Sunday, April 27, 2014
ශ්‍රී ලාංකේය කාන්තාවාදය ඔප්නැංවූ ලේඛිකාව
අද මා කතා කිරීමට අදහස් කළේ මෙරට කාන්තාවන්ගේ පැත්තෙන් බලන විට විශේෂයෙන්
වැදගත් වන එක් කාන්තා චරිතයක් ගැනයි. ඇය ගැන වැඩි විස්තර කීමට අවශ්‍ය
නොවන්නේ නම කියූ පමණින් ඇය කවුදැයි සැවොම හඳුනන නිසායි. මේ අන් කවරෙකුවත්
නොව සුමිත්‍රා රාහුබද්ද යි. ඇයව මෙරට බොහෝ දෙනා හඳුනාගෙන ඇත්තේ ප්‍රකට
ලේඛිකාවක ලෙසය. නමුත් ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දෙය නම් ඇය මෙරට සිටින
ප්‍රභල කාන්තාවාදිනියක් යන්නයි. ඒ බව බොහෝ විට ඇය තම සාහිත්‍ය කෘති වලිනුත්
ඔප්පුකර ඇත. ඇය මෙරට කාන්තා කටයුතු අමාත්‍යංශයේද වැදගත් තනතුරක් හොබවන්නේ
ඇයගේ වටිනාකම හා හකියාවන් කාන්තා කටයුතු ඉදිරියට ගෙනයෑමේදී කොතරම් වැදගත්
දැයි රටට පෙන්වාදෙමිනි.
ලේඛිකවක් හැටියට තම හැකියාවන් මනාව
පෙන්නුම්කළ ඇය ශ්‍රී ලාංකික කාන්තා පරපුරට ඇති සුවිශේෂී සමාජ ගැටලු ගැනද
මනා අවබෝධයකින් කටයුතු කළාය. ඇය නොබියවම මෙරට කාන්තාවන්ට සිදුවන අකටයුතුකම්
ගැන කතා කළේ පීඩාකාරී පුරුෂාධිපත්‍ය තුට්ටුවකට මායිම් නොකරය. බවලත් අයට
බලවත් අතවර හා අකටයුතුකම් සිදුවන බව ඇය වරක් පුවත්පත් සාකච්ඡාවකදී කියා
තිබූ ආකාරය මට මතකය. කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් ගැන කොපමණ සංවේදී බවක්
ඇයට තිබෙනවාද යන්න මෙයින් පෙනේ. ඇය කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා
හින්සන ක්‍රියා වලට එරෙහිවද නොබියව තම අදහස් ඉදිරිපත් කරන්නීය.
පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාවක අභියෝග ජයගනිමින් සමාජයට හා කාන්තා පරපුරට
වැදගත් ආදර්ශයන් ලබාදෙමින් ඇය කරන මෙහෙවර මහත් සේ අප අගය කළයුතුය. ඇයගැන
මේ සුවිශේෂී කාරණය නොදැන සිටි බොහෝ දෙනෙකුට ඒ ගැන දැනගැනීම සඳහාත් ඇයගේ
චරිතය කාන්තාවන්ට කොපමණ වැදගත්ද යන්න පෙන්වා දීම සඳහාත් මේ කෙටි ලිපිය පළ
කිරීමට අදහස් කළෙමි.
Sunday, April 13, 2014
සම්ප්‍රදායික සිංහල අවුරුද්ද නවීකරනය කළයුතු කාලයයි මේ
සිංහල අළුත් අවුරුද්ද ගැන කතාකරන්නට එක් එක් කෙනාට බොහෝ දේ ඇතත් මට ඇත්තේ සම්ප්‍රදායෙන් බැහැරව කතා කිරීමට කරුණු ටිකකි. මෙය සිංහල දෙමළ හෝ සිංහල හින්දු අළුත් අවුරුද්ද ලෙසත් හඳුන්වනු ලබයි. ඒ කෙලෙස හැඳින්වුවද මේ ජාතික උත්සවයේ ඉතිහාසය හෝ වෙනත් කරුණු කුමක් වුවත් එහි තිබෙන සම්ප්‍රදායික ලක්ෂණ කාන්තාව කෙරෙහි බලපාන ආකාරය නූතන ඇසින් බලා විග්‍රයක් කිරීම මගේ අරමුණයි.
