Friday, January 29, 2016

නව ව්‍යවස්ථාවට උපරිම සහය දෙමු


කලක් තිස්සේම වෙර වීරිය යොදා පැවති දුෂ්ඨ පාලනය පලවා හැර වසර 2015 ජනවාරි 8 අප නැවුම් බලාපොරොත්තු සහිතව යහපාලනය උදා කර ගත්තෙමු. එතැන් පටන් විරුද්ධවාදී සම්ප්‍රදායික මතදාරීන්ගෙන් ඊට එල්ල උනේ පොඩි බාධාවක් නොවේ. අදටත් එය එසේමය. නැවුම් බලාපොරොත්තු ඇතිව පත් කරගත් යහපාලන රජය තුලින් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නා තෙක් රජය රැක ගැනීම අප සියල්ලගේ වගකීමයි. විශේෂයෙන් මෙරට වනිතා පරපුරට යහපතක් වන්නේ මේ රජයෙන් පමණි. නැවත සම්ප්‍රදායික ජාතිවාදී පුරුෂාධිපත්‍ය රජයන ආණ්ඩුවක් ඇති වුවහොත් සියළු බලාපොරොත්තු සුන් වේ. දැන් ජාතිවාදය මර්ධනය වී ඇත. එය එසේම විය යුතුය. ඉදිරියේදී පුරුෂාධ්පත්‍යටද එසේ වේ යැයි බලාපොරොත්තු වෙමු. සියළු බාධක මැද මේ වන විට නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ රට පුරා ඇති වීතිබේ. එයටත් සම්ප්‍රදායික ජාතිවාදී බලවේග වලින් ගල් මුල් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. කෙසේ හෝ මේ බලවේග පරාජයට පත් කර අපේ අරමුනු ඉටු කරගන්නට දැන් සිට වෙහෙස මහන්සි විය යුතුය.
                              නව ව්‍යවස්ථාව ගැන කවුරු මොකක් කිවුවත් මෙරට කාන්තා පරපුරට ඒය වාසි සහගතය. මේ රටේ බුද්ධිමත් කාන්තා පරපුර තව දුරටත් මේ ජාතිවාදී ආක්ල්ප හිසින් දරාගෙන ජාතිය රැකීමට බැඳී සිටිය යුතු නැත. සිංහල ජාතිවාදීන්ගේ ජාතියේ පුරුෂාධිපත්‍ය ගෙන යෑමට දරුවන් වදා දීම නූතන කාන්තා පරපුරේ වගකීම නොවේ. මේ යල්පැනගිය ආකල්ප වලින් මිදී නව ව්‍යවස්ථාවක් හරහා රටේ ඉදිරි වෙනස්කම් සියල්ල කිරීමට කාන්තාවන් සියළු දෙනා යහපාලන රජයට සහය දිය යුතුය. මේ නව ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිවාදයට මරු පහරක් එල්ල වීම ගැන කාන්තාවන් දුක් නොවිය යුතුය. ඒතුලින් රටේ සුළු ජනකොටස් වල අයිතීන් රැකීම ඔවුන්ට සම අවස්ථා ලැබීම බලය බෙදීම හරහා ස්වයං තීරන ගැනීමේ අයිතිය තහවරු වීම කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් සාධාරනය. සුළු ජන අයිතීන් මෙන්ම කාන්තා අයිතීන් ශක්තිමත් වීමටද නව ව්‍යවස්ථාව මහෝපකාරී වනවා ඇත. ඒ තුළින් කාන්තා අයිතීන් රැකීමටද ක්‍රියා කිරීමට හැකිනම් කාන්තාව රජයට බල කළ යුතුය. ඒ අයුරින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සියළු අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළ හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය හැක. එසේ නොවන්නේනම් ඊටද බල කළ යුතුය. එහිදීත් පෙරට ආ යුත්තේ කාන්තා පරපුරයි. රටේ ඉදිරි ගමන වෙනස් කරන තීරනාත්මක කාල පරිච්චේදය ඉදිරියේදී උදා වනු ඇත. ඊට මෙරට බුද්ධිමත් කාන්තා පරපුරේ සහය ලැබෙනු ඇත යන්න වනිතා හඬේ විශ්වාසයයි. කාන්තාවගේ අනාගත යහපත වෙනුවෙන් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට හැකි වේවා කියා වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.

Wednesday, November 25, 2015

යහපාලනය කනපිට හරවන්න ඉඩ නොදෙමු


ජනවාරි 8න් පස්සේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මේ රටේ බුද්ධිමත් ජනයා සහ විශේෂයෙන් බුද්ධිමත් කාන්තා ප්‍රජාව විසින් බලයට ගෙන ආ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මැති තුමා අගමැති ලෙස පත් කරගත්තේය. ඉන් පසු අගෝස්තු මස 17 වනදාත් මේ ගමන නැවතත් නැවුම් බලාපොරොත්තු මත ඉදිරියට යමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොටගත් යහපාලන රජයක් බිහි විය. එදා සිට මේ දෙස ජාතිවාදීන් බැලුවේ වපර ඇසිනි. සිංහල ජාතිවාදීන් එදා සිටම යහපාලනය කනපිට හැරවීමට කුමන්ත්‍රණ කළා. සිංහල ජාතිවාදීන් සමග සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී රැලද සිටී. මේ සියළු දෙනාට අවශ්‍ය යහපාලනය යටතේ ලංකාව නූතනවාදී රටක් ලෙස සියළු දෙනාට සම අවස්ථා ලැබෙන නව ගමන් මගක යෑම අවහිර කිරීමයි. සිංහල ජාතිවාදී කොටස් සුළුතර ජනවර්ග වලට සම අවස්ථා හිමි වනවාට විරුද්ධය. ඇතැම් රනකාමී පිරිස් දැන් එදා යුධ පිටියේ විවිධ වැරදි හා විනය විරෝධී වැඩ කළ හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීමට විරුද්ධය. වැරදි කළකාටත් එක සමාන ලෙස දඬුවම් දිය යුතුය. එකළ හමුදා මෙහෙයුම් සිදු වෙද්දී හමුදා සාමාජිකයින් ස්ත්‍රී දූෂණ කෙතරම් කර තිබේද්? මේවා කිසිවක් බොරු නොවේ. හමුදා සාමාජිකයින් අතඩංගුවට පත් කොටි කාන්තාවන් කී දෙනෙකු දූෂණය කර තිබේද? මේවා අපරාධ නොවේද? යුධ අපරාධ වලට දඬුවම් කළ යුතුමයි. එය වනිතා හඬෙන් තරයේ කියා සිටිනවා. බොහෝ  සිංහල ජාතිවාදී බොරු වීරයන් පුරුෂාධිපත්‍ය ඉහට ගත්ත අය වේ. මේ අය කාන්තාවන්ට සමාජයේ සෑම තැනම සම අවස්ථා ලැබෙනවාට අක්මැතිය. ඒ වගේම ලිංගික අනන්‍යතා වල විවිධත්වය මොවුන් පිළි නොගනී. එක්සත් ජාතික පක්ෂය සමග දැඩි වෛරයකින් පෙළෙන ඇතැම් ජාතිවාදීන්ට එක්සත් ජාතික පක්ෂය තුල ලිංගික අනන්‍යතාවල විවිධත්වයන්ට ඇති සමානාත්මතාවය පෙනෙන්නට බැරිය. ලෝකය ඉදිරියට යද්දී මොවුන් සම්ප්‍රදාය තුල හිර වෙති. යහපාලන රජයේ බුද්ධිමත් සාමාජිකයින් කුමක් කළත් මේ සිංහල ජාතිවාදීන් ඔවුන්ගේ ලිංගිකත්වය ගැනත් ප්‍රශ්න කරමින් අවලාද නගති. මේ අයගෙන් සමහරුන්ට අපගේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ළමයි නැති එක ගැන මහා රුදාවක් ඇතිය. ළමයි හැදීම නූතන ලෝකයේ මහා ලොකු වීරකමක් ලෙස නොසැලකේ. මේ මෝඩ සම්ප්‍රදායන් පමනි. දැන් අයවැයක් අල්ලාගෙන යහපාලන රජයට අවලාද නැගීමටත් රජය පෙරලා දැමීමටත් සිංහල බෞද්ධ ජාතිවාදය කටයුතු කරමින් සිටියි. යුද්ධයට ධනය විනාශ කර යුද්ධයෙන් පසුවත් හොරා කමින් රට ණය බරින් පීඩාවට පත් කර බංකොලොත් ආර්ථිකයක් සමග පසුගිය රජය වත්මන් යහපාලන රජයට රට බාර දුන්නා මතක නැද්දැයි ඔවුන්ගෙන් අසන්නට ඇත්නම් හොඳය. එවැනි තත්වයක් යටතේ යහපාලනය සමග මේ තරමට හෝ ජනතාවට සහන දෙමින් රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන වත්මන් රජයට ස්තූතිවන්ත විය යුතුය. මේ මොන චෝදනාවක් හෝ ගෙනැවිත් ජනවාරි 8 දිනූ යහපාලනය නැවත පාවා නොදිය යුතුය. විශේෂයෙන් රටේ බුද්ධිමත් කාන්තා පරපුරේ අනාගතය වෙනුවෙන් මේ යහපාලනය රැකගත යුතුය. මේ වන විටත් රාජ්‍ය නොවන සංවිධාන හා බහුජන සංවිධාන වල කටයුතු ගනනාවකට සහය වෙමින් අධික කාර්‍යබහුල තත්වය ඉඳිමින්ම මේ ටික ලීවේ එයද දැන් තිබෙන තත්වයක අනුව අත්‍යාවශ්‍ය දෙයක් කියා පෙනී ගිය නිසයි.

