Tuesday, April 21, 2015

සම්ප්‍රදායික සිරිත් අප තවදුරටත් රැකිය යුතුද?


තවත් සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නමින් එකක් ඇවිත් ගියේය. හැබැයි ඒ ඇවිත් ගියේ නිකම්ම නොවෙයි. මේ සම්ප්‍රදායික අළුත් අවුරුද්ද ඇවිත් ගියේ ලංකාවේ කාන්තා පරපුරට සම්ප්‍රදායිකත්වයේ මරු පහරක්ද එල්ල කරමිනි. සම්ප්‍රදායික අධිපතිවාදී පුරුෂයා නැකැත් හදමින් ජෝතිෂය හිස් මුදුනේ තබාගෙන අවුරුදු චාරිත්‍ර ගැන පුරාජේරු ගැසුවේය. ඒ අතරම රෙද්ද හැට්ටේ ඇඳගත් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන් පිරිස සුපුරුදු පරිදි අවුරුදු චාරිත්‍ර කරමින් තමන්ට හුරු පුරුදු කුස්සියට කොටු වී ලිප ගිනි මොළවා වැඩකටයුතු පටන්ගත්තෝය. තව සමහරු කැවිලි පෙවිලි හදන්නට තමන්ට ඇති හැකියාව කැවුම් වල කොණ්ඩය ගන්න ආකාරය ගැන උදම් ඇනුවෝය. අපොයි මෙහෙමත් මෝඩ කාන්තාවන් රටේ ඉන්නවාදැයි කියා මට හිතුනේ නූතනත්වයක් කියා දෙයක්වත් අසා නැති මේ පිරිස දැක්ක විටය.
                        මේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ කරන සම්ප්‍රදායක අවුරුදු සැමරීම හා සිරිත් විරිත් ඉටුකිරීම කාන්තාවන්ගේ පැත්තෙන් ඔවුන්ට කෙසේ බලපානවාද යන්න කතා කිරීම අද දවසේ වැදගත්ම කාර්යක් කියා මට හිතුනේ සම්ප්‍රදාය බිඳ දමා නූතනත්වයට යන ගමනේදී කාන්තාවට මේ සම්ප්‍රදායික සිරිත් වලට කොටු වීම කොපමණ බාධාවක්දැයි පෙනී ගිය බැවිනි. අද දවසේ ශ්‍රී ලාංකික වනිතා පරපුර ඉල්ලන්නේ දැනුමෙන් තාක්ෂණයෙන් පිරිපුන් නූතන යුගයක් මිස සම්ප්‍රදායික සිරිත් ඉටු කරමින් පුරුෂයාගේ අත් අඩංගුවේ පසුවන යුගයක් නොවේ. අවාසනාවකට මේ රටේ තවමත් වැඩිපුර සිටින්නේ නූතන යුගයකට කැමති පිරිසට වඩා සම්ප්‍රදායිකත්වය තුලට යන්න උත්සහ කරන මෝඩ නූගත් කාන්තාවන් පිරිසකි. මේ නූගත් මෝඩ ගෑනුන්ට සම්ප්‍රදාය තුල හිර වී කුස්සියට කොටු වී කැවිලි පෙවිලි හදමින් පුරුෂයාට වහල්කම් කර කර සිටීම මහත් සතුටක් ගෙනදෙයි. පුරුෂයාට අවශ්‍ය විට දරුවන් හදා දීමටද මේ සම්ප්‍රදායික නූගත් චරිත ඉහල සමත්කමක් දක්වති.දරුවන්  හදමින් කුස්සිය බදාගෙන පවුල තුල පුරුෂයාගේ ආධිපත්‍ය යටතේ සිටින මෝඩ කාන්තාවන්ට ගෙදර බුදුන් අම්මා යැයි කියන්නේනම් ඊට වඩා දෙයක් නැත. අද සමස්ථ ලාංකික වනිතා පරපුරම මුදාගතයුත්තේ මේ අවාසනාවන්ත පසුගාමී සමාජ තත්වයෙනි.
                           


මෙයින් ගැලවෙන්නට බුද්ධිමත් කාන්තාවන් සුළු පිරිසකට උවමනාවක් තිබුණත් සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව රඟ දක්වමින් පුරුෂයාගේ අතඩංගුවේ සිටින කාන්තාවන් පිරිස ඊට ඉඩ අහුරති. කොටින්ම කිවුවොත් ඔවුන් තමන් පුරුෂයාගේ අත් අඩංගුවේ සිටින සිරකාරියන් බව නොදනිති. සියල්ලටමත් වඩා වාසනාව මේ තත්වය බුද්ධිමත් කාන්තාවන්ට තේරුම් කරදීමටද සම්ප්‍රදායික මෝඩ ගෑනුන් ඉඩ නොදීමයි. ඔවුන්ට මේ තත්වයෙන් මිදී වර්තමාන බටහිර කාන්තාව අත් විඳින නිදහසින් පිරි නූතන සමාජ තත්වය ලබාගැනීමට  කිසිදු උවමනාවක් නැත. මේ අම්මන්ඩිලාට සම්ප්‍රදායික් ගෘහණිය හා මවගේ භූමිකාව සේරටම වඩා නම්බුකාරය. ඒ ඔවුන්ගේ මොළේ තරමයි. දූෂිත මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය නිමා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ නව යහපාලන රජයක් පත් වී ඇති වාතාවරනයක් තුල හෝ මේ අවාසනාවන්ත තත්වයෙන් ගැලවීමට නූතනත්වය බලාපොරොත්තු වන බුද්ධිමත් කාන්තාවන්ට තම අභිලාශයන් ඉටු කරගැනීමට අවස්ථාව උදා වනු ඇතැයි විශ්වාස කළත් මේ දක්වා ඒ අවස්ථාව රටේ බුද්ධිමත් කාන්තාවට උදා වී නැත. මේ වනවිටත් ඊට ඇත්තේ බාධාවන් පමණි. මේ බාධක ජයගැනීමට මේ වසරේවත් දැඩිව අධිෂ්ඨාන කරගත යුතුය. ඒ සඳහා රටේ දේශපාලන තත්වය දැඩිව බලපාන බව ඉතා පැහැදිලිය. වනිතාහඬනම් බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරනයේදී උනා මෙන් ජාතිවාදය පරාජය වී ඉදිරි මහමැතිවරනයකදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වීමයි. එසේ වීම වැදගත් වන්නේ දැනට පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෛත්‍රීපාල සිරිසේන මහතාටත් චන්ද්‍රිකා මැතිණියටත් ඇති බලය අඩු වීම නිසාය.
                         

සම්ප්‍රදායික බවේ වැට කඩොලු බිඳ හෙලීමටනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැතිණියගේ බලය වැඩි වියයුතුය. එසේ නොවන්නේනම් කාන්තාවගේ නිදහස වෙනුවෙන් කවදත් කැපවන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රයජක් බිහි වී මෛතීපාල සිරිසේන මහතාගේ හා චන්ද්‍රිකා මැත්ණියගේ සහයද ඇතිව සිංහල බෞද්ධ යැයි කියාගන්නා ජාතිවාදී බලවේගත් හිටපු ජනාධිපතිවරයා පිරිවරාගත් සම්ප්‍රදායික දේශපාලන අඳබාලයන් පිරිසත් මර්ධනය කළයුතුය. ඉන් පසුව සම්ප්‍රදායික චිරාගත චාරිත්‍ර පිළිපදිමින් කාන්තාවට පීඩා කරන සමාජ තත්වයම පහසුවෙන්ම මුල් පිටින් උදුරා දැමිය හැක. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් එකවගේ පිළිකුලෙන් බැහැර කළයුතු දේවල් වේ. සම්ප්‍රදායික චාරිත්‍ර රැකීමට අවශ්‍ය වන්නේද ජාතිවාදීන්ටය. ජාතිවාදීන්ට සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය රැකගනිමින් කාන්තාව පාගාගෙන සිටීමට ජාතිය අවශ්‍යය. එසේ නැතිව ජාතියක් කියා දෙයක් නැත. ඇත්තේ අප සියල්ලන් මනුශ්‍යයන් ලෙස සලකා ජීවත් වීමත් ස්ත්‍රී පුරුෂ බෙදීම වැට කඩොලු බිඳ දැමීමත්ය. ජාතිවාදයත් පුරුෂාධිපත්‍යත් භංග වේවා!නූතන කාන්තාවගේ බලාපොරොත්තු ඉටුවන යුගයක් උදා වේවා!

6 comments:

  1. අනේ මෙහෙමත් ගෑනු. මේ ගෑනුන්ට සමලිංගික සේවනය හැර කවදාවත් පිරිමියෙක් එක්ක සාර්ථක විවාහ ජීවිතයක් නම් ගත කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. පිරිමින්ගේ යටතේ ජීවත් වෙනවට වඩා ඒක හොඳයි.ඔයගොල්ලන් වගේ මෝඩ චරිත නිසා තමයි පුරුෂාධිපත්‍ය යහතින් තියෙන්නේ.

      Delete
    2. වැඩක් නෑ උදයන්ති ඒ ගැන කියලා. full of shit

      Delete
  2. අනේ මන්ද..පික්සු වගේ..
    ඔය මහලොකුවට ගෑණුන්ගේ අයිතිවාසිකම් ගැන කතාපරන එකෙක්වත් ඇත්තටම අහිංසක ගෑණුන්ට කරපු මගුලකුත් නෑ කරන මගුලකුත් නෑ..ගැහැණියටවත් පිරිමියාටවත් මහාලොකු ආධිපතය්‍යක් කියලා රෙද්දක් ඕනෙ නෑ.එකිනෙකාට ගරුකරගෙන ජීවත්වීමයි අවශ්‍යය.

    ReplyDelete
  3. තාර්කික නැත...
    එය ඔබට නොතේරීම තරම් කණගාටුවක්ද නැත...
    ඔබ වැන්නියකට කිසිත් කියා පලක්ද නැත....
    එපමණය

    ReplyDelete
  4. චන්ද්‍රිකා මැතිනි බලයට ඇවිල්ලා කරයි මේන් කියලා..

    ReplyDelete