ලිප ගිනි මෙලවීම හා කිරිබත පිසීමට පසුව එළඹෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයයි. වැඩ ඇල්ලීමේදී කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවය කරන වැඩකටයුතුය. බොහෝවිට ගම් වලනම් කුඹුරු වැඩ හා සම්බන්ධ දේ කෙරෙයි. කාන්තාවන් එම වැඩ කටයුතු වල බහුලව නිරත නොවන බැවින් කාන්තා ක්‍රියාකාරකම් එහිදී කැපී පෙනෙන්නේ නැත. මෙයින් පෙනෙන තවත් එක් දෙයක්නම් සමාජයේ පවුල් නඩත්තු කිරීම ඇතුලු වගකීමෙන් යුතු මෙන්ම තරමක් මහන්සි වී කළයුතු වැඩකටයුතු සියල්ල පිරිමින් විසින් පමණක් කළයුතුය යන සමාජ පිළිගැනීමයි. කාන්තාවන් පමණක් කරන කොතෙකුත් දේ තිබුණත් ඒ ගෘහ කටයුතු හා ඊට සම්බන්ධ දේට පමණක් සීමා වන දේවල් වේ. ඒ කිසිත් කාන්තාවන් විසින් ඉස්මුදුනේ තබාගැනීමද නුවනට හුරු නැත. එබැවින් වියයුත්තේ මහන්සිවී ශරීර ශක්තිය යොදවා කරන වැඩකටයුත්තක් සමග වැඩ ඇල්ලීමේ ක්‍රියා පිළිවෙතක් කාන්තාවන්ටද අදාල වන ලෙස මේ සිරිත නවීකරනය වීමයි. ඇත්තෙන්ම ඊට බාධාවක් ඇතැයි කියා සිතන්නටත් බැරිය. හේතුව කාන්තාවන් එවැනි වැඩ කටයුතු වලට යොමු වීමට දක්වන මැලිකම යම් බාධකයක් වී ඇත. එය ඉවත්කර සම්ප්‍රදායෙන් මිදියහැකිනම් ප්‍රශ්නයක් නැත.
ඕනෑම දෙයක් කාලයත් සමග වෙනස් වේ. වෙනස් වනවා පමණක් නොව නවීකරනයට බඳුන්වේ. එහිදී චිරාගත සම්ප්‍රදායන් ලොව කොතැනත් වෙනස්කම් හා නවීකරනයන්ට භාජනය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ විෂමතා තුරන් වන ආකාරයටයි. එක් අතකට අප අවුරුදු චාරිත්‍ර වුවත් කරතබාගෙන යායුතු නැත. මන්ද වත්මන් කාර්ය බහුල සමාජයට මේ චාරිත්‍ර කරමින් කාලය ගතකිරීමට ඉඩ ප්‍රස්ථාව අඩු නිසා. මේ චාරිත්‍ර වැදගත් යැයි සම්මතයක් තවම තිබෙන බැවින් ඒවා නවීකරනයට භාජනය වියයුතු බව මෙහිදී නැවතත් මතක්කර දෙන්නට කැමතියි.
Sunday, April 6, 2014
නීතීඥ නිමල්කා ප්‍රනාන්දු
පුරුෂාධිපත්‍යට එරෙහිව අභීතව හා අව්‍යාජව හඬ නැගූ ගැහැනිය.
මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප්‍රනාන්දු 2008 නොවැ-දෙසැ
‘ත්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.
ඔබට ලංකාවේ ස්ත්‍රිය හා
පුරුෂයා ගැන තියෙන්නේ
මොනවාගේ අදහසක්ද?