Sunday, September 20, 2015

මෙවන් විපත් නැවත නොවෙන්න නම්


ගම්පහ කොටදෙනියාව ප්‍රදේශයේ කුඩා ගැහැනු දැරිවියක් කාමුක සල්ලාලයෙකු විසින් බරපතල ලෙස අපයෝජනයට ලක්කරමින් ඝාතනය කිරීමේ ශෝක ජනක සිද්ධිය ගැන මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ අපේ රටේම බ්ලොග් ලියන තවත් කෙනෙකුගේ කාලකන්නි පෝස්ට් එකක් දැකීමෙන් පසුවයි. මේ බ්ලොග් පෝස්ට් එක දමා තිබුණේ "ජෙමාගේ හතරවරම්" නමින් බ්ලොග් ලියන කෙනෙකුයි. ඔහු බ්ලොග් පෝස්ට් එක පුරාවට කියා ඇත්තේ මේ රටේ අහිංසක වැරදි නොකරන පිරිමින්ට බොහෝ අහින්සක ආශාවල් ඇති බවයි. මේ ආශාවල් කාන්තාවන්ගේ අඟපසඟ කෙරෙහි ලස්සන ඇඳුම් පැලඳුම් කෙරෙහි මෙන්ම ස්ත්‍රී ශරීරයම කෙරෙහි ඇති වෙනවලු. ඉතින් ඒව ඉෂ්ඨ කරගන්න අවස්ථාව නොලැබෙනකොට එක්කො ගනිකාවන්ගේ පිහිට පතනවලු. සමහර විට අසහනෙන් ඉඳල අසහනේ වැඩි උනහම කෙල්ලෙක් උස්සන් ගිහිල්ල දූෂණේ  කරල බෙල්ල මිරිකලා මරයි ලු. ඉතින් මේ වැඩේ වෙන්නේ නෑලු එයා වටින් ගොඩින් කියන විදිහට ගණිකාවන් ආස්‍රය කරන්න ඉඩ තිබුණනම්. ඒ වගේම ලිංගික අධ්‍යාපනේ අඩුයි කියලත් මෙයා කියනවා. මෙයාගේ පෝස්ට් එකේ විදිහට ගෑනු දරුවන් අර විදිහට දූෂණය වෙලා මැරෙන්නේ නැති වෙන්නනම් අනිවාර්යෙන්ම මේ වැරදි නොකරන යහපත් පිරිමිනේ කාම ආශාවල් සංසිඳුවාගන්නට වෙනත් ක්‍රමයක් හැටියට ගණිකා ඇසුර හෝ තිබිය යුතු බවයි. මෙයා කියනව සමහර විට කසාද බැඳපු නැති කෙනෙකුට ආසාව ඉශ්ඨ කරගන්න ක්‍රමයක් නැති වෙන එක ලොකු ප්‍රශ්නයක් ලු. ඒවගේම බිරිඳ ලිංගික කටයුතු වලට උනන්දු නොවීමත් හොඳ යහපත් පිරිමින්ට ප්‍රශ්න වෙනවලු. ඉතින් මේ වගේ හේතු නිසාවත් මෙයාගේ බාසාවෙන්ම බඩු දීපල්ලා කියල කියන්න ඕනෙලු බඩු ගසාවත් ආශාව ඉටු කරගන්න. අනේ මෙහෙමත් ගෑනුන්ට අපහාස කරන්නම උපන් මිනිස්සු.
                                         මේ යහපත් විනීත පිරිමි අයට තමන්ගේ කාම ආශාව වෙනුවෙන් කාන්තාවන් අවශ්‍යය. ඒ වගේම ඔවුන්ගේ දරුවන් වදමින් දරුවන් වෙනුවෙන් සම්ප්‍රදායික මවගේ හා ගෘහණියගේ භූමිකාව කළ යුතුය. මින් එහා යමක් කාන්තාවන්ට නැත. හොඳින් ඇස් ඇර බලන්න කාන්තාවන් කුඩා කල සිටම පුරුදු පුහුණු වී ඇත්තේ අනාගතේ  විවාහයට පත්ව පිරිමියෙකුගේ කාම ආශාව සංසිඳුවමින් දරුවන් වදා දෙමින් පිරිමින්ට සියළු වහල්කම් කිරීමට නොවේද? මේ ආකාරයට කුඩා අවධියේ සිට හැදී වැඩී සිටීම ගැහැනි දැරිවියන් අතවර වලට ලක්වීම ආදී කරදර වලට ලක්ව අකාලයේ මිය යෑමට පවා හේතු නොවේද? ඇත්තෙන්ම මේ වගේ දේවල් නොවීමටනම් වෙනස් වෙන්නට ඕනෑ වෙන්නේ මේ වැරදි සමාජ ක්‍රමයයි. ගම්පහ කොටදෙනියාවේ දැරිවියද මේ වැරදි සමාජ ක්‍රමය විසින් ගොදුරු කර ගත්තේය. වරද ඇත්තේ ගැහැනු ළමුන් කුඩා කල සිටම අනාගතේ විවාහ කර දී දරුවන් හැදීමේ වගකීම පවරා ගෙවල් වල පිරිමින්ට වහල් කමට දීමටම හැදීමේ අමන කමේයි. මෙයට වැඩිහිටි කාන්තාවන් මෙන්ම සම්ප්‍රදායිකත්වයේ එරී සිටින ගෙදර බුදුන් අම්මා පට්ටම පමණක් තිබෙන මෝඩ මවුවරුන්ද වගකිව යුතු වේ. මෙවැනි විපත් නොවීමටනම් කාන්තාවන් ගණිකාවන් නොකර ඔවුන්ට නූතන යුගයට ගැලපෙන අදහස් ලබා දී පිරිමින්ගේ කාමුක අවශ්‍යතා සපුරන ක්‍රමයෙන් අත් මිදීමට ඉගැන්විය යුතුය. පිරිමින්ගේ කාම ආශාවල් කාන්තාවන්ට වැදගත් දෙයක් බවට බලෙන් පත් කර ඇත. මෙය කාන්තාවන්ගේ ජීවිත වලට අනිවාර්යයෙන් වලංගු වන අත්‍යාවශ්‍ය දෙයක් නොවේ. සම්ප්‍රදායික ලෙස නොසිතා නවීන ලෝකයට මෙරට කාන්තා පරපුර ගෙන යෑමට දැන් කාළය එළඹී ඇත. දැරියන් දූෂණය වන එක වැලැක්වීමට පිරිමින්ගේ යහපත් බිරින්දෑවරුන් වීම හෝ එසේ බැරිනම් ලිංගික අධ්‍යාපනයෙන් කොන්ඩම් දමාගන්නා හැටි ඉගනගෙන විවාහ නොවී පිරිමින්ට ආශාවල් ඉෂ්ඨ කරදීම හෝ ගණිකාවන් වීම මෙකළ කාන්තාවන්ට කොහෙත්ම නොවටියි. එසේම එය පුරුෂාධිපත්‍යයේ සම්ප්‍රදායකි. මේවා රැකීම නොව වත්මන් කාන්තා පරපුර නව දැනුමෙන්ද නව ආකල්ප වලින්ද ශක්තිමත් වී පිරිමියාට හැම අතින්ම අභියෝග කරමින් ඉදිරියටම යෑම විය යුතුය. එසේ වන දාට තවත් කොටදෙනියාවල් ගැන අපට අසන්නට නොලැබෙනු ඇත. පිරිමින්ගේ ආසාවල් ඉෂ්ඨ කිරීමට වඩා වැදගත් කටයුතු වත්මන් උගත් බුද්ධිමත් කාන්තාවන්ට බොහෝ ඇත. පිරිමින්ගේ කාම ආශාව සංසිඳුවීම මොනම ලෙසකින්වත් කාන්තාවගේ නිත්‍ය වගකීමක් නොවේ. මෙය තරයේ සිහි තබා ගත යුතුය. ගම්පහ කොටදෙනියාවේ දැරියට ඒ මහා කාම අපරාධය කර ඇය මරා දැමූ වරද ක්කරුවාට මරන දඬුවම දිය යුතුමය. නව රජය ඒ ගැන නිසි පියවර ගනු ඇති බවද විශ්වාසයි.

