Saturday, January 4, 2014

ගෑනු පිරිමි

කාන්තාව හා පිරිමියා යනු කවුදැයි කෙනෙකුගෙන් ඇසූ විට දෙන පිළිතුරු සමූහයක් ඇත.

කාන්තාව
 සියුමැලියි
විනීතයි
අහිංසකයි
බොළදයි
මෝඩයි
රැවටෙන සුළුයි
බයාදුයි

ආදී වශයෙන්ද

ඊට වෙනස්ව   පිරිමියාට

හැඩිදැඩියි
ශක්තිමත්
අධිෂ්ඨානශීලීයි
එඩිතරයි

ආදී වශයෙන් පිළිතුරු ලැබෙනු ඇත.

       එහෙත් මෙය මෙසේමද? සියුමැලි පිරිමින් නැද්ද? ශක්තිමත් ගැහැනුන් නැද්ද? පිරිම්න් පසුබාන අවස්ථාවල එඩිතරව ඉදිරියට ගොස් ජයගන්නා ගැහැනුන් නැද්ද?

එසේනම් මේ ගැහැණු පිරිමි වෙනස කුමක්ද?

මෙය සොබා දහමින් නොව සමාජයෙන් ලැබුනක් බව පෙනේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවාය ලෙස හදුන්වන්නේ මෙයයි.          

මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පළාතෙන් පළාතට රටින් රටට සමාජයෙන් සමාජයට වෙනස්ය.එයින්ද පෙනෙනුයේ මෙහි ආරෝපිත තත්වයයි.

අපි අතීතයට යමු.ඉතිහාසයේ එක් අවදියක කාන්තාවෝ සමාජයේ සියලු බලය දැරූහ.පරම්පරාව ගෙන ගියේ කාන්තාවන්ගෙනි.එහෙත් පෞද්ගලික දේපළ ක්‍රමය ආරම්භ වීමෙන් පසු කාන්තාව කෙමෙන් පසු පසට තල්ලු වූ අයුරු එංගල්ස් මැනවින් පෙන්වා දෙයි.

ඇතම් ගෝත්‍රවල දඩයම,ආහාර සොයා ඒම කාන්තාව විසින්ද සියුමැලි ක්‍රියා පිරිමින් විසින්ද කරන අවස්ථා ඇත.

7 comments:

  1. කවුරුත් කොමෙන්ට් කොටලා නැහැ වගේ ... ලියන්ට දිගටම ...

    කිසිත් නොකියමි, සයිබරේ ඉහ ගහගෙන කෙලින් ඉන්න හැමදාම ..ශක්තිමත්ව ..

    ---------------------------------------------------------------------------------------------------------------
    බ්ලොග් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න ,කොමෙන්ට් කරන අයට පහසුයි

    DESIGN ----> SETTINGS----->POST AND COMENT ----->Comment Moderation ...මේක yes ඇති no කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මම ඔයාව දැක්කෙ නෑ.හුඟක් ඩ්‍රාෆ්ට් තිබුන නිසා ඔයාගෙ කොමෙන්ට් එක දැක්කෙ නෑ.වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කළා.සමහර කාන්තාවො අපි එක්ක කතා කරන්නත් බයයිනෙ.කාන්තා බ්ලොග්කාරියන් හුඟ දෙනෙකුට ඇරයුම් කළත් ඔයයි හිරුයි විතරයි කොමෙන්ට් කළේ.හුරතල් පෝස්ට්,මහන ඒව,උයන ඒව,ළමයි බලන ඒව,විරහ ගී වගෙ දේවල් නම් මේ බ්ලොග් එකේ යන එකක් නෑ.

      කවුරුත් කොමෙන්ට් කටල නැත්තෙ ඒකයි.ඇයි අනේ ඔයා කිසිත් නොකියන්නෙ.හිහි

      Delete
    2. මන් නම් ඇරයුමක් දැකලා නෙමේ ආවේ,, මට හොදයි කියලා හිතෙන එකක් දැක්කොත් අනිවා එනවා ... පරිස්සමට

      Delete
  2. අම්මෝ ඔමායට කියල තියන එව්වා දැක්කහම බයෙත් බැ ,

    බ්ලොග් ලියන හොදටම පිස්සියෝ දෙන්නා තමයි ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නේ

    ඔන්න බ්ලොග් රෝලත් එල්ලුවා ලියාගනලියාගන යන්ඩයි තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න මහන එව්වට නං මොකුත් කියන්ඩ බැ හරිද . ඇයි යකෝ මැහුවොත්නේ කැඩෙන්නේ

      Delete
  3. ඔන්න මමත් ආවා. බලමු ඉදිරියේදී. දැනගන්න දෙයක් තියෙනවා. මේක තනි කෙනෙක් ලියන එකක්ද ? නැතිනම් කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්ද ?

    ReplyDelete
  4. විෂ බීජයක් සාමාජ ගත කරන්න දෙන ගේමක් - ස්ත්‍රී වාදය -

    ReplyDelete