Saturday, July 18, 2015

සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව


මහින්ද රාජපක්ෂ බලේට ගෙනාපු සිංහල ජාතිවාදියෝ හිතුවේ මහින්ද  LTTE සංවිධානය විනාශ කළ නිසාම කිසි දිනක චන්දයකින් පරදින්නේ නැති වෙයි කියාය. ඒ ජාතිවාදීන්ගේ මනසේ කාලයක් තිස්සේම පැලපදියම් වී ඇති ජාතිවාදී ඉතිහාස කතා හා බොරු පුරාජේරු වලට අනුවයි. නමුත් ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන්කර දමමින් ජනවාරි 8වනදා එලිවන විට ඔවුන්ගේ මහරජාට තේජාන්විත පදවියද අත්හැර දමා යන්නට විය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට බහුතර ජනතා කැමැත්තෙන් ජනපති වී යහපාලනය ජයගැනීමත් සමගයි. එතැන් පටන් රටත් ජනතාවත් ලැබූ ජයග්‍රහනයන් දැක කුලප්පු වූ සිංහල ජාතිවාදී කණ්ඩායම් නැවතත් යහපාලන ජයග්‍රහණයන් ආපසු හරවා රටම ජාතිවාදී මාවතකට තල්ලු කිරීමට උත්සහ කරමින් සිටිති. මෙය ඒ තරම් සුබදායක නැත. මහින්ද රාජපක්ෂ කියන තක්කඩියා මේ සියල්ල පසුපස සිටී. ඒත් ඇත්තම සිද්ධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යෑමට අදහස් කළත් සිංහල ජාතිවාදීන් ඔහුව නැවතත් දේශපාලනයට ගෙන එමින් ජාතිවාදී ගමනක් යන්නට උත්සහ කිරීමයි.
                           ලංකාව යනු සිංහල ජාතිවාදීන් කෙසේ කීවත් සිංහල බෞද්ධ රටක් යැයි කිව නොහැක. එය මෙරට ජීවත් වන අන්‍ය ජන කොටස් වලට කර අසාධාරණයක් මෙන්ම සිංහල ජාතිවාදීන්ගේ උවමනාවට සිංහල බෞද්ධ අටමගලය අන්‍ය ජාතීන්ට බලෙන් පැටවීමකි. මේ සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම පරාජය වීමට NGO වල ක්‍රියා කලාපය බලපෑවාට කිසිම සැකයක් නැත. සිංහල ජාතිවාදීන් NGO කණ්ඩායම් ගැන බද්ධ වෛරයකින් පසුවන්නේ ඒ නිසයි. ලංකාවේ ක්‍රියාත්මක වන NGO බොහොමයක් සිංහල ජාතිවාදයට විරුද්ධය ඒ වගේම සම්ප්‍රදායික ගතානුගතික සමාජය පිළිනොගනියි. NGO කණ්ඩායම් වලට බටහිර රටවලින් මුදල් ලැබීම ගැනත් සිංහල ජාතිවාදීන් පසුතැවෙන්නේ බටහිර රටවල් තම සතුරන් ලෙස සලකමිනි. මේ ඔවුන්ගේ මෝඩ මනස්ගාත විතරකි. බටහිර රටවල් අපට අත හිත නොදෙන්නේද? ලංකාවේ දේශපාලකයින් ජනතාවට කරන කියන දේ සමග සංසන්දනය කර බලන විට NGO පිරිස මේ රටට කර තිබෙන සේවය ඊට වඩා වැඩිය. සිංහල ජාතිවාදීන් කුමක් කීවත්  මේ රට බහු වාර්ගික රටක් මිස විශේෂයෙන් කාටවත් අයිති නැත. NGO කණ්ඩායම් මේ රට තුල පිළිගන්නේ එම බහු වාර්ගිකත්වය මිස සිංහල බෞද්ධ අටමගලය නොවේ.
                            සිංහල ජාතිවාදීන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදීන්ද වෙයි. මේ මෝඩ මිනිසුන් කාන්තාවන් පීඩාවට පත් කිරීමටද රුසියෝය. NGO පිරිස එහිදීද ජාතිවාදී පුරුෂාධිපත්‍ය උමතුවට එරෙහි වේ. මෙයද සිංහල ජාතිවාදීන්ට නොරිස්සුම්සහගතය. කවුරුන් කෙසේ කීවත් බටහිර රටවල් හා එම රටවලින් ආධාර ගෙන අපේ රටට අමිල සේවයක් කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලය මේ රටට හිතවත්ය. සිංහල ජාතිවාදීන්ටනම් මුළු බටහිරම වහ කදුරුය. ඒ ඔවුන්ගේ විකාරයක් පමණි. බටහිර රටවල් ලෝකයට මිල මුදලෙන් පමණක් නොව දැනුමෙන් තාක්ෂණික අංශයෙන් හා වෙනත් විවිධාකාරයන්ගෙන් උදවු උපකාර කරයි. එහෙයින් එම රටවල් අපේ සතුරන් ලෙස දැකීම සාධාරණද? අපේ රටේ ඉන්න මහා ලොකු අධිරාජ්‍ය විරෝධී සිංහල බෞද්ධ වීරයන් අධිරාජ්‍යවාදයෙන්ම ලැබෙන යම් යම් දේ පරිහරනය කරනු දකින විට අපටනම් සිනාසෙන්නට කටවල් මදිය. අද රටේ සිද්ධවෙන දේවල් ගැන ඇත්ත තොරතුරු බොහොමයක් දැනගන්නට හැක්කේද NGO ආධාර වලින් ගෙනයන විකල්ප පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය හරහායි. එම මාධ්‍ය මද්‍යස්ථ වේ. එයද ජාතිවාදීන්ට පෙන්නන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය සිංහල බෞද්ධ අන්තවාදය පැත්තේ ඉඳන් අන් සියළු දෙනාට පහර දෙන මාධ්‍ය පරතිපත්ති වේ. එය මේ කපේ කළ නොහැක. ඔවුන්ට අනුව යුද්ධයෙන් LTTE සංවිධානය පරාජය කිරීම ආදිය ඉහලින් වර්නනා කළ යුතුය. යුද්ධයට නායකත්වය දීපු එවුන්ද විරුවන්ය. ඔවුන්ටද ආවඩන්නට ඕනෑය. NGO මාධ්‍ය මධ්‍යස්ථව සිටිමින් මහා යුධ විරුවන්ගේ රෙදි ගලවන නිසා ඒ මාධ්‍ය වලට ජාතිවාදීන් විරුද්ධ්ය.NGO ජාලය සමලිංගිකත්වයට පක්ෂය ඒ සියළුම ලිංගික අනන්‍යතාවයන්ට එක සමාන ලෙස සැලකීමට ඔවුන් දන්නා නිසාය. සිංහල ජාතිවාදීන්ට එයද දිරවාගත නොහැක. අද දියුණු ලෝකයේ ඇති මෙවැනි ප්‍රවණතා ගැන ජාතිවාදී ළිං මැඩියන්ට දැනගන්නට උවමනාවක් නැතිකමද කනගාටුදායකය.
                        සිංහල ජාතිවාදීන් තවත් සිතා සිටින්නේ ඔවුන්ගේ ජාතිවාදී බොරු විශ්වාස කරන පිරිස අති විශාලයි කියලාය. ඒ ඔවුන්ගේම විකාරයකි. පාර්ලිමෙන්තු මහ මැතිවරණයට ලක ලෑස්ති වන මේ මොහොතේ සිංහල ජාතිවාදීන් පැරදුනු මහින්ද උන්නැහේවත් වට කරගෙන නැවතත් ජාතිවාදය වපුරා ආණ්ඩු පිහිටුවීමට උත්සහ කරමින් සිටියි. එහෙත් මෙවර ඔවුන්ට ජාතිවාදය මාකට් කළ නොහැක. මහින්ද රාජපක්ෂ නම් හොර තක්කඩියා වටා මහා ජන ගංගාවක් සිටින බව ඒත්තු ගැන්වීමට කොතෙක් උත්සහ කරත් එය සාර්ථක වන්නේ නැත. ඒ ඊට වඩා ජනකායක් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා වටා එක් වෙමින් ජනවාරි 8 වනදා දිනාගත් යහපාලනය රැක දෙන ලෙස ඉල්ලා සිටින බැවිනි. ජනවාරි 9 උදේ වනවිට උන ගත්තාටත් වඩා සැරට මෙදා සැරේ ජාතිවාදීන්ට උන ගැනෙන්නේ අගෝස්තු 18 උදේයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී නව එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවන ආකාරය දැකීමේදීයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ ඔහු ජාතිවාදියෙකු නොවන නියම මහත්මයෙක් නිසාය. NGO සහයද නව රජයට ලැබෙනු නොඅනුමානය. එතැන් සිට සිදුවන්නේ ජාතිවාදී කිසිවිට නොහිතන දේවල් වේ. ඔවුන්ගේ සතුරන් වන බටහිර රටවල් අපට උදවු කරනු ඇත. නව එක්සත් ජාතික පක්ෂ රජය ලෝකයේම පැසසුමට ලක්ව ජාත්‍යන්තරයේම සහය ලබාගෙන රට නූතන යුගයක් කරා ගෙන යනු නියතය. සම්ප්‍රදායික ජාතිවාදීන්ට සිදුවන්නේ ඒ දෙස බලා හූල්ලා මැරෙන්නටය.

8 comments:

  1. ජාතිවාදීන් බහුතරයක් දෙනා පුරුෂෝත්තමවාදීන් තමයි! පුරුෂෝත්තමවාදීකම හිතෙන් අත හරින්නට හැකි අයට ජාතිවාදය අත හැරම සුලු දෙයක්!

    ReplyDelete
    Replies
    1. පුරුෂෝත්තමවාදී නොවන ජාතිවාදියෝ ඕන තරම් ඉන්නවනෙ

      Delete
    2. පුරුෂෝත්තමවාදය ගැන තව ටිකක් විස්තර කරානම් තමයි හොඳ. මොකද තමන්ට පිරිමි අවයවයක් තියෙනව කියල හිතාගෙන පිස්සුවෙන් පිරිමි ලිංගිකත්වය අනුකරනය කිරීමේ මානසිකත්වයෙන් පෙලෙන ගෑනුන්ට දණ්ඩනමස්කාර කරමින් ඔවුන් මහා ලොකු වීරවරියන් කරන්න යන උත්තම පුරුෂයො ගැනත් අපිට එතකොට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම උන්ගේ වීරවරියන්ගේ විකුර්ති ශරීර දකිනකොට නගිනේ නැති පයියවල් උන්ම අපහාස කරන ගෑනුන්ගේ ස්ත්‍රී ස්වභාවය ඉස්සරහ කෙලින් වෙන හැටි ගැනත් කතා කරන්න පුළුවන්. මේ ලිපියේ තියෙන බයිලා වලට පිළිතුරු දෙන්න අපේ කාලේ නාස්ති කරන්න ඕනත් නෑ කියල මම මතක් කරල යන්නම්.

      Delete
    3. ඒ මනුස්සය කියල තියෙන දේ හරි. පුරුෂෝත්තමවාදී නරුමයන්ට පුලුවන් කුනුහරප කියන්න විතරයි. විකුර්ති ශරීර ඇති වීරවරියන්ට අකමැති ඔයාලට තියෙන කාම උමතුව නිසා නේද? ඒ අයට විකුර්ති ශරීර තියෙනවනම් ප්‍රකුර්තිමත් මොන වගේ ශරීරද? ඔයාලගේ කාම ආශාව වෙනුවෙන් අඟපසඟ පිහිටපු දුර්වල ශරීරද? එහෙම නේද?

      Delete
  2. සංවාදයට එළඹිය හැකි මේ වගේ මාතෘකාවකට සහයෝගය.
    http://nelumyaya.com/?p=3774

    ReplyDelete
  3. මේ ලිපියේ තියෙන ගොන් තර්ක හා බොරු බේගල් හොඳයි අපට සතුරු බලවේග පෝෂණය කරන බටහිර රටක තානාපතියෙකුට කියවලා යම් රසයක් විඳින්න.

    ReplyDelete
    Replies
    1. තානාපතිවරු ඔයාට කරපු වරද මොකද්ද? විදේශ තානාපතිවරු හතුරන් වෙන්නේ කොහොමද. ඒ අය අපේ රටට උදවු කරල නැද්ද? ආධාර දෙන්නේ නැද්ද? සම්ප්‍රදායිකත්වයෙන් මිදිල මේ දිහා බලන්න පුරුදු වෙන්න.

      Delete