" ජෙමාගේ හතරවරම් " බ්ලොග් එකේ පල වූ ලිපිය
http://4warang.blogspot.com/2015/09/blog-post_20.html

Friday, August 21, 2015

ජයග්‍රාහී එක්සත් ජාතික පක්ෂයටත් අගමැති රනිල් වික්‍රමසිංහ මතාටත් සුභපැතුම්


සම්ප්‍රදායිකත්වයත් අන්ත ජාතිවාදයත් පරදවා මෙවර එක්සත් ජාතික පක්ෂය මැතිවරනයෙන් ජයගත්තේ  රටටම වටිනා ආදර්ශයක් ලබා දෙමිනි. ඒ රට ගමන් කළයුත්තේ නූතන ලෝකය ගමන් කරන අතට බවත් සම්ප්‍රදායිකත්වය හා සිංහල ජාතිවාදය තව දුරටත් වලංගු නැති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔප්පු වූ පසුබිමක් තුලයි. රටත් බුද්ධිමත් ජනතාවත් විශේෂයෙන් මෙරට බුද්ධිමත් කාන්තා පරපුරත් ජයග්‍රාහී මාවතකට අවතීර්න කළ එක්සත් ජාතික පක්ෂ නායක අති ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහනය කරවූ සුවහසක් ජනී ජනයාටත් වනිතා හඬ තුලින් ගෞරවය පුදකරන්නට උවමනාය.

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ට ජය වේවා
රනිල් වික්‍රමසිංහ මැතිඳුන් අගමැති කර ඔහු රැකගත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ජයෙන් ජයම වේවා.

Saturday, July 18, 2015

සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව


මහින්ද රාජපක්ෂ බලේට ගෙනාපු සිංහල ජාතිවාදියෝ හිතුවේ මහින්ද  LTTE සංවිධානය විනාශ කළ නිසාම කිසි දිනක චන්දයකින් පරදින්නේ නැති වෙයි කියාය. ඒ ජාතිවාදීන්ගේ මනසේ කාලයක් තිස්සේම පැලපදියම් වී ඇති ජාතිවාදී ඉතිහාස කතා හා බොරු පුරාජේරු වලට අනුවයි. නමුත් ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන්කර දමමින් ජනවාරි 8වනදා එලිවන විට ඔවුන්ගේ මහරජාට තේජාන්විත පදවියද අත්හැර දමා යන්නට විය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට බහුතර ජනතා කැමැත්තෙන් ජනපති වී යහපාලනය ජයගැනීමත් සමගයි. එතැන් පටන් රටත් ජනතාවත් ලැබූ ජයග්‍රහනයන් දැක කුලප්පු වූ සිංහල ජාතිවාදී කණ්ඩායම් නැවතත් යහපාලන ජයග්‍රහණයන් ආපසු හරවා රටම ජාතිවාදී මාවතකට තල්ලු කිරීමට උත්සහ කරමින් සිටිති. මෙය ඒ තරම් සුබදායක නැත. මහින්ද රාජපක්ෂ කියන තක්කඩියා මේ සියල්ල පසුපස සිටී. ඒත් ඇත්තම සිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යෑමට අදහස් කළත් සිංහල ජාතිවාදීන් ඔහුව නැවතත් දේශපාලනයට ගෙන එමින් ජාතිවාදී ගමනක් යන්නට උත්සහ කිරීමයි.
                           ලංකාව යනු සිංහල ජාතිවාදීන් කෙසේ කීවත් සිංහල බෞද්ධ රටක් යැයි කිව නොහැක. එය මෙරට ජීවත් වන අන්‍ය ජන කොටස් වලට කර අසාධාරණයක් මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ උවමනාවට සිංහල බෞද්ධ අටමගලය අන්‍ය ජාතීන්ට බලෙන් පැටවීමකි. මේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම පරාජය වීමට NGO වල ක්‍රියා කලාපය බලපෑවාට කිසිම සැකයක් නැත. සිංහල ජාතිවාදීන් NGO කණ්ඩායම් ගැන බද්ධ වෛරයකින් පසුවන්නේ ඒ නිසයි. ලංකාවේ ක්‍රියාත්මක වන NGO බොහොමයක් සිංහල ජාතිවාදයට විරුද්ධය ඒ වගේම සම්ප්‍රදායික ගතානුගතික සමාජය පිළිනොගනියි. NGO කණ්ඩායම් වලට බටහිර රටවලින් මුදල් ලැබීම ගැනත් සිංහල ජාතිවාදීන් පසුතැවෙන්නේ බටහිර රටවල් තම සතුරන් ලෙස සලකමිනි. මේ ඔවුන්ගේ මෝඩ මනස්ගාත විතරකි. බටහිර රටවල් අපට අත හිත නොදෙන්නේද? ලංකාවේ දේශපාලකයින් ජනතාවට කරන කියන දේ සමග සංසන්දනය කර බලන විට NGO පිරිස මේ රටට කර තිබෙන සේවය ඊට වඩා වැඩිය. සිංහල ජාතිවාදීන් කුමක් කීවත්  මේ රට බහු වාර්ගික රටක් මිස විශේෂයෙන් කාටවත් අයිති නැත. NGO කණ්ඩායම් මේ රට තුල පිළිගන්නේ එම බහු වාර්ගිකත්වය මිස සිංහල බෞද්ධ අටමගලය නොවේ.
                            සිංහල ජාතිවාදීන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදීන්ද වෙයි. මේ මෝඩ මිනිසුන් කාන්තාවන් පීඩාවට පත් කිරීමටද රුසියෝය. NGO පිරිස එහිදීද ජාතිවාදී පුරුෂාධිපත්‍ය උමතුවට එරෙහි වේ. මෙයද සිංහල ජාතිවාදීන්ට නොරිස්සුම්සහගතය. කවුරුන් කෙසේ කීවත් බටහිර රටවල් හා එම රටවලින් ආධාර ගෙන අපේ රටට අමිල සේවයක් කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මේ රටට හිතවත්ය. සිංහල ජාතිවාදීන්ටනම් මුළු බටහිරම වහ කදුරුය. ඒ ඔවුන්ගේ විකාරයක් පමණි. බටහිර රටවල් ලෝකයට මිල මුදලෙන් පමණක් නොව දැනුමෙන් තාක්ෂණික අංශයෙන් හා වෙනත් විවිධාකාරයන්ගෙන් උදවු උපකාර කරයි. එහෙයින් එම රටවල් අපේ සතුරන් ලෙස දැකීම සාධාරණද? අපේ රටේ ඉන්න මහා ලොකු අධිරාජ්‍ය විරෝධී සිංහල බෞද්ධ වීරයන් අධිරාජ්‍යවාදයෙන්ම ලැබෙන යම් යම් දේ පරිහරනය කරනු දකින විට අපටනම් සිනාසෙන්නට කටවල් මදිය. අද රටේ සිද්ධවෙන දේවල් ගැන ඇත්ත තොරතුරු බොහොමයක් දැනගන්නට හැක්කේද NGO ආධාර වලින් ගෙනයන විකල්ප පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හරහායි. එම මාධ්‍ය මද්‍යස්ථ වේ. එයද ජාතිවාදීන්ට පෙන්නන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ අන්තවාදය පැත්තේ ඉඳන් අන් සියළු දෙනාට පහර දෙන මාධ්‍ය පරතිපත්ති වේ. එය මේ කපේ කළ නොහැක. ඔවුන්ට අනුව යුද්ධයෙන් LTTE සංවිධානය පරාජය කිරීම ආදිය ඉහලින් වර්නනා කළ යුතුය. යුද්ධයට නායකත්වය දීපු එවුන්ද විරුවන්ය. ඔවුන්ටද ආවඩන්නට ඕනෑය. NGO මාධ්‍ය මධ්‍යස්ථව සිටිමින් මහා යුධ විරුවන්ගේ රෙදි ගලවන නිසා ඒ මාධ්‍ය වලට ජාතිවාදීන් විරුද්ධ්ය.NGO ජාලය සමලිංගිකත්වයට පක්ෂය ඒ සියළුම ලිංගික අනන්‍යතාවයන්ට එක සමාන ලෙස සැලකීමට ඔවුන් දන්නා නිසාය. සිංහල ජාතිවාදීන්ට එයද දිරවාගත නොහැක. අද දියුණු ලෝකයේ ඇති මෙවැනි ප්‍රවණතා ගැන ජාතිවාදී ළිං මැඩියන්ට දැනගන්නට උවමනාවක් නැතිකමද කනගාටුදායකය.
                        සිංහල ජාතිවාදීන් තවත් සිතා සිටින්නේ ඔවුන්ගේ ජාතිවාදී බොරු විශ්වාස කරන පිරිස අති විශාලයි කියලාය. ඒ ඔවුන්ගේම විකාරයකි. පාර්ලිමෙන්තු මහ මැතිවරණයට ලක ලෑස්ති වන මේ මොහොතේ සිංහල ජාතිවාදීන් පැරදුනු මහින්ද උන්නැහේවත් වට කරගෙන නැවතත් ජාතිවාදය වපුරා ආණ්ඩු පිහිටුවීමට උත්සහ කරමින් සිටියි. එහෙත් මෙවර ඔවුන්ට ජාතිවාදය මාකට් කළ නොහැක. මහින්ද රාජපක්ෂ නම් හොර තක්කඩියා වටා මහා ජන ගංගාවක් සිටින බව ඒත්තු ගැන්වීමට කොතෙක් උත්සහ කරත් එය සාර්ථක වන්නේ නැත. ඒ ඊට වඩා ජනකායක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් වෙමින් ජනවාරි 8 වනදා දිනාගත් යහපාලනය රැක දෙන ලෙස ඉල්ලා සිටින බැවිනි. ජනවාරි 9 උදේ වනවිට උන ගත්තාටත් වඩා සැරට මෙදා සැරේ ජාතිවාදීන්ට උන ගැනෙන්නේ අගෝස්තු 18 උදේයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී නව එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවන ආකාරය දැකීමේදීයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ ඔහු ජාතිවාදියෙකු නොවන නියම මහත්මයෙක් නිසාය. NGO සහයද නව රජයට ලැබෙනු නොඅනුමානය. එතැන් සිට සිදුවන්නේ ජාතිවාදී කිසිවිට නොහිතන දේවල් වේ. ඔවුන්ගේ සතුරන් වන බටහිර රටවල් අපට උදවු කරනු ඇත. නව එක්සත් ජාතික පක්ෂ රජය ලෝකයේම පැසසුමට ලක්ව ජාත්‍යන්තරයේම සහය ලබාගෙන රට නූතන යුගයක් කරා ගෙන යනු නියතය. සම්ප්‍රදායික ජාතිවාදීන්ට සිදුවන්නේ ඒ දෙස බලා හූල්ලා මැරෙන්නටය.

