Sunday, April 27, 2014

ශ්‍රී ලාංකේය කාන්තාවාදය ඔප්නැංවූ ලේඛිකාව

අද මා කතා කිරීමට අදහස් කළේ  මෙරට කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට  විශේෂයෙන් වැදගත් වන එක් කාන්තා චරිතයක් ගැනයි. ඇය ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය නොවන්නේ නම කියූ පමණින් ඇය කවුදැයි සැවොම හඳුනන නිසායි. මේ අන් කවරෙකුවත් නොව සුමිත්‍රා රාහුබද්ද යි. ඇයව මෙරට බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ප්‍රකට ලේඛිකාවක ලෙසය. නමුත් ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම් ඇය මෙරට සිටින ප්‍රභල කාන්තාවාදිනියක් යන්නයි. ඒ බව බොහෝ විට ඇය තම සාහිත්‍ය කෘති වලිනුත් ඔප්පුකර ඇත. ඇය මෙරට කාන්තා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරක් හොබවන්නේ ඇයගේ වටිනාකම හා හකියාවන් කාන්තා කටයුතු ඉදිරියට ගෙනයෑමේදී කොතරම් වැදගත් දැයි රටට පෙන්වාදෙමිනි.
                              


   ලේඛිකවක් හැටියට තම හැකියාවන් මනාව පෙන්නුම්කළ ඇය ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇති සුවිශේෂී සමාජ ගැටලු ගැනද මනා අවබෝධයකින් කටයුතු කළාය. ඇය නොබියවම මෙරට කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කතා කළේ පීඩාකාරී පුරුෂාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරය. බවලත් අයට බලවත් අතවර හා අකටයුතුකම් සිදුවන බව ඇය වරක් පුවත්පත් සාකච්ඡාවකදී කියා තිබූ ආකාරය මට මතකය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කොපමණ සංවේදී බවක් ඇයට තිබෙනවාද යන්න මෙයින් පෙනේ. ඇය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා හින්සන ක්‍රියා වලට එරෙහිවද නොබියව තම අදහස් ඉදිරිපත් කරන්නීය. පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාවක අභියෝග ජයගනිමින් සමාජයට හා කාන්තා පරපුරට වැදගත් ආදර්ශයන් ලබාදෙමින් ඇය කරන මෙහෙවර මහත් සේ අප අගය කළයුතුය. ඇයගැන මේ සුවිශේෂී කාරණය නොදැන සිටි බොහෝ දෙනෙකුට ඒ ගැන දැනගැනීම සඳහාත් ඇයගේ චරිතය කාන්තාවන්ට කොපමණ වැදගත්ද යන්න පෙන්වා දීම සඳහාත් මේ කෙටි ලිපිය පළ කිරීමට අදහස් කළෙමි.

7 comments:

  1. මේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. මට පෙන්නේ ඔබ කන්දක් සේමා කෘතිය කියවා නැති හැඩයි.

    ReplyDelete
  3. අපොයි මෙයාගේ ඔෆිස් එකේ වැඩ කරපු අපි තමයි කට්ට කන්නේ. මෙයාගේ පොත් ටයිප් කරන්නේ ඔෆිස් එකේ කොම්පියුටර් වලින්. රජයේ දේපළ, රජයේ මුදල්. මෙයා අයිස් ගහන්න හරිම දක්ෂයි.

    ReplyDelete
  4. සිරාවටම මටත් හිතුනේ මේ ලියපු කෙනා "කන්දක් සේමා" පොත කියෝපු කෙනෙක් නෙමෙයි වෙන්න ඇති කියලා.

    ඒ පොතේ උලුප්පලා හැටියට කතා නායිකාව වීරවරියක් නෙමේ . . ගොන් තැම්බක්.

    අන්න ඒකට කරුනාසේන ජලයත්ගේ පොත්. ගැහැනු ලමයි පොතේ කුසුම්, රිදී නිම්නය පොතේ සරලා, යහලු යෙහෙලි පොතේ මුදිතා, බඹා කෙටූ හැටි පොතේ මේනකා, විතරක් නෙමේ ලියපු හැම පොතකම කතානායිකාව වීරවරියන්.

    ගොලු හදවතේ දම්මිත් චපලයි කියලා අපි කිව්වට ඊට වඩා කියන්නේ සුගත් මෝඩයි කියලනේ ඒ කියන්නේ වැරදි කාර දම්මිත් වැරැද්දෙන් මුදවලා තියෙනවා.

    සුමිත්‍රාගේ අග පිලි මල් පොතේ විතරයි මට හිතෙන්නේ නියමාකාරයෙන් කාන්තා වීර චරිතයක් බිහි කරලා තියෙන්නේ . .

    ReplyDelete
  5. මෙයා උන විකාරෙන් දොඩවනවද මන්දා.

    ReplyDelete