Friday, January 29, 2016

නව ව්‍යවස්ථාවට උපරිම සහය දෙමු


කලක් තිස්සේම වෙර වීරිය යොදා පැවති දුෂ්ඨ පාලනය පලවා හැර වසර 2015 ජනවාරි 8 අප නැවුම් බලාපොරොත්තු සහිතව යහපාලනය උදා කර ගත්තෙමු. එතැන් පටන් විරුද්ධවාදී සම්ප්‍රදායික මතදාරීන්ගෙන් ඊට එල්ල උනේ පොඩි බාධාවක් නොවේ. අදටත් එය එසේමය. නැවුම් බලාපොරොත්තු ඇතිව පත් කරගත් යහපාලන රජය තුලින් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නා තෙක් රජය රැක ගැනීම අප සියල්ලගේ වගකීමයි. විශේෂයෙන් මෙරට වනිතා පරපුරට යහපතක් වන්නේ මේ රජයෙන් පමණි. නැවත සම්ප්‍රදායික ජාතිවාදී පුරුෂාධිපත්‍ය රජයන ආණ්ඩුවක් ඇති වුවහොත් සියළු බලාපොරොත්තු සුන් වේ. දැන් ජාතිවාදය මර්ධනය වී ඇත. එය එසේම විය යුතුය. ඉදිරියේදී පුරුෂාධ්පත්‍යටද එසේ වේ යැයි බලාපොරොත්තු වෙමු. සියළු බාධක මැද මේ වන විට නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ රට පුරා ඇති වීතිබේ. එයටත් සම්ප්‍රදායික ජාතිවාදී බලවේග වලින් ගල් මුල් ප්‍රහාර එල්ල වෙමින් තිබේ. කෙසේ හෝ මේ බලවේග පරාජයට පත් කර අපේ අරමුනු ඉටු කරගන්නට දැන් සිට වෙහෙස මහන්සි විය යුතුය.
                              නව ව්‍යවස්ථාව ගැන කවුරු මොකක් කිවුවත් මෙරට කාන්තා පරපුරට ඒය වාසි සහගතය. මේ රටේ බුද්ධිමත් කාන්තා පරපුර තව දුරටත් මේ ජාතිවාදී ආක්ල්ප හිසින් දරාගෙන ජාතිය රැකීමට බැඳී සිටිය යුතු නැත. සිංහල ජාතිවාදීන්ගේ ජාතියේ පුරුෂාධිපත්‍ය ගෙන යෑමට දරුවන් වදා දීම නූතන කාන්තා පරපුරේ වගකීම නොවේ. මේ යල්පැනගිය ආකල්ප වලින් මිදී නව ව්‍යවස්ථාවක් හරහා රටේ ඉදිරි වෙනස්කම් සියල්ල කිරීමට කාන්තාවන් සියළු දෙනා යහපාලන රජයට සහය දිය යුතුය. මේ නව ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිවාදයට මරු පහරක් එල්ල වීම ගැන කාන්තාවන් දුක් නොවිය යුතුය. ඒතුලින් රටේ සුළු ජනකොටස් වල අයිතීන් රැකීම ඔවුන්ට සම අවස්ථා ලැබීම බලය බෙදීම හරහා ස්වයං තීරන ගැනීමේ අයිතිය තහවරු වීම කාන්තාවන්ගේ පැත්තෙන් බැලුවත් සාධාරනය. සුළු ජන අයිතීන් මෙන්ම කාන්තා අයිතීන් ශක්තිමත් වීමටද නව ව්‍යවස්ථාව මහෝපකාරී වනවා ඇත. ඒ තුළින් කාන්තා අයිතීන් රැකීමටද ක්‍රියා කිරීමට හැකිනම් කාන්තාව රජයට බල කළ යුතුය. ඒ අයුරින් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සියළු අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළ හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය වේ යැයි සිතිය හැක. එසේ නොවන්නේනම් ඊටද බල කළ යුතුය. එහිදීත් පෙරට ආ යුත්තේ කාන්තා පරපුරයි. රටේ ඉදිරි ගමන වෙනස් කරන තීරනාත්මක කාල පරිච්චේදය ඉදිරියේදී උදා වනු ඇත. ඊට මෙරට බුද්ධිමත් කාන්තා පරපුරේ සහය ලැබෙනු ඇත යන්න වනිතා හඬේ විශ්වාසයයි. කාන්තාවගේ අනාගත යහපත වෙනුවෙන් නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට හැකි වේවා කියා වනිතා හඬ ප්‍රාර්ථනා කරනවා.

4 comments:

  1. This post made my day... :-D :-D:-D :-D

    ReplyDelete
  2. අපිත් බලාගෙන ඉන්නේ නව ව්‍යවස්ථාවට මොකද වෙන්නේ කියලා. වනිතා හඬත් මම හිතන්නේ ව්‍යවස්ථාව හදන කණ්ඩායමේ ඉන්නව වගේ.

    ReplyDelete
  3. ඔබේ යෝජනා තිබෙනවා? අපි නෙළුම් යයෙන් වෙනම පක්ෂ විපක්ෂ සියලු යෝජනා එකතු කරනවා .
    http://nelumyaya.com/?cat=19

    ReplyDelete
  4. වනිතා නැන්දට චිරාත් කාලයක් අපට විහිළු සපයන්න හැකිවේවා කියා පතමි.

    ReplyDelete