නෑ. ලිංගිකත්වය කියන එක අපට සම කරන්න බැහැ. ලිංගිකත්වය යොදා ගැනීම සම්බන්ධ කාරණාව ගත්තොත්, කාන්තාවන් ලිංගිකත්වය තුළින් ආශ්වාදය ලබා ගැනීම සහ පුරුෂයා ආශ්වාදය ලබා ගන්නා ආකාරය අතර යම් පරතරයක් තිබෙනවා නම්, එය සම්බන්ධයෙන් තියෙන අභියෝගයන් තමයි අපිට ඔතනදී සාකච්ඡා කරන්න වෙන්නේ. ගෝලීයකරණය හෝ මුලධර්මවාදය හෝ මේ කියන ඒකාකාරී සංකිර්ණ මහා ක්‍රියාවලිය තුළින්ම තමයි මේ ස්ත්‍රිය හා පුරුෂයා තුළ ඔබ මතු කළ විපරීත ස්වභාවය මතුවෙන්නේ. එය තේරුම් ගැනීම සඳහා වන දෙයක් විධියටයි මම මේ ප්‍රශ්නේ දිහා බලන්නෙ. ස්ත්‍රීන්, පුරුෂයන් බවට පෙන්වීම හෝ පුරුෂයන්, ස්ත්‍රීන් ලෙස පෙන්වීම හෝ කියන්නේම මේ ගෝලීය ධනවාදී තරඟකාරී වෙළෙඳපොළ හසුරුවා ගැනීම සඳහා විවිධ විලාසිතාවන් අතර ඇතිවන්නා වූ තරඟයක් හැටියට මිස ලිංගිකත්වයේ වෙනසක් ඇති කරන්න හදන දෙයක් ලෙස නෙමෙයි.
ස්ත්‍රිය පිළිබඳව ග්‍රාමීය පිරිමින්ට ඇති රත්නවල්ලි කුතුහලය සහ ලිංගික නිවටකම ගැන ඔබේ අදහස මොකක්ද ?
මෙම සාකච්චාව නීතීඥ නිමල්කා ප්‍රනාන්දු 2008 නොවැ-දෙසැ
‘ත්‍රිමාන’ සඟරාව සමඟ පැවැත්වවූකි.
පුරුෂයා ගැන තියෙන්නේ
මොනවාගේ අදහසක්ද?
හරි ලස්සන මාතෘකාවක් කියලා මං හිතනවා. ලංකාවේ ස්ත්‍රිය හා පුරුෂයා ගැන කතා කරද්දී හරිම ගතානුගතික චිත්‍රයක් තමයි මට මැවෙන්නේ. අධ්‍යාපනය අතින් හා සාක්ෂරතාව අතින් කොතරම් අපේ සමාජය දියුණුයි කිව්වත්, මම නම් අත්දැකීමෙන් දන්නවා ලංකාවේ ස්ත්‍රිය හා පුරුෂයා ඉතාම ගතානුගතික, වැඩවසම් හා පසුගාමී චින්තනයකින් අනුන දෙන්නෙක් කියලා. කොළඹ නගරය තුළ කොතරම් මෝස්තර අනුගමනය කරනවා අපි දුටුවත් මේ අය තුළ තිබෙන සංස්කෘතික මතිමතාන්තර ඉතාමත් පසුගාමීයි.
ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
ලංකාවේ මහපාරට බැස්සම අපට පෙනෙන ස්ත්‍රීන් හා පුරුෂයන් හරියට නිව්යෝර්ක්, පැරිස් හා ලන්ඩන්වලින් බැහැපු අය වගේ. සියලූ දෙනාම මොඞ්. සේරම සමානයෝ. මේක කොහොමද තේරුම් ගන්නේ ?
මොඞ් ගතිය තියෙන්නේ ඇඳුමෙන් විතරයි. අභ්‍යන්තරය මොඞ් නැහැ. මං කියන්නේ 70 දශකය මීට වඩා මොඞ්. අපි අද මෙවැනි ක්රියාකාරීත්වයක ඉන්නේ ඒ වකවානුවේ තිබුණු ඒ තත්ත්වය නිසයි. නමුත් අද පරම්පරාවේ ස්ත්‍රීන් හා පුරුෂයින් මේ මෝස්තර ආරූඪ කරගන්නේ, තවර ගන්නේ, අනුකරණය කරන්නේ තමන් නොමැති පන්තියක ඉන්නවා කියා පෙන්වන්න. මේ පන්තිකරණය ව්‍යාජයක්. හැට ගණන් වල අපිත් පන්තියෙන් පිට පැනීම සඳහා ගමට ගියා. ග්‍රාමීය ගොවියන් සමඟ කටයුතු කළා. මම පවා එදා ඇඳුමෙන්-පැළඳුමෙන් එවැනි වෙනසක් ඇති කරගත්තා. පසුව අපි ව්‍යාපාරගතවීමත් එක්ක අපේ ජිවිතවල සැබෑව මතුකර ගැනීමට ඒ වෙනස ඉවහල් වුණා. නමුත් මේ තියෙන මොඞ් ගතිය තුළ අපේ ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ඇඳුම හැර ඔවුන් තුළ හරයාත්මක බවක් නැහැ. අපේ මොඞ් නළුවෙකුගෙන්, නිළියකගෙන් ඇහුවොත් මොකක්ද ජීවිතයේ පරමාර්ථය කියලා ඔවුන් කියන්නේ, ‘හොඳ බිරිඳක් හෝ හොඳ ස්වාමි පුරුෂයෙක් වෙලා දරුවන් හදා ගෙන තමන්ගේ නිවහනක ජීවත්වීම කියලා. කලාව කියන්නේ මොකක්ද කියාවත් මේ අය දන්නේ නැහැ. ඇඳුමෙන් සමානයන් වී පන්ති පරතරය බොඳවීම මම දකින්නේ ධනාත්මක දෙයක් ලෙස. ඒ ලිබරල්කරණයට මං කැමතියි. නමුත් ගැටළුව වෙන්නේ ඒ මොඞ්වීම ඇතුළාන්තයට නොයෑම.
ඔබ විශ්වාස කරන ආකාරයට ස්ත්‍රිය හා පුරුෂයා පැමිණෙන්නේ, ලෝක දෙකකින්ද නැතිනම් එකම ලෝකයක් තුළ ඉන්න එහෙත් එකිනෙකාගෙන් වෙනස් බව පෙන්වීමට උත්සාහ කරන අනන්‍යතා දෙකක් විදිහටද?
ඇත්තටම ස්ත්‍රිය හා පුරුෂයා එන්නේ ලෝක දෙකකින්. හේතුව තමයි ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස ඔවුන්ගේ මානසික ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒ නිසා අනිවාර්යෙන්ම දෙන්නා එන්නේ ලෝක දෙකකින්. මම හිතන්නේ ඔවුන් යම් සම්මුතියකට එන්න අනන්‍යතා දෙකක් වෙනුවට එක් අනන්‍යතාවක් හදා ගන්න උත්සාහ කරනවා කියලයි. තරුණ තරුණියෝ කියන්නේ අපි එකා වගේ ඉඳිමු කියලයි. ඒක එක්තරා විදියකට සුන්දර සිහිනයක්. නමුත් තම තමන්ගේ හැසිරීම් රටාවන් සහ අනන්‍යතාවන් වෙනස් වෙන්නේ නැහැ. මේ දෙන්නා අතර සබඳතාවයකදී එකඟවෙමින් යම් සම්මුතිගත වීමක් සිදුවෙනවා එච්චරයි. ජිවිතයේ පනස් විය පසු කරන අවස්ථාවේදී මට කියන්න පුළුවන් ඒ එක වගේ කියන කාරණය මීට වඩා යථාර්ථවාදීව සිතිය යුතුයි කියලා. අපි හදාගත යුත්තේ එක වගේ එකකට
වඩා නිර්මාණාත්මක පසුතලයක්.

මොකක්ද ලිංගික වෙනස කියන්නේ. Antagonism හෙවත් පසමිතුරුතාවක්ද එහෙම නැත්නම් contradiction හෙවත් ප්රතිවිරෝධයක්ද?
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
නෑ මං දකින්නේ එය Antagonism එකක් විදිහට නෙමෙයි. contradiction එකක් විදියටත් නෙමෙයි. complementary එකක් විදිහට. පිරිමියෙක් ලිංගිකත්වය සම්බන්ධයෙන් හෝ පිරිමියෙක් ලබන්නා වු ආශ්වාදය ගැහැනියකගේ ලිංගිකත්වය පිළිබඳ තියෙන්නා වූ ආශ්වාදය කියන්නේ පැහැදිලිවම තත්ත්ව දෙකක්. ඒ නිසා බොහෝ විට Antagonism එකක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් එය කර ගන්න පුළුවන් නම් තමයි එහි තිබෙන්නා වූ සාර්ථකත්වය තියෙන්නේ.
පේන්න තියෙන විදිහට රටේ සිදුවන බරපතල අවමානුෂිකකරණය ඉදිරිපිට ස්ත්‍රීන් නිහඬයි. පාරට බැස්සම පේන්නේ පවතින ක්‍රමයට ඔවුන් පක්ෂපාතී වන ආකාරයක්. ස්ත්රීන්ගේ මේ වෙළෙඳපොල හරහා උපුටාගත් බාහිර අලංකාරණයෙන් පිරිමින්ද මුසුපත් වී ඇති බවක් පෙනෙනවා. මේ පිළිඹිබුව, ස්ත්රීවාදයේ තාර්කික අවසානයකට අප පැමිණ තිබෙන බවද?
මම හිතන්නේ නැහැ. ස්ත්‍රීවාදය කියන කාරණාව මමවත් තවමත් හරිහැටි තේරුම් ගත්ත තැනක නෙමෙයි ඉන්නේ කියලා මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ලෑස්තියි. අවාසනාවකට ස්ත්රීන්ගේ අයිතිවාසිකම්, ස්ත්‍රී විමුක්තිය හා ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් අප අතර තිබිය යුතු ඒ තාර්කික තේරුම් ගැනීම, අත්දැකීම් හරහා එය අත්වීඳීම කියන කාරණා ගත්තොත් අපි හැමෝම එක් එක් තලවල සිට එහි ස්වභාවයන්, අර්ථනිරූපණය කිරීමට දරපු වෑයමක්. ඒ නිසා කෙනෙක් ලස්සන වීම කියන එක ස්ත්‍රීවාදය හා කාරණයක් නෙමෙයි. ස්ත්‍රී අලංකාරයට මුසපත් වෙන්නේ පිරිමිනේ. ඇයි පිරිමි මුසපත් වෙන්නෙ. අහක බලාගෙන යන්න පුළුවන්නෙ.
ස්ත්‍රීන්, පිරිමින්ගේ වහල්ලූ වූ යුගය අවසන්වී පිරිමීන්, ස්ත්රීන්ගේ වහල්ලූ බවට පත් වී ඇති යුගයකට අපි අවතීර්ණ වී ඇතැයි අපි පුරුෂාධිපත්‍යයෙන් යුතුව ප්‍රකාශ කළහොත් මොකක්ද ඊට ඔබ දක්වන ප්‍රතිචාරය?
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත්‍රියට වහල් වීමත්, ස්ත්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.
ඇත්තටම පවුල කියන මුළු ඒකකයම වහල් කඳවුරක්. එය ලතින් භාෂාවෙන් ‘ෆැමිලියා’ නේ. පුරුෂයා ස්ත්‍රියට වහල් වීමත්, ස්ත්‍රිය පුරුෂයාට වහල් වීමත් පවුල් ඒකකය තුළ අනිවාර්යයක්. එහි අඩුවැඩි වීම ඒ ඒ පවුලේ බලතුලනය අනුව සිදුවන්නක්. එහි ආධිපත්‍යය අනුව සිදුවන්නක්. මේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර තිබෙන වහල්භාවය නැති කරන්න තමයි අප මේ ස්ත්‍රීවාදය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මටත් ඒ සම්බන්ධයෙන් සංවාදයක් ඉදිරියට තියෙනවා.
ධනවාදී වෙළෙඳපොළ ලිංගික වෙනස සමජාතීයකරණය කරමින් ඉන්නවා. එය විසින් ගැහැනුන්, පිරිමින් කරන අතර පිරිමින්, ගැහැනුන් කරමින් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ පිරිමි සහ ගැහැනුන් අතර වෙනස සඳහා සටන් කිරීම ද නැතිනම්, ලිංගික වෙනස සමානාත්මතාවක් වන තෙක් සටන් වැදීම ද?
ඔබ වඩාත් කැමති ගැහැනුන් සහ පිරිමි එක වගේ වෙනවටද එහෙමත් නැත්නම් ඔවුන් අතර ප්රතිවිරෝධතා හා ගැටුම් තියෙනවටද ?
මං කැමතියි ප්රතිවිරෝධතා හා ගැටුම් තියෙනවා නම්. මොකද ඒ ප්රතිවිරෝධතා තුළින්ම තමයි නිර්මාණාත්මකභාවයක් ඇතිවන්නේ. එක වගේ වුණාම හරි ඒකාකාරියිනේ. මම, මම වන අතරම මම කැමතියි මා සමඟ සම්බන්ධ වන පුරුෂයා ඔහු, ඔහු වෙනවට. අපි අතර පවතින සම්බන්ධතාවය තුළ ඒ නොගැලපීම හා ගැටුම් නෙගෝසියේට් කර ගන්න ඕනේ. හැබැයි පිරිමින්, පිරිමි වෙන්න ඕන කියන එකෙන් මං අදහස් කරන්නේ, ඔවුන් තුළ පුරුෂාධිපත්‍යය තිබිය යුතුයි යන්න නොවෙයි.ආධිපත්‍යභාවය පිරිමියා තුළ පමණක් නෙමෙයි ගැහැනිය තුළත් තිබිය යුතු නැහැ. ගැහැනිය රැකියාවට ගියාම පිරිමියා කරන්නේ ටෙලිෆෝන් කර කර මොනිටර් කරන එක. ගැහැනිය කරන්නේත් එයමයි. ඉතින් ලංකාවේ අපි මේකට කියනවා පවුල කියලා. දෙන්නම ඉන්නේ කූඩු වෙලා. ඒ නිසා අපි ඉන්නේ ‘ෆැමිලියා’ තුළ.
ඔය ප්‍රවාද කියන්නේ ගැහැනියගේ ලිංගිකත්වය තියෙන්නේ තමන් සතුව යැයි කියන මහා ප්‍රවාදය තුළනේ. ගැහැනියගේ ලිංගිකත්වය පවතින්නේ පුරුෂයාගේ ආශ්වාදය සඳහාය යන්න තමයි මහා ප්‍රවාදයේ අදහස. මේක මට මතවාදයක් හැටියට පිළිගන්න බැහැ. නමුත් කාන්තාවකගේ ලිංගිකත්වය ඇයට අයිති නොවන බව නම් මට කියන්න වෙනවා. ස්ත්‍රීවාදය තුළින් මතු කරන්නේ අපේ ලිංගිකත්වය අපට අයිතියි, අපේ ඇඟ අපට අයිතියි, එය හසුරුවා ගැනීමේ අයිතිය අපට තිබිය යුතුයි යන්නයි. ඒ නිසා අර රත්නවල්ලි කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ, අපේ සාරය අපි කාටහරි දීලා. ස්ත්‍රී සාරය ඒ නිසා අපි ළඟ නැහැ. එය නැවත අපි ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ කාරණය තමයි අපි මතුකර ගන්න ඕනේ. නිදර්ශනයක් විදිහට මම ඊයේ-පෙරේදා හින්දුන්ට සම්බන්ධ Divine Goddess කියන පොත කියෙව්වා. එහි සාකච්ඡා කරන්නේ රාධා-ක්‍රිෂ්ණා කතාන්දරයේ රාධාගේ චරිතය හා විෂ්ණුගේ බිරිඳගේ චරිතය. එය තනිකරම හින්දු මතවාදය මත ගොඩ නැගුවක්. මෙහි රාධා-ක්‍රිෂ්ණා සමව තබන අතර විෂ්ණු තමන්ගේ බිරිඳ පාදස්ථානයේ තබා ගන්නා බව හඟවනවා. ඒ කියන්නේ හින්දු-බමුණු වැඩවසම් සමාජය තුළ ගැහැනියකගේ සාරය තිබුණේ පුරුෂයා ළඟ. මං හිතන්නේ රත්නවල්ලි හා මෙය සමානයි.
ඇමෙරිකානු මැතිවරණ කි‍්‍රයාවලියට මෙවර සහභාගී වී ඇති සාරා පාලින් ඉදිරිපත් කරමින් සිටින්නේ ක්‍රිස්තියානි මුලධර්මවාදයක්. ලංකාවේ DAILY MIRROR කතුවරිය ඉංග්‍රීසි කතා කළත්, පන්තිය නාගරික වුවත්, ඇගේ පක්ෂය හෙළ උරුමයයි. හුඟක් ගැහැණුන් ප්‍රසිද්ධියේ නොවුණත් හදවතින් ම ජාතිවාදීයි. යුද්ධයට පක්ෂයි. සමාජ ක්‍රියාකාරිනියක් හැටියට ඔබ මේ නස්පැත්තිය තේරුම් ගන්නේ කොහොමද?
ඉහත කතුවරිය වගේ මේ සමාජයේ බොහෝ ගැහැනු මිනිසුන්ගේ contradiction එක එහෙම නැතිනම් ප්රතිවිරෝධය මම දැකලා තියෙනවා. පොදුවේ මට තියෙනවා ඔය කිව්ව දේට විරුද්ධත්වයක්. ඇත්තටම අපි වැඩ කරන ඈත ගම්වල ඉන්න අහිංසක, අසරණ ගැහැනු තුළ ඔහොම දෙයක් මම දැකලා නෑ. බලය සමඟ ගනුදෙනු කරන නාගරික කාන්තාවන් තුළ තමයි ඔය කියන ප්රතිවිරෝධය තියෙන්නේ. මම ගම්වල වැඩ කරද්දි හමුවන දයා එහෙම නැහැ. ශීලා එහෙම නැහැ. ගුණවතී එහෙම නැහැ. කොළඹ මධ්‍යම පාන්තික දිවිපෙවෙත් ගත කරන ගැහැනුන් නම් රාජපක්ෂගේ බලයෙන් උණුසුමක් ලබා ගන්න උත්සාහ කරනවා.
මේ ධනවාදී සංස්කෘතිය යුගයේ ස්ත්‍රී නිදහස වෙනුවෙන් හඬ නඟනවා කිය
න්නේ, පිරිමින්ගේ ගොදුරක් කියා කෑගැසීමද? නැතිනම්, මීට වඩා හොඳ සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කිරීමද?

කාන්තා විමුක්තිය කියන වචනය අපේ ප්‍රවාද තුළින් බැහැරව තිබෙන සමයක මම තවමත් කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ එහි ගැඹුරුතම දේශපාලන අර්ථය තේරුම් ගත් අයෙකු නිසා. මම වාමාංශික ක්රියාදාමයකින් ආ නිසා විමුක්තිය කියන වචනය මම මුලින් ම ඇහුවේ පන්තිය කියන වචනයත් එක්කයි. මගේ දේශපාලනය හා සමාජ අත්දැකීම් තුළ මම විමුක්තිය කියන්නේ සමස්තයේම නිදහස කියන අර්ථයෙන්. එය පන්තියට සීමා කරන්න බැහැ. නමුත් සංක්රමණීය තත්ත්වය තුළ මම කැමතියි ලිබරල්වාදී ඇප්රෝච් එකක් තුළ ගමන් කරන්න. මට බැහැ මුළු සමාජ පෙරළියක් එනකං ඉන්න. නමුත් මගේත් අවසාන අරමුණ සමාජ පෙරළියක් තමයි
Subscribe to:
Posts (Atom)