19වන ශතවර්ෂය අවසානයේ දී සහ 20වන ශතවර්ෂය මුල දී ඇති වුණු කාන්තා කැළඹීම හේතුවෙන් විශ්ව කාන්තා දිනය බිහි වීමට පදනම වැටුණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, ජෝන් ස්ටුවර්ට් මිල් යනු සැබැවින්ම, ප්‍රථම වරට කාන්තාවට ඡන්ද අයිතිය දිය යුතු යැයි ප්‍රකාශ කළ පුද්ගලයා ය. වසර 1893 දී, නවසීලන්ත රජය විසින් ලෝකයේ ප්‍රථම කාන්තා ඡන්ද වරම ලබා දුන් රට ලෙසින් ඉතිහාසගත වුව ද, ලොව අන් රට වල එය ක්‍රියාත්මක වීමට තවත් බොහෝ වසර ගණනක් ගත විය.
ස්ත්‍රියගේ අරගලය ඇත්තේ පිරිමියාගේ දැක්ම සමඟය.මේ යථාර්ථය උවමනාවෙන්ම සඟවයි.ඒ වෙනුවට අචේතනික පීතෘමූලික සමාජය ආදේශ කරයි.ස්ත්‍රියගේ අරගලය ඇත්තේ අචේතනික බලවේග තුල නොවේ.පුරුෂයා විසින් අත්කරගෙන ඇති භූමිකාවට එරෙහිවය
නව පිරිමින් නිර්මානය ස්ත්‍රිය ඉදිරියේ ඇති අභියෝගයයි.ස්ත්‍රිය සිතන්නට ඕනෑ මෙසේය,කතා කරන්නට ඕනෑ මෙසේය,වැඩ කරන්නට ඕනෑ මෙසේය කියා සමාජභාවීය වෙනස්කම් නිර්මාණයට එරෙහිවය.මේ තත්වය වියුක්ත සන්දර්භයක් තුල වුවද පිරිමින් තුල තිබිය හැක.එබැවින් චින්තනමය වශයෙන් ස්ත්‍රියට පිරිමියා සමඟ අනවරත අරගලයක් ඇත.මේ අරගලයේ ඓතිහාසික පසුබෑමක් නිසා ස්ත්‍රිය අද සිටින තත්වයට පත් වී ඇත.
ස්ත්‍රියට පිරිමියාගේ ළමයි බලන්නියක් වීමට සිදුවී තිබේ.කුඩා කල පියාටද විවාහයෙන් පසු සැමියාටද වියපත්වූ පසු පුතාටද යාට්ටහ් වී සිටින්නට සිදුවී ඇත.ස්ත්‍රියගේ අරගලය මේ සියල්ලන් ගේ දැක්මට එරෙහිවය.
ඇය කැමති දෙයක් කිරීමට ඇයට නිදහස තිබිය යුතුය.මෑතක බස් කොන්දොස්තරවරුන් ලෙස කාන්තාවන් බඳවා ගැනීමට යාම ප්‍රවෘත්තියක් වී තිබිනි.
කොටින්ම පිරිමින් ස්ත්‍රියගේ මෙම අරගලය නොතකා හරින්නේ නම් ඇයට පිරිමින් ගෙන් නිදහස්ව ජීවත් වීමට හෝ ඉඩ තිබිය යුතුය.
කාන්තා සුබසාධන වැඩ මෙම යථාර්ථය සඟවයි එම වැඩ වලින්ද අන්තිමට ප්රතිලාභ ලබා ගන්නේ පිරිමියාය.අවශ්‍ය වන්නේ පාසල්මට්ටමින් ස්ත්‍රියට අරගලය ගැන න්‍යායාත්මක දැනුමක් ලබා දීමයි.
ආගම ,සදාචාරය හා මාතෲත්වය පමනක් නොව ජනප්‍රිය ලිංගික චර්යාවද වැනිදේ ස්ත්‍රිය පාලනය කිරීමට ස්ත්‍රිය මත පිරිමියා පටවන ලද දේය.පවුලේ වැඩියෙන් ආදායම් ඉපයූවත් ඇය ගෘහමූලිකයා නොවේ.නව ආකාරයේ පුරුෂ කතිකාවක් නම් කාන්තා හිංසනයයි.එම වචනයෙන්ම ස්ත්‍රිය බාල්දු කර ඇත.ඇය දෙවැනි තැනට දමා ඇත.ඇය ආරක්ෂා විය යුතු තැනැත්තියක් ලෙස හුවා දක්වා ඇත.දුර්වලයෙකු කර ඇත.එහෙත් ස්ත්‍රිය තමන් ලිංගික වශයෙන්ද ශාරීරික වශයෙන්ද දුර්වලයෙකු නොවන බව ( විශේෂයෙන් බටහිර කාන්තාව ) ඔප්පු කර ඇත.
අචේතනික දේවල් බොරුවට මවා පෙන්වන්නේ නැතිව පිරිමියා සමඟ ඇති අරගලය තේරුම් ගත යුතුය.එසේ නැතිව ජයග්‍රහණයක් ලබා ගත නොහැක.පිරිමියා සමඟ ස්ත්‍රියගේ අරගලය සමාජයීය හා ආර්ථික,දේශපාලනික වශයෙන් මෙන්ම ලිංගික වශයෙන්ද වූවකි.
අප මේ වටිනා ලිපිය උපුටා ගත්තේ Boondi.lkවෙබ් අඩවියෙනි. වැඩි විස්තර සඳහා කියවන්න.
http://boondi.lk/article.php?ArtID=1703