Sunday, April 6, 2014

නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු

පුරුෂාධිපත්‍යට එරෙහිව අභීතව හා අව්‍යාජව හඬ නැගූ ගැහැනිය.



මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප‍්‍රනාන්දු 2008 නොවැ-දෙසැ


 ‘ත‍්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.


ඔබට ලංකාවේ ස්ත‍්‍රිය හා 


පුරුෂයා ගැන තියෙන්නේ 



මොනවාගේ අදහසක්ද? 


හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත‍්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.

ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත‍්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා මොඞ්. අපි අද මෙවැනි ක‍්‍රියාකාරීත්වයක ඉන්නේ ඒ වකවානුවේ තිබුණු ඒ තත්ත්වය නිසයි. නමුත් අද පරම්පරාවේ ස්ත‍්‍රීන් හා පුරුෂයින් මේ මෝස්තර ආරූඪ කරගන්නේ, තවර ගන්නේ, අනුකරණය කරන්නේ තමන් නොමැති පන්තියක ඉන්නවා කියා පෙන්වන්න. මේ පන්තිකරණය ව්‍යාජයක්. හැට ගණන් වල අපිත් පන්තියෙන් පිට පැනීම සඳහා ගමට ගියා. ග‍්‍රාමීය ගොවියන් සමඟ කටයුතු කළා. මම පවා එදා ඇඳුමෙන්-පැළඳුමෙන් එවැනි වෙනසක් ඇති කරගත්තා. පසුව අපි ව්‍යාපාරගතවීමත් එක්ක අපේ ජිවිතවල සැබෑව මතුකර ගැනීමට ඒ වෙනස ඉවහල් වුණා. නමුත් මේ තියෙන මොඞ් ගතිය තුළ අපේ ස්ත‍්‍රීන් සහ පුරුෂයන්ගේ ඇඳුම හැර ඔවුන් තුළ හරයාත්මක බවක් නැහැ. අපේ මොඞ් නළුවෙකුගෙන්, නිළියකගෙන් ඇහුවොත් මොකක්ද ජීවිතයේ පරමාර්ථය කියලා ඔවුන් කියන්නේ, ‘හොඳ බිරිඳක් හෝ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙලා දරුවන් හදා ගෙන තමන්ගේ නිවහනක ජීවත්වීම කියලා. කලාව කියන්නේ මොකක්ද කියාවත් මේ අය දන්නේ නැහැ. ඇඳුමෙන් සමානයන් වී පන්ති පරතරය බොඳවීම මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙස. ඒ ලිබරල්කරණයට මං කැමතියි. නමුත් ගැටළුව වෙන්නේ ඒ මොඞ්වීම ඇතුළාන්තයට නොයෑම.

ඔබ විශ්වාස කරන ආකාරයට ස්ත‍්‍රිය හා පුරුෂයා පැමිණෙන්නේ, ලෝක දෙකකින්ද නැතිනම් එකම ලෝකයක් තුළ ඉන්න එහෙත් එකිනෙකාගෙන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන අනන්‍යතා දෙකක් විදිහටද?
ඇත්තටම ස්ත‍්‍රිය හා පුරුෂයා එන්නේ ලෝක දෙකකින්. හේතුව තමයි ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස ඔවුන්ගේ මානසික ක‍්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන්නා එන්නේ ලෝක දෙකකින්. මම හිතන්නේ ඔවුන් යම් සම්මුතියකට එන්න අනන්‍යතා දෙකක් වෙනුවට එක් අනන්‍යතාවක් හදා ගන්න උත්සාහ කරනවා කියලයි. තරුණ තරුණියෝ කියන්නේ අපි එකා වගේ ඉඳිමු කියලයි. ඒක එක්තරා විදියකට සුන්දර සිහිනයක්. නමුත් තම තමන්ගේ හැසිරීම් රටාවන් සහ අනන්‍යතාවන් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නා අතර සබඳතාවයකදී එකඟවෙමින් යම් සම්මුතිගත වීමක් සිදුවෙනවා එච්චරයි. ජිවිතයේ පනස් විය පසු කරන අවස්ථාවේදී මට කියන්න පුළුවන් ඒ එක වගේ කියන කාරණය මීට වඩා යථාර්ථවාදීව සිතිය යුතුයි කියලා. අපි හදාගත යුත්තේ එක වගේ එකකට වඩා නිර්මාණාත්මක පසුතලයක්.
මොකක්ද ලිංගික වෙනස කියන්නේ. Antagonism හෙවත් පසමිතුරුතාවක්ද එහෙම නැත්නම් contradiction හෙවත් ප‍්‍රතිවිරෝධයක්ද?
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
පේන්න තියෙන විදිහට රටේ සිදුවන බරපතල අවමානුෂිකකරණය ඉදිරිපිට ස්ත‍්‍රීන් නිහඬයි. පාරට බැස්සම පේන්නේ පවතින ක‍්‍රමයට ඔවුන් පක්ෂපාතී වන ආකාරයක්. ස්ත‍්‍රීන්ගේ මේ වෙළෙඳපොල හරහා උපුටාගත් බාහිර අලංකාරණයෙන් පිරිමින්ද මුසුපත් වී ඇති බවක් පෙනෙනවා. මේ පිළිඹිබුව, ස්ත‍්‍රීවාදයේ තාර්කික අවසානයකට අප පැමිණ තිබෙන බවද?
මම හිතන්නේ නැහැ. ස්ත‍්‍රීවාදය කියන කාරණාව මමවත් තවමත් හරිහැටි තේරුම් ගත්ත තැනක නෙමෙයි ඉන්නේ කියලා මම මේ ප‍්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්තියි. අවාසනාවකට ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම්, ස්ත‍්‍රී විමුක්තිය හා ස්ත‍්‍රීවාදය සම්බන්ධයෙන් අප අතර තිබිය යුතු ඒ තාර්කික තේරුම් ගැනීම, අත්දැකීම් හරහා එය අත්වීඳීම කියන කාරණා ගත්තොත් අපි හැමෝම එක් එක් තලවල සිට එහි ස්වභාවයන්, අර්ථනිරූපණය කිරීමට දරපු වෑයමක්. ඒ නිසා කෙනෙක් ලස්සන වීම කියන එක ස්ත‍්‍රීවාදය හා කාරණයක් නෙමෙයි. ස්ත‍්‍රී අලංකාරයට මුසපත් වෙන්නේ පිරිමිනේ. ඇයි පිරිමි මුසපත් වෙන්නෙ. අහක බලාගෙන යන්න පුළුවන්නෙ.

ස්ත‍්‍රීන්, පිරිමින්ගේ වහල්ලූ වූ යුගය අවසන්වී පිරිමීන්, ස්ත‍්‍රීන්ගේ වහල්ලූ බවට පත් වී ඇති යුගයකට අපි අවතීර්ණ වී ඇතැයි අපි පුරුෂාධිපත්‍යයෙන් යුතුව ප‍්‍රකාශ කළහොත් මොකක්ද ඊට ඔබ දක්වන ප‍්‍රතිචාරය?
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත‍්‍රියට වහල් වීමත්, ස්ත‍්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත‍්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත‍්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.

