Saturday, June 21, 2014

ලොව ප්‍රථම අගමැතිනිය


 ලොව ප්‍රථම අගමැතිනිය බිහිකිරීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවුනේ 1960 ජූලි 21 වන දින ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ අගමැති ධූරයට පත්වීමත් සමගයි. මෙය මුලු ලොවටම විශේෂ සිද්ධියක් වුනේ ඒ වන තෙක් ලොව වෙනත කිසිදු රටක රාජ්‍ය නායකත්වයට කාන්තාවක් පත් වී නොතිබුණු හෙයකිනි.වසර 1916 අප්‍රේල් 17 උපත ලැබූ ඇය රාජ්‍ය නායකත්වයට පත්වීම සමස්ථ කාන්තා පරපුරට මහත් ආඩම්බරයක් උනා පමණක් නොව ඉතා වැදගත් සිදුවීමක්ද විය. නමුත් අවාසනාවට එතුමිය වටා එක් රොක් වී සිටියේ සිංහල බෞද්ධ ජාතික චින්තන කාරයන් පිරිසක් සහ හාමුදුරුවරුන් පිරිසකි  ඒ හේතුවෙන් ඇයට බටහිරින් පැනනැගුනු කාන්තාවට ලැදි කාන්තා විමුක්ති ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම අපහසු විය. එය ඇත්තෙන්ම මෙරට කාන්තාවන් සම්බන්ධයෙන් මහත් අවාසනාවකි.


23 comments:

  1. RICE POLU MIRIS POLU DAMMA
    PROBITED TO EAT RICE FOR 2 DAYS A WEEK
    SUGAR, MILK, MALDIVE FISH, DHAL, AND ESSENTIAL FOODS RATIONED,
    HAD TO PRODUCE USED CYCLE TYRE TO BUY A NEW TYRE,
    HAD TO PRODUCE USED TORCH CELLS TO BUY NEW ONES,
    MIRIS NETHIWA HODI KEWA, SEEENI NETHIWA TEA BEEWA,
    SHE DID MANY MANY MORE THIGSS.

    ReplyDelete
  2. බටහිරින් පැනනැගුණු දෙයක් ඇය විසින් ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අනුබල නොදීමේ ඔබ කියන වරද මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එය ලංකාවේ කාන්තාවන්ට ඉදිරියට යන්න තිබූ අවස්ථාවක් අහිමිකිරීම නිසා.

      Delete
  3. MRS.B AND FEW OF HER STOOGS GOT DOWN THEIR LUXURIES, AND POOR
    PEOPLE HAD TO SUFFER

    ReplyDelete
  4. කාන්තාවක් මුල්වරට අගමැති වූ පමණින් යුරෝපයේ ක්‍රියාත්මක වූ කාන්තා විමුක්ති ප්‍රතිපත්ති මෙහෙත් ක්‍රියාත්මක කරන්නම ඕනේ කියන්නේ මොන පදනමකින්ද?

    ReplyDelete
    Replies
    1. කාන්තාවගේ විමුක්තිය යුරෝපයට විතරක් නෙවෙයි. මුලු ලෝකෙටම වලංගුයි. ඒය වියයුත්තක්මයි.

      Delete
  5. සත්‍ය ලෙසම ස්ත්‍රිය වෙනස් අයුරින් සැළකීමට ලක්වීමෙන් නිදහස ලැබිය යුතුය. මම නම් නිසි තැන හෝ සම තැන යන වාදයට එකග නොවේ. එය පුස්සක් පමණි. ස්ත්‍රිය හා පුරුෂයා කායික විද්‍යාත්මකව වෙනස්ය.( මානසිකව වෙනස් යැයි මම පිළි නොගනිමි ) මෙනිසා කල හැකි දේවල් වල වෙනස්ක් පැවතිය හැකිය. නමුත් අද පුරුෂයන් පමණක් යෙදී සිටින ස්ත්‍රීන්ට අකැප යැයි ආදිකාලින මත වලින් ආවරණය කළ වෘත්තීන් හා ක්‍රියාකාරකම් අතිබහුතරයක් කාන්තාවන්ට නියැලීමේ සම අයිතිය හිමිවිය යුතුමය. සමාජ කුහකත්වයෙන් කාන්තාව මිදුනු දිනම ඊනියා පුරුෂාධිපත්‍යයද බිදවැටෙනු ඇත. කාන්තාවන්ට පමණක් සමාජයෙන් සිදුවන වැරදි වලින් ගැළවීමේ පහසුම මෙන්ම ගෞරවණීය මගද එයයි. නමුත් ඒ සදහා කාන්තාවන් ව්‍යාජ ගතානුගතික සන්ස්කෘතික මානසික රාමුවෙන් පිටට පැමිණ එම අන්ශවල තමන්ට සාර්ථකවිය හැකි බව පෙන්වා දිය යුතුය. අතීත පොලිනීසියානු සමාජයේ ස්ත්‍රීන් වත්මන් සමාජයේ පුරුෂයාගේ භූමිකාව මැනවින් රග දැක්වූහ. එයින්ම ස්ත්‍රිය ළද බොළද යැයි යන මතය පුස් වේ. එලෙස නොකර අයිතීන් උදෙසා කෑ මොර දීම විහිළුවකි.

    ReplyDelete
    Replies
    1. උඹේ අම්මත් ඔය පිරිමි ගෑනු කියල වෙනසක් නෑ කියන ගෑනියෙක්ද කියලා ගිහි අහපන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔබ පෙන්වා දෙන කාරනේ හරියට හරි පසන්. මමත් කියන්නේ කාන්තාවන් අද පිරිමින්ට වඩා බොහෝඉදිරියෙන් සිටිනවා. කාන්තාවන් වූ පමණින් තමන්ට පිරිමින් කරන පිරිමින්ට විතරක් සීමාවන කිසිවක් කරන්න බෑ කියන මතේ බලෙන් හදපු එකක්. මේ තත්වය වෙනස් කරන්න ඕනේ.

      Delete
    4. මම හිතන විදිහට ස්වභාවධර්මයෙන් කාන්තාවට ජීව විද්‍යානුකූලව උරුම වන දේහ ලක්ෂණ මානසික ලක්ෂණ මේ සියල්ල කාන්තාවට පිරිමින් අභිබවා කටයුතු කරන්න බාධාවක් වෙනවා. අපි කාන්තා නිදහස හා ප්‍රගතිය ගැන කතාකරනකොට විරිද්ධවාදී පුරුෂාධිපත්‍යවාදීන් හැමවිට කියන්නේ කාන්තාවන්ට ස්වභාවිකව තියෙන්නේ ජීව විද්‍යානුකූලව පිරිමින්ට තිබෙන ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සහ දරුවන් හැදීමට කිරිදීමට අවශ්‍ය ශරීර ලක්ෂණ වන බැවින් කාන්තාවන් ඒ ක්‍රියාවලියට කොටු වියයුතුයි කියන එක. ඇත්තෙන්ම නව ලොව නව තාක්ෂණය භාවිතා කරලාහරි මේ ස්වභාවය වෙනස් කරන්න පුලුවන්නම් ඒක තමයි කාන්තාවන්ගේ ප්‍රගතිය කරා යන ගමනේ තීරනාත්මක සංධිස්ථානය. එය කරන්නට බැරි දෙයක් නොවෙයි. දැනටත් බටහිර රටවල මෙය සිදුවෙනවා.

      Delete
    5. @Pasan Rahula
      \\මට මේ ළගදි ඊ මේල් එකක් ආවා . ගැහැණු දේශපාලනය නොකල යුතුයි කියලා. එය බුද්ධාගම අනුව වරදක් බවත්. පිරිමි මෙයට විරුද්ධ විය යුතු බවත්. තම මතය සාධාරණීකරණය කිරීමට ඔවුන් ලන්කාවේ රැජිණියන්ගේ කාල වල සිදුවූ පිරිහීම්, නූතන ස්ත්‍රී පාලිකාවන්ගේ පාලන යුග වල අක්‍රමිකතා පෙන්වා තිබුණා. ඔවුන්ට පිරිමි පාලකයන්ගේ වැරදි නොපෙණුනේ ඇයි. \\

      ඔබට පුළුවන්ද මේ ඊ මේල් එක මට එවන්න. පුළුවන්නම් ලොකු දෙයක්. මේ වගේ අයගේ අදහස් වලට අපිත් පිළිතුරු දියයුතුයි.

      Delete
    6. Pasan Rahula
      මචං උඹට මම කියපු එක අම්මගෙන් අහන්න ලැජ්ජයි වගේනම් පොඩ්ඩක් කියපන් අපිට උඹ බැඳලද නැද්ද කියලා. එහෙම නැත්නන් බඳින්න ගෑනු ළමයෙක් එහෙම ඉන්නවද කියලා. එතකොට උඹට ඔය ප්‍රශ්නේ නිරාකරනය කරගන්න තව ක්‍රමයක් මම කියන්නම්.

      Delete
    7. වනිතා හඬ ස්වභාවධර්මයට එරෙහිව යුධ ප්‍රකාශ කරන්න වගේ යන්නේ. මොකද්හ්ඩ් අප්පේ මෙච්චර තියෙන තරහ.

      Delete
    8. ඔබ කියනවා පිරිමින් හා කාන්තාවන් ජීව විද්‍යාත්මක වෙනස් කියන එක පිළිගත්තත් මානසිකව වෙනස් කියලා පිළිගන්නේ නෑ කියලා. අන්න එතනම තමයි ගැටළුව තියෙන්නේ. මිනිසුන්ගේ ලිංගිකත්වය සැලකුවොත් සත්ව ලෝකයේ අන් සතුන්ගේ ලිංගිකත්වයට වඩා ලිංගිකත්වය කියන දේ මනෝවිද්‍යාත්මක සාධකය කැපී පෙනෙනවා. මිනිස් ලිංගිකත්වයේ මනෝවිද්‍යාත්මක සාධකයක් පැහැදිලිව තිබෙනවා. ඒක නැහැ කියන්න කාටත් බෑ. එහෙම කියනවනම් ඒ කියන අය තවත් දේවල් හංගගෙන තමයි එහෙම කියන්නේ. ඔබ කියන විදිහට පිරිමි ගැහැනු කායික විද්‍යාත්මක වෙනස්කම් උනත් වෙන්කර හඳුනාගෙන තම තමන්ගේ ලිංගිකත්වය මොකක්ද කියන එක තෝරා බේරාගෙන ඒ අනුව ජීවිත හැඩගසාගන්නේ මේ මනෝවිද්‍යාත්මක කාරනේ නිසා. ඔබ මේ ලෝකෙට ජාතක කළ මවුපියන්ද ඇතුලුව සමාජයේ අතිමහත් බහුතරය මෙලෙස මනෝවිද්‍යාත්මකව ලිංගිකත්වය හඳුනන අනුවර්තිත පුද්ගලයන්. කායිකව විතරක් නෙවෙයි මානසිකවත් ගෑනු පිරිමි වෙනස්කම් පදනම්කරගෙන තමයි ගෑනු පිරිමි ලිංගික ආකර්ෂණය ඇතිවෙන්නේ. ඒ ඔස්සේ තමයි පවුල් සංස්ථාව පවා ශක්තිමත්ව ගොඩනැගිලා තියෙන්නේ ඔබට මේ කරුනු තේරෙනවට වඩා උවමනාවෙන් අමතක කිරීමක් තියෙන්නේ. ගෑනු පිරිමි කියල ක්‍රියාකාරකම් වර්ග කිරීමක් තියෙන්නේ මේ මනෝවිද්‍යාත්මක සංවේදීතාවයන් අනුව ලිංගිකත්වය කියන කාරනේ මනෝවිද්‍යාත්මක සාධකයට අනුව. මේව ගැන දන්නේ නැත්නම් එක්කෝ දැනගන්න කාගෙන් හරි අහලවත්. ඔබ වගේම අය කියන සුපුපුරුදු කතාවක් තමයි ගෑනු පිරිමි කියල වෙනසක් නෑ එහෙම බෙදීමක් ඕන නෑ කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරන්න නිදහස ඕනේ කියලා. එහෙම අය හංගන තව දෙයක් තියෙනවා. ඒ ගෑනු පිරිමි මානසික හැඩගැසීමක් නැති මනෝවිද්‍යාත්මකව ලිංගික සංවේදීතාවයන් වල ව්‍යාකූල බවක් තියෙන සමාජ පරිසරයන්හි සමලිංගිකත්වය හා දෙබිඩි හැසිරීම් වලට ලොකු ඉඩක් තියෙනව කියන එක. සමහරුනම් කෙලින්ම කියන්නේ සමලිංගිකත්වයත් පිළිගෙනම කාන්තාවට පිරිමින් කරන සියල්ල කිරීමට ඇති බාධා ඉවත් කරන්න ඕනේ කියලා. මෙතන පැහැදිලිව තියෙන්නේ පුරුෂාධිපත්‍ය කියන සාධකයම ගත්තත් එහිම සංරචක දෙකක් අතර ගැටුමක් මිස කාන්තාවන්ගේ අරගලයක් නෙවෙයි. විෂම ලිංගික පිතෘමූලිකත්වය හරියට පිළි නොගෙන ලිංගික බහුරූපී (මනෝ විද්‍යාත්මක හා කායික )විකුර්ති කාමවාදී කාන්තා විමුක්තිය කියන දේ ගොඩනගලා පෝෂණය කරන්නෙත් කුහක පිරිමින්මයි. කරුනාකරලා ලිංගිකත්වය ගැන උඩින් පල්ලෙන් හිතලා ලිංගිකත්වයේ නියම ස්වභාවය පිළිගන්න අකමැත්ති කුහකකමෙන් මේ වගේ අදහස් ආවට ගියාට ඉදිරිපත් කරන්න එපා. මේවට උඩින් පල්ලෙන් උත්තර දෙන්නත් බෑ. කියන්න තවත් කරුනු එහෙම පිටින් තියෙනවා.