Monday, June 15, 2015

ලාංකික කාන්තාවගේ හෙට දවස වෙනුවෙන් යහපාලනය රැකගනිමු

2015 ජනවාරි 8 වන දින පැහැදිලි ජනවරමක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත්තේ මෙරට ජනතාව එක හඬින් යහපාලනය අනුමත කර බැවිනි. මේ ජනවරම රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා බවට පත් කිරීමට මෙන්ම ඔහුට බලය ලබාදීමටද පැහැදිලිව පක්ෂව ලැබී ඇත. මේ චන්දයේදී සිද්ද වුනු වැදගත්ම හා වටිනාම දෙය වන්නේ සිංහල ජාතිවාදීන්ට හොඳ කනේපාරක් වැදීමයි. මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන අවිය වූයේ සිංහල ජාතිවාදීන් ඇවිස්සීමයි. එහෙත් ජනවරම ඒ සියල්ල උඩු යටිකුරු කළේ මහ රජාගේ ජාතිවාදයට සරදම් කරමිනි. මේ හරහා පරාජය වූ තවත් එක් දෙයක් තිබේ. එය මේ රටේ කාන්තා පරපුරට වැදගත් කාරනාවක් වේ. එලෙස කාන්තාවට අස්වැසිල්ලක් ලබාදෙමින් පරාජයට පත් වුනේ මෙරට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුවයි. 
               දැන් මෙරට කාන්තා පරපුර මේ ලැබූ ජයග්‍රහනය පන මෙන් සුරැකිය යුතු නොවේද? මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී සම්ප්‍රදායික උඩු රැවුල වැවූ පිරිමියා රැක්කේ රටේ සම්ප්‍රදායික සමාජය මිස එයින් රටේ ප්‍රගතිශීලී කාන්තා පරපුරට ලැබුනු දෙයක් නැත. අද ඔහුගේ සාටක ගැලවී පැත්තක විසි වී ඇත. මෙරට ප්‍රගතිශීලී කාන්තා පරපුර මේ තත්වය හා වෙනස මහත් භක්තියකින් වැලඳගත යුතු යැයි වනිතා හඬ එක එල්ලේම කීමට කැමතියි. අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජාත්‍යන්තරය තුල අපේ රට ගැන යහපත් දැක්මක් ඇතිවෙමින් පවතිනවා. විශේෂයෙන් ලෝකයේ දියුණු බටහිර රටවල් අතර. මෙය ඉතා හොඳ තත්වයකි. ලාංකික කාන්තා පරපුරට ලොව දියුණු බටහිර රටවල කාන්තා ක්‍රියාකාරිනියන් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ අවස්ථාව නොබෝ දිනකින්ම ලැබෙනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරටුකරගත් නව පාලනය රුසියාව හා චීනය සමග ගනුදෙනු  වලට වැඩි කැමැත්තක් නොදැක්වීම ඉතා හොඳ තත්වයකි. රුසියාව යනු භෞතික දියුණුව කොපමණ තිබුණත් දැඩි සම්ප්‍රදායික සමාජ රටාවක් ඇති රටකි. එරට මේ වනවිට පුටින්ගේ නායකත්වය යටතේ තිබෙන්නේ බොරු සමාජවාදයකි. මෙවැනි රටවල් වලින් දුරස් වීම ඇත්තෙන්ම ප්‍රගතිශීලී ව්‍යායාමයකි.
                  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද දැන් නිදහසක් ලැබී ඇති හැඩය. දැන් ඒ පක්ෂයටත් බාදාවලින් තොරව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ප්‍රගතිශීලීව කටයුතු කළ හැක. සැබෑ යහ පාලනය මේ තුලිනුත් දැකිය හැකි වේ. අද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා දූරදර්ශීව ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන ලෝකයත් සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු දක්නට ලැබේ. අද කාන්තාවන්ට නැවුම් බලාපොරොත්තු ඇතිව ජාත්‍යන්තරයට යා හැක. අද  පවතින රජයේ අගමැතිවරයා ඉතා පරගතිශීලී පුද්ගලයෙකි. එය එක්සත් ජාතික පක්ෂයටද ආවේනික ලක්ෂණයක් කීවොත් නිවැරදියි. මංගල සමරවීර රන්ජන් රාමනායක අකිල විරාජ් කාරියවසම් වැනි අයට වැදගත් තනතුරු ලැබී තිබීම ජාතිවාදී පුරුෂාධිපත්‍යවාදීන්ට ඇහැට කටු අනින්නාක් මෙන් වුවත් එය රටේ සියළු ප්‍රගතිශීලී පුරවැසියන් ලද ජයකි. මෙය විශේෂයෙන් කාන්තාවන් ලද ජයක් වේ. රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා අයිතීන් වෙනුවෙනුත් කාන්තා ප්‍රගතිය වෙනුවෙනුත් කටයුතු කරන්නේ බටහිර රටවල් ආදර්ශයට ගනිමින් ඉතා අවංකවය. නමුත් පසුගිය රජයේ සියළුදෙන මේ කටයුත්ත කළේ හොරට රැවටිල්ලටය. ඒ රැවටිලිකාරයන් කාන්තාවන් ගැන කාන්තා දිනයට බොරුවට කතාකරමින් කාන්තාවන්ගේ ප්‍රගතිය ගැන බොරු කතා කීවත් අවසානයට කර ඇත්තේ කාන්තාව කුස්සියට තල්ලු කර පුරුෂයාගේ වහලිය බවට පත් කිරීමට සම්ප්‍රදායට ඉඩ දීමයි.
                    

  පවතින යහපාලනය ඉදිරියටත් ආරක්ෂා කිරීමටනම් ඉදිරි මැතිවරණයේදී සම්ප්‍රදායික පිරිමින් කුණු කූඩයට දැමිය යුතුය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ වටා රොක්වන අනාථ පෙරමුණු සන්ධානය කොයි ලකුණකින් ආවත් පරාජය කළයුතුය. දෙශපාලනය තුල කාන්තා නියෝජනය 30% දක්වා වැඩි කිරීමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබීම ඉතා හොඳ ප්‍රවණතාවයකි. එය යහපාලනයද මැනවින් පෙන්නුම් කරන්නක් වේ. යහපාලනය තුලින් ජනතාව බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන වලට මුල සිට අකුල් හෙලූ සම්ප්‍රදායික අනාත පෙරමුණේ දේශපාලනය නතර කළයුතුය. අදත පාර්ලිමෙන්තු බහුතරය ඔවුන්ට තිබීම මහත් අභාග්‍යකි. එනිසා ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බහුතර ජනවරමක් ලැබීම වැදගත් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතාද කවුරුන් කෙසේ කීවත් සහය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එය එසේම වියයුතුය. දැන් අවශ්‍ය සම්ප්‍රදායික අනාථයන් ගෙදර යැවීමයි. මේ අනාථ නඩය තමන්ට බලය තිබූ කළ සිදුකළ වංචා දූෂණ ගැන සොයා බලා දැඩි දඬුවම් පැමිණවියයුතුය. ඔවුන්ට නැවත නැගිටීමට ඉඩ දුන්නොත් ජයගන්නේ සිංහල ජාතිවාදය හා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදයයි. ඊට කිසිසේත් මෙරට බුද්ධිමත් කාන්තා පරපුර ඉඩ නොතැබිය යුතුයි.
       