ධනවාදී වෙළෙඳපොළ ලිංගික වෙනස සමජාතීයකරණය කරමින් ඉන්නවා. එය විසින් ගැහැනුන්, පිරිමින් කරන අතර පිරිමින්, ගැහැනුන් කරමින් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ පිරිමි සහ ගැහැනුන් අතර වෙනස සඳහා සටන් කිරීම ද නැතිනම්, ලිංගික වෙනස සමානාත්මතාවක් වන තෙක් සටන් වැදීම ද?
නෑ. ලිංගිකත්වය කියන එක අපට සම කරන්න බැහැ. ලිංගිකත්වය යොදා ගැනීම සම්බන්ධ කාරණාව ගත්තොත්, කාන්තාවන් ලිංගිකත්වය තුළින් ආශ්වාදය ලබා ගැනීම සහ පුරුෂයා ආශ්වාදය ලබා ගන්නා ආකාරය අතර යම් පරතරයක් තිබෙනවා නම්, එය සම්බන්ධයෙන් තියෙන අභියෝගයන් තමයි අපිට ඔතනදී සාකච්ඡා කරන්න වෙන්නේ. ගෝලීයකරණය හෝ මුලධර්මවාදය හෝ මේ කියන ඒකාකාරී සංකිර්ණ මහා ක‍්‍රියාවලිය තුළින්ම තමයි මේ ස්ත‍්‍රිය හා පුරුෂයා තුළ ඔබ මතු කළ විපරීත ස්වභාවය මතුවෙන්නේ. එය තේරුම් ගැනීම සඳහා වන දෙයක් විධියටයි මම මේ ප‍්‍රශ්නේ දිහා බලන්නෙ. ස්ත‍්‍රීන්, පුරුෂයන් බවට පෙන්වීම හෝ පුරුෂයන්, ස්ත‍්‍රීන් ලෙස පෙන්වීම හෝ කියන්නේම මේ ගෝලීය ධනවාදී තරඟකාරී වෙළෙඳපොළ හසුරුවා ගැනීම සඳහා විවිධ විලාසිතාවන් අතර ඇතිවන්නා වූ තරඟයක් හැටියට මිස ලිංගිකත්වයේ වෙනසක් ඇති කරන්න හදන දෙයක් ලෙස නෙමෙයි.

ඔබ වඩාත් කැමති ගැහැනුන් සහ පිරිමි එක වගේ වෙනවටද එහෙමත් නැත්නම් ඔවුන් අතර ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවටද ?
මං කැමතියි ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් තියෙනවා නම්. මොකද ඒ ප‍්‍රතිවිරෝධතා තුළින්ම තමයි නිර්මාණාත්මකභාවයක් ඇතිවන්නේ. එක වගේ වුණාම හරි ඒකාකාරියිනේ. මම, මම වන අතරම මම කැමතියි මා සමඟ සම්බන්ධ වන පුරුෂයා ඔහු, ඔහු වෙනවට. අපි අතර පවතින සම්බන්ධතාවය තුළ ඒ නොගැලපීම හා ගැටුම් නෙගෝසියේට් කර ගන්න ඕනේ. හැබැයි පිරිමින්, පිරිමි වෙන්න ඕන කියන එකෙන් මං අදහස් කරන්නේ, ඔවුන් තුළ පුරුෂාධිපත්‍යය තිබිය යුතුයි යන්න නොවෙයි.ආධිපත්‍යභාවය පිරිමියා තුළ පමණක් නෙමෙයි ගැහැනිය තුළත් තිබිය යුතු නැහැ. ගැහැනිය රැකියාවට ගියාම පිරිමියා කරන්නේ ටෙලිෆෝන් කර කර මොනිටර් කරන එක. ගැහැනිය කරන්නේත් එයමයි. ඉතින් ලංකාවේ අපි මේකට කියනවා පවුල කියලා. දෙන්නම ඉන්නේ කූඩු වෙලා. ඒ නිසා අපි ඉන්නේ ‘ෆැමිලියා’ තුළ.
ස්ත‍්‍රිය පිළිබඳව ග‍්‍රාමීය පිරිමින්ට ඇති රත්නවල්ලි කුතුහලය සහ ලිංගික නිවටකම ගැන ඔබේ අදහස මොකක්ද ?
ඔය ප‍්‍රවාද කියන්නේ ගැහැනියගේ ලිංගිකත්වය තියෙන්නේ තමන් සතුව යැයි කියන මහා ප‍්‍රවාදය තුළනේ. ගැහැනියගේ ලිංගිකත්වය පවතින්නේ පුරුෂයාගේ ආශ්වාදය සඳහාය යන්න තමයි මහා ප‍්‍රවාදයේ අදහස. මේක මට මතවාදයක් හැටියට පිළිගන්න බැහැ. නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයට අයිති නොවන බව නම් මට කියන්න වෙනවා. ස්ත‍්‍රීවාදය තුළින් මතු කරන්නේ අපේ ලිංගිකත්වය අපට අයිතියි, අපේ ඇඟ අපට අයිතියි, එය හසුරුවා ගැනීමේ අයිතිය අපට තිබිය යුතුයි යන්නයි. ඒ නිසා අර රත්නවල්ලි කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපේ සාරය අපි කාටහරි දීලා. ස්ත‍්‍රී සාරය ඒ නිසා අපි ළඟ නැහැ. එය නැවත අපි ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය තමයි අපි මතුකර ගන්න ඕනේ. නිදර්ශනයක් විදිහට මම ඊයේ-පෙරේදා හින්දුන්ට සම්බන්ධ Divine Goddess කියන පොත කියෙව්වා. එහි සාකච්ඡා කරන්නේ රාධා-ක‍්‍රිෂ්ණා කතාන්දරයේ රාධාගේ චරිතය හා විෂ්ණුගේ බිරිඳගේ චරිතය. එය තනිකරම හින්දු මතවාදය මත ගොඩ නැගුවක්. මෙහි රාධා-ක‍්‍රිෂ්ණා සමව තබන අතර විෂ්ණු තමන්ගේ බිරිඳ පාදස්ථානයේ තබා ගන්නා බව හඟවනවා. ඒ කියන්නේ හින්දු-බමුණු වැඩවසම් සමාජය තුළ ගැහැනියකගේ සාරය තිබුණේ පුරුෂයා ළඟ. මං හිතන්නේ රත්නවල්ලි හා මෙය සමානයි.

ඇමෙරිකානු මැතිවරණ කි‍්‍රයාවලියට මෙවර සහභාගී වී ඇති සාරා පාලින් ඉදිරිපත් කරමින් සිටින්නේ ක‍්‍රිස්තියානි මුලධර්මවාදයක්. ලංකාවේ DAILY MIRROR කතුවරිය ඉංග‍්‍රීසි කතා කළත්, පන්තිය නාගරික වුවත්, ඇගේ පක්ෂය හෙළ උරුමයයි. හුඟක් ගැහැණුන් ප‍්‍රසිද්ධියේ නොවුණත් හදවතින් ම ජාතිවාදීයි. යුද්ධයට පක්ෂයි. සමාජ ක‍්‍රියාකාරිනියක් හැටියට ඔබ මේ නස්පැත්තිය තේරුම් ගන්නේ කොහොමද?
ඉහත කතුවරිය වගේ මේ සමාජයේ බොහෝ ගැහැනු මිනිසුන්ගේ contradiction එක එහෙම නැතිනම් ප‍්‍රතිවිරෝධය මම දැකලා තියෙනවා. පොදුවේ මට තියෙනවා ඔය කිව්ව දේට විරුද්ධත්වයක්. ඇත්තටම අපි වැඩ කරන ඈත ගම්වල ඉන්න අහිංසක, අසරණ ගැහැනු තුළ ඔහොම දෙයක් මම දැකලා නෑ. බලය සමඟ ගනුදෙනු කරන නාගරික කාන්තාවන් තුළ තමයි ඔය කියන ප‍්‍රතිවිරෝධය තියෙන්නේ. මම ගම්වල වැඩ කරද්දි හමුවන දයා එහෙම නැහැ. ශීලා එහෙම නැහැ. ගුණවතී එහෙම නැහැ. කොළඹ මධ්‍යම පාන්තික දිවිපෙවෙත් ගත කරන ගැහැනුන් නම් රාජපක්ෂගේ බලයෙන් උණුසුමක් ලබා ගන්න උත්සාහ කරනවා.


