Saturday, May 17, 2014

පුරුෂයාගේ වහලියන් හෙවත් නැණවත් ගෘහණියෝ


ලිපිය සකස් කරන්න හිතුවේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ අහන්නට දකින්නට ලැබෙන වෙළඳ දැන්වීම් කෙරෙහි පොඩි අවධානයක් යොමු කරපු නිසයි. මේ වෙළඳ දැන්වීම් වලින් බොහොමයක් එදිනෙදා ජීවිතයේ මූලික කාර්‍යන් වන ආහාර පාන ගැනීම ඇඳුම් ආයිත්තම් විලාසිතා කිරීම ආදිය සම්බන්ධවයි. මෙහිදී ආහාරපාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලින් හැමවිට සම්ප්‍රදායික ගෘහණිය උලුප්පා පෙන්වමින් ඇය ගැන වර්ණනා කිරීමට පුරුෂාධිපත්‍යවාදී සමාජ රාමුව තුල සිටින ධනවාදී වෙළඳ ව්‍යාපාරිකයා හැම විට උත්සහ කරයි.
                         විශේෂයෙන් ආහාර පාන සම්බන්ධ වෙළඳ දැන්වීම් වලදී මුළුතැන්ගෙය උලුප්පමින් එහි සම්ප්‍රදායික අයිතිකාරිය වන ගෘහණියට  මුල් තැනක් දෙන්නේ කාන්තාවන්ට මුලුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු අනිවාර්‍ය බව සමාජයට ඒත්තු ගැන්වෙන ආකාරයටයි. කපටි පුරුෂාධිපත්‍යවාදී ව්‍යාපාරිකයා මෙහිදී ඇය නැණවත් ගෘහණියක් ලෙස හඳුන්වන්නේ තම වහලියන් ලෙස කාන්තාව පුරුදු පුහුණු කිරීමේ ප්‍රයත්නයේ එක් කොටසක් ලෙසයි. මෙරට වෙළඳ දැන්වීම් වලට පෙනී හිටින ඇතැම් මෝඩ කාන්තාවන්ට මෙය තේරුම් ගන්න හැකියාවක් නැති වීම සැබවින් කණගාටුදායකය. මොවුන් රත්ති රසයි රත්ති උකුයි වගේ කොම්පැනි කාරයන් උගන්වන වාක්‍ය උජාරුවට කියමින් රූපවාහිනී කැමරා ඉදිරියේ රඟපෑමක් කරන්නේ කාන්තාවගේ ප්‍රගතියට බාධාවක් වන විලංගුව බෙල්ලටම දමාගෙන බව ඔවුන් නොදනිති. කිරිපිටි දැන්වීම් වල සිටින නැණවත් මවුවරුන්ද මේ ආකාරයේම සම්ප්‍රදායික කාන්තා චරිත බව කියන්නට දෙයක් නොවේ. ඔවුන් මේ රඟදක්වන්නේ කාන්තාවට අයිති පිරිමි ගෘහමූලිකයාගේ කුස්සිය බවත් ඉවුම් පිහුම් හා දරුවන් හැදීමෙන් තොර වෙන දෙයක් කාන්තාවන්ට නැත යන්නත් ඇඟවෙන පුරුෂාධිපත්‍ය කතන්දරයේ එක් ජවනිකාවක් පමණයි. මේ වගේ කාන්තාවන්ට කොතෙක් පෙනුම තිබුණත් වැඩක් නැත්තේ හිතන්නට මොළ කළඳක් නැති මෝඩ චරිත නිසාමයි.