ජූනි 12 වනදා මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න දඟලන අනාථ පෙරමුණේ රැලියක් මාතරදී පැවැත්විනි. එයට සෙනග ගෙනාවේ කෙසේදැයි රටම දනී. මුළු රටේම සිටින සම්ප්‍රදායික මතදාරීන් තමන්ට රැකවරනය සපයන අනාථ පෙරමුණ හා මහින්ද වෙනුවෙන් බස් පිටින් මාතර ගිය බව නොදන්නා කෙනෙක් වෙත්ද? කාන්තාවට හින්සා කරන්නන් ඇය තම කාමුක අවශ්‍යතාවය වෙනුවෙන් කාම වහලියන් කරගන්නන් ස්ත්‍රී දූෂකයන් හා සියල්ල හමුවේ සම්ප්‍රදායික ගෘහණිය හා ළමයි වදන එකෙන් පිට දෙයක් නොදන්නා නම්බුකාර ගෙදර බුදුන් අම්මලා ටික අනාථ පෙරමුණ වටේ එක් වී තිබේ. ඔවුන්ට දැන් යන එන මගක් නැත. දැන් කරන්නට තිබෙන්නේ නූතන ලෝකය කරා පියනගන්නට නොඉවසිල්ලෙන් සිටින රටේ බුද්ධිමත් කාන්තාවන් සම්ප්‍රදායික මෝඩකම් හා ජාතිවාදය අතහැර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් ශක්තිමත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය දිනවීමට ක්‍රියා කළ යුතුය. එහිදීද කාන්තා නියෝජිතවරියන්ට හැකිතාක් චන්දය දීම කළයුතුයි. සිංහල කාන්තාවන් ජාතිය රැකීමට ගියහොත් අවසානයට සිද්ද වෙන්නේ සිංහල ජාතියේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකීමට මිස කාන්තාවගේ විමුක්තිය උදා කරගැනීම නොවේ.            

Sunday, May 31, 2015

සමූහ දූෂණ අපරාධ වලට එරෙහිව පෙළගැසෙමු.