මේ ධනවාදී සංස්කෘතිය යුගයේ ස්ත‍්‍රී නිදහස වෙනුවෙන් හඬ නඟනවා කියන්නේ, පිරිමින්ගේ ගොදුරක් කියා කෑගැසීමද? නැතිනම්, මීට වඩා හොඳ සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමද?
කාන්තා විමුක්තිය කියන වචනය අපේ ප‍්‍රවාද තුළින් බැහැරව තිබෙන සමයක මම තවමත් කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ එහි ගැඹුරුතම දේශපාලන අර්ථය තේරුම් ගත් අයෙකු නිසා. මම වාමාංශික ක‍්‍රියාදාමයකින් ආ නිසා විමුක්තිය කියන වචනය මම මුලින් ම ඇහුවේ පන්තිය කියන වචනයත් එක්කයි. මගේ දේශපාලනය හා සමාජ අත්දැකීම් තුළ මම විමුක්තිය කියන්නේ සමස්තයේම නිදහස කියන අර්ථයෙන්. එය පන්තියට සීමා කරන්න බැහැ. නමුත් සංක‍්‍රමණීය තත්ත්වය තුළ මම කැමතියි ලිබරල්වාදී ඇප්‍රෝච් එකක් තුළ ගමන් කරන්න. මට බැහැ මුළු සමාජ පෙරළියක් එනකං ඉන්න. නමුත් මගේත් අවසාන අරමුණ සමාජ පෙරළියක් තමයි

11 comments:

  1. ත්‍රීමාන කියන්නෙ පිස්සො කට්ටියක් කරන සයිට් එකක් නේද? කොහොමටත් මේ වගෙ ලිපි නම් හරිම නීරසයි.හැබැයි මෙහෙම දෙයක් කියන්නම්. විවේක වෙලාවට අපි යනව ආරණ්‍ය සේනාසන වලට ,භාවනා කරන ආධ්‍යාත්මවේදියො ලඟට එහෙම . ඒ අය කියන ඒව පුදුම විදියට හරි යනව. මේක දැකපුවම මට මතක් වුනා ඉස්සරහට පිරිමියෙකුට පාරට බහින්න බැරි තරමට ගෑනු ලෝකෙ බලය අල්ල ගන්නවලු.
    මේක දකිනකොට හිනා යන එකක් වෙන්න ඇති. ඒත් මේ අනාවැකිය ඇත්තම කියලයි කියන්නෙ. මේක කිව්වෙ ඉතාම උතුම් කෙනෙක්. එයාට ඉස්සරහ පේන කෙනෙක්. මාධ්‍ය කාරයො පස්සෙ යන චන්දරසිරියෙක් නොවෙයි.
    එයා අනාගතය ගැන කියන ඒව හරියටම හරි. ගෑණු කණ්ඩායමක් බලය අල්ල ගත්තට පස්සෙ දැන් ඉන්න පිරිමිනුත් 10% විතර වෙනකම් මරා දමනව කියලයි කියන්නෙ.
    ඒ කියන්නෙ ගෑනු කන්ඩායමක් මුළු ලෝකයම එක තැනකින් පාලනය කරනව. පිරිමින්ට දරුණු වධ හිංසා වලට ලක් වෙන්න වෙනව. රෙජිස්ටර වෙන්න වෙනව. කොහෙ හරි යනවනම් පර්මිෂන් ගන්න වෙනව. වහල්ලු වාගෙලු ඉන්න වෙන්නෙ.සරනා ගත කදවුරු ජීවිතයක් වගෙ එකක්.

    නිමල්කගෙ අදහස් දැක්කම මට එතුමව මතක් වුනා. මේ තත්වය අවුරුදු 10 කින් වගෙ තමයි වෙනව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ පලකරන අනාවැකිය හරියන්නත් ඉඩ තියනවා .

      Delete
  2. චන්ද්‍රසිරිගේ අනාවැකියක් වෙන්නත් බැරි නෑ නේද මචෝ. මොකද ඌ මේ වගේ අනාවැකි වලට දක්ෂයිනේ.

