Monday, July 14, 2014

කාන්තාවන් සිහියට ගතයුතු වන වැදගත් දෙයක්.




වැල්වටාරම් නොකියා මේ කියන්නට යන දේ කෙලින්ම කියන්නම්. කියන්නට යන්නේ වෙන දෙයක් නෙවෙයි කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත කියායි. මේ කියමන හරිද කියල පුරුෂාධිපත්‍යවාදීන්ගෙන් අහල වැඩක් නෑ. එහෙම ඇහුවොත් ඒ අය ආපිට අහයි ඇයි පිරිමින් කාන්තාව රැකබලාගෙන පෝෂණය කරමින් ඔවුන්ට හහතින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නේ නැත්ද කියලා. ඒත් ප්‍රශ්නෙ ඒක නෙවෙයි. නූතන යුගයේ කාන්තාවන් පිරිමින්ගෙන් මෙලෙස රැකවරනය හා යැපීම බලාපොරොත්තු වියයුතුද කියන එකයි. අන්න එතනම කාන්තාවගේ නිදහස පිරිමියා විසින් උදුරගෙනයි තියෙන්නේ.
                              බුද්ධිමත් කාන්තාවන් මේ ටිකනම් කල්පනාකරලා බලන්නම ඕනේ. ඒ පිරිමියා තමන් රැකබලාගෙන පෝෂනය කරන්නේ තමන්ට ඇති කරුනාවක් නිසාද කියන එක. ඇත්තෙන්ම නෑ. ඔවුන් එසේ කරන්නේ කාන්තාව ලවා තම කාමුක අවශ්‍යතා සංසිඳුවාගනිමින් ළමයි වදවාගැනීම යහතින් කරගන්නට පුළුවන්තාක් විතරයි නේද? කාන්තාවන් තමන්ගේම ස්වාධීන ගමනක් පිරිමියාට යටත් නොවී යන්න උත්සහ කළොත් ඔය කාන්තාවන්ට බොරු ආදරය පෙන්වන කිසිම පිරිමියෙක් ඔවුන් කියන ආකාරයට කාන්තාවන් රැකබලාගනිමින් පෝෂණය කරමින් ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නට යන්නේ නෑ. බොහෝ පිරිමින්ට කාන්තාව තමන්ගේ කාම වස්තුව හැටියට පරිහරනය කළත් කාන්තාවට කිසිම වටිනාකමක් දෙන්නටනම් උවමනාව ඇත්තේම නෑ. පිරිමින්ට පමණක් සීමාවන කොතෙකුත් දේ කාන්තාවන් විසින් කරමින් තමන්ට එය කළහැකියැයි ඔප්පු කර පෙන්වුවද ඒ ගැන වචනයක්වත් කතාකිරීමට පුරුෂාධිපත්‍යවාදී මහන්තත්ත පිරිමින් කැමති නැතිය. පිරිමින් කරන ඕනෑම කටයුත්තක් කරමින් තම ජීවිත අභියෝග ජයගෙන ඉදිරියට යන්නට කාන්තාවන් උත්සහ කළහොත් කාන්තාව රැකබලාගැනීමට පාරම්බාන පිරිමි සේරම ඇය අනතුරට ඇදදමා පලායනු ඇත ඒ කාන්තාව තම කාම වස්තුව හා ළමයි වදන යන්ත්‍රය ලෙසට සිතන මහා ධීර වීර පිරිමියාගේ හැටිය.
                              