මේ වන විට උතුරේ සමූහ දූෂණ තුනක් වාර්තා වී ඇත. තව ඉදිරියට කීයක් වාර්තා වීමට නියමිතදැයි කිසිවෙක් නොදනියි. මේ රට මෙතරම් අවාසනාවන්ත උනේ ඇයි? දැන් දැන් ඉන්දියාවේ මෙන් අපේ රට ඇතුලේත් සමූහ දූෂණ වාර්තා වන්නට පටන් ගැනීම බෙහෙවින්ම කනගාටුදායකය. මෙය මහත් අවාසනාවන්ත තත්වයකි. මුලින්ම වාර්තා උනේ විත්යා නමැති 18වන වියේ පසු වූ පාසල් ශිෂ්‍යාවක් දුෂණය කර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියයි. ඉන් පසුව තවත් 7හැවිරිදි දැරියක් හා 13 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් විය. මේ කිනම් කරුමයක්ද? අහෝ මේ රටට මේ සිදුවන්නේ කුමක්ද? මේ දැරිවියන් උතුරේ දෙමළ ජාතික දැරිවියන් විය හැක. නමුත් කා හට වුවත් මේ කුරිරු අපරාධය අපරාධයක්මය. පුරුෂාධිපත්‍ය සමාජ රාමුවක් තුල සිරවී දුක් විඳින සම්ප්‍රදායික කාන්තා පරපුරක් වැඩිපුර වෙසෙන තුන්වන ලෝකයේ නොදියුණු රටක් වන ලංකාවේ කාන්තාවන්ට මෙය තවත් භීතිය කැඳවන මාරක සිද්ධි සමූහයක් විතරය. ඒ ඔවුන් සිතන්නට පුරුදු වී සිටින ක්‍රමයේ වරද වේ. ඔවුන්ට මෙවැනි අපරාධ වල නියැලෙන්නන්ට එරෙහිව දැඩි ලෙස සටන්වැදීමට ආත්ම ශක්තියක් නැත. එයද ලොකු වරදකි.
                         මේ සිදුවීම් ගැන දෙමළ දේශපාලනඥ්ඥවරියක් කියා සිටියේ උතුරේ එල්ටීටීඊ පාලනය පැවති කාලයේ මෙවැනි සිද්ධි නොවූ බව හා යුධ හමුදාව උතුර ආක්‍රමණය කළ පසු මේ අවාසනාවන්ත තත්වය උදා වූ බවයි. සිංහල ජාතිවාදීන්ට මෙය කොපමණ උදහසට කාරනාවක් උනත් එහි යම් සත්‍යක් තිබේ. එල්ටීටීඊ එක උතුරේ දෙමළ කාන්තාවන් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රාමුවෙන් ගලවාගෙන නූතන ලෝකයට ගැලපෙන ලෙස මනස සකස් කිරීමටත් ශක්තිමත් කිරීමටත් බොහෝ දුරට සමත් විය. ප්‍රභාකරන්ට සිංහල ජාතිවාදීන් කොපමණ බැන්නත් ඔහු දෙමළ ජාතික කාන්තාවන් සම්ප්‍රදායික හින්දු සංස්කෘතික මනස්ගාත වලින් මුදවාගෙන නව ලොවකට ගෙනයෑම සඳහා පිරිමින්ට සමාන ලෙස ඔහුගේ සංවිධානය තුලත් සම අවස්ථාවන් හෑම අංශයකින්ම උදා කර දුන්නේය. කාන්තාවන්ට සටන් පුහුණුව ලැබුණි. ඔවුහු එඩිතර වූහ. කළු ජූලියට පෙර උතුරේත් නැගෙනහිරත් කාන්තාවන් බයිසිකල් පැදීම පවා සම්ප්‍රදායික දෙමළ ජනයා උපහාසයට ලක්කර ඇත. මෝඩ හින්දු සංස්කෘතික බලපෑම එයයි. මේ තත්වය අද වෙනස් වී ඇත අද උතුරේ කාන්තාවන්ට පිරිමින් හා සමව උරෙනුර ගැටෙමින් ඕනෑම වැඩක් කිරීමේ අවස්ථාව ඇත. ඒ තත්වය උදා උනේ එල්ටීටීඊ එකට පින් සිදුවන්නට බව කිවයුතුම වේ. එහෙත් සිංහල ජාතිවාදීන් සතුටට පත්කරමින් උතුරේ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්වීම තුල කුමක් සිදුවුනිද?
                              ඇත්තම කාරනයනම් මෙයයි. ඒ උතුරේ සංවර්ධනයක් ඇතිකර බටහිර රටවලට සමගාමීව අනෙක් සියළු අංශ වලින් මෙන්ම සංස්කෘතික වශයෙනුත් වෙනසක් ඇතිකරමින් නූතන යුගයක් කරා වෙන්ව ගමනක් ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ යෑමට තිබූ අවස්ථාව උතුරේ මෙන්ම නැගෙනහිර දෙමළ ජනයාගෙන් ගිලිහී ගියේය. ඒ හමුදා ක්‍රියාමාර්ග  හරහා රටේ අනෙකුත් සියළු ප්‍රදේශ වලද නූතනත්වයක් නැති සම්ප්‍රදායික සමාජ තත්වය නැවතත් උතුරේ දෙමළ ජනයාට උරුම