවන් නූතනත්වය කරා යන ගමනට විරුද්ධ නැත. කෙසේ නමුත් ඔවුන් වටා සිටින අනෙක් පුරුෂාධිපත්‍යවාදීන් කුමක් කරනු ඇත්ද යන්න කිසිවෙකුටත් කිව නොහැකි වේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියනම් කාන්තා විමුක්තිය ඉතා හොඳින් ක්‍රියාවට නැගූ බව පෙනෙන්නට තිබේ. වත්මන් විපක්ෂය තුලත් එලෙස කාන්තාව වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි අය ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර යන මහත්වරුය. මෛත්‍රීපාල සිරිසේන මහතා විධායකය අහෝසි කර පාර්ලිමෙන්තුවට බලය පැවරීම තුලත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුලත් කාන්තාවට යම් ශක්තියක් ලැබීම නියත වශයෙන්ම සිදුවේ. නව රජයක් පිහිටුවීමේදී මංගල සමරවීර  මහතාටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් ප්‍රභල තනතුරු හිමි වන්නේනම් කාන්තා පරපුර වඩා සුරක්ෂිත වනු ඇත. ඒ ඔවුන් සම්ප්‍රදාය තුල නොව නූතනත්වය තුල සිටින නිසාය.
                       
අවසන් මොහොත වනතෙක්ම කුමක් සිදු වේද යන්න පිළිබඳව නිස්චිතව යමක් කිව නොහැක. දැනට පවතින දුෂ්ඨ පාලනයනම් අවසන් වියයුතුම වේ. පොදු අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නොවීමනම් සැබැවින්ම  කනගාටුවට කරුනකි. එහෙත් පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහනය වනිතා හඬේද බලාපොරොත්තුව බව කිවයුතුය. ඒ පොදු අපේක්ෂකයා වටා මේ වන විට එක් වී සිටින බලවේග සමස්ථයක් ලෙස ගත් කල කාන්තාව නූතනත්වය කරා ගෙනයන ගමනකට විරුද්ධ නොවන අය වීම නිසයි. හෙට අනිද්දා වන විට තවත් විශාල පිරිසක් පොදු අපේක්ෂකයා වටා එක් රොක් වනු ඇත. සම්ප්‍රදායික නොවන සියළු ජනතාවගේත් විශේෂයෙන් රටේ කාන්තා පරපුරේත් අභිවුර්ධිය සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට මැතිවරන සටන ජයගැනීමට හැකි වේවායි වනිතා හඬ තුලින් ආශිර්වාද කරමු.