      පිරිමින් හැමවිටම කාන්තාව මනින්නේ තම ලිංගික ආශාවන් මත පිහිටා සිටයි. ඔවුන්ට එයින් තොර ලොවක් නැත. පිරිමියෙකු කාන්තාවකට සමාජයේදී යම් උපකාරයක් කළද ඔහු මුලින් බලන්නේ ඇය තමන්ගේ කාමුක හැඟීම් වඩවා ගැනීමට කොතරම් සුදුසුද යන්නයි. යම් ප්‍රශ්නයකට මුහුණදෙන කාන්තාවක් තරුණ රූමත් කෙනෙක් උනානම් යහපත් පුරුෂයින් සේරම ඇයට උදවු කරයි. නමුත් පිරිමින්ට අභියෝගයක් වන ශක්තිමත් වගේම පිරිමින් තරමට කාර්ය කිරීමේ දක්ෂ කාන්තාවකට මුහුනදෙන්නට වන සමාජ ගැටළුවක් නිරාකරනය කරගැනීමට මේ පුරුෂයින් කෙසේවත් උදවු කරන්නේනම් නෑ. වෙන එකක් තියා පිරිමියෙක් කාන්තාවක් දෙස බලා හිනා උනත් ඒ ටික කරන්නේත් තමන්ගේ කාම ආශාවට ගැලපෙන පෙනුමක් ඇති අය එක්ක විතරමය. නමුත් පිරිමින් කියන්නේ තමන් ස්ත්‍රී දූෂකයන් අපචාරකරුවන්ගෙන් කාන්තාව බේරාගැනීමට ඕනෑම මොහොතක ඉදිරියට එනවයි කියන එක. මේ අමූලික බොරු. ඇත්තෙන්ම ඔවු ඒ ටික කරන්නේත් කාන්තාව ඔවුන්ට ප්‍රියමනාප කාමුක ස්ත්‍රී චරිත වනවානම් හා විවාහ වීම දරුවන් හැදීම ආදියට බැඳී සිටිනවනම් පමණයි. මේ ටික නූතන යුගයට පිවිසෙන කාන්තාව අනිවාර්ය ලෙස දැනගන්න ඕනේ.
                              
        අන්තිමටම කියන්න තියෙන්නේ මේ ටික විතරයි. ඒ පිරිමින් සියලු දෙනා කාම පිස්සන් මිස කාන්තාවට හිතැති අය නෙවෙයි කියන ටික. කාන්තාවට අවසානයේ කාන්තාව පමණයි පිහිටට එන්නේ තමන්ගේ උත්සහයෙන් නැගී සිට නව ලොවට පිවිසෙන්නට ඔවුන් උත්සහ කරද්දී. ඒ නිසා හැම විට කාන්තාව තමන් පිරිමින්ට ප්‍රියමනාපද යන්න නොසලකා පිරිමියාගෙ උදවුවක් නැතිව ලෝකයේ ජීවත් වීමට උත්සහ කළයුතුයි. පිරිමින්ට අභියෝගයක් වන එඩිතර ශක්තිමත් කාන්තාවන් වටා සමස්ථ ස්ත්‍රී ජනසමූහයම ඒකරාශී වියයුතුයි. හැම දේටම පිරිමියාගේ පිහිට පැතීම නවතා දාන්නත් ඕනේ. ඒ වගේම තමන් කාන්තාවට ඔයතරම් හිතවත්නම් කාන්තාව වෙනුවෙන් කැප කිරීම් කරනවනම් කාන්තාව පිරිමියාගේ කාමුක වහල් බවෙන් මිදී නව ලොව කරා යන ගමනට සහය දෙමින් පුරුෂයාට අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට ඉදිරිපත් නොවන්නේ ඇයි කියලා ඔය ගුණගරුක පිරිමින්ගෙන් අහන්නත් ඕනේ. ඔවුන්ට කට උත්තර නැති වෙන්නේ මෙන්න මෙතනදී. නැවතත් මතක්කරදෙන්න තියෙන්නේ කාන්තාවන්ට පිහිටක් වන්නේ හැමවිට කාන්තාවන් පමණක් කියන එකමයි. පුරුෂාධිපත්‍යවාදී වීරයන්ට මේක  බලලා  හැකිනම් හිතේ අමාරුව යන්න මොනවහරි දොඩවලා යන්න පුළුවන්.