                            වෙළඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරන දැන්වීම් අතර තවත් ජනප්‍රිය දෙයක් වන්නේ සබන් හා රෙදි සෝදන යන්ත්‍ර ආදිය ගැන දමන ඒවායි. එහිදීද කාන්තාවට සම්ප්‍රදායික ලෙස පිරිමියාගේ රෙදි ටික හෝදන රාජකාරිය පැවරෙන්නේ ඉතා සූක්ෂමවය. සියල්ල සිදුවන විට රෙදි සෝදන ගැහැණිය නැණවත් ගෘහණියයි. නැණවත් ගෘහණියන්ගේ තේරීම අර පුරුෂාධිපත්‍ය ව්‍යාපාරිකයාගේ සබන් කැටය හෝ වොශින් පවුඩර් පැකට්ටුවයි. අහෝ කරුමයක මහත. නැණවත් ගෘහණිය වී අර වෙලෙන්දාගේ සබන් කැටය පාවිච්චි කර රෙදි ටික හෝදාගන්න විට තමා නිවස තුල නොදැනුවත්වම මෙහෙකාරියකගේ තත්වයට පත්වී හමාර බව මොවුන්ට නොවැටහෙයි. තවත් සබන් නිෂ්පාදකයෙකුට ඔහුගේ සබන් කෑල්ල කාන්තාවන්ගේ රුව වඩන හා රූපය රකින අරුමපුදුම දෙයකි. එහෙත් මෙලෙස රුව වැඩීමෙන් කාන්තාවන්ට අවසානයේ සිදු වන්නේ පිරිමින්ගේ කාම උමතුවට තම සිරුර පූජා කර ඔවුන්ගේ කාම වස්තු වීමට මිස අන් කිසිවක් නොවේ. ඒටික නොතේරීම ඉමහත් අවාසනාවකි. බොහෝ කාන්තාවන් පිරිමින්ගේ කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.
                     
         මේ සියල්ලට නැවතීමේ තිත තැබීමට කාලය දැන් උදා වී ඇත. මෙකළ කාන්තා පරපුර සිතට ගතයුත්තේ පිරිමින්ගේ සම්ප්‍රදායික වහලිය වන නැණවත් ගෘහණියගේ චරිතය රඟ දක්වමින් සමස්ථ කාන්තා පරපුරේම ඉදිරි ගමන වලක්වන මෝඩකම තුල තවත් එල්බගෙන සිටින  ආකාරය නොව මේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය සමාජ රාමුවම මුලිනුදුරා දමන ආකාරයයි. ඒ සඳහා වත්මන් කාන්තා පරපුර නව ලොව දැනුමෙන් සන්නද්ධ කළයුතුව ඇත. එය කාන්තාව සම්බන්ධයෙන් සලකා බලන කළ යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයකි.
                              

20 comments:

  1. //"ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි."// දැන් ඔබ කියන්න හදන්නේ මෙය වරදක් කියාද ? ලෝකය බිහිවීමේ සිට පැවතීම දක්වා සියල්ල විද්‍යාත්මකව මේ සම්බන්ධතාවය මත යැපෙනවා ,මිනිසුන් පමණක් නොව සතා සිව්පාවා පවා. ඉතින් එකිනෙකා කෙරෙහි ලිංගික ආසක්ත භාවයක් දැක්වීමේ වරද කුමක්ද ? කාන්තා විමුක්තිය උදාවෙන්නේ පිරිමින්ව ලිංගිකව වර්ජනය කිරීමෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු පිරිමින්ව ලිංගිකව වර්ජනය කිරීමෙන් කාන්තාවන්ට විශාල ජයග්‍රහනයක් ලැබෙනවා. බටහිර රටවලත් මේ ක උනා. ඒකයි ඒ රටවල කාන්තාවන්ට ප්‍රගතිය කරා ගිහිල්ල බුද්ධියේ නිම් වලලු පුළුල් කරගන්න අවස්ථාව ලැබුණේ.

      Delete
    2. ඔබ කියන විදිහට සියල්ල ඔය සම්බන්ධතාවය මත යැපෙන්නේ නෑ.