      Delete
    9. ඔබ කියනවා කාන්තාවන්ට පිරිමින් කරන සියල්ල කරන්න පුළුවන් කියලා විවිධ රටවල අතීත සමජයන් උදාහරනයට ගෙන. ඔබ කියන සමාජ තත්වයන් මිනිස් ඉතිහාසය පුරාවට කාලය සමග ස්වභාවයෙන් වැඩිදියුණු වෙන්නේ නෑ. ඒ එවැනි දේට ස්වභාවධර්මයෙන් පිටුබලය නොලැබෙන නිසා. එසේ උනත් ස්ත්‍රී පුරුෂ වශයෙන් කායික විද්‍යාත්මකවත් මනෝවිද්‍යාත්මකවත් විශේෂණ හා අනුවර්තනයන් වැඩිදියුණු වීමට හා විරුද්ධ ලිංගික ආකර්ෂණය ශක්තිමත් වෙන්න ස්වභාවධර්මයෙන් විශාල පිටුබලයක් ලැබෙනවා. ඔබ වැන්නන් උදාහරන ලෙස දක්වන පැරනි සමාජ වල තිබුණු ලිංගිකත්වය අනුව මානසික හැඩගැසීම අවම වන යම් යම් ලක්ෂණයන් ඉතිහාසයේම කුණුගොඩට යන්නේ ස්වභාවිකවයි. මේ ස්ත්‍රී පුරුෂ සමාජ හැඩගැසීම් නැතිකර ලිංගික ව්‍යාකූලත්වය කරා ගිය කිසිම සමාජයකට සාර්ථක පැවැත්මක් නෑ. අද බටහිර රටවල් සීඝ්‍රයෙන් මුස්ලිම් ව්‍යාප්තියට ගොදුරු වෙනවා. හේතුව බටහිර ලිංගික ව්‍යාකූලත්වය හා වෛරී කාන්තා විමුක්තිවාදය හමුවේ ඒ රටවල ආවේනික ජනයාගේ වර්ධනය පහත බැසීම. මම නැවතත් කියන්නේ මේකයි. ලිංගිකත්වය අල්ලගෙන ස්වභාවයට බැට දෙන්න කලින් ස්වභාවය හා ප්‍රායෝගිකත්වය මොකක්ද කියලා දැනගන්න.

      Delete
    10. @Pasan Rahula
      \\මේ ගැහැණු පිරිමි වෙනස මහ සිල්ලර මර්තෘකාවක්.\\
      මේක තුට්ටු දෙකේ සිල්ලර වැඩක්නම් ලිංගික අතවරත් සිල්ලර වැඩ කියලා සිල්ලර මට්ටමෙන් විසඳගන්න පුලුවන් වෙන්න ඕනේ. ඇයි එහෙම නොවෙන්නේ.

      Delete
    11. @Pasan Rahula
      ලිංගිකත්වයේ නියම ස්වරූපයට අනුව ගෑනු පිරිමි වෙනස්කම් අනුව ගොඩනගාගන්න සමාජමය ගොඩනැගීම වලටයි වැඩි පැවැත්මක් ලැබෙන්නේ. එතනදී පිරිමින් කරන හැමදේ කරන්න පුළුවන් හා එසේ කරන්න උත්සහ කරන කාන්තාවන් මෙන්ම ගැහැනුන් කරන සියල්ල කරන්න උත්සහ කරන පිරිමින් යන දෙපිරිසම ස්වභාවයට අනුව වැඩකට නැති වෙනවා. ඒ පිරිමි කරන දේ කරන්න පිරිමින් වඩා සුදුසු නිසාත් ගෑනුන්ට ආවේනික දේ කරන්න ගෑනුන් වඩා ස්සුදුසු නිසාත් යන කාරනේ අනුව. දෙපිරිසටම තියෙන විශේෂ අනුවර්තන අනුව සමාජය හැදෙන්න වැඩි ඉඩක් ස්වභාවයෙන්ම ලැබෙනවා. ඒකේ අනික් පැත්ත වන විකුර්ති ලිංගික හැසිරීම් උලුප්පගෙන ඒවට වටිනාකම් හදන්නේ ලිංගිකත්වයේ මේ ස්වභාවය පිළිගන්න අකමැති කුහකකම.

      Delete
    12. ප්‍රතිවාදියාට මම කියන්නේ මෙච්චරයි. නවීන තාක්ෂණය හා දැනුම උපයේගී කරගෙන ඔයාලගේ ඔය ස්වභාවධර්මයටම හෙන පහරක් දෙන්න අනාගතේ පරම්පරාවටම පුලුවන්. ඉන් පසුවට ලෝකය මෙහෙයවන්නේ කාන්තාව කියන එකත් මතක තියාගන්න.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. http://dharmanidhaana.wordpress.com/2014/05/13/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6/

    ReplyDelete
    Replies
    1. Thanks. ඔයාට ලැබුන ඊ මේල් එකත් මට ෆෝවඩ් කරන්න පුලුවන්ද?

      Delete