24 comments:

  1. කාන්තාවට කාන්තාව මිස පිරිමියාගෙන් කිසිදු හවුහරනක් නැත////
    වැඩි දෙයක් ඕන නෑ මේ මනුස්සය නං ජීවිතේට බස් එක්ක ගොහිං නැද්ද කොහෙද...
    අඩුම ගානෙ වයසක අම්ම කෙනෙක් බබ්බු හම්බෙන්න ඉන්න අම්මෙක් බස් එක්කට නැග්ගම හොරට නිදා වැටෙන ජාතියෙ ඈයො ගැන එහෙම වෙන්න ඇති ඔය දොඩවන්නෙ...
    ඒක නං මාර කාන්තා පරෝපකාරයක් තමා...
    වැඩි දෙයක් ඕන නෑ...
    ගැහැණුන්ට වැඩි පුරම කුඩු කේඩුකං කරන්නෙම ගැහැණු
    එහෙව් එකේ මෙන්න මෙයා මෙහෙම කියනව...
    ඒකට මට හිනා හිනා

    ReplyDelete
    Replies
    1. බස් වල කොතෙක් ගියත් ඔයා කියන ප්‍රශ්නේ මමනම් සතේකට ගනන් ගන්නේ නෑ. බබ්බු හම්බවෙන්න ඉන්න ගෑනුන්ට සීට් එකක් නොදෙන අයනම් මම දැකලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ නූතන යුගයේ කාන්තාවට අදාල ප්‍රශ්නයක් නෙවෙයි. මොකද නූතන කාන්තාව සම්ප්‍රදායිකව දරුවන් වදන ගැහැනිය නෙවෙයිනේ. බබ්බු හම්බවෙන්න ඉන්න ගෑනුනම් මේ වගේ අපහසුතා විඳින්නම ඕනේ. එතකොටවත් තේරෙයි පිරිමියාගේ ළමයි වදන එකටයි පිරිමි කාම පිස්සුව සන්සිඳුවන එකටයි එහා ජීවිතයක් තමන්ට තියෙන්න ඕනේ කියලා.

      Delete
    2. මෙයාට බබාලා හැදෙන්නෙ නෑ මහේෂ්.................

      Delete
    3. බබ්බු හම්බකරගෙන පිරිමියාට වහල්කම් කරන එක සම්ප්‍රදායික මෝඩ ගෘහණිය හා මවගේ භූමිකාව මිස ඒක නූතන යුගයට වලංගු නෑ.

      Delete
  2. හරිම බුඩ්ඩිමත් ලිපියක්

    ReplyDelete
  3. මේ ලිපියේ තියෙන ඒව එහෙම පිටින් කළාට කමක් නැද්ද දන්නෙ නෑ?

    ReplyDelete
    Replies
    1. කමක් නෑ කියල තමයි කියන්නේ.

      Delete
  4. හදවතේ මනුස්සකම තියෙනව නම්,ඔලුවෙ බුද්ධිය තියෙනව නම්,වැදගත් වෙන්නෙ එච්චරයි.ගැහැනු පිරිමි කමක් කොතනටවත් අදාල නැහැ.

    ReplyDelete
  5. මෙයත් ආප්ප කඩයක් දාන්න වගේ යන්නේ ....වනිතා ඇන්ටි එන්නෝ බිත්තර ආප්පයක් කන්න ....

    ReplyDelete
    Replies
    1. ඔයා දන්නේ නැති උනාට ආප්ප කඩ දැන් ලංකාවේ ඕන තරම් තියෙනවා.ඔයාලා වගේ සම්ප්‍රදායික පිරිමින්ගේ ආධිපත්‍ය තිබුන කාලේ දැන් ඉවරයි

      Delete
    2. හරිනෙ ආප්පකඩවලින් කොහොමද වරිගයා බෝකරන්නෙ හැක්...

      Delete
    3. ඔයා දන්නේ නැති උනාට දැන් ලෝකේ දියුණු බටහිර රටවල ක්ලෝන තාක්ෂණය මගින් දරුවන් හදන්නත් පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මේ තාක්ෂනේ තව දියුණු කරල ගත්තනම් කාන්තාවන්ට පමණක් තනිව වර්ගය බෝකරන්නත් පුළුවන්. ඒවගේම ඒ තුලින් කාන්තාවන් පමණක්ම ලෝකයට බිහිකරන්නත් පුළුවන්. එතකොට ඔය පිරිමින්ගේ අධිපතිවාදී පුරසාරම ඉවරයි.

      Delete
    4. අනේ වනි එහෙමනම් කරන්න එපා සත්තලනේ ......ආප්ප කන ගමන් කෙහෙල් ගෙඩියකුත් කෑවම මක් වෙනවාද ? අනේ අපිට අධිපතිවාදී රෙද්දක් ඕන නෑ ,,,,,,
      සම්ප්‍රදායික ගෑණූ දෙතුන් දෙනක් හිටියොත් ඇති .....

      Delete
    5. ඔයාලගෙ කෙහෙල් ගෙඩි කන්න ගෑනුනම් තව ඉස්සරහට නැති වෙයි. කෙහෙල් ගෙඩි ඔයාලටම තමයි ඔබාගන්න වෙන්නේ. පුරුSආධිපත්‍ය රෙද්දවල් ඕනෑ නැත්නම් මොකටද සම්ප්‍රදායික ගෑනු දෙතුන්දෙනෙක් ඕන වෙන්නේ?

      Delete
  6. මොනවද බං මේ ලියන්නේ , මං වගේ ඕපාදුපයක්වත් ලියහංකෝ හිනාවෙන්ඩවත්

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ. කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න කතා කරන්නම ඕනේ නේද? මේ ලියපු දේවල් වල වරදක් මමනම් දකින්නේ නෑ. මේක කතා කරන්නම ඕනේ.

      Delete
  7. ලිපිය ගැනනම් මම කිසි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් ඔබ වැනි අයත් කෙලින්ම මේ වගේ අදහස් ප්‍රකාශ කරන එකත් වරදක් කියල මම හිතන්නේ නෑ. මොකද එතකොට අපට වඩා හොඳින් සංවාදයන් ඉදිරියට ගෙනයන්න පුළුවන්.

    ReplyDelete
  8. දෙයක් කියන්නද?

    වනිතා ඇන්ටිගේ කතාව අහපුවාම මට නම් හිකුනේ වනිතා ඇන්ටි එච්චර ලස්සන නැති ඇහැට්ට කනට පේන්නේ නැති.. හොද මෝල් අමාරු කාරයෙක්ද අහු උන වනිතාවක් කියලයි.. මොකද මෙයාගේ කතා වලින් කියවෙන්නේ එක් පිරිමි කොට්ටාසයක් ගැන විතරයි.. ඔෙහාම ගත්තොත් වනිතා නැද්දේ ඔය වගේම වනිතාවනුත් ඉන්නවා කියලා හොදට මතක තියාගන්න ඈ.. අනිත් එක තමයි පිරිමියාගේ උදව් නැතුව වනිතාව නැගිට්න්න ගියොත් වෙන දේ පොඩ්ඩක් බලන්න කියන එක.. ඇන්ටි පිරිමියාගේ උදව් නැතුව ඔයාලට නැගිටින්න බෑ.. ඒ වගේම තමයි පිරිමියාටත් කාන්තාවගේ උදව් නැතුව නැගිටින්න බෑ.. ඕක තමයි ස්වාභාවය.. ස්වාභාවිතව ගෑනු පිරිමි අයට හැකියාවන් දෙවිදිහකට පිහිටන්නේ.. ඒක නිසා ගැහැනු පිරිමි එකට ඉන්න ඕනි.. ඔයාලා වගේ මොලේ උන හැදුන අයට ඕවා තේරෙන්නෑ වනිතා ඇන්ටියෝ

    ReplyDelete
    Replies
    1. ගොඩයට ඒක තේරැනාට මෙයා ඉන්නේ මනෝ රාජ්‍යයක. ස්වභාව ධර්මය කියලා එකක් තියෙනවා, අහලා තියෙනවද

      Delete
    2. ගොඩයටයටනම් මුලින්ම කියන්නේ ඔයාට ගොඩයා කියලා ඔයාම දාගෙන තියෙන නම හරියනවා කියලා. මොකද ඔයාට තියෙන්නේ නූතන කාන්තාවගේ ප්‍රගතියට සපුරා පටහැනි ගොඩේ මෝඩ අදහස්. අනික් ඇනෝ " " එකක් දාපු ගොඩයත් ඔයා වගේමයි. ස්වභාවධර්මයෙන් එහාට දෙයක් දන්නේ නෑ. ඔයා හිතන විදිහට නූතන කාන්තාවන් පිරිමින්ගේ මොන අමාරුවකටවත් අහුවෙන්නේ නෑ. කාන්තාවන් කියන්නේ පිරිමි කාම පිස්සන්ට කාම උන්මාදය සපුරාලන කාම වස්තුව වෙච්ච කාලේ ඉවරයි. අනෙක නූතන යුගයේ කාන්තාවන්ට පිරිමියාගේ ඇහැට කනට පේන්න හැඟීම අවුස්සමින් ලස්සන වෙන්න අවශ්‍යත් නෑ. කොටින්ම දැන් නූතන කාන්තාවන් ඉස්සර වගේ රූපේ ගැනයි පෙනුම ගැනයි උනන්දු වෙන්නෙම නෑ. මේ සේරම පිරිමියාගේ කාම පිස්සුවටයි හිතේ විකාර වලටයි අනුව වෙන දේවල් කියලා කාන්තාව අවබෝධ කරගෙන ඉවරයි. පිරිමියාට කාන්තාවගේ උදවු නැතිව නැගිටින්න බැරි උනාට කාන්තාවට පිරිමියාගේ උදවු නැතිව නැගිටින්න පුළුවන්.

      Delete
    3. අම්මපා ඔහේට කාමය ඇර වෙන මාතෘකාවක් ඇත්තෙම නෑ... අපි ඉන්න සමාජයේ එය කියන කාමය එක් මාතෘකාවක් ජීවිතයේ එක් අංගයක් විතරයි. ඔයාට ඉතිං වෙන මාතෘකාවක් ඇත්තෙමත් නැත්තන් පිරිමින්ගේ උදව් නැතිව වර්ගයා බෝකරන්නකෝ. ඒකත් බැරිනම් මිනිස්සු නැත්තටම නැතිවෙයිනෙ. එතකොට මේ බ්ලොග් එක බලයි බව්වො...

      Delete
    4. Anonymous කාමය කියන්නේ එක දෙයක් විතරයි කියලා මමත් දන්නවා. පිරිමින්ගේ උදවු නැතිව වර්ගය බෝකරන්න නවීන විද්‍යාවෙන් ක්‍රම හොයාගෙන ඉවරයි. ඔයා දන්නේ නැති උනාට දැන් ලෝකේ දියුණු බටහිර රටවල ක්ලෝන තාක්ෂණය මගින් දරුවන් හදන්නත් පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මේ තාක්ෂනේ තව දියුණු කරල ගත්තනම් කාන්තාවන්ට පමණක් තනිව වර්ගය බෝකරන්නත් පුළුවන්. ඒවගේම ඒ තුලින් කාන්තාවන් පමණක්ම ලෝකයට බිහිකරන්නත් පුළුවන්. එතකොට ඔය පිරිමින්ගේ අධිපතිවාදී පුරසාරම ඉවරයි.

      Delete
  9. Mama hithanne meka liyana kena Ruhunu Kumari, Samudra Devi trains wala Kaanthaa Madiriye gihin naha.. E giyaa nam balaaganna thibba kaanthaawan kaanthaawanta pihita wena, udaw karana, salakana hati....

    ReplyDelete
  10. //පිරිමින්ගේ උදවු නැතිව වර්ගය බෝකරන්න නවීන විද්‍යාවෙන් ක්‍රම හොයාගෙන ඉවරයි. ඔයා දන්නේ නැති උනාට දැන් ලෝකේ දියුණු බටහිර රටවල ක්ලෝන තාක්ෂණය මගින් දරුවන් හදන්නත් පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මේ තාක්ෂනේ තව දියුණු කරල ගත්තනම් කාන්තාවන්ට පමණක් තනිව වර්ගය බෝකරන්නත් පුළුවන්. ඒවගේම ඒ තුලින් කාන්තාවන් පමණක්ම ලෝකයට බිහිකරන්නත් පුළුවන්./

    මෙහෙම ගියොත් පිරිමින්ට ජීවත්වෙන්න වෙනත් තැනක් හොයාගන්න වෙයි වගේ
    කොහොම උනත් නිදහස් මාධ්යවේදීයෙක් ලෙස රටේ සමාජයේ වෙන දේවල් දිහා රබර් ඇහැ දාලා බලනකොට කාන්තාවෝ අතරේ එක එක ලට පට තියෙන බව නම් දැනුණා

    ReplyDelete