    ReplyDelete
  3. මේ ලිපිය පලකරලා ඔබ කියන හදන්නේ මොකක්ද කියන එක දැනගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ මම හිතන ආකාරයට . නැතුව කොහෙවත් පලවෙච්ච දෙයක් ගෙඩිය පිටින් පළකිරීමෙන් ඔබ මේ පාඨක පිරිසට දෙන්න හදන පණිවිඩය ගැන අපට වටහා ගන්නට බෑ.
    අනෙක් කාරණය නිමල්කා ප්‍රන්නාන්දු සම්බන්ධයෙන් සාධනීය කතිවටහ්ක් ඇතිකරන්නට පුළුවන් වුනත් ඇයගේ අදහස් වූ පමණින් මනෝ ෆැන්ටසි තුල ජීවත් වන්නට කිසිවෙකු සූදානම් වෙනවනම් විහිළුවක්

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++
      මේ අදහස් වලට මම එකඟ නැතත් මේවටත් ඉඩ තියෙන්න ඕන කියල මම හිතුව. මේක හැංගිහොරා නැතිව කෙළිනම පිරිමින්ට චැලේන්ජ් කරනවා.ලංකාවෙ හුඟක් ගෑනු කොලේ වහල ගහන්නෙ . ඒ අතින් මෙයා හොඳයි. ගෙඩි පිටින් ගන්න එක නම් නිර්මාණ දුබලතාවයයි. මේ බ්ලොග් එක කරන්නෙත් නිමල්කල වගෙ කෙනෙක්ම වෙන්න ඇති.

      Delete
    2. ඇත්තෙන්ම මට කියන්න ඕන බොහෝ දේවල් මේකෙන් කියවිලා තිබුන නිසා වෙනසක් නොකර දැම්මා. මෙතන මම පොඩි හැඳින්වීමක් විතරක් කළා "පුරුෂාධිපත්‍යට එරෙහිව අභීතව හා අව්‍යාජව හඬ නැගූ ගැහැනිය.
      " කියලා

      Delete
  4. මේ බ්ලොග් එකේ ලිපි කියවනකොට මට නම් හිතෙන්නෙ මේක විහිලුවකට ගන්න නරකයි කියලයි. එක්කො කවුරුහරි කාන්තා විමුක්ති ගෑනියෙක් මෝඩකමට ඔක්කොම කියල දානව. fools rush where angles fear to tread කියල කියනව වගෙ. එහෙම නැත්නම් ලංකාවෙ සමාජයට මුට්ටිය දාල බලනව. කොහොමටත් ලොකු ගේමක් යනව අපේ සමාජයට විරුද්ධව.

    ReplyDelete
    Replies
    1. ගේමක් යනවා තමයි ඉතින්. පුරුෂාධිපත්‍යට දිනුම දීලා කාන්තාවන් පැත්තකට වියයුතුයි කියලා මමනම් හිතන්නේ නෑ.

      Delete
  5. ලිපිය ගැන කිසිත් නොකියමි... නමුත් මෙය කියවා ඉන් ලැබෙන පරිකල්පනය මෙහෙයවා ඔබ විසින් යමක් ලියා පලකර මෙම ලිපිය අතිරේකව අදාල අඩවියට ලිංක් කරා නම් එය වටින වග මගේ හැගීමයි..
    අන්තර්ජාලයේ එක් තැනක ඇති දෙයක්කොපි පේස්ට් කර දැමීමෙන් අපට තියා ඔබට වත් සුගතියක් නොවන වග මගේ හැගීමයි

    ReplyDelete
  6. මේ බ්ලොග් එක ලියන කෙනාගේ ඔලුව කොහේ හරි (අඩු තරමින්) බිත්තියක වත් වැදිලා ඇති කියලා මට හිතෙන්නේ ඇයි? :D

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ අයිස් තියල නෑ.... එකයි ප්‍රශ්නේ....

      Delete