Sunday, March 1, 2015

අභිනව වනිතා කටයුතු ඇමතිනියට සුබ පැතුම්






මේ සටහන තබන්නේ අපගේ අළුත් වනිතා කටයුතු ඇමතිනිය වන රෝසි සේනානායක මැතිනියට සුබ පැතීමටයි. රෝසි සේනානායක මැතිනියට වනිතා හඬ සුබපතන්නේ ඇය හිටපු වනිතා කටයුතු ඇමතිවරයාට වඩා ප්‍රගතිශීලී වේ යැයි සිතන බැවිනි. ඇය මින් පෙර ලෝක රූ රැජිනක් වීම ගැනනම් අප එතුමියට ප්‍රශංසා නොකරන බවත් අවධාරනය කර සිටින්නේ එය නූතන කාන්තාවගේ අභිලාශයන්ට පටහැනි ප්‍රතිගාමී දෙයක් නිසා. ඒ කුමක් වුවත් අප රෝසි සේනානායක මහත්මියගෙන් වනිතා කටයුතු ඇමතිනිය ලෙස බොහෝ දේවල් බලාපොරොත්තු වන බව කිව යුතුයි.
        පළමුවැන්න මේ රටේ පසුගාමී සම්ප්‍රදායික ගෘහණිය හා මවගේ භූමිකාව කරමින් නිවසටත් කුස්සියටත් හිරවී සිටින කාන්තාවන් බටහිර රටවල සිදු වූ සමාජ පෙරලියට සූදානම් කර නූතනන ලෝකය කරා ගෙන යෑමයි. ඒ සඳහා ලංකාවේ ජන සමාජය පුරාවට විහිදී තිබෙන පුරුෂයාගේ අධිපතිවාදී වැට කඩුළු සීමා මායිම් බිඳ දමා පිටස්තර ලෝකය සමග බද්ධ වී ඉදිරියට යෑමට දොරගුළු විවර කර දෙන මෙන් අභිනව වනිතා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලා සිටිමු. රෝසි සේනානායක මැතිණියට අප ගෞරව පූර්වකව සුබ පතන්නෙමු.

5 comments:

  1. මට මතකයි, මෙයා තමයි ඉස්සර ඇන්කර් කිරි ප්‍රමෝට් කළේ!

    ReplyDelete
  2. වනිතා හඩට වැරදීමක් වෙලා නේද
    මෙයා නොවෙයි කාන්තා කටයුතු ඇමති. මෙයා ළමා කටයුතු ඇමති.
    කාන්තා කටයුතු ඇමති චන්ද්‍රාණි බණ්ඩාර
    කාන්තා කටයුතු කියන නම ඉදීරියෙදි වෙනස් කරනවලු gender equality ද මොකක්ද දාල
    අනෙක් ඒවගෙත් නම් ගනනාවක් වෙනස්වෙනව කියල තමයි කතාව

    ReplyDelete
  3. මෙයා ද කාන්තා කටයුතු ඇමිතිනි ....

    ReplyDelete
  4. වනිතාට පොඩි පටලැවිල්ලක් වෙලා වගේ

    ReplyDelete
  5. The Cheng Hoon Teng - is a Buddhist temple located in Jalan, Tokong Malacca and is the oldest operating temple in Malaysia. The mosque is pretty spacious with an area of 4,600 square meters. It has numerous prayer halls and later added with small prayer Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete