Sunday, October 12, 2014

පිරිමියාට කම්සැප දෙන්න කැප වෙන ගෑනුන්ට පාඩමක්

මේ පහුගිය දවස් ටිකේ හරි අමුතු දේවල් තමයි සිද්ධ උනේ. හැම දෙයක්ම ප්‍රචාරය උනේ ජනප්‍රිය බුකිය හරහා. මේ සිද්ධි වලට අළුතෙන්ම එකතු උනේ රත්නපුරේ බට්ටි පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් පහර කෑම. වාරියපොල තිලිනි ඉමල්කා ගැනනම් අපි ගොඩක් දේවල් කතා කළා. එයා කාන්තා පරපුරට ආදර්ශයක් බවත් ඒ වගේ වීර චරිත රටට අවශ්‍ය බවත් වනිතා හඬ නොපැකිලව කියනු ලැබුවා. ඒත් රත්නපුරේ බට්ටි ගැනනම් වනිතා හඬට කියන්න තියෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් දෙයක්. බට්ටිට ගහපු පොලිස් කොස්තාපල් වැරදියි කියලත් අපි කියනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි එයා සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය කාම පිස්සෙක් කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරල තිබුන නිසා. නමුත් බට්ටි ගැනත් හොඳක් කියන්න බැරි එයා ගණිකා වුර්තියේ නියැලුනු කෙනෙක් හින්දයි. ඇත්තටම ගණිකාව කියන්නේ පිරිමියාට කම් සැප ලබා දීමට ජීවිතය කැප කර සිටින සම්ප්‍රදායික පසුගාමී චරිතයක්.
                         කාන්තාවක් පිරිමියෙකු අතින් හින්සාවට පත්වුන මේ සිද්ධියේදි බට්ටිගේ අතේත් යම් වරදක් පැහැදිලිව තියෙනවා. පිරිමියාගේ ආධිපත්‍ය තුල පිරිමින්ගේ කාම තෘප්තිය වෙනුවෙන් මුදලට ගණිකා සේවය සපයන්න යන ගොඩක් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වෙනවා. අඩන්තෙට්ටම් හිරිහැරයට ලක්වෙනවා. මොන කතාවක් කිවුවත් ගණිකාවන්ගෙන් කම් සැප බලාපොරොත්තු වන පිරිමින් ඔක්කොම වගේ බලන්නේ ඉතා අඩු මුදලකට නැත්නම් නොමිලේම තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ සිද්ධ කරගන්න. එහෙම කරලා කාන්තාවටම ගරහලා අඩන්තෙට්ටම් කරන්නත් මේ කාම පිස්සන් පස්ස ගහන්නේ නෑ. රත්නපුරේ බට්ටිට වෙච්ච වැඩේ පසුපසින් තියෙන්නෙත් මේ සිද්ධියම නෙවෙයිද? පොලිස් කොස්තාපල් බට්ටිට අයතා ලිංගික ඇසුරකට යෝජනා කරල තියෙන්නේ සමහර විට තර්ජනය කරල වෙන්නත් පුලුවන්. මොකද ඒ මනුස්සයා නොමිලේ බට්ටි ලවා තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගන්න උත්සහ කරා කියන එක තමයි පේන්න තියෙන්නේ. බට්ටි ඒකට අකමැති උන නිසා ඇයට අමානුශික ලෙස පහර දෙන්න පොලිස් කොස්තාපල්වරයා ක්‍රියා කළේ ඒකයි. ඔන්න ඕකයි වෙච්ච වැඩේනම්.
            මේ සිද්ධිය බුකිය හරහා ජනතාව අතරට වේගයෙන් ගියා උනුසුම් පුවතක් විදිහට. ඒ ගැන බ්ලොග් අඩවි වෙබ් අඩවි කීපයකම කතාබස් කර තිබුණා. ජන මාධ්‍ය බොහොඅමයකිනුත් ඒ ගැන කතා කළා. වනිතා හඬට අන්තර්ජාලය පුරා මේ ගැන පලවෙච්චි පුවත් දෙස බලද්දී පෙනිච්ච පැහැදිලි දේකුත් තියෙනවා. ඒක තමයි බට්ටි ගැන බොහොම අනුකම්පාවෙන් එයාගේ පැත්තට කතාකරපු අයගෙන් සේරම වගේ පිරිමි පාර්ශවයට අයත් වීම. ඒ ඇයි? අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් පිරිමින්ගෙන් වැඩිදෙනෙක් මෙහෙමයි. අපේ රටේදිත් පුරුදු විදිහට කාන්තාව පිරිමියාගේ කාම තෘප්තිය වෙනුවෙන් කැප වී සිටියයුතුයි කියන මතය කරපින්නාගෙන ඉන්න සේරම බට්ටි වෙනුවෙන් කතා කළා. ඒ අයට පොලිස් ප්‍රහාරයට ලක්වුනු බට්ටිටත් වැඩිය මේ සිද්ධියෙන් රිදිල වගෙයි පෙනෙන්නේ. පුදුම වෙන්න දෙයක් තියෙයියෑ පිරිමින් කොයි කවුරුත් කාන්තාවක් දෙස බලන්නෙත් කාමය මුල් කරගෙන වෙනකොට. ඒ අයට තමන්ගේ කාමය වෙනුවෙන් කැපවෙන ගණිකාවන්ගේ වටිනාකමක් නියත වශයෙන්ම තියෙන්න ඕනේ. නැතිනම් ඉර පායන්නෙත් බටහිරින්. වනිතා හඬටනම් විශ්වාසයි බට්ටි ගැන අනුකම්පාවෙන් එයාට සහය දක්වපු පුරුෂාධිපත්‍යවාදී පිරිමින්ගෙන් කීපදෙනෙක්වත් ගණිකාවන් ඇසුරු කරනව කියලා. මේ මිනිස්සුන්ට තමන්ගේ දහජරා ආසාවල් ඉෂ්ඨ කරගන්න කැපවෙන සම්ප්‍රදායික මෝඩ කාන්තා චරිත හරි වැදගත්. ඒත් කවදාවත් පිරිමියා සමග උරෙනුර ගැටෙමින් හරි හරියට පිරිමින් කරන කොයි වැඩෙත් කරන්න දක්ෂ කාන්තාවක් වෙනුවෙන්නම් මේ මහා සත් ගුණවත් පිරිමින් පෙනීහිටින්නේ නෑ. ඇයි ඉතින් පිරිමින්ට අභියෝග කරන්න පුලුවන් හයිය හත්තිය තියෙන පිරිමි වගේම ඒ අය කරන ඕන දේකට දක්ෂ ගෑනු පිරිමියාගේ තුච්ච ආසාවල් වලට හරියට පෑහෙන්නෙත් නෑනේ. මොකද ඒ වගේ අය රූපලාවන්‍ය කරනව කියලයෑ. අනේ මෙහෙමත් විකාර.
                  බට්ටි පදින්චි වෙල ඉන්න හරියට කියන්නේ කක්කුස්සි වත්ත කියලලු. මෙයාගේ හැටිත් හිතාගන්න පුලුවන්. කොහොමත් පිරිමියාගේ කාම වස්තුව හැටියට ඒ භූමිකාව හරියට කරන්නේ කක්කුස්සි චරිතම තමයි. නැතුව නූතන යුගයේ බුද්ධිමත් කාන්තාවන්නම් ඔය වැඩේ කීයටවත් කරන්නේ නෑ. මේ කාලේ කාන්තාවන් ඔයවගේ පිරිමි කාම පිස්සෙක් අයතා විදිහට යෝජනාවක් කරානම් ආපිට හැරිලා අතින් පයින් සංග්‍රහ කරන්න තරම් ශක්තිමත්. ඒ වගේ අයට පිරිමියෙකුට කවදාවත් අතක් තියන්නත් බෑ. කාම පිපාසාවෙන් පෙලෙන පිරිමින්ට ඉතින් බට්ටිලා වගේ අයගේ පිහිට තමා. මේ වැඩේ කොහොම හරි බට්ටිටත් උගන්නලා තියෙන්නේ හොඳම පාඩමක්. බට්ටිට විතරක් නෙවෙයි පිරිමියාගේ කාම තෘප්තියට ජීවිතය කැප කරන අනෙක් සම්ප්‍රදායික මෝඩ කාන්තාවන්ටත් මේක හොඳ පාඩමක්.සල්ලි වලට  පිරිමින්ව සනසන්න ගිහින් අන්තිමට වෙන්නේ ඒ සේරම නොමිලේ වැඩේ කරවගන්න උත්සහ කරන එක. වැඩ වැරදුනහම හතර වටින් බැට කනවා. ලෝකයම 21 වන සියවසේ සිටින විට අපේ කාන්තා පරපුරම තවමත් සම්ප්‍රදාය තුල කොටු වෙනවා. දැන්වත් මේ මෝඩකම් අතඇරලා ලෝකේ දියුණු රටවල් වල පිරිමියාගේ ලිංගික වහලියන් නොවන කාන්තාවන් ආදර්ශයට අරන් නූතන යුගයට පියවර තියන්න අපේ කාන්තාවනුත් අධිෂ්ඨාන කරගතයුතුයි. වනිතා හඬ පැහැදිලිව කියන්නේ බට්ටිට වෙච්ච දේ ගැන බුද්ධිමත් කාන්තාවන් කනගාටු වියයුතු නෑ කියන එකයි. ඒක ඇත්තටම වෙස්වලාගෙන ආපු ආශිර්වාශයක්. මේ වගේ සිද්ධි වලින් බැට කන තරමට තමයි තමන් ජීවත් වෙන්නේ කොහෙද කියලා සම්ප්‍රදායික මෝඩ ගෑනුන්ට තේරෙන්නේ. අපේ රටට තවත් බට්ටිලානම් ඕනෑම නෑ. බුද්ධිමත් කාන්තාවන් වගේම කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වෙන බුද්ධිමත් පිරිමින්ද ගණිකා වුර්තිය ඉදිරි කාලයේදි රටෙන් තුරන් කරන්න එක්ව කටයුතු කළයුතුයි. කාන්තාවගේ ප්‍රගතිශීලී ගමන්මග අහුරන බාධක සියල්ල මැඩගෙන ඉදිරියට යන්න අපේ රටේ කාන්තාවන්ටත් ශක්තිය ධෛර්ය තිබෙන බව අපට හොඳ හැටි විශ්වාසයි.

17 comments:

  1. හොඳයි ඔයා දැන් කියන්නේ මේ ලෝකේ ගෑනු පිරිමි සම්බන්ධකම් මොන වගේ වෙන්න ඕනේ කියලද?

    ReplyDelete
    Replies
    1. මේ සම්භන්දයෙන් බුද්ධදාස ක්‍රිංඩාගනයේදි වැඩ මුලුවක් පවත්වනු ලැබේ...

      Delete
    2. පිරිමියාගේ කාමුකත්වය අනුව තීරනය වන දේවල් වෙන්න බෑ.

      Delete
  2. yako wediyenma ganikawo inne loku loku aya. palayanko club ekakata okkoma niliyo tika innawa. un prasiddiye oya wede karanawa. uba danna labba thamai

    ReplyDelete
  3. අනේ මන්දා වනිතා ආන්ටි ....
    ඔයාට ගැලපෙන්නේ මේක....

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න...

    සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ… 
    බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ…
    සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ…
    මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ…

    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ... 
    සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ...
    ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ...
    ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ...

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න 
    සංගීතය - සරත් දසනායක.

    ReplyDelete
    Replies
    1. මෙයාගේ හීනේ හැබෑ උනොත් මනුස්සයෝ කියන ජාතියත් ඉවර වෙයි වගේ. ඔහේ හීන බල බල හිටපුදෙන්

      Delete
    2. ඒකතමයි මමත් කියන්නේ ...ඔන්න ඔහේ පාඩුවේ හීන බලාගෙන ඉන්න කියමු .මෙයාට සමාජ භීතිකාවද මන්ද බන් .....

      Delete
    3. සිංදු ඇනෝ, මේක කොහොමෙයි?
      Please momma cant you see, I've always tried to please
      I wore ribbons and jewelry and make up and perfume and dresses down to my knees
      You said that it's a phase, just something Id out grow
      But I got a girlfriend and she's got a lawn that Id sure like to mow
      Go on and wish that Brad Pitt would come along
      But I'd prefer Madonna in a lacy thong

      Delete
    4. මෙතන ඉන්න ළිං මැඩියන්ට හීන උනාට ලෝකේ දියුණු රටවල් වල හැබෑ වෙලා ඉවරයි. මේ රටටත් ඒක ඒ විදිහටම අනාගතේ වෙයි.

      Delete
  4. හුටා...දන්නේම නැතුව කැරකිලා ඇවිත් ඇන්ටි ලගට..
    පලවෙනි පාර ආවේ...ආයම එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා උඹ බොරු නේද කියන්නේ ....
      උඹ හිතුවද පලවෙනි පාර නිකම් දෙනවා කියලා ..හැක්

      Delete
    2. නැතිබැරි කමට රෙද්ද උස්සනකොට රත්නපුරේ සාඡන්කාරයා මදිවට මෙන්ඩියත් එනවා ණයට හුක$#%^.

      Delete
  5. දැන් ව.හ. කියන්නේ අපිට ජුන්ඩෝ කපලා දාන්න කියලද?

    ReplyDelete
    Replies
    1. ඒක කරගත්තත් නූතන කාන්තාවට ඒකෙන් පාඩුවක් වෙන්නේ නෑ. අතවර කරන අයටනම් ඒක කරන්නම ඕනේ.

      Delete
  6. //බුද්ධිමත් කාන්තාවන් වගේම කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැප වෙන බුද්ධිමත් පිරිමින්ද ගණිකා වුර්තිය ඉදිරි කාලයේදි රටෙන් තුරන් කරන්න එක්ව කටයුතු කළයුතුයි. //

    කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් කැපවෙන බුද්ධිමත් පිරිමියට අවසානයේ ලැබෙන්නේ මොනවද?

    ReplyDelete
  7. //මෙතන ඉන්න ළිං මැඩියන්ට හීන උනාට ලෝකේ දියුණු රටවල් වල හැබෑ වෙලා ඉවරයි. මේ රටටත් ඒක ඒ විදිහටම අනාගතේ වෙයි.//

    ඒ රටවල් වල ඔයා ඔය කියන දේ සිද්ධ වෙලා තිබුනට ඒ රටවල්
    වල මානසික අතින් විකෘතිතා තියෙන මිනිස්සු බිහිවෙලා ඉන්නෙ.
    පුරුෂාධිපත්‍ය තියෙන කිසිම රටක, කාන්තා බලය වැඩි රටවල්
    වල ඉන්න තරම් මානසික රෝගීන් නැහැ.

    ReplyDelete