Tuesday, August 9, 2016

වැලේ වැල් නැති පාදයාත්‍රා




පහුගිය අවුරුද්දේ ජනවාරි 8 වෙනිද පැරදුන අපේ රටේ සිංහල ජාතිවාදී සම්ප්‍රදායිකතවය තුල ගිලුනු බංකොලොත් දේශපාලනඥ්ඥයන් පිරිසක් එදා සිට තමන් අතින් ගිලිහුනු දේශපාලන බලය නැවත ලබා ගැනීමට දැඩි උත්සහයක් දරනු පෙනේ. මොවුන් බලය ඇති කාලයේ සිත් සේ සොරකම් බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් ආදියෙහි නිරත වුන බව කවුරුත් දනිති. දැන් බලය නැතිව කිසිත් සොරකම් කිරීමට හෝ සැප විඳීමට බැරුව වියරු වැටී ඇති හිටපු මහරජා සහ ගෝල පිරිස දැන මහපාරේ ඇවිදිමින් නැවතත් සාන්තුවරුන් මෙන් බලය හිඟා කන්නට උත්සහ කරති. ඒත් කනගාටුව මේ අය සමග පාද යාත්‍රා යන්නට මෙතරම් විශාල සෙනගක් එක් රැස් වීමයි. මේ රටේ මිනිසුන් හදන්නට බැහැ. ඒ තරමට මෝඩ සම්ප්‍රදායික මිනිස්සු. දැන් ආයෙමත් හොර මහ රජාට බලය අරන් දීල අමාරුවෙන් ඇතිකල සංහිඳියාවත් ඉදිරියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ගෙනෙන කාන්තාව ජයග්‍රහනය කරවන සියළු ලිංගික අනන්‍යතා පිළිගන්නා අළුත් වැඩපිළිවෙලත් විනාශ කරන්න එකට එකතු වෙලා. මේ මෝඩ සම්ප්‍රදායික මිනිසුන්ට මේ තත්වයෙන් ගැලවෙන්න කිසි උවමනාවක් නැත්තේ මොන තරම් කාලකන්නි කමකටද කියා කිසිවෙකුටත් නොතේරෙයි.
                      මහජන මුදල් හා දේපල කොල්ලකෑ මහරජා සහ ඔහුගේ පවුලත් ජාතිවාදී නූගත් සම්ප්‍රදායික ආණ්ඩුවත් ගෙදර යවා යහපාලන රජයක් පිහිටුවා ගත්තේ ප්‍රගතිශීලී ජනතාව සුළු ජාතීන් මෙන්ම බුද්ධිමත් කාන්තාවන් නව ලොවට පියනැගීමටය. එහි සීමා මායිම් නැත. සම්පර්දායික බොරු විශ්වාස ආගමික මිත්‍යාවන් නැත. ජාති කුලමල ආගම් ලිංගභේදයන් නැත. එවන් නව වෙනසකට පා තැබීමට සුවහසක් බලාපොරොත්තු තබමින් පත්කළ නව රජයට එරෙහි මෙතරම් විශාල ජනතා රැල්ලක් ආවේ කෙසේද? මේ ජාතිවාදී සම්ප්‍රදායික රදල පැලැන්ති වටා එක්වන ජහමනයාට මොළ තිබේද? අද මේ මෝඩ මිනිසුන්ට වැට් ඉවසන්නට බැරිය. ඒත් හොරාකාපු මහරජාගේ බදු සියල්ල හොඳයි. මේ මොන අවාසනාවක්ද? මහින්ද යුද්ධය දින්නා කියන එකම මෝඩ කතාව කියමින් මහින්දගේ සියළු පවු සමා කරන්නට යන මෝඩ ජාතිවාදීන් නැවතත් කට ඇර පූචානම් කතා කියමින් සිටිති. ජනතාවට පීඩාව උරුම කළ සුදු වෑන් භීතිය ගෙන ආ ප්‍රගතිශීලී මිනිසුන් මාධ්‍යවේදීන් අතුරුදහන් කළ ජාතිවාදී මහරජාට වඩා ප්‍රභාකරන් රට පාලනය කරානම් හොඳයි කියා කියන්න අපිනම් බය නෑ. මෝඩ මිනිසුනේ ටිකක් හිතපල්ලා. අළුත් ආණ්ඩුවක් සියළු ජාතීන් සියළු ප්‍රගතිශීලීන් බුද්ධිමත් කාන්තාවන් ඇතුළු පිරිසක් විසින් පිහිටෙවුවේ රට අළුත් මාවතක ගෙන යන්නයි. ඒ බලාපොරොත්තු වලට හරස් කපන්නේ ඔබලාගේම නූගත්කමයි උපන් මෝඩකමයි නිසා.
                             අපට ටිකක් හරි සහනයකට තියෙන්නේ තවමත් ආණ්ඩුවට බලය තියෙන එක. ඒ බලය පෙරලා දමන්න කිසි ජගතෙකුට බෑ. කොච්චර සෙනග කොළඹට ගෙනාවත් රටේම විශාල බහුතර ජනතාවක් පාගමන් ගියත් මේ ආණ්ඩුව කරන්නේ බුද්ධිමත් පිරිසක්. බුද්ධිමතුන් රටේ අඩු වෙන්න පුළුවනි. ඒත් බහුතර මෝඩ සම්ප්‍රදායික ජාතිවාදීන්ට නැවත කිසි ඉඩක් ලබා නොදී යහපාලන රජය ඉදිරියටත් ගෙනයන්න ජනාධිපති අගමැති ඇතුළු සියළුදෙනාට හැකි වෙන්න ඕනේ. කවුරු කොහොම කිවුවත් කොච්චර ලොකු සෙනගක් විරුද්ධ උනත් 2020 වෙනකල් මහ මැතිවරන නෑ. තිබුණත් ඔය කියන සිංහල ජාතිවාදීන්ට වඩා චන්ද සුළු ජනකොටස් එක්ක ප්‍රගතිශීලී උගත් චන්ද දායකයන්ගේ චන්ද ප්‍රමාණය වැඩියි. අපි දැන් බලන්න ඕනේ සියළු දෙනාට සියළු ජාතීන්ට මෙන්ම කාන්තාවටත් සියළුම ලිංගික අනන්න්‍යතා ඇති අයටත් සම අවස්ථා හිමි වන කිසිදු ආගමික මිත්‍යා අදහසකට තැනක් නැති නවීන එක්සත් රටක් හදන අළුත් ව්‍යවස්ථාව කෙසේ හෝ ගෙන ඇවිත් සම්මත කරවා ගන්න එක ගැනයි. දැනටත් අපට ජාත්‍යන්තරයේ සහය ලැබිලා ඉවරයි. ඒ වගේම ලෝකයේ ගොඩක් රටවල පැසසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ලැබෙනවා කිසිම සැකයක් නැතිව. අප බුද්ධිමත් ප්‍රගතිශීලී ජනතාවක් හැටියට එකට එක් විය යුත්තේ ඒ අයත් සමගයි. පාද යාත්‍රා ගනන් ගන්න ඕන නැත්තේ මේවා කොච්චර ගියත් ආණ්ඩු පෙරලන්න බැරි නිසා.

2 comments:

  1. යකෝ වනිතක්කා තාම ඉන්නවා එහෙනං

    ReplyDelete
  2. ඔවු ඔවු තවම ඉන්නව

    ReplyDelete