වීමෙනි. එල්ටීටීඊ පාලන සමයේ උතුරේ දෙමළ කාන්තාවන්ට තිබූ එඩිතර ශක්තිමත් බව ඒ අනුව ඔවුන්ගෙන් ගිලිහී ගියේය. දැන් ඔවුන්ට ඇත්තේ නැවතත් අනතුරක් හමුවේ අඬා දොඩා වැලපී පිරිමියා ඉදිරියේ දනින් වැටීමේ මානසිකත්වයයි. මෙවැනි දූෂකයින්ට ප්‍රහාර දී මෙල්ල කිරීමට ඔවුන්ට නොහැක. එල්ටීටීඊ කාන්තා බලකායෙන් හමුදා අතඩංගුවට පත් සෙබලියන්ද දැන් පුනරුත්තාපනය කර සම්ප්‍රදායික දෙමළ කාන්තාවන් බවට පත්කර ඇත. උතුර සිංහල ජාතිවාදීන්ට සිත්සේ කරනම් ගැසීමට තැනක් කරදුන්නේ මහින්ද රාජපක්ෂ නම් ජාතිවාදී මිනීමරු නායකයායි. ඔහුට දැන් වලංගු බවක් නැත. ඒත් ඔහුගේ අධි තක්සේරු කතානම් කෙලවරක් නැත. විත්‍යා සිසුවියගේ ඛේදවාචකය තුල උතුරේ ජනයා නොසන්සුන් වී උසාවියට පහරදීම ගැනද මේ ජාතිවාදී නාජකයා කීවේ කොටින් නැගිටිනවෝ කියාය. උතුරේ ජනයා ඉල්ලුවේ වරදකරුවන්ට දඬුවම් දෙන්න කියාය. එහෙත් එය පටු දේශපාලනය වෙනුවෙන් හිටපු මහරජා අවියක් කරගත්තේය. අනේ හැබෑට මෙහෙමත් උමතුවක්.
            හමුදා ක්‍රියාමාර්ග හරහා උතුරේ මින් පෙර සක්‍රීය ලෙස විශාල සමාජ සේවාවන් තොගයක් කළ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරිත්වයද දැන් දුර්වල වී තිබේ. මෙයද නූතන යුගයක් කරා යෑමට සූදානම්ව සිටි උතුරේ කාන්තා පරපුරට එල්ල වූ මරු පහරකි. උතුර දැන් නැවතත් සම්ප්‍රදායික හින්දු ආකල්ප වෙත තල්ලු වෙමින් ඇත. යාපනය උසාවියට හා පොලීසියට පහර දෙමින් විරෝධතා දැක්වූයේ බහුතරයක් පිරිමින්ය. වියයුතුව තිබුණේ කාන්තාවන් ප්‍රභල ලෙස නැගී සිට කිරියාත්මක වීමයි. පිරිමින් කොපමණ මේ සිද්ධි හමුවේ සටන්කාමී ලෙස හා කලහකාරී ලෙස විරෝධතා දැක්වුවද ඔවුන්ටද ස්ත්‍රී දූෂණයක් කිරීමට හැකියාව නැතුවා නොවේ. භයානකකම ඇත්තේ එතැනයි. කාන්තාව පුරුෂයාට සමව හෝ ඊටත් වැඩිය ශක්තිමත් වන්නේනම් තනි පුද්ගලයන්ට හෝ සමූහ ලෙස හෝ  කාන්තාවන් දූෂණය කිරීමට තියා ඇඟට අතක්වත් තියන්නට බැරිය. එබැවින් ප්‍රශ්නයට සාර්ථකම පිළිතුර නීති ක්‍රියාත්මක කරන්නට කියා පිරිමින් ලඟ පින් සෙන්ඩු වීම නොව කාන්තාවන්ට අභියෝග ජය ගැනීමට ශක්තිය ලබාදීමයි. කාන්තාවන්ට සියල්ලට පෙර තමන් පිරිමින්ට වඩා දුර්වලය යන මානසිකත්වයෙන් මිදීමට උදවු දියයුතුය. ගෑහැනු පිරිමි වෙනස්කම් මත කාන්තාවන් ආරක්ෂා කිරීම පිරිමින්ට අයිති දෙයක් යන සම්ප්‍රදායික මතය බැහැර කිරීමට දැන් කාලය පැමිණ ඇත. පොලීසි වලද කාන්තා බලකායවල් ශක්තිමත් කළයුතුය. සේරටම වඩා කාන්තාවන් පිරිමියාගේ කාමුක අවශ්‍යතා වෙනුවෙන් කැපවීමේ මෝඩ සම්ප්‍රදාය වෙනස් කළයුතුය. එය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. විවාහය හා දරුවන් වැදීම ඉලක්ක කර ගැහැනු දරුවන් හැදීමේ සම්ප්‍රදාය පා පහර දී බැහැර කළයුතුය. දූෂණයට පත් විත්‍යා දැරියද මේ සම්ප්‍රදාය තුලම සිටියාය. එබැවින් ඇයට අත්වූ අවාසනාවන්ත ඉරනමට  ඇය මෙන්ම ඇගේ මවුපියන්ද එක් අතකින් වගකිවයුතු වේ. ප්‍රශ්න හමුවේ කනගාටු වී අඬමින් දොඩමින් දුක තුනී කරගැනීමට වඩා සම්ප්‍රදායෙන් මිදී නූතන ලෝකයට පියනගමින් අභියෝග ජයගැනීම වැදගත් නොවේද. බටහිර රටක් විසින් නැවතත් ලංකාව යටත් කරගෙන හෝ මේ වැදගත් කටයුත්ත කළහැකිනම් එය රටේ වනිතා පරපුරම ලබන ජයග්‍රහනයක් වනු නියතයි.