      Delete
  2. ඔයා කියන සමහර දේවල් නම් මට තේරෙන්නෙත් නෑ.මට ඔය කියන දේවල් අනුමත කරන්නත් බෑ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.ඔයාට උගත් පිස්සුවක් තියෙනව කියල මට හිතෙනව.
    මගෙ බ්ලොග් එකට ආපු එක ගැන ස්තුතියි.ඔයා මොනව දොඩවනවද කියල්ල මට හිතා ගන්නවත් බෑ.
    ඕව අල්ලල දාන්න නෝනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ?

      Delete
  3. \\බොහෝ කාන්තාවන් පිරිමින්ගේ කාම සන්තර්පණයට තම සිරුර පිදීමට කැමැත්තක් දැක්වීම සියල්ලට වඩා අවාසනාවන්ත දෙයයි. ඒ ඔවුන්ටද පිරිමින් සමග ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට කාම උමතුවක් තිබීමේ හේතුවෙනි.\\

    නිකම් මෝඩ කතා නොකියා ඉන්න. ඔබට තියෙන්නේ කාන්තාවන් ගේ ප්‍රගතිය ගැන කටයිතු කිරීමේ උවමනාවට වඩා පිරිමි ලිංගිකත්වය ගැන වෛරයක්. පිරිමියාගේ ලිංගික ස්වභාවය එක්ක එකට අනුගත වෙන්න කාන්තාවන්ට අවශ්‍යතාවයක් පිහිටන්නේ ස්වභාවයෙන්. ඒ ස්ත්‍රී ලිංගික ස්වභාවය අනුව. ඒක ජීව විද්‍යානුකූලවත් ස්වභාවික දෙයක්. ඔබට මේ කිසිවක් වෙනස් කරන්න බෑ. පිරිමි ලිංගිකත්වයෙන් පලිගන්න ඕනවට ස්වභාවධර්මයම අනෙක් පැත්තට හරවන්න ඔබ වැනි මෝඩ කාන්තා විමුක්තිකාමින්ට බෑ.

    ReplyDelete
    Replies
    1. පුරුෂාධිපත්‍යවාදී උන්මත්තකයො එක්ක කතාකරන එකත් කරදරයක්. ස්වභාවධර්මය උනත් කාන්තාවට අසාධාරනය කරනවනම් ඒකත් අනෙක් පැත්ත පෙරලන්නම ඕනේ.

      Delete
    2. බලමුකෝ අනෙක්පැත්ත පෙරලන්න පුලුවන්ද කියලා

      Delete
    3. මෙයා කරදරයක් වෙලාම නෑ අනෙක් බ්ලොග්වල පැන පැන ද්වේෂ සහගත කමෙන්ට්ස් දදා...

      Delete
  4. තමන්නේ පව් අනුන්නේ කරපිටින් යැවීම කියල සිංහල සම්මතයක් තියෙන්නෙමේ වගේ කතා වලට වෙන්න ඕන...
    ඔයාට යම් කෙනෙක් සමග යම් ආකාරයක වෛරයක් තරහක් තියෙන්න පුලවං නැතිනම් ඔයා ගුරුකරගත්ත ගුරු කුලයේ අවුලක් තියෙන්න පුලුවං.. ඒත් එහෙමයි කියල නිස්කාරනේ තේරුමක් නැතිව මේවගේ අදහස් දොඩන එක වැරදී... ඇත්තම කතාව නං තේරුමක් නෑ..කියන එකයි.. මට තේරෙන්නෙ නැත්තෙ පුුරුෂයෙක් සහ ගැහැණියක් නැතිව මේ ලෝකයට ඉදිරි පැවැත්මක් නෑ කියන සරල සත්‍ය ඇයි ඔයාට නොතේරෙන්නෙ කියල
    අඩුම තරමෙ ඔයාගෙ තාත්ත න අම්ම බැන්දෙ නැත්තං ඔයත් නෑ කියනෙක අමතක කරන්න එපා

    ReplyDelete
    Replies
    1. අම්ම තාත්තා අපිව හදපු පලියට පුරුෂාධිපත්‍යයි පුරුෂයා ස්ත්‍රිය සමග කරන කාම සේවනයයි පිළිගෙන ඊට හිස නමාගෙන ඉන්න බෑ.

      Delete
  5. හරි එත‍කොට ඔය ‍නෝන කියන්‍නෙ ඔය ඇඩ් වලට ගෑනු ‍නො‍ගෙන පිරිමි ගන්න කියලද? ‍එ‍හෙම ‍දෙයක් කරන්න වෙළඳ ප්‍රජාවට පිස්සු තියනවද?

    අර ලිංගික කතාවට නං හරි හිනයි. කිව්වට තරහ ‍වෙන්න එපා මට හි‍තෙන්‍නෙ ඔ‍හේට තියනව සුරතාන්තය ලබන්න බැරි ‍මොකක් හරි අවුලක්. මහත්තය මාරු කරල බලන්න සමහර විට හරියන්න ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. එහෙමනං මට කියහං හොඳද

      Delete
    2. ඔයගොල්ලන්ගේ පුරුෂාධිපත්‍ය කණ්නාඩිය ගලවලා මේක කියවන්න. එතකොට තේරෙයි.

      Delete
  6. හරි අපූරු ලිපියක්. මේක ලියලා තියෙන්නේ තමන්ගේම වූ උපකල්පන ගොඩක් මත පිහිටලා කියලයි මට හිතෙන්නේ. ඇත්තෙන්ම මේ ලිපියේ වැරදි දේවල් හැටියල උලුප්පලා පෙන්නලා තියෙන සේරම වගේ බොහොම සාධාරන හා සමාජයේ සාමාන්‍ය වශයෙන් එදිනෙදා ජීවිතයේත් දකින්න තියෙන අංග. අනෙක මේවා අස්වාභාවික අත්තනෝමතික දේවලුත් නෙවෙයි. ඉතින් ඔබට මේ දේවල් ගැන තියෙන තරහ ගැනනම් ටිකක් හිතාගන්න අමාරුයි. කොහොම වෙතත් මෙලෙස සංවාදයට විවුර්ත ලෙස අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.

    ReplyDelete
  7. අනේ අපොයි මෙහෙමත් වනිතාවක්

    ReplyDelete
  8. අම්මට බොල !!!

    ආතල් ලෝකයක්නේ.. අනේ බං මේකෙ ලියන අකුරු අපරාදේ මං යනවා

    ReplyDelete
  9. මමනම් මේ ලිපියේ තියෙන වල්පල් එකක්වත් පිළිගන්නේ නෑ. මීට කාලෙකට ඉස්සර කාන්තාව වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කිය කියා ගොන් ආතල් ගත්ත එකේ අනෙක් එක තමයි මේ. කාන්තාවන් ගෘහණියන් හැටියට හැඩගැහිල ඉන්න එක වැරදියි කියලා කියනවනම් වෙන්න ඕනේ මොකක්ද කියලත් වනිතා හඬ කිවයුතුයි. කාන්තාවට ස්වභාවධර්මයෙන් ගැලපෙන ක්‍රියාකාරකම් කාන්තාවන් විසින්ම තම හැඟීම් දැනීම් වලට අනුව තෝරා බේරාගෙන තියෙනවා. ඒකට ලෝකෙට දොස් කියලා හරියන්නේ නෑ. අනෙක පිරිමියෙක් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙමින් තෘප්තිය ලැබීමට ගැහැනියටත් උවමනාව තියෙනවා. ඒක ස්වභාවිකයි. ස්ත්‍රීවාදයේ ප්‍රලාප වලට ලෝක ස්වභාවධර්මය විකුර්ති කරන්න බෑ. මේ ඔක්කොම හිතේ අමාරුවට කියන කතා.

    ReplyDelete
  10. මාත් හොයාගෙන ආවා කාලෙකිං හිනාවෙන්න...ඇත්තටම ඔබතුමිය ඕපපාතිකනම් නැත්නම් මෙන්න මේකට උත්තරයක් දෙන්න.
    ඔබතුමී විවාහවෙලා ළමයි ළපටි ඉන